1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.අපි නැහැදිච්ච උන් කියලා ගෙවල් වල ඉන්න මිනිස්සු හිතන නිසා බෑ
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.කෙල්ල මම පිස්සෙක් කියලා හිතාවි
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.ඇත්ත කිව්වොත් වනචරයෙක් කියලා දාලා යාවි
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.අපේ රට හීතල රටක් නෙමෙයි ඒ නිසා වැඩක් නෑ
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.අපි නැහැදිච්ච උන් කියලා ගෙවල් වල ඉන්න මිනිස්සු හිතන නිසා බෑ
මේ දේවල් අමතක කරන්නත් එපා . . .
6. ඇයව වැළඳගන්න.අපි නැහැදිච්ච උන් කියලා ගෙවල් වල ඉන්න මිනිස්සු හිතන නිසා බෑ
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.අපි නැහැදිච්ච උන් කියලා ගෙවල් වල ඉන්න මිනිස්සු හිතන නිසා බෑ
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.හේතුවක් නැතුව හිනාවෙන්න පිස්සු නෑ
9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.මම එච්චර පෝසතෙක් නෙමෙයි
10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.කෙල්ලෙක් හින්දා කොල්ලො ටික තරහා කරගන්න බෑ
නිදහස් තැන්වලදී . . .
11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.මොන පිස්සුවක්ද?
12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.පාරෙ යන මිනිස්සු කට ඇරගෙන බලන් ඉන්න නිසා බෑ
13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.අනාචාරයේ හැසිරුනා කියලා හිරේ යන්න වෙයි ඒ නිසා බෑ
14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.ගුටි බැට වලින් කෙලවර වෙන්න ඉඩ තියෙනව ඒ නිසා බෑ
15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා.යන්න හදන කෙනෙක් බලෙන් තියාගෙන විඳවන්න ඕන නෑ
ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?නෑ
16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.අනාචාරයේ හැසිරුනා කියලා හිරේ යන්න වෙයි ඒ නිසා බෑ
17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.අනාචාරයේ හැසිරුනා කියලා හිරේ යන්න වෙයි ඒ නිසා බෑ
18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.අනාචාරයේ හැසිරුනා කියලා හිරේ යන්න වෙයි ඒ නිසා බෑ
19. ඇය ලස්සන බව ඇයට පවසන්න. බොරු කියන්න බැරි නිසා බෑ
20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.වනචරයෙක් කියලා දාලා යාවි
ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න
21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.හැමදාම හැමතැනම එහෙම කරන්න බෑ
22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.මට බොරු කියන්න බැරි නිසා බෑ
23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.අනාචාරයේ හැසිරුනා කියලා හිරේ යන්න වෙයි ඒ නිසා බෑ
24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න ජීවිත කාලෙම බලාගෙන හිටියත් සමහර අයට ඒක දැනෙන්නෙ නෑ
25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.අනාචාරයේ හැසිරුනා කියලා හිරේ යන්න වෙයි ඒ නිසා බෑ
ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා
26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.ඇත්ත කිව්වත් දාලා යනව
27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.කලත් නැතත් හිතන්නෙ එහෙම
28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.මට ඉලක්කම් 6 පඩියක් නෑ
29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.මට බොරු කියන්න බැරි නිසා බෑ
30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.රස්සාව පවා නැතිවෙන්න පුලුවන් නිසා බෑ
ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි
31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.අනාචාරයේ හැසිරුනා කියලා හිරේ යන්න වෙයි ඒ නිසා බෑ
32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.අනාචාරයේ හැසිරුනා කියලා හිරේ යන්න වෙයි ඒ නිසා බෑ
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.අනාචාරයේ හැසිරුනා කියලා හිරේ යන්න වෙයි ඒ නිසා බෑ
34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.අනාචාරයේ හැසිරුනා කියලා හිරේ යන්න වෙයි ඒ නිසා බෑ
35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි බොරු කියන්න බැරි නිසා බෑ
ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න
36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.කෙල්ලෙක් නිසා ගුටිකන්න බෑ
37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.විශ්වාස කරන්නෙ නැති නිසා කියලා වැඩක් නෑ
38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇයට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.හොරෙන් බලාගෙන ඉන්න උන්ට මොකද කරන්නෙ?
39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.මිනිස්සු කට ඇරගෙන බලන් ඉන්න නිසා බෑ
40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.හොරෙන් බලාගෙන ඉන්න උන්ට මොකද කරන්නෙ?
ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.ෆෝන් එකේ සල්ලි නෑ
42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.ලේන්සුවක් නෑ
43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.පහුවදාට තුන් දෙනෙකුට එන්න වෙන නිසා බෑ
44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.ඔයාට කියන්න තියෙන්නෙ ඔච්චරද කියල අහවි
45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න....\අඩු වයසින් හිරේ යන්න මට බෑ
ඔබ කවදා හරි දැන ගනිවි ඇයට අවශ්‍යය වු විට ආදරයක්
සැබෑ වශෙයෙන් පැවතිය යුතු කරුනු නිල් පාටිනුත්, දැන් අපේ රටේ සිදුවෙන දේ රතු පාටිනුත් දක්වා ඇත, තීරනය ඔබේ අතේ


Last edited: