ඔබේ මනාපය

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    විවිධාකාර ආකර්ශනීය ක්‍රම හරහා අපේ මනාපය ගන්නට පොර කන අපේක්ශකයන් අතරින් ඔබේ මනාපය දෙන්නට පෙර මදක් සිතා බලන්න..
    පහත කරුණු සියල්ල පිළිපදින අපේක්ශකයන් අප රටේ නැත
    අඩුම තරමේ එකක් දෙකක්වත් පිළිපදින අපේක්ශකයන් සොයාගැනීම කලුනික හොයනවාටත් වඩා අමාරු වැඩකි.


    1.මට පෙර රට යන්න ක්‍රියාවෙන් පෙන්නුම් කළ යුතු ය. මැතිවරණ පැවැත්විය යුත්තේත් අනෙත් කටයුතු සිදුකළ යුත්තේත් තමන්ට සුභ දායක කාලවකවානුවලට නොව රටට අවශ්‍ය කාලවකවානුවල බව මෙහිදී විශේෂයෙන් පෙන්වීමට හැකි විය යුතු ය.

    2.තමන්ගේ නම හා රූපය යන යන තැන දැකීමේ රෝගය නොවැළදුන කෙනෙකු විය යුතු ය.

    3.තමන්ට ප්‍රතිපක්ෂ මත ඉවසන ඒවාට සවන් දෙන ඒවාට අවංකව පිළිතුරු දෙනා ඒවා අතරින් නිවැරදි දෑ පිළිගන්නා එසේ නිවැරදි මතයන්ට ක්‍රියාත්මකවීමට ඉඩ සලසනා සංවාද ශීලි හා විවෘත කෙනෙකු විය යුතු ය

    4.නීතිය තමන්ටත් තම නෑදෑයින්ටත් සගයින්ටත් එක ලෙස ක්‍රියාත්මක වන බවට වග බලා ගන්නා කෙනෙකු විය යුතු ය

    5.විරුද්ධවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අවස්ථාවල උපරිම පාරදෘෂ්‍ය භාවයෙන් කටයුතු කරන කෙනෙක් විය යුතු ය

    6.අයත්වන්නේ කවර පිළට ද යන්න ගැන සොයන්නේ නැතිව දක්ෂයින්ට සුදුසු ස්ථානයන් ලබා දෙන කෙනෙකු විය යුතු ය.

    7.අයත් වන්නේ කවර පිළට ද යන්නා ගැන සොයන්නේ නැතිව අදක්ෂයින් වංචාකාරයින් හොරු හා දූෂණයේ යෙදෙන්නන් තනතුරු වලින් එළවා දැමීමට තරමේ නිර්භීත කෙනෙකු විය යුතු ය.

    8.රටේ ආයතන හරහා වැඩ ක්‍රියාත්මක කරන්නට පසුබිම සකස් කරන කෙනෙකු මිසක තමන්ගේ මැදිහත්වීමෙන් සියල්ල සිදුවන බවට පෙන්වා තිබෙන ආයතන හෑල්ලු කරන මට්ටමේ කෙනෙකු නොවිය යුතු ය.

    9.රටේ සියලු ජාතීන්ට හා ආගම් අදහන්නන්ට එක සමාන ඉඩ ප්‍රස්ථා ඇති එය වචනයෙන් නොව ක්‍රියාවෙන් ප්‍රදර්ශනය කිරීමට හැකි කෙනෙකු විය යුතු ය රජයේ ආයතන තුළ තනි ආගමකට අයිති දෑ ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදී වැළැක්වීමට තරම් කොන්දක් තිබෙන කෙනෙක් වීම මෙහිදී අනිවාර්යය වේ

    10.ලැබෙන කුට්ටිය අනුව නොව රටට ලැබෙන ප්‍රතිලාභය සළකා සංවර්ධන ව්‍යාපෘතින් මෙහෙයවන කෙනෙක් විය යුතු ය.

    11.තමන් නියෝජනය කරන පුංචි පළාතකට සියලු වරප්‍රසාද දෙමින් අනෙත් පළාත්වලට කුඩම්මාගේ සැළකිලි දක්වන කෙනෙකු නොව මුලු රටටම ඒ ඒ පළාතේ වුවමනාවන්ට අනුව සළකන නායකයෙකු විය යුතු ය.

    12.තමන් පෙරළා දමන්නට කුමන්ත්‍රණකරනවාය යන අනියත බයින් පෙළෙමින් අනෙත් සියලු වැඩ කටයුතු අමතක කොට කුමන්ත්‍රණකරුවන් පසුපසම එළවන රෝගියෙකු නොවිය යුතු ය.

    13.අද ලැබෙන ලාභ ජනප්‍රියතාවය වෙනුවෙන් නොව රටේ දිගුකාලීන ආර්ථික හා සමාජ අභිවෘද්ධිය සදහා ජනප්‍රිය නොවන පියවර පවා ගත හැකි තරමේ නිර්භය කෙනෙක් විය යුතු ය.

    14.සළකන්නට පරපුරක් නැති කෙනෙකු විය යුතු ය


    මියන්මාර ජනතා පෝස්ටරයක් ඇසුරෙනි...

    වසර 20 කට පසුව මියන්මාරයේ මැතිවරණයක් පවත්වයි.
    ඒ විපක්ශ නායිකාව වන අවුන්සාන් සූකීගෙ නිවාස අඩස්සිය තවත් මාස ගනනකින් දීර්ඝ කල පසුවයි...
    මහා අරගලයකින් පසුව ජීවිත දහස් ගනනක් අහිමි කරගෙන බටහිර බලවේග වලට එරෙහිව සටන් කර ජයගත් රටක ජනතාවට තම රජය මෙතරම් පිළිකුල් වූයේ ඇයි
    එය මිලිටරි පාලනයක් නිසාද??

    aaaaaaaaaaaaaaa.jpg


    sri-lanka-flag.gif


    වසර ගනනාවක මහා යුද්ධයකින් පසුව අපේ රටද නිදහස් කරගෙන ඇත..
    එකම පක්ශයේ අපේක්ශකයෝ මනාපයට මරාගනිති
    කොළඹදී තිබෙන නම මොණරාගලදී නැත
    සමහරු අලුත් ආණ්ඩුවේ ඇමතිකම්ද ලබාගෙන අවසන්ය

    මෙවරවත් ජනතාව ජයගනීද??​
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Aurudu 60k me Rata karapu un karapu hodak na.Apiwa naya kaarayo karapu eka hamoma kale.Depaththata bole pass kara kara Innawa.


    Meka ape Samaaja Kramaye waradda.mewa Apita Wenas karanna ba.
    Arakku bothaleta,Bath packet ekata karana dheshapaalanayak ape rate tiyenne.
    Okkoma eka walle pol.Apaata karapu Hodak na.


    Monawa unath Patta Hoda thread ekak
    Wade tiyenne Oya kiyana Jaathiye aya Hoyaa Ganna bari eka :no: :(
     
    • Like
    Reactions: Puzhi

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    good trd bro..

    ඒත් ඔය වගේ අපේක්ශකයන් මෙහේ නම් නැති වේවි.
    කාට දුන්නත් අනිතිමට ජනතාව ගොනාට ඇන්දෙන එක තමයි වෙන්නෙ..
     

    djboss

    Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    40
    Colombo
    me wagen tikak hari sampuurna karapu mama danna ekama apekshakaya thamai Mr. Karu Jayasuriya
    He has no posters of him
    Supports Basil Rajapaksha for a peaceful election
    And some more
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    කාලෝචිත ත්‍රෙඩ් එකක් මචන්, +11

    niyamay machanz.....

    Aurudu 60k me Rata karapu un karapu hodak na.Apiwa naya kaarayo karapu eka hamoma kale.Depaththata bole pass kara kara Innawa.


    Meka ape Samaaja Kramaye waradda.mewa Apita Wenas karanna ba.
    Arakku bothaleta,Bath packet ekata karana dheshapaalanayak ape rate tiyenne.
    Okkoma eka walle pol.Apaata karapu Hodak na.


    Monawa unath Patta Hoda thread ekak
    Wade tiyenne Oya kiyana Jaathiye aya Hoyaa Ganna bari eka :no: :(

    patta rep add

    Sithannata yamak...............

    ela machan :)
    +


    මෙවරත් ජනතාව ගොනාට අදින බව නම් සිකුරුය ... !! :yes: :(

    good trd bro..

    ඒත් ඔය වගේ අපේක්ශකයන් මෙහේ නම් නැති වේවි.
    කාට දුන්නත් අනිතිමට ජනතාව ගොනාට ඇන්දෙන එක තමයි වෙන්නෙ..

    me wagen tikak hari sampuurna karapu mama danna ekama apekshakaya thamai Mr. Karu Jayasuriya
    He has no posters of him
    Supports Basil Rajapaksha for a peaceful election
    And some more

    නැද්ද මන්දා
    අඩුගානෙ එකෙක්වත්
    ඔක්කොම දාන්නෙ බොරු හිල :P


    Thanx for the Comments machanla..... :D :D :D
     
    මෙවරත් ජනතාව ගොනාට අදින බව නම් සිකුරුය ... !! :yes: :(
    :(

    good trd bro..

    ඒත් ඔය වගේ අපේක්ශකයන් මෙහේ නම් නැති වේවි.
    කාට දුන්නත් අනිතිමට ජනතාව ගොනාට ඇන්දෙන එක තමයි වෙන්නෙ..
    :yes::(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මට කියවන්න කම්මැලී...හැමෝම එළ කියල තියනවනේ.ඔන්න මාත් කිවුවා " එල "