ඔබේ පෙම්වතාව හෝ ස්වාමියා ප්‍රේමනීය එක්වී

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
ඔබේ පෙම්වතාව හෝ ස්වාමියා ප්‍රේමනීය එක්වී

Untitled-3-11.png


දෙදෙනා අතර අඩපන වූ ආදරයට නව පණක් දෙන්නට කැමතිද? මේ විධියට පුළුවන් සැමියාව මොහොතකට දැහැන්ගත කරගන්න.යුග දිවියේ නවතාවය ගිලිහී යත්ම, සියුම් අනුරාගයකින් එයට නව පණක් දීම ඔබ හිතන තරම් අමාරු කාරියක් නෙවෙයි. ඔබට අනුරාගික හැඟීම් පහළ වුවත් ඔබේ ස්වාමියා ඊට සුදානම් නැතිනම්, ඔහුට ඔබේ හැඟීම් පවසන්නට ඔබ පකිලෙනවා නම් පුංචි, අහිංසක ක්‍රියාකාරකම් තුළින් පුළුවන් ඔහුවත් ඊට පොළඹවා ගන්නට. මේ තියෙන්නේ ප්‍රේමයේ ගිනිදැල් සීරුවෙන් අවුළුවාගත හැකි ක්‍රම කිහිපයක්.

1. අනුරාගික නිදි ඇඳුම් සහ යට ඇඳුම් මිලදී ගන්නට යන විට ඔහුත් කැටුව යන්න. – මෙම ඇඳුම් ඔහු ඉදිරියේ ඇඳ බලන්නට උවමනා නැහැ. දැකුම්කලු අනුරාගී ඇඳුමක් දෙකක් නිකන් අංග උඩින් තියා ඔහුත් සමග එහි හැඩ බැලුවත් ඇති. මෙම අත්දැකීම ඔහු කුල්මත් කරනවා මෙන්ම, ඔබේ දුරස්ථ බව අඩු කරන්නටත් උපකාර වනවා.

2. නිතර ඔහු සිපගන්න – කවුද අකමැති ආදරය ලබන්න. දවස පුරා හැකි හැම විටකම ඔහු සිපගන්න. ඔහුව පිරිමදින්න. ඔබට ඔහු කෙතරම් විශේෂදැයි, කෙතරම් අවශ්‍යදැයි නිතර ඒත්තු ගන්වන්න. නිවැරදි වෙලාවට ඔහු වෙත දෙන නිවැරදි ආදර පිරිමදිමකට ඇති ආකර්ශනීය බලය ගැන ඔබ නොදන්නවා විය හැකියි. ඉවසිල්ලෙන් සිටින්න. ඔහු නොදැනුවත්වම ඔබ වෙත ඇදී ඒවි.

3. නිවසේදී පවා දැකුම්කලුව, ප්‍රියමනාපව හැඩවී සිටින්න – ගෙතුළ සිටිනා විට පවා පිරිසිඳුව, සුවඳවත්ව, ප්‍රබෝධමත්ව හා ප්‍රියමනාපව සිටින්න. කවුද අකමැති එහෙම සුවන්දකට, ලස්සනකට ලං වන්න.

4. ඔහුට අනපේක්ෂිත ලෙස ප්‍රේමනීය කෙටි පණිවුඩ අරින්න – යුග දිවිය ගෙවී යත්ම ප්‍රේමය අඩපන වන්නට ඉඩ හරින්න එපා. ඔහුගේ ගුණ කියා අනපේක්ෂිත කෙටි පණිවුඩයක් අරින්න. ඔබ දඟ මල්ලක් නම් ඔහුට අනපේක්ෂිත පණිවුඩයක් යවා ‘අද ඔබට suprise එකක් ලැබෙනවා’ කියා ඔහු අවුස්සා තබන්න.

5. ඔහුට විශේෂත්වයෙන් සලකන්න-ස්වාමිපුරුෂයන් ඇතැම් විට දරුවන් වගෙයි. බොහොම කැමතියි ටිකක් විශේෂ කොට සලකනවා නම්. ඉතින් ඔබට පුළුවන් ඔහු කැමතිම කෑමක් හදන්න. නැත්නම් ඔහුට සම්භාහනයක් දෙන්න.

ඉතින් විවාහයේ අනුරාගයේ සම්පුර්ණ වගකීම ඔබ අතේ නූනත් ඔහු කෙතරම් වටිනවාද කියා නිතර ඔහුට මතක් කර දීමෙන්, ඔහුට නිතර ඔබේ ආදරය ප්‍රකාශ කිරීමෙන් ඔබට කිසිඳු අඩුපාඩුවක් වන්නේ නැහැ. වුනොත් වන්නේ ඔහු තව තවත් ඔබ හා ආදරයෙන් වෙලීම පමණයි.

:cool:
 
  • Like
Reactions: Vandetta

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    කොරයි ඔහොම්මම....ලංකාවේ ගෑනු ගැන දන්නේ නැත්තේ, මේක ලියපු එකා සුද්දෙක් ද?
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ලංකාවේ ගෑණු බලාපොරොත්තු වෙනවා මිසක් යුතුකම් දන්නෙ නෑ
     

    Mr_Mister

    Member
    Aug 2, 2017
    58
    4
    0
    ගෑණු මිනිහෙක් අල්ලගෙන කසාද සහතිකේ අත්සන් කරනකන් විතරයි පිළිවෙලට පිරිසිදුවට ඉන්නෙ. ඊට පස්සේ ඉතින් බැරල් එක වගේ වෙනකන් හොඳට කන එක තමයි කරන්නෙ. එකම ඇඳුම ගඳ ගහ ගහ අඳින, මූණවත් හෝදන්නෙ නැතුව ඉන්න එකක් බැඳ ගත්තම තොපිට තේරෙයි "ඉපදීම දුකක්" කියල. :yes: :yes:

    පෙර
    qLbRPf1.jpg


    පසු
    XNpfLO2.jpg