ඔබේ ප්‍රශ්නයට හේතුව ග්‍රහයන් නොවේ
ඔබේ ප්‍රශ්නයට හේතුව
ග්‍රහයන් නොවේ
න රාජ දෝෂෝ නච මන්ත්‍රිනශ්ව
න ශත්‍රැ දෝෂෝ නච බන්ධු වර්ගාත්
නක්‍ෂත්‍ර දෝෂෝ නච කාරකානාම්
පූර්වේෂු නේතොඃ ඵලමෙව වෛතත්"
සෙනසුරු මාරුව නොවැම්බර් 2 දා සිදුවිය. මේ ග්‍රහ මාරුව ගැන මාධ්‍ය වලින් ලැබුණේ පුළුල් ප්‍රචාරයකි. සෙනසුරු මාරු වී තම ජීවිතයට කුමක් කරත් දැයි බියෙන් බොහෝ අය තම කේන්ද්‍ර බලවා ගැනීමට උනන්දු වූහ. මීට එක් හේතුවක් වූයේ සෙනසුරු මාරුව ගැන පළ වූ විවිධ අනාවැකි ය. පුවත්පත්වලින් ද රූපවාහිනී නාලිකා මගින් ද පළ වූ බොහෝ අනාවැකිවලින් අන්ද මන්ද වූද, බියට පත් වූ ද අය සුළුපටු නොවේ.
මේ අතර එක්‌තරා පුවත්පතක සෙනසුරු මාරුව ගැන විද්වතුන්ගේ මත පළ වූ අතර සමහර අය කියා තිබුණේ ග්‍රහ මාරු මිනිසුන්ට බලපාන්නේනැති බවත්, ඒවා මිථ්‍යා මත බවත් ය. සත්‍ය හා මිථ්‍යාව කෙසේ වෙතත් රාහු ඇවිද්දවනවා. සෙනසුරු දුක් කරදර දෙනවා. සිකුරු මංගල යෝග උදාකරනවා වැනි මත බොහෝ අය අතර පවතින්නේ ඒවා ඇත්ත බව ඒ ඒ ග්‍රහයන් බලපාන කාලසීමාවන් වල ඔප්පු වී ඇති බැවිනි.
අපගේ ජීවිත දෙස ද හැරී ආපසු බලන විට පැහැදිලිව පෙනෙන්නේ සෙනසුරු අපල තිබූ කාලවලදී දුක් කරදර විඳීමට සිදු වූ බවය.
මේ අතර නීතියේ රැහැනට හසු වී නඩු හබවල පැටලී එයින් ද පරාජය වූ අය කියන්නේ රටේ නීතියක් නැති බවය. රවි ගේ අපලයකදී ද තනතුරු වලින aපහවීම, රාජ දඬුවම් ලැබීම, ස්‌ථාන මාරුවිම ආදී කරදර ඇති වේ. මෙවැනි තත්ත්වයකදී කෙනෙකු රවි ග්‍රහයා අපල කරනවා යෑයි කියන අතර, පාලක පක්‍ෂයේ පළිගැනීමට ලක් වූ බව තවත් කෙනකු කියනු ඇත.
සතුරු උවදුරුවලින් පීඩාවට පත් අය ද සුළුÊපටු නොවේ. මෙවැනි අය පෙරළා සතුරන්ගෙන් පළිගැනීමට අවසථාවක් උදාවන තුරු බලා සිටී. නිකරුණේ හිරේ විලංගුවේ වැටුණු අය එයින් නිදහස් වන දිනයක්, ඉන් පසුව ආපසු සතුරාගෙන් පළිගන්නා හිටිත් කල්පනා කරනු ඇත.
තමන්ගේම ඥාතීන්ගේ වෛරයට ගොදුරු වූ අය ද සුලබය. බොහෝ ගැටුම් හටගන්නේ තම පවුලේම අය අතර බව පෙනේ. අන් කවරෙකුටත් වඩා තමන්ගේම ඥාතීන් අතර ඊර්ෂ්‍යාව, ක්‍රෝධය පවතින බව විමසා බලන කෙනකුට පෙනී යයි.
මේ අනුව අප වෙත එන බාධක, කරදර හිරිහැර වලට හේතුව රජය, මැති ඇමැතිවරුන්, සතුරන්, නැතහොත් තමන්ගේම නෑදැයන් ලෙස පෙනේ. කරදර එන්නේ ග්‍රහ තාරකාවන් හෝ නැකත් නිසා බව ද වැඩිදෙනා විශ්වාස කරයි. ලෝකයට ජ්‍යෝතිෂය හඳුන්වා දුන් ඉසිවරුන් මේ පිළිබඳව කියා ඇත්තේ කුමක් දැයි සොයා බැලීම සුදුසු ය.
ඉහත සඳහන් කළේ මේ පිළිබඳව ඉසිවරුන් දක්‌වන මතය ඇතුළත් ශ්ලෝකයයි.
"රජුන්ගේ ද, ඇමැතියන්ගේ ද, සතුරන්ගේද, නක්‍ෂත්‍රයන්ගේද, නෑදැයන්ගේද, ග්‍රහ තාරකාවන්ගේ ද, දෝෂ නැත්තේය. පෙර කරන ලද කුශලාකුශල කර්මවල ප්‍රතිඵලයයි" යනු මෙම ශ්ලෝකයේ අදහසයි.
ජ්‍යෝතිෂය මිථ්‍යාවක් යෑයි තර්ක කරන අය ද ඊට හේතුව ලෙස දන්වන්නේ කිලෝමීටර් කෝටි ගණන් ඈත පවතින ග්‍රහලෝකවල චලනය මිනිසුන්ට කිසිදු බලපෑමක් නොකරන බවය.
ඉහත ශ්ලෝකය අනුව පුරාණ සෘෂිවරුන් ද දරන්නේ මීට සමාන මතයක් බව පෙනේ. නක්‍ෂත්‍ර දෝෂ නඩ කාරතානාම් නම් පදයට අනුව නැකත් වලද ග්‍රහ තාරකාවලද දෝෂයක් නැති බව කියෑවේ. එසේ නම් දෝෂය ඇත්තේ කොතැනද?
"පූර්වේෂු හෝකොඃ ඵලමේව තෛන්" යන පදයෙන් මේ බව මැනවින් පැහැදිලි වේ. එනම් පෙර කරන ලද කුශලාකුශල කර්ම නිසාය යන්නයි. පෙර කරන ලද කුසල් නිසා යහපත් ඵල ද, අකුසල් නිසා අශුභ ඵල ද ජීවිතයට උදා කරයි. මෙය බෞද්ධ කර්මවාදයට ද එකඟය.
ගැටලුවලට හේතුව (එකම හේතුව නොවේ) පූර්ව කර්ම නම් කේන්ද්‍ර පරීක්‍ෂා කර ග්‍රහ බලය විමසන්නේ කුමකටදැයි මේ අනුව ප්‍රශ්නයක් නැගේ. ග්‍රහයන් කිසිවක් නොකළ ද ජන්මියා විසින් පෙර කරන ලද කුශලාකුෂලශල කර්ම ග්‍රහයින් විසින් පෙන්වා දෙනු ලැබේ යන්න ඊට පිළිතුරයි.
කෙනකුට රජයේ නීති රීති මගන් පීඩා ඇති වේ. රැකියා බාධක මතුවේ. උසස් අයගේ අප්‍රසාදයට ලක්‌වේ. ඌෂ්නාධික රෝග වැළඳේ. රත් පිති රෝග ආදියයි. මෙය බොහෝ විට රවිගේ අපලයකදී සිදුවන කරදර හා බාධාවන් ය. අහසේ සිටින හිරු කිසිත් නොකරයි. එහෙත් මේ බව පෙන්වයි. එය හිරු නියෝජනය කරන පියාට හෝ උතුමන්ට කරන ලද වරදක කර්ම විපාකය විය හැකිය.
විටෙක පීනස, ඇදුම ආදී සෙම් රෝග වැළඳේ. අලස වෙයි. කල්පනා ශක්‌තිය දුර්වල වේ. සිත් තැවුල් ඇති වේ. එය සඳුගේ අපලයයි. සඳු කිතිස් නොකරයි. එහෙත් මේ අපල පෙන්වයි. එය සඳුට හිමි මවට හෝ වෙනත් උසස් කාන්තාවකට කරන ලද වරදක කර්ම විපාකය විය හැකිය.
තවත් විටෙක රංඩු දබරවලට පැටලේ. හදිසි අනතුරු සිදුවේ. අත පය කැඩී බිඳී යයි. නිතර කෝපයට පත වෙයි. මේ කුජගේ අපලය වේ. අහසේ සිටින කුජ කිසිත් නොකරන නමුදු මේ බව පෙන්වයි. කුජට හිමි චංඩිකම්වලින් අන් අයට කළ වැරදි වල කර්ම විපාක විය හැකිය.
කෙනකුගේ කථි කිරීමේ හැකියාව දුර්වල වේ. බුද්ධිමත් නොවේ. ස්‌නායු ආබාධ ඇති වේ. මේ බුධගේ අපලයයි. එහෙත්බුධ එසේ කරනවා නොවේ. බුධ හිමි බුද්ධිමතුන්ට කරන ලද අපරාධයක කර්ම විපාකය ලැබෙන ආකාරයයි.
තවත් කෙනකුට ධනය නොලැබේ. නිතර සැප අහිමි කෙනෙක් වේ. දරු ඵල හීන වේ. දිළිඳු වේ. මේ ගුරු අපලයයි. අහසේ සිටින ගුරු ග්‍රහයා කරන දෙයක් නොවේ. ගුරු හිමි තිලෝගුරු බුදුන්, සංඝයා වහන්සේගේ හෝ ගුරුවරුන්ට කරන ලද වරදකට ලැබෙන කර්ම විපාකය විය හැකි වේ.
කම් සැප අහිමිව, බෙලහීනව, විවාහයෙන් දුක් විඳින අය ද සිටී. ඒ සිකුරු අපලයයි. වැරදි කාම සේවනයට ලැබූ කර්ම විපාලයක් මිස සිකුරු ග්‍රහයා කරන දෙයක් නොවේ. එහෙත් කේන්ද්‍රයේ සිකුරු ඒ බව පෙන්වයි.
අපකීර්තිය, දුක, අවාසනාව, ප්‍රියයන්ගෙන් වෙන්වීම, ධන හානි ඇති කරන සෙනසුරු අපලය ද එසේමය. සෙනසුරු දුක් දෙනවා නොවේ. සෙනසුරු පාපයෙක් ද නොවේ. අහසේ සිටින සෙනසුරු ග්‍රහයා කරන පව කුමක්‌ද? අපි කරන ලද පව් වලට ගෙවිය යුතු වන්දිය සෙනසුරු පෙන්වයි. සේවකයන්ට කරන ලද වරදක කර්ම විපාලයයි.
තවත් කෙනකුට කල්පනා ශක්‌තිය නැති වේ. නිතර ගමන් යෙදේ. ඒවාද නිෂ්ඵල ගමන් ය. හිත කැලඹේ. රාහු ඇවිද්දවනවා කීවද එය කරන්නේ රාහු නොවේ. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම නිසා ගෙවිය යුතු කර්ම විපාකය රාහු පෙන්වයි.
අඳුරට මුල්ලට තල්ලුවීම, මන්දපෝෂණය, ප්‍රේත දෝෂ ආදී පීඩාවන් කෙනකුට ඇති වේ. මේ කේතුගේ අපලයි. මේ පෙර කරන ලද ඊර්ෂ්‍යාව හා වෛරයේ කර්ම විපාකයයි. කේතු අපල කරනවා නොවේ. කරන ලද අකුශලය කේතු විසින් පෙන්වයි.
උපන් ලග්නය, ග්‍රහ බලය, දශා, අන්තර් දශා ගනිමින් ජ්‍යෝaතිෂය මගින් කරන්නේ ඉහත පරිදි ජන්මියා විsසින් කරන ලද කර්ම හා විපාල ගැන සොයා බැලීම හා ඒවාට පිළියම් ලෙස ශාන්තිකර්ම කර ගැනීමට උපදෙස් දීමයි.
ඒ අනුව සෙනසුරු හෝ වෙනත් ග්‍රහයකු මාරු වූ පමණින් බියට පත් විය යුතු නැත. තරහකරුවකු මෙන් සෙනසුරු පැමිණ අපට පහර දේ දැයි සැක කළ යුතු ද නැත. ගැටලුවට හේතුව රජය, නෑදැයන්, සතුරන් නැතහොත් නැකත් තාරකා හෝ ග්‍රහ තරු යෑයි සිතිය යුතු ද නැත. හේතුව අප විසින්ම කර අති පෙර පින්පව් බව වටහා ගත යුතුය.
ඒ මගින් අපට වරද කරන අයට පෙරළා පහර දීමට නැතහොත්, පළිගැනීමට ගහ මරා ගැනීමට අප තුළ ඇති හැඟීම් නැතිකර දමා සහනය හා ඉවසීම ඇති කරනු නොඅනුමානය.
සියල්ල සිදුවන්නේ කර්ම අනුව යෑයි සිතීමද වැරදිය. ලෝකයේ සිදුවන බොහෝ දේවලට හේතු පහක් ධර්මයේ දක්‌වා තිබේ. ඒවා නියාම ධර්ම නම් වේ.
ජ්‍යෝතිෂවේදී කෑගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්
http://www.divaina.com/2014/11/30/naka04.html