ඔබාමා ලොව පාලනය කරන දෙවියාද?

Oct 27, 2010
1,996
200
0
Colombo 7
ඔබාමා ලොව පාලනය කරන දෙවියාද?

ඔබාමා ලොව පාලනය කරන දෙවියාද? - විමල් වීරවංශ
wimal_press.gif
එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය ප‍්‍රමුඛ බටහිර රටවල් විසින් ලිබියාවට එල්ල කරන ලැජ්ජා සහගත, මිලේච්ඡ ප‍්‍රහාරයන් දැඩිව හෙලා දකින් බවත් එම ආක‍්‍රමණයන්ට විරෝධය පල කරන උද්ඝෝෂණ ව්‍යාපාරයක් හෙට පෙරවරුවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පවත්වන බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි. අද පස්වරුවේ එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම අදහස් පල කලේය.

එහිදී අදහස් පල කල විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

ලිබියාවේ තියෙන්නේ මහජන නැඟටීමක් නෙමෙයි. සිවිල් ජනයා අතේ කොයින්ද තුවක්කු? තිබුණත් කොහෙන්ද ආයුධ පුහුණුවක්. ඇමරිකාව ප‍්‍රමුඛ බරහිර අධිරාජ්‍යවාදී රටවල් වලින් ක‍්‍රමාණුකූලව විතැන් වෙලා ආසියාව දෙසට වේගයෙන් ඇදී යන තම ලෝක බලය රැක ගන්න අටවන උගුලක් මේක. තෙල් සම්පත අතින් පොහොසත් ලෝකවේ විශාලතම තෙල් නිෂ්පාදකයෙක් වන ලිබියාවේ තෙල් සම්පත, ඉරාකය ගැන අල්ලේ පැලවෙන බොරු කියලා ඒ රටේ තෙල් සම්පත් ඇමරිකානු සමාගම් වල පාලනය යටතට ගත්තා වගේ ලිබියාවටත් දැන් කෙල හලනවා. ඒ තෙල් ටික දිහා බලාගෙන ලිබියාවෙ සිවිල් වැසියන්ගෙ, නොදරුවන්ගෙ ඔළුගෙඩි උඩට මිසයිල අතහරිනවා. කවුද එක්සත් ජනපදයට මෙහෙම බලයක් දුන්නෙ. බැරක් ඔබාමා මේ ලොකේ පාලනය කරන දෙවියාද? බෑන් කී මූන් මේ ලෝකෙ අයිතිකාරයාද? ලෝකෙ අංක එකේ යුධ අපරාධ කාරයා වෙන කවුරුත් නෙමෙයි. බැරක් ඔබාමා. බෑන් කී මූන්.

හැමදාමත් සමස්ථ පින්තූරය කියවන්නේ නැති ජනතා විමුක්ති පෙරමුණ උතුරු අප‍්‍රිකානු කලාපයේ මේ වගේ අලකලංචි මතුවෙද්දී ඒවගේ උද්ඝෝෂණ වලට සහයෝගය පලකරලා මාධ්‍ය නිවේදන ලිවුවා. ලංකාවත් ලිබියාවක් කරනවා කිවුවා. දැන් ඇමරිකාවෙන් ලිබියාවට බෝම්බ දානකොට කසාය බීපු ගොළුවො වගේ ඉන්නවා දත කට පූට්ටු වෙලා. අපි අහන්න කැමතියි දැනුත් කියන්නේ ඇමරිකාවට කියලා ලංකාවට බෝම්බ, මිසයිල දම්මනවද?

ජාතික නිදහස් පෙරමණු විදිහට අපි හෙට මේ සම්බන්ධයෙන් වන අපේ විරෝධය දක්වලා ලංකාවේ එක්සත් ජතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කරනවා. ලෝක සාමය පතන සියළු දේශපාලන පක්‍ෂ, බහුජන ව්‍යාපාර වලට අපි ආරාධනා කරනවා හෙට උදේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මේ ලෝක සද්කාර්යය කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා.

මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික නිදහස් පෙරමුණේ අනුරාධපුර දිස්ත‍්‍රික් නායක, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක සහ එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් යන අයද සහභාගී වී සිටියහ.


අපි හෙට UN වටලනවා ඔබත් එන්න - ජානිපෙ
 

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මේ ඔක්කොමත් හරි, ඇමෙරිකාව අපේ ලෙමන් පෆ් ෆැක්ටරියට ගහපු දාට තමා විමල්ගේ හැටි බලාගන්න වෙන්නේ. :D
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලෙමන් පෆ් වීරයගෙ තවත් කොමඩි වික්‍රමයක් :lol::lol:

    ෂෝ එක නොමිලෙද පෙන්නන්නෙ ?? :nerd::nerd:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83

    Uba kohomada kiyanne pettiye athule lemonpuff thibba kiyala. oya pettiya monawa hari genna genapu ekak wenna athi

    eka minihekta lemon puff loku pettiyakma kannath baha

    nikan gon post noda inna malli

    ඒ කියන්නේ ලෙමන් පෆ් විතරක් නෙමෙයි තව කෑම ජාති තිබ්බද ????

    ඒක නෙමෙයි මචන් අර බෑන්කීන් මූන් කියන මෑන්ස් කමිටුව අහක් කරගත්තද ????:P:P
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    බුදු අම්මෝ.. දැන් මේ ලෙමන් පෆ් ලොක්කගේ උද්ගෝශනේ දැකල.. ඇමරිකාව ගූ බය වෙලා ලිබියාවට ගහන එක නවත්තයි...:shocked::shocked: මේ ගොන්..මෝලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නේ නැතිව නිකාන් කෙලව ගන්නවා...
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඇමෙරිකාව දෙවියෙක්වත් පොලිස්කාරයෙක්වත් නම් නෙමේ...උන් කරන වැඩේ නම් අන්තිම කැතයි.. ඕනම රටක ප්‍රශ්න රට ඇතුලින් විසඳගන්න ක්‍රමයක් තියෙනවා...

    හැබැයි ඔබාමා ශුවර් කරත්, කොන්ඩම්වන්ස නම් ශුවර් කරන්නේ කොහොමද??

    මෙහේ UN එක ඉස්සරහා, නටලා..උපවාස කරල, පෙළපාලි ගිහින්, හිමීට UN එකට ගිහින් බැන්කි මූන් එක්ක කතාකරල ඇවිල්ල සද්දෙ වහල ඉන්න එකානේ..:lol:

    ‍යන්න එපා බන් එකෙක්වත්...ඌට කරගන්න දෙන්න...
    :yes::yes:

    ඕකා ලැජ්ජ නැතිව රෙදි ඇඳන් පාරෙත් යනවනේ..:lol::lol: