මේ මගේ විසිවන නිර්මාණය, මම ආයේ මගේ ශෛලිය වෙනස් කළා, මේ නිර්මාණ රස විදින්න ඕනේ මෙහමයි, මම සින්දුවක් දානවා එකේ අර්ථය මට දැනෙන විදිහට ප්‍රතිනිර්මාණය කරනවා, එහින්ද සින්දුව අහලම ඉන්න, මේ උත්සාහය කොහොමද බලන්න.
තහනම් ගස ඵල දරා
රතුයි ලස්සනයි
ඇස ගැසෙන තැන
දකින්නේ වින්දනයයි
අහස සිසාරා විහඟුන්
පියාඹයි නිදහසේ
එන්න සොඳුර අපිත්
සැරිසරමු අනන්තයට
ඔබම පමණයි
එදත් අදත් හෙටත්
තහනම් ඵල අනවශ්‍යයි
ඔබ සිටිනා තුරා
කෙසේ කා සමග සිටියත්
මගේ හදවතේ රහස ඔබයි
ලෝකෙන් සමුගෙන ඔබ
අදට වසර හතයි
අහිමි නෑ ඔබව මට
මගේ හර්ද ප්‍රාණය ඔබේ නාමයෙන් නිසා
මට ඔබ පමණයි, පමණමයි
අමරණීය ප්‍රේමයට නමස්කාර වේවා!


