ඔබේ යාලුවෙක්ට,ඔබ හොද,ඇත්තම යාලුවෙක් වීමට &#348

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
ඔබේ යාලුවෙක්ට,ඔබ හොද,ඇත්තම යාලුවෙක් වීමට &#348

“Don’t wait for people to be friendly. Show them how.” ~Unknown

යාලුවෙක් (friend කෙනෙක්) කියල කියන්නෙ කාටද?

සතුටෙදි ළග ඉන්න,පාරෙදි දැක්කම"හායි මචන්" කියල යන කෙනාටද.නැත්තම් ලොකෙ තියෙන හැම හොද/නරක වැඩේටම ළගට වෙලා ඉන්න කෙනටද.එහෙමත් නැත්තම් "එල මචන්" කියල ෆිට් 1ක් දීල අපි යමන් කියන ඕනම තැනකට පස්සෙන් එන,පස්සෙන් යන ප්‍රශ්නයක් උනාම වචනෙන් හරි "බොක්ක උනත් දෙනව බන්" කියන කෙනාටද.

ඔව්,එක අතකට මේ අයගෙන් කෙනෙක් යාලුවෙක් වෙන්නත් පුලුවන්.ඒත් මං අද කතා කරන්නෙ කෙනෙක්ට යාලුවෙක් වෙන්නෙ කොහොමද කියන එක නෙමෙයි ඊට ගොඩක් දුරට සමානකම් තියෙන,ගොඩක් දුරට වෙනස්,හොද යලුවෙක් වෙන්නෙ කොහොමද කියන එකයි.

හොද යාලුවෙක් කියන්නෙ කාටද?

හොද යලුවෙක් කියන්නෙ සතුටෙදි වගේම දුකේදිත් ලගින්ම ඉන්න,තමන්ගෙ දුකට,වැරැද්දට හිනා නොවී ඒව හදන්න උත්සහ කරන,තමන්ට ගරු කරන අන් අයටත් ගරු කරන අපිට වැරදීමක් උන තැනකදි අපිට guide කරන්න පුලුවන් සත්වයෙකුටයි,විශේෂිතම දේ නම් ඔහු හො ඇය මිනිස් සත්වයෙකුම වීම අත්‍යාවශය නැත.අත්‍යාවශය දේ වන්නේ හොද යාලුකමක් (friendship එකක්) පමණයි.


ඔබ තවත් කෙනෙක්ට,හොද යාලුවෙක් වෙන්නෙ කොහොමද?






1) හැමවෙලාවකම කාරුණික වෙන්න,අවශ්‍ය වෙලාවට serious වෙන්න,අනිත් හැමවෙලාවෙම ඔවුන් එක්ක විනෝදයෙන් හා සැහැල්ලුවෙන් ඉන්න.




2) එකිනෙකාට අවංක වෙන්න.කවදාවත් තමන්ගෙ යාලුවන්ට ඇත්ත කියන්න බය වෙන්න එපා.open minded වෙන්න.




3) අවශ්‍යය වුන වෙලාවට අවංක සිතුවිල්ලෙන් ඔවුන්ට උදවු කරන්න,මග පෙන්වන්න.




4) ඔවුන්ගේ ජයග්‍රහනවලට වඩා පරාජයේදී ලගින් ඉන්න,වැරදුන තැන් හා හදාගන්න ක්‍රම ඔබට හැකි පමණින් පෙන්වා දෙන්න.




5) ඔබේ යාලුවාට ඔහුට ලැබිය යුතු ගරුත්වය ලබා දීමට අවංක වෙන්න.ඔහු/ඇය ලැබිය යුතු ප්‍රසංශා,වර්ණනා ඔවුන් වෙත ලබා දීමට ඔබ අවංක වෙන්න.




6) ඔබ ඔවුන් වෙනුවෙන් කරන සෑම දෙයක්ම ඔවුන්ද ඔබ වෙනුවෙන් කරාවි යැයි බලාපොරොත්තු නොවෙන්න,මොකද ඔවුන්ට ඒ වගකීම් අතපසු වුනහොත් ඔබ දුකට පත් වීමටත්,සමහරවිට යාලුකමේ කෙලවර වීමටත් එය ඉඩ ඇත.




නරක ළමයින්ගෙන් උපුටා ගත්තකි.
http://www.narakalamai.com/2014/09/6-6-ways-to-be-true-friend-to-your.html
 
Last edited: