ඔබේ ජීවිතයට

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    279117233_5211776818880144_4294105222029312736_n.jpg

    👉
    දිනක් දඩයම් බල්ලෙක් සමගින් දඩයක්කරුවකු දඩයමේ යමින් සිටියා..
    එක් වරම හාවෙක් දුටු දඩයක්කරුවා දඩයම් බල්ලාට අන දුන්නා ඒ හාවාව අල්ලගෙන එන ලෙස.
    ක්ෂණයකින් බල්ලා විදුලි වේගයෙන් හාවා පසුපස එලවාගෙන යන්නට උනා. හාවා තමන්ගේ උපරිම වේගයෙන්, තැනින් තැනට පනිමින් දිව ගියා.
    අවසානයේ හාවා තමාගේ දිවි බේරාගන්නට සමත් උනා !
    ඇයි හාවා දිව්වේ ?
    තමන්ගේ ජීවිතය වෙනුවෙන් ...
    ඇයි බල්ලා දිව්වේ ?
    තමන්ගේ Job එක වෙනුවෙන් ..
    ************************************
    ඔයත් මමත් එක රාමුවකට කොටු වෙලා දක්ෂතාවයන් හැකියාවන් හිර කරගෙන ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් කැප කරල job එකක් කරනවා...
    කවුරුන් හෝ පවරන වැඩක් නිති පතා කරමින් !
    ඒ හරියටම අර දඩයම් බල්ලා එයාගෙ රාජකාරිය කලා වගේ...
    ඔයා ඔයාගෙම දෙයක් කරන්න අවදානමක් අරගෙන ජීවිතය දිනන්න අර හාව වගේ දුවන්න පටන්ගන්නෙ කවදද ?
    ඔයාගෙ තියෙන සියළුම හැකියාවන්, දක්ෂතාවයන් භාවිතා කරල, පුංචියට හරි දෙයක් ආරම්භ කරල ජීවිතය වෙනුවෙන් දුවන්න පටන්ගන්න ඔයාම තීරණය කරන්න..
    අපි මේ බීජ වර්ග බෙදාදීලා දැණුම දීලා ඔයාලව උනන්දු කරා වගේ ඔබගේ හැකියාව තේරුම් ගත්තොත් ඔබට උදවු කරන්න මේ සමාජයේ ඕනතරම් මිනිස්සු ඉන්නවා
    දියුණු ලෝකය ඇතුලෙ ගුරුවරු හොයාගෙන යනවට වඩා ඔබට පුලුවන් ඔබගේ ගුරුවරයා ඔබම කරගන්න. ඒ තරම්ම තාක්ෂණය දියුණු වෙලා.ඒනිසා තියන හැකියාව තේරුම් අරගෙන ඒදේ කරන්න .
    ශ්‍රේෂ්ඨයන් එක රැයෙන් බිහිවෙන්නේ නෑ....
    ශ්‍රේෂ්ඨයකු වන්නට අද ඔබට කල හැකි පුංචි දේ කරන්න පටන්ගන්න...
    ඒක නොකර ඉන්න හේතු ගොඩක් හොයන්නෙ නැතිව ඒක කරන්නෙ කොහොමද කියල හිතන්න පටන්ගන්න..
    ඔයාගෙ ශක්තිය ඔයාටම හඳුනගන්න පුළුවන් වේවි.
    කොළයක් පෑනක් අරගෙන් ලියන්න පටන්ගන්න !
    පටන්ගන්න නැකත් ඕන නෑ , අදම පටන්ගන්න !
    ඔබට ජය !
     

    Similar threads