ඔබේ පෙම්වතා වෙනත් කෙල්ලෙක් එක්ක ආදරයක පැ&#3495

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔබේ පෙම්වතා වෙනත් කෙල්ලෙක් එක්ක ආදරයක පැ&#3495

    පෙම්වතියන්ගේ වගේම පෙම්වතුන්ගේත් හැසිරීම් රටාවේ සුවිශේෂී වූ වෙනස් කම් කීපයක් දැක ගන්න පුළුවන් වෙනවා වෙන love එකක පැටලුනාම.අන්න ඒ ලක්ෂණ ටික දැන ගෙන හිටියොත් ඔන්න අපේ කෙල්ලොන්ට ටත් එහෙනම් පුළුවන් ටක් ගලා ඒවාට අදාලව action ගන්න.ඒ වගේම තම ආදරණිය පෙම්වතාගේ අවංක භාවය දැන ගන්න.



    ඉස්සර නිදහස තියෙන ඕනේ වේලාවක(free time වල) ඔබ කතා කරපු ගමන් ඕනේ තැනකට meet වෙන්න ආපු ඔබේ පෙම්වතා එක පාරටම දැන් ඔයා කතා කරාම එක එක ලෙඩ(බඩේ අමාරු/උන) ගන්නවා නම් , මහන්සියි අද පොඩ්ඩක් rest කරන්න ඕනේ කියනවා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.අපි මෙහෙම හිතමුකෝ ඉස්සර හැමදාම සෙනසුරාදාට අනිවා ඔයාලා දෙන්න meet වෙලා .shopping කරනවා.film එකක් බලනවා.හොද කඩේකට ගිහිල්ලා කනවා.නමුත් දැන් එක පාරටම ඔහු සෙනසුරාදා දවස වෙනත් වැඩ සදහා වෙන් කරනවා.ඔහු ඔබට කියනවා යාලුවෝ එක්ක කොහේ හරි යනවා කියලා.මෙතැනදී ඔහු වැඩිය යහළුවන් සමග ඉන්න කැමති නැති කෙනෙක් නම් ඔයාට ගොඩක් හිතන්න වෙනවා.හැබැයි මේක දිගින් දිගටම සිද්ද වෙන්න ඕන. එක දවසකින් දෙකකින් ඔහුව සැක කරන්න යන්න එපා.ඔබ වෙනුවෙන් ඔහුට free ඕනෙම වෙලාවක කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව ඔබව බලන්න ආපු පෙම්වතා දැන් ඔබව මග අරින්නේ වෙනත් කෙල්ලෙක් බලන්න යන්න ඕනේ නිසා වෙන්න පුළුවන්.


    ඔබේ පෙම්වතා රැකියාවක් කරන කෙනෙක් නම් එක පාරටම ඔහු OT කරන්න ගන්නවා කියලා හිතමුකෝ.වෙනදට ඔහු එතරම් ම OT ගැන හිතන්නේ නෑ.නමුත් දැන් ඔහු ඔබට කියනවා OT කරනවා කියලා.හැබැයි අපි මෙතැනදී මෙහෙමත් හිතන්න ඔනී.හැම රැකියාවකම වැඩ අධික කාල එනවා.ඒ කාල වලදී ඉතින් ඔයාගේ boyfriend ට අනිවා වැඩ කරන්න වෙනවානේ.ඉතින් ඒ වගේ කාල වලදී නිකන් බොරුවට ඔහුව සැක කරන්න යන්න එපා හොදේ.මේක හොදින් තේරුම් ගන්න ඕනේ.මේ වෙනස එක පාරටම වෙන දෙයක් වෙන්න ඕනේ වගේම ඒ තරම් ගොඩක් OT කරන්න ඔහුට සාධාරණ හේතුවක් නැති වෙන්නත් ඕනේ.මේ විදියේ වෙනස් කමක් දැනුනොත් ටිකක් අවධානෙන් ඉන්න.සමාහාර විට office එකේම කෙල්ලෙක් එක්ක වෙන්න පුළුවන් ඔහු OT කරන්නේ.


    වෙනදට හම්බ උනාම ඔයාගේ ලස්සන ගැන නිතරම වර්ණනා කරපු ඔබේ පෙම්වතා දැන් එහෙම කියන්න හිතන්නෙවත් නැත්තම් එතනත් පොඩි ප්‍රශනයක් තියෙන්නම ඕනේ.වෙනදටඔබගේ මුණ අත ගගා කොන්ඩේ අත ගගා ඔයත් එක්ක මුකුළු කරපු ඔහු දැන් බොහොම serious විදියට වෙන ලෝකෙක ඉන්නවා වගේ කතා කරනවා නම් ඔහු ඔබගෙන් දුරස් වෙන බවක් ඔබට එක පාරටම තේරෙනවා නම් අනිවා ඔහු වෙනත් කෙල්ලෙකුට ලං වෙලා වෙන්න ඕනේ.නැත්තම් ඉතින් කොල්ලෙක් එහෙම කෙල්ල ගාවට ලං වෙන්නේ නැතුව , විහිලු කරන්නේ නැතුව ඉන්නේ සසර කල කිරුනාම තමයි.ඒ වගේම තමයි ඔහු වෙනදාට වඩා ඔබව වර්ණනා කරන්න ගත්තත් පොඩ්ඩක් හොයලා බලන්නම වෙනවා.ඔහු වෙනදාට වඩා ඔබට අම්බානෙක help කරනවා නම් , කවදාවත් නැති අමුතු සත්ව කරුණාවක් පහල වෙලා නම් එක පිටි පස්සේ ලොකු කතාවක් තියෙනනම ඕනේ.ඔහු ඔබව ගොඩක් වර්ණනා කරන්නේ , උදව් කරන්නේ ඔහුගේ හිත ඇතුලේ තියෙන වරදකාරී ස්භාවය වහ ගන්න වෙන්න පුළුවන්.තව මේ එක්කම ඔහුගේ කතා විලාශයේ අමුතු වෙනසක් ඔබට පෙන්න තියෙනවා නම් අමුතු අමුතු ආදරබර වචන හා වාක්‍ය ඔබේ පෙම්වතා කියන්න ගත්තොත් සමහරක් විට ඒ දේවල් ඔහුගේ වෙනත් පෙම්වතියක් හරහා ඉගෙන ගත්ත ඒවා වෙන්න පුළුවන්.


    කවදාවත් car එක ඒ තරම් clean එකට තියා ගන්නේ නැති ඔබේ පෙම්වතා දැන් වාහානේ පිරිසුදු කම ගැන නිතරම පරික්ෂාකාරී වෙනවා නම් , ඒ වගේම කිසිම දවසක ඔහු ඉන්න apartment එක පිරිසිදුවට තියා ගන්න හිතුවෙවත් නැති ඔහු දැන් නිතරම එය අස් පස් කරනවා නම් ඔන්න කෙල්ලනේ පොඩ්ඩක් bar එකට ගිහිල්ලා ලාවට beer එකක් ගැහුවට කමක් නෑ.මොකද ඔහු ඒ දේ කරන්නේ වෙනත් කෙල්ලකේ වෙනුවෙන් වෙන්න පුළුවන් නිසා.මේ වෙනස් කම් එක්ක ඔහු තමුන්ගේ car එකට , apartment එකට air freshners එහෙමත් use කරන්න ගත්තොත් සමහර විට ඒ දේ කරන්නේ ඔහුගේ අලුත් පෙම්වතියගේ සුවද විලවුන් වල සුවද ඔබෙන් හංගන්න වෙන්න පුළුවන්.

    ඊලගට සැලකිලිමත් වෙන්න ඕනේ වැදගත්ම කරුණක් තමයි එකපාරට සිදුවන boyfriendගේ පෙනුමේ වෙනස් වීමක්.කොල්ලෝ කොහොමත් අපේ කෙල්ලෝ වගෙ නම් ඇදුම් පැළදුම් ගැන ඒ හැටි සලකිලිමත් කමක් නැ.ඔය අහු වෙන ඩෙනිමකුයි ටිකක් ලස්සන tshirt කෑල්ලකුයි රබර් සෙරෙප්පු දෙකයි දාගත්තම කොල්ලො හදට උනත් යන්න බයක් නෑ.දැන් මෙහෙම හිතන්නකෝ.අන්න එහෙම හිටපු කොල්ලා එක පාරටම දැන් ලස්සනට අදින්න පටන් අරන් නම් , වෙනදාට තමුන්ගේ රැවුල ගැන එහෙම ලොකුම තැකීමක් නොකරපු ඔයාගේ පෙම්වතා දැන් හැමදාම shave කරනවා.නැත්තම් අලුත් අලුත් ලස්සන රැවුල් කට් ගහන්න පටන් අරන්.වෙනදට තමුන්ගේ කොන්ඩේ ගැන ඒ තරම් වද නොවුණු ඔබේ පෙම්වතා දැන් අලුත් අලුත් කොන්ඩ මොස්තර දාන්න පටන් අරන්.තමුන්ගේ ශරීර සෞඛ්‍ය ගැන ගොඩක් හිතන්න පටන් අරන්.කවදාවත් ඇග හදා ගන්න ජිම් එකකට යන්න හිතපුවෙත් නැති ඔබේ කොල්ලා දැන් මාර ඕනේ කමකින් ඒ දේවල කරන්න පටන් අරන්.ඔබේ පෙම්වතා තුලින් මෙන්න මේ ලක්ශන පැහැදිලිව පෙන්නුම් කරනවා නම් ඔන්න කෙල්ලනේ bar එකක් පැත්තට ගිහින් beer දෙකක් විතර ගැහුවට කමක් නෑ.හැබැයි මේ වෙනස එක පාරටම වෙන එකක් වෙන්න ඕනේ හොද ද ?නැතුව නිකන් බොරුවට ඔයාගේ කොල්ලව සැක කරලා වලි දා ගන්න එපා හොදේ.

    ඒ වගේම කොල්ලෝ තමුන් use කරන සෙන්ට් එක එක පාරටම මාරු කරොත් පොඩ්ඩක් විතර විමසිල්ලෙන් ඉන්න.හිතන්නකෝ ඔයාගේ කොල්ලා හොදටම දන්නවා ඔයා ඒ සෙන්ට් එකට ගොඩාක්ම කැමතියි කියලා.ඒ වගේම ඒ සෙන්ට් එක භාවිතා කිරීම ගැන මීට පෙර ඔහුට කිසිම ප්‍රශනයක් තිබුනෙත් නෑ.මෙන්න මෙහෙම අවස්ථාවකදී ඔබේ පෙම්වතා අලුත් සෙන්ට් එකක් ගහන්න පටන් අරන් නම් ඔබ අනිවාර්යෙන්ම ඔහු ගැන වැඩි අවධානයක් යොමු කරන්න.මොකද ඔහුගේ ඇදුම් වල ඔහුට අයිති නැති ඔබෙත් නොවන ලස්සන දිග කෙස් ගස් තියෙන්න පුළුවන් නිසා.

    ඔන්න දැන් ඉතින් තියෙන්නේ අන්තිම පියවර.මේ උඩින් කියපු දේවල් එක පාරටම ඔබේ boyfriend තුලින් දිස්වෙන්න පටන් ගත්තා නම් හා ඒවා එක දිගටම සිද්ද වෙනවා නම් ඔබේ කලයුතු අන්තිම දේ බොහොම සුහදව ඒ දේ ගැන කෙලින්ම ඔහුගේ ප්‍රශ්න කරන එක.එහිදී ඔහු එක පාරටම තැති ගන්නවා නම් ඔහුගේ මුනේ ඉරියව් වලින්ම ඔබේ සැකය තහවුරු කර ගන්න පුලුවන් වෙයි.නැත්තම් ඔයාට පුළුවන් බඩුත් එක්කම හොරු අල්ල ගන්න ඔහුට පොඩි follow පාරක් දීලා.ඒ ඔහු ඔය OT එහෙම එක දිගට කරනවා කියන දවසක පොඩ්ඩක් ඔහුට නොදන්වා එක පාරටම එයාගේ office එකට යන්න මොකක් හරි බොරු හේතුවක් හදා ගෙන.නැත්තම් ඔබට පුළුවන් ඔහුගේ email සහ facebook accounts වලට ගිහිල්ලා එයාව පරික්ෂා කරන්න.facebook එකේ අන්තිම මාස 3දී වගේ add කර ගෙන තියෙන mutual friends ලා එක්කෙනෙක් වත් නැති අලුත් ගැනු යාලුවෝ ගැන හොදට මතක තියා ගන්න.හැබැයි මේ කරන දේ නිසා ඔයාගේ කොල්ලා ගොඩක් කලබල වෙයි. ඒ නිසා මේ අන්තිම පියවරට යන්න ඕනේ ඔබේ සැකය ගොඩක් දුරට නිවැරදි වෙයි කියලා ඔබ හිතනවා නම් පමණයි.
     
    • Like
    Reactions: Thunderbolt

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    කියවන්න ලේසි වෙන එක හොදයිනේ ,නැත්නම් පොටෝ දම්මාමද ලේසි ..?

    Mata nam photo danawata wada thread eka mehema daala thibbama thama lesi mchn :yes: anith ayata kohomada danne na :dull:
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    photo danna epa ban.phone eken kiyawanna giyama mara dukak wosinne down karala kiyawanna wena nisa.
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    sirwatama photo danda epa bn,,,mehema kiyawanda lesi,
    You must spread some Reputation around before giving it to rocat90 again.