ඔබෙත් 23+ වැඩි නම් , ලයිසන් එකත් නැති වෙන බව දනš

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ඔබෙත් 23+ වැඩි නම් , ලයිසන් එකත් නැති වෙන බව දනš

    ඔබෙත් 23+ වැඩි නම් , ලයිසන් එකත් නැති වෙන බව දන්නවද? New Driver Improvement Point System in Sri Lanka !!

    >වේග සීමා අභිබවා ධාවනය ලකුණු 06
    >හෙල්මට් නැත්නම් ලකුණු 04
    >ෆෝන් කර කර ගියොත් ලකුණු 04
    >ඇක්සිඩන්ට් එකකදි පැන ගියොත් ලකුණු 10
    >ආසන ආරක්ෂණ පටි නොපැළඳීම‍ ලකුණු 03

    තරඟයක ලකුණු දෙන විදිහක් නම් නෙවෙයි මේ!! :P

    මේ තමයි පසුගිය මාර්තු මාසේ 15 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්
    අංක 1726/ 12 ගැසට් නිවේදනයෙන් ගෙන ආව නව රියදුරු නීති මාලාවට අඩංගු කරුණු... සෙල්ලම් නෑ හරිද!!:no:
    ඒ ගැන ඔබ දැනුවත්ද? :rolleyes:
    1726/ 12 ගැසට් නිවේදනය සිංහල මෙතනින් ගන්න...


    ඒ ගැන දැන ගන්න තමයි මේ කරුණු ටික දාන්නේ..
    :yes:

    Chamikawpblogspotcom2-29.jpg


    ඒක අනුව අපි පාර තොටේ වාහන ධාවනයේ කරන
    වැරදි වලට ලකුණු දෙනවා... :confused:

    ඒ දඩුවම් ලකුණු ටික හැම රියැදුරෙකුගේම අවුරුද්දට සැරයක්
    නැත්නම් වාර්ෂිකව එකතු කරනවාලු... :yes:

    මේ අලුත් ලකුණු ක්‍රමය හින්දා සෑම වසර 2 කට වරක්ම
    රියදුරු බලපත‍්‍රය අලූත් කිරීමට සිද්ධ වෙනවා!!:oo:

    අන්න එහේම අලුත් කරන වර්ෂ දෙක අන්තිමේ දඬුවම්
    ලකුණු 18 ටනම් ගැටලූවකින් තොරව එය අලූත් කිරීමට පුළුවන්.

    හැබැයි ලකුණු 18-23 අතර නම් ඒ රියදුරන්ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවවාදය සහිතව රියදුරු බලපත‍්‍රය අලූත් කර ගන්න වෙනවා..
    ලකුණු 23 ට වැඩි දඬුවම් ලකුණු ගත්තොත් නම් අලුත් කරන්න වෙන්නේ අවුරුද්දකට ඒක අත්හිටවලා තිබුනට පස්සේ...

    ඒ කියන්නේ ලකුණු 23+ වැඩි නම් අවුරුද්දකට ලයිසන් කැන්සල්...
    :confused::confused:

    Chamikawpblogspotcom1-31.jpg


    රියැදුරු පුහුණු කරුවන්ටත් මේ නීති තියෙනවා ලකුණු ගාන නම් වෙනස්.......

    >වැරදි කර හසුවුණොත් ඔවුන්ට තියෙන්නේ ලකුණු 12 යි.

    >මේ 12 කැපිලා ගියොත් ඔහුගේ උපදේශක බලපත්‍රය අත්හිටුවනවා.

    >මේ අය මේ වසරේ වරදක් කර ලබන වසරේ වරදක් නොකළහොත් ලකුණු 6 ක් ද අඩුවන අතර දෙවන වසරේ හොඳට සිටියොත් සියලු ලකුණු ද අඩු කරනවා..

    >මීට පෙර ඔහුගේ බලපත්‍රය අත්හිටුවා නැතිනම් අත්හිටුවීමේ කාලය
    මාස 6 යි.

    >එයින් මාස 4 ක් රජයේ අනුමත රියැදුරු පාසලකින් පුහුණුවීමක් ලැබ තිබේ නම් අඩුවෙනවා..

    >දෙවරක් හෝ ඊට වැඩි කාලයක් වරදක් කරලා තියෙනව නම් මාස 24 ට අත්හිටුවනවාලු.

    >පුහුණුවීමෙන් පසු මේ කාලය මාස 12 දක්වා අඩු වෙනවා..

    මෙම ලකුණුදීමේ ක‍්‍රමය එක්ක කොහෝම වුනත් දැන් තියෙන දඩ ගැසීමේ ක‍්‍රමයද එලෙසම තියෙනවා...

    තවත් විස්තර දැනගන්නමෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට මෙතනින් යන්න

    මේ තියෙන්නේ දැනට යෝජනා වෙලා තිබෙන ලැයිස්තුවේ සඳහන් වැරදි හා දඬුවම් ලකුණු ගණන.. :P


    Chamikawpblogspotcom3-29.jpg





    gaththe>>>

    ඔබෙත් 23+ වැඩි නම් , ලයිසන් එකත් නැති වෙන බව දන්නවද? New Driver Improvement Point System in Sri Lanka !!
     
    Last edited:
    • Like
    Reactions: -Petsha-

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හොද හොද සිස්ටම් ගොඩක් ලංකාවේ තියනවා ඒත් ඒවා ක්‍රියාත්මක කරන්න දාලා ඉන්නේ ජොබ් එකේ පිහිටෙන් සිවිල් පවර්ස් පෙන්නන්න හදන අය නිසා එයාලා තමන්ට ඕන දේ මිසක් රටට ඕන දේ කරන්නේ නෑනේ....
    මේ විස්තර ටික දාලා තිබ්බට ස්තුති
    යි
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ක්‍රමේ හොඳ උනාට මේකත් අන්තිමට පොලිස් බල්ලොන්ට තව ටිකක් ජරාව වැඩිපුර කන්න පුලුවන් පොටක් විතරයි........