🪐සෙනසුරු රනිල්ට එරෙහි වුණාද? 🗡️

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    y8YwTxF.jpeg


    පෙරවදන
    රනිල් වික්‍රමසිංහ යනු දේශ දේශාන්තරයන් හි පතළාවූ කීර්ති නාමයක් ඇති මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ පහළවූ දැවැන්ත කෘතහස්ථ නායකයෙකි. ඔහු අත්අඩංගුවට පත්වූ මොහොතේ සිට රක්ෂිත බන්ධනාගාරගත වන තෙක් එවැන්නක් සිදුවෙතැයි කිසිවකුත් සිතුවා වන්නට බැරිය. මෙය පුද්ගලිකව ඒ මහතා සම්බන්ධව නොව, මෙරට සමස්ථ නෛතික තත්ත්වය සම්බන්ධව ගතහොත් ඓතිහාසික සිදුවීමක් වන බව නම් නොකියාම බැරිය.

    ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රීය විමසුම
    p7MlQbA.jpeg


    මින් කෙටි කලකට පෙර රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම කේන්ද්‍රය පිළිබඳ විශේෂ ලිපියක් මවිසින් ලියා පළකර ඇත. ඊට අනුව මේ කාලය තුල ඔහුට සෙනසුරු ගේ ඒරාෂ්ටක තත්වයක් පවතින බව පෙන්වා දුනිමි. ඒ හැරුණු කොට වෙනත් අපල තත්වයන් කිසිවක් පෙනෙන්නට නැත. උපත් කේන්ද්‍රය ද ග්‍රහ යෝග බල සහිත බලවත් එකකි. එම ලිපියේ මා සඳහන් කළ ප්‍රධානම කාරණය වුයේ යමෙකුට සෙනසුරු ගේ ඒරාෂ්ටක තත්වයක් උද්ගතව ඇති විට සෙසු යෝග ඵල දශා ඵල සියල්ල යටපත්වී ඒරාෂ්ටක ඵලය ප්‍රමුඛව ලැබෙන බවයි. වික්‍රමසිංහ මහතා සම්බන්ධ සියලු සිදුවීම් සම්බන්ධයෙන් එම ශාස්ත්‍රීය සිද්ධාන්තය 100%ක් සත්‍ය බවට සනාථවී තිබේ.

    ඒරාෂ්ටකය ලබන්නට පෙර 2014 පමණ දක්වා ඔහු සෙනසුරු ගේ මහදශාව ගෙවමින් සිටියේය. ඒ සමස්ථ කාල වකවානුව තුල පරාජිතයකු ලෙස සිටින්නට ඔහුට සිදුවිය . එහිදී දශා ඵලය බලවත් වූ බව පෙනේ. සෙනසුරු දශාව ගෙවීමෙන් අනතුරුව යහපත් වූ ගුරු ගේ මහදශා කාලය උදාවිය. ඔහු ද රටේ අගමැති ධූරයට පත්ව ඉන් නොබෝ කාලයක දී අටවැනි විධායක ජනාධිපති වශයෙන් රටේ පළමු පුරවැසියා බවට පත්විය. ඉන් සුළු කලක් අවෑමෙන් සෙනසුරු ගේ ඒරාෂ්ටකය උදාවූ අතර මැතිවරණ පරාජයෙන් ඔහු බලයෙන් පහවී ඊයේ දිනයේ අත්අඩංගුවට පත්ව රක්‍ෂිත බන්ධනාගාර ගත විය. ගුරුට අයිති කාරිය ගුරු ද, සෙනසුරුට අයිති කාරිය සෙනසුරු ඉටුකර තිබේ.. ග්‍රහයෝ නම් තමන්ට අයත් රාජකාරිය හරියටම අකුරට ඉටුකරන කොට්ඨාශයකි. මිනිසුන්ගේ නිලය, ධනය, බලය, නම්බු නාම කිසිවක් ඔවුනට වැදගත් නොවේ. රනිල්මහින්දසුදා ද අදාළ නැත.

    මෙහි ඇති තවත් විශේෂ කාරණයක් වන්නේ මේ කාලය තුල සිදුවන සෙනසුරු ගේ වක්‍ර ගමන වේ. මේ නයින් ඉදිරියේ දී එළඹෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජීවන ගමන් මගෙහි ඉතාම තීරණාත්මක කාල වකවානුවක් වනුඇති බව ඉඳුරා කිවහැකිය. ඇප ලබා ගෙදර යාමට ලැබීමෙන් සියල්ල විසඳෙන්නේ නැත. 2026 පෙබරවාරි 18 - 25 අතර කාලය තුල ප්‍රවේශම් වීම ඉතා වැදගත් වනු ඇති බව විශේෂයෙන් කියන්ටෝන!
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,222
    24,929
    113
    tracing Geo-location.. ... ...
    ආපස්සට යනවා වගේ පේන චලිතය
    satrun retrograde bn

    ජ්‍යෝතිෂය දන්නේ නෑ බන්.. සෙනසුරු අව්ල් කියලා දන්නවා.. වක්‍ර ගමන කියල එකක් ඇහුවේ අද.. ඒකෙන් මොකද වෙන්නේ? අවුල් වැඩි වෙනවද, continue වෙනවද, ඒ දෙකේ වෙනස මොකක්ද?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ජ්‍යෝතිෂය දන්නේ නෑ බන්.. සෙනසුරු අව්ල් කියලා දන්නවා.. වක්‍ර ගමන කියල එකක් ඇහුවේ අද.. ඒකෙන් මොකද වෙන්නේ? අවුල් වැඩි වෙනවද, continue වෙනවද, ඒ දෙකේ වෙනස මොකක්ද?
    ඒක රාශිය අනුවත් තව වෙනත් කරුණු කීපයක් නිසාත් වෙනස් වෙනවා. වෙනම කතාකරන්න ඕන මාතෘකාවක් :yes:
     
    • Like
    Reactions: supun_sg

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ඇප ලබා ගෙදර යාමට ලැබීමෙන් සියල්ල විසඳෙන්නේ නැත.
    ඕක කියන්ඩ කේන්දරේ බලන්න ඕනද පොන්ස්. ඇප ලැබුනට නඩුව දිගටම යනව කියල දන්නව ඕන එකෙක්. වැඩක් නැත්තන් තාත්තගෙ වාසගම නාමවර්ධන වෙලා උබෙ වාසගම බාලසූරිය උනේ කොහොමද කියල හොයපන් 🤭
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඕක කියන්ඩ කේන්දරේ බලන්න ඕනද පොන්ස්. ඇප ලැබුනට නඩුව දිගටම යනව කියල දන්නව ඕන එකෙක්. වැඩක් නැත්තන් තාත්තගෙ වාසගම නාමවර්ධන වෙලා උබෙ වාසගම බාලසූරිය උනේ කොහොමද කියල හොයපන් 🤭
    කෑවනම් බ්ව්වනම් අම්ම මතක් කරල අතේ පාරක් ගහල බුදිය ගනින් වරුණ ඉන්සෙස්ට් වේසිගෙ පුතේ 🥴
     

    Similar threads