ඔබාමා ලොව පාලනය කරන දෙවියාද?
ඔබාමා ලොව පාලනය කරන දෙවියාද? - විමල් වීරවංශ
එක්සත් ජනපදය, බි්රතාන්ය, ප්‍රංශය ප්රමුඛ බටහිර රටවල් විසින් ලිබියාවට එල්ල කරන ලැජ්ජා සහගත, මිලේච්ඡ ප්රහාරයන් දැඩිව හෙලා දකින් බවත් එම ආක්රමණයන්ට විරෝධය පල කරන උද්ඝෝෂණ ව්‍යාපාරයක් හෙට පෙරවරුවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පවත්වන බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි. අද පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම අදහස් පල කලේය.
එහිදී අදහස් පල කල විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
ලිබියාවේ තියෙන්නේ මහජන නැඟටීමක් නෙමෙයි. සිවිල් ජනයා අතේ කොයින්ද තුවක්කු? තිබුණත් කොහෙන්ද ආයුධ පුහුණුවක්. ඇමරිකාව ප්රමුඛ බරහිර අධිරාජ්‍යවාදී රටවල් වලින් ක්රමාණුකූලව විතැන් වෙලා ආසියාව දෙසට වේගයෙන් ඇදී යන තම ලෝක බලය රැක ගන්න අටවන උගුලක් මේක. තෙල් සම්පත අතින් පොහොසත් ලෝකවේ විශාලතම තෙල් නිෂ්පාදකයෙක් වන ලිබියාවේ තෙල් සම්පත, ඉරාකය ගැන අල්ලේ පැලවෙන බොරු කියලා ඒ රටේ තෙල් සම්පත් ඇමරිකානු සමාගම් වල පාලනය යටතට ගත්තා වගේ ලිබියාවටත් දැන් කෙල හලනවා. ඒ තෙල් ටික දිහා බලාගෙන ලිබියාවෙ සිවිල් වැසියන්ගෙ, නොදරුවන්ගෙ ඔළුගෙඩි උඩට මිසයිල අතහරිනවා. කවුද එක්සත් ජනපදයට මෙහෙම බලයක් දුන්නෙ. බැරක් ඔබාමා මේ ලොකේ පාලනය කරන දෙවියාද? බෑන් කී මූන් මේ ලෝකෙ අයිතිකාරයාද? ලෝකෙ අංක එකේ යුධ අපරාධ කාරයා වෙන කවුරුත් නෙමෙයි. බැරක් ඔබාමා. බෑන් කී මූන්.
හැමදාමත් සමස්ථ පින්තූරය කියවන්නේ නැති ජනතා විමුක්ති පෙරමුණ උතුරු අප්‍රිකානු කලාපයේ මේ වගේ අලකලංචි මතුවෙද්දී ඒවගේ උද්ඝෝෂණ වලට සහයෝගය පලකරලා මාධ්‍ය නිවේදන ලිවුවා. ලංකාවත් ලිබියාවක් කරනවා කිවුවා. දැන් ඇමරිකාවෙන් ලිබියාවට බෝම්බ දානකොට කසාය බීපු ගොළුවො වගේ ඉන්නවා දත කට පූට්ටු වෙලා. අපි අහන්න කැමතියි දැනුත් කියන්නේ ඇමරිකාවට කියලා ලංකාවට බෝම්බ, මිසයිල දම්මනවද?
ජාතික නිදහස් පෙරමණු විදිහට අපි හෙට මේ සම්බන්ධයෙන් වන අපේ විරෝධය දක්වලා ලංකාවේ එක්සත් ජතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කරනවා. ලෝක සාමය පතන සියළු දේශපාලන පක්ෂ, බහුජන ව්‍යාපාර වලට අපි ආරාධනා කරනවා හෙට උදේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මේ ලෝක සද්කාර්යය කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා.
මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික නිදහස් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක සහ එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් යන අයද සහභාගී වී සිටියහ.
අපි හෙට UN වටලනවා ඔබත් එන්න - ජානිපෙ