ඔබේ ඇසෙත් තාක්‍ෂණික දෝෂ (technical faults) තිබේ ද ???

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ඔබේ_ඇසෙත්_තාක්‍ෂණික_දෝෂ (technical faults) තිබේ ද ???

    ඔබේ ඇසෙත් තාක්‍ෂණික දෝෂ (technical faults) තිබේ ද ???



    ඇසේ දෝෂ කිව්වම අපි ඕනම කෙනෙක්ට මතක් වෙන්නෙ දුරදෘෂ්ටිකත්වය, අවිදුරදෘෂ්ටිකත්වය, ඇසේ සුද මතුවීම, වර්ණ අන්ධතාවය වගේ ඒවනෙ. ඒවා ඉතිං ඇසේ ඇතිවෙන්න පුළුවන් සාමාන්‍ය දෝෂනෙ. මේ කියන්න හදන්නෙ එහෙම දෝෂයක් ගැන නෙමෙයි. අපේ ඇස් දෙකේ ඉඳලා හිටලා ඇති වන පුංචි තාක්‍ෂණික දෝෂයක් එහෙමත් නැත්තම technical fault එකක් ගැන. (මේකට technical fault එකක් කියලා කියන්නෙ මම හො‍ඳේ
    gtalk.347
    )

    ඔබට මොනම හෝ වෙ‍ලාවක හිතිලා තියෙනවද, මං මේ දකින දේවල් වෙන කොහෙදි හරි මේ විදියටම මම දැකලා තියෙනවනෙ කියලා. එහෙමත් නැත්තම් කොයිම වෙලාවක හරි හිතිලා තියෙනවද මේ දැන් මේ වෙලාවෙ සිද්ධ වෙන දේ මීට කලින් කොහෙදි හරි සිද්ධ වෙලා තියෙනවානෙ කියලා. තවත් විදියකට කිව්වොත් ඔබට කිසියම් මොහොතක හිතිලා තියෙනවද මේ වර්තමානය මගේ අතීත මතකයෙ කොහේ හරි තියෙනවා කියලා?

    මමත් ඉඳලා හිටලා මේ අත්දැකීමට මුහුණදෙනවා. මුල දි මට හිතුණෙ කලින් දැකපු හීනයක ඇති දෙයක් අපේ සිතින් සංසන්දනය කරනවද දන්නෑ කියලා. මේ ගැන කතාබහ කරද්දි දැනගත්තා මෙහෙම වෙන්නෙ මට විතරක් නෙමෙයි ගොඩක් අයට ඉඳලා හිටලා මෙහෙම වෙනවා කියලා. මෙහිදි ඇත්තටම සිදුවෙන්නෙ මොකක්ද කියලා දැනගන්න ආස හිතිච්ච නිසා හොයලා බලද්දි දැනගන්නට ලැබුණෙ මෙන්න මේ වගේ දෙයක්.

    හැමෝම දන්නවනෙ අපිට වස්තූන් පෙනෙන්නෙ යම් වස්තුවක සිට එන ආලෝක කිරණ ඇසේ කණීනිකාව තුලින් ගිහින් අක්‍ෂි කාචයෙන් දෘෂටි විතානය මත නාභිගත වෙලා දෘෂ්ටි විතානයෙන් නිපද වන සංඥා, දෘෂ්ටි ස්නායුව හරහා මොළේට ගිහාම කියලා. ඉතිං අපිට ඇස් දෙකක් තියෙන නිසා මේ ඇස් දෙකෙන්ම නිපදවන සංඥා මොළේට යනවා. ඇසේ නිවැරදි ක්‍රියාකාරීත්වයෙදී මේ ඇස් දෙකෙන් නිකුත් කරන සංඥා දෙකම තත්පරෙන් දාහෙන් පංගුවකවත් වෙනසක් නැතුව හරියටම එකම වෙලාවෙදි මොළේට යා යුතුයි. එම සංඥා දෙකේ සංකලනයෙන් අපිට වස්තූන් ත්‍රිමාණව පෙනෙන්නෙ අන්න එතකොටයි.

    අර මං කිව්වනෙ සමහරවෙලාවට අපිට වර්තමානයේ සිදුවන දේ මීට පෙර සිදුවෙලා තියෙනවා වගේ හිතෙන්නෙ අපේ ඇසේ තියෙන තාක්‍ෂණික දෝෂයක් නිසා කියලා. අන්න ඒ තාක්‍ෂණික දෝෂය තමයි ඇතැම් වෙලාවට අපේ ඇස් දෙකෙන් නිකුත් කරන සංඥා දෙක මොළේට යන්නෙ පුංචි කාල අන්තරයකින් වීම. එනම් එක් ඇසකින් නිකුත් කරන සංඥාව මොළේට ගිහින් පුංචිම පුංචි කාලයකට (fraction of a second) පස්සෙ තමයි අනෙක් ඇසෙන් නිකුත් කරන සංඥාව මොළේට යන්නෙ. මෙහෙම වෙන්නෙ ගොඩක් කලාතුරකින්. මෙතනදි වෙන්නෙ මෙන්න මේකයි. මුලින් ආපු සංඥාව මොළේට ගිය ගමන් එය අපේ මතකයේ තැම්පත් වෙනවා. ඊළඟට එම සංඥාවම ආයෙමත් අනෙක් ඇසෙන් ආපුවම අපිට ඒක දැනෙන්නෙ අපේ අතීත මතකයේ තිබ්බ දෙයක් නැවත සිදුවෙනවා වගේ. ඉතිං හරිනෙ. තත්පරෙන් පංගුවකට කලින් ඒ දේම අපේ මතකයෙ තැම්පත් උනානෙ.

    ඔබත් මේ අත්දැකීමට මූණ දී තිබේ නම් හෝ නොතිබේ නම් සටහනක් තබා යන්න අමතක කරන්න එපා. මෙම අත්දැකීම සෑම කෙනෙක්ටම පොදු දෙයක්ද නැත්නම් පිරිසකට පමණක් සීමා වුනු දෙයක්ද කියලා එතකොට අපිට තහවුරු කරගතහැකි. මේ සංසිද්ධිය පිළිබඳ මේ පැහැදිලි කිරීම හරියටම නිවැරදි ද කියලා නම් දන්නෙ නෑ. මේ ගැන වැඩිදුර දන්නවනම් ඒ පිළිබඳව අපවත් දැනුවත් කරන්න. මෙම සංසිද්ධියේ වෛද්‍ය විද්‍යාත්මක නාමය හා වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කාට හෝ ඉදිරිපත් කරන්න පුළුවන් නම් එය හැමෝන්ටම ප්‍රයෝජනවත් වේවි.




    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla




    ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.

    උපුටා ගත්තේ .....

    http://upullive.blogspot.com/2014/02/wallapatta.html#.UwTeq8575yU

    images

     
    Last edited:

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    ammatasiri.
    matath issara godak ohoma wela tiyanawa machan. e kale mata migraine tibba. sema wadi unama vision eka blur wenawa. e dawaswala umba kiwwa wage technical faults enna athi. :P mata hithaganna baruwa idiye kohomada eka wennekiyala. lagadinam awe na habai.

    REP 8+
     
    • Like
    Reactions: upulcla

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Matah oya case eka keepa paarakma wela tiyenawa ban. Dan thamayi case eka danne. Thanks for sharing. Rep +++
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    යකඩෝ මටත් වෙලා තියෙනවා ඔහොම.මම හිතුවේ සංසාර ගත පුරුද්ද කියලා බලාන ගියාම තාක්ෂණික දෝෂයක්
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,206
    24,896
    113
    tracing Geo-location.. ... ...
    මටත් ඔහොම වෙලා තියනවා.. මම හිතුවේ කලින් දැකපු හීනයක්.. එහෙම නැත්නම් ඇත්තටම කලින් උන දෙයක් කියල.. 4+
     
    • Like
    Reactions: upulcla

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මචන් මෙහෙමයි මම ඔය කියලා තියන එක වැරදියි කියලා කියන් නැ. එහෙමත් වෙනඩ පුලුවන් ඇති,

    ඒ උනාට ඕකට කියන්නේ සිංහලෙන් "deja vu" කියලා ;)

    ඕක වෙනඩ පුළුවන් ක්‍රම ගොඩක් තියනවා ඒ කියන්නේ උදා. පෙනීම, ඇහීම, ස්පර්ශය, ගන්ධය .....

    ඕක ඇත්තටම ලෙඩක් හැබැයි කලාතුරකින් ඕක වෙන එක අවුලක් නැ කියලා තමා කියන්නේ
    නම නම් මතක නැ ඕක වැඩිපුර උනොත් එක මානසික ලෙඩක් වෙනවා. හැබැයි මේ ලෝකේ
    ජීවත් වෙන හැම මනුස්සයෙක්ම එක පාරක් හරි ඔය අත් දැකීමට මුහුණ දීලා තියනවා ලු.

    මේ ගැන එක එක මත තියනවා, එකක් නම් මෙහෙම වෙන්නේ අපේ මතකයේ තැම්පත් කරන්ඩ
    යද්දී වෙන ප්‍රශ්නයක් හින්දා ඒ කියන්නේ පළමුවෙනි සැරේ මතකයේ තැම්පත් කරන්ඩ ගිහින්
    ප්‍රශ්නයක් වෙලා දෙවැනි සැරේ හරියට තැම්පත් කරනවා එතකොට පළමු මතකයේ එක කලින් උනා
    වගේ මතක් වෙනවා.

    මේක වෙන කෙනාට හැගෙන්නේ හරියට අනාගතය පේනවා වගේ දෙයක් ඒ උනාට මෙහෙම
    උනහම හෙහෙම දෙයක් වෙලා තියනවා කියලා හිතුනට කවදාවත් ඉස්සරහට වෙන්නේ මොකක්ද
    කියලා කියන්ඩ බැ


    wikipedia
    howstuffworks