ඔබේ සිඟිති දියණිය අතට ‘බෝනික්කෙක්’ වෙනුවට ‘&#3

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඔබේ සිඟිති දියණිය අතට ‘බෝනික්කෙක්’ වෙනුවට ‘&#3

    පොදුවේ කියවෙන කතාවක් තමයි ඕනම ට්‍රැෆික් එකක ඉස්සරහ වාහනේ හිරකරගත්ත කාන්තාවක් ඉන්නවා කියන එක. එහෙම කතාවක් ඇතිවෙන්න හේතුවෙන කාරණාත් ඕනතරම් මගතොට දිනපතා ඔබට මට හමුවෙනවා. කාන්තාවන් බහුතරයක් වාහන ධාවනය කරන්නේ බොහොම පරිස්සමෙන්.

    මේ පරිස්සම සහ හුරුනැතිකම නිසාම දිනපතා මාර්ගවලදි කාන්තාවන් බොහොම අපහසුතාවයට පත්වෙනවා. මේ කාරණය බොහොම ගැඹුරින් බලන්න ඕන දෙයක් වගේම මේකේ මනෝවිද්‍යාත්මක කාරණයක් එහෙමත් අපිට හඳුනගන්න පුළුවන්.

    දැන් මෙහෙම හිතමුකෝ. කාන්තාවකට වඩා පිරිමියෙක් වාහන ධාවනයේදී කාර්යක්ෂමයි. ඒකට හේතුව ඔවුන්ට තියන පුරුද්ද සහ ආත්ම විශ්වාසය. මොකද පිරිමි බහුතරයකට වාහන වගේම ධාවනයත් බොහොම හුරුයි කාන්තාවකට වඩා. එහෙම වෙන්න හේතුව මොකක්ද?

    සාමාන්‍යයෙන් පොඩි කාලේදි පිරිමි දරුවෙක්නම් ඔබට ඉන්නේ ඔහු සෙල්ලම් බඩු පරිහරණය කරන්න තරම් වසයකට ආවම දෙමව්පියන් වන ඔබ ඔබේ පුතාට ගෙනැත් දෙන සෙල්ලම් බඩු අතරේ ‘සෙල්ලම් කාර් එකක්’ නැත්නම් ‘සෙල්ලම් බස් එකක්’ අනිවාර්යයි. ඒ නිසා අවුරුද්දක්-එකහමාරක් වයසේ ඉන්න මේ පුංචි පුතා පොඩි කාලෙම පුරුදු වෙනවා වාහන එක්ක හැසිරෙන්න.

    ඒ කියන්නේ ඔහු සෙල්ලම් කරද්දි පාවිච්චි කරන සෙල්ලම් කාර් එක මගතොට දකින කාර් එක්ක සසඳලා බලලා ඒ විදිහට පදවන්න උත්සහ කරනවා. ඔබ දැකලත් ඇති, සමහර වෙලාවට ඔහුගේ කටින් ‘බෲම් බෲම්’ සද්දය එහෙම දාලා, ‘පීක් පීක්’ කියලා නළා ශබ්දය එහෙමත් කරලා හරි සීරුවට වංගු හරවනවා, බ්‍රේක් කරනවා. එතකොට පිරිමි දරුවා ඉතාම කුඩා කාලයේදී රියඳුරෙක් ලෙස පුහුණු වෙන්න පටන් ගන්නවා.

    වයස දෙක-තුන වෙද්දි ඔහුට ලැබෙන පුංචි ට්‍රයිසිකලය එහෙමත් නැත්නම් බයිසිකලය බොහොම අපූරුවට පදින්න පුරුදු වෙනවා. දරුවා කොතරම් වයසින් වැඩුණත් ඔහුගේ මේ වාහන එක්ක තියන ගණුදෙනුව අවසන් වෙන්නේ නෑ. මෙහෙම වයස 18 දක්වා ඇවිත් නීත්‍යානුකූල රියඳුරු බලපත්‍රය ගන්න වයසට ඔබගේ පුතා ආවාම ඔහු රියඳුරු බලපත්‍රය ගන්න යන්නේ මාස ගාණක රියඳුරු පුහුණුව එක්ක විතරක් නෙවෙයි, ඔහුට තියනවා වසර 17ක විතර පළපුරුද්ද. ඒ කොහොමද? ඇයි පොඩි කාලේ ඉඳලමා වාහන හරවලා, බ්‍රේක් කරලා, රිවර්ස් කරලා, සිග්නලා දාලා හරවලා ඔහුට හොඳ පළපුරුද්දක් තියනවා. එහෙම රියඳුරෙක්ට පාරට හුරුවෙන එක, සුක්කානමට හුරුවෙන එක බොහොම ලේසියි.

    අපි බලමු දැන් ඔබට ඉන්නේ පුංචි දියණියක් කියලා. ඇයට සෙල්ලම් කරන්න ඔබ ගෙනැත් දෙන්නේ මොනවද? ‘බෝනික්කෙක්’ නැත්නම් ‘සෙල්ලම් උයන පිහන බඩු සෙට් එකක්’ වගේ දේවල්. එතකොට පුංචි දියණිය පොඩි කාලේ ඉඳලම පුරුදුවෙන්නේ දරුවන් නලවන්න. නැත්නම් උයන්න පිහන්න. ඒත් දරුවන් නලවන්න කාන්තාවක් අමුතුවෙන් ඉගනගන්න ඕන දෙයක්ද? කිසිසේත්ම නෑ, කාන්තාවකට සහජයෙන්ම දරුවන් බිහිකිරීමට සහ දරුවන් පෝෂණය කිරීමට අවශ්‍ය ඥානය ලැබෙනවා. සත්ත්ව ලෝකයේ පවා ගෑණු සතුන්ට ඒ ඥානය ලැබෙන්නේ කව්රුවත් පුරුදු කරලවත්, ක්ලාස් ගිහින්වත් නෙවෙයි.

    අන්න ඒ නිසා නව යොවුන් වයස වෙනකල්ම ඔබේ දියණිය කරන්නේ බෝනික්කෝ නලවන එක සහ උයන පිහන එක. පස්සේ ඇය හුරුවෙන්නේ විලාසිතා සහ රූපලාවන්‍ය සම්බන්ධයෙන් දේවල්වලට. එතකොට ඇයට කාර්,බස්,බයිසිකල් එක්ක තියන ගනුදෙනුව අඩුවෙනවා. පුංචිකාලේ බයිසිකලයක් අරගෙන දුන්නත් ඇය ඒක වැඩි කාලයක් පදින්නේ නෑ කියලා ඔබ අධ්‍යයනය කරලා තියනවද? මොකද ඔබේ දියණියට ඒක හුරු නැති නිසා.

    මෙහෙම වයසින් වැඩෙන ඒ දියණිය අවුරුදු 18 පහුවෙද්දි රියඳුරු බලපත්‍රයක් ගන්න ගියා කියමුකෝ. එතනදි මාස කීපයක් තිස්සේ දෙන පුහුණුව අරගෙන රියඳුරු බලපත්‍රය ලබාදෙන ප්‍රායෝගික පරීක්ෂණයට ගිහින් කොහොමහරි සමත්වුණා කියමුකෝ, එතකොට ලයිසන් එක අරගෙන වාහනයක් පාරට දාන ඔබේ දියණියට තියෙන්නේ වසර කීයක පලපුරුද්දක්ද? නැහැ..බොහෝවිට ඇයට තියෙන්නේ මාස කීපයක පලපුරුද්දක්, ඒත් පිරිමි දරුවෙක්ට තියන අවුරුදු 17 විතර පුහුණුව එක්ක ඇයට හැරෙන්නවත් බැරිවෙනවා.

    දැන් ඔබට තේරෙනවා නේද ඇයි කාන්තාවන්ට මගතොට වාහන එක්ක අරගල කරන්න වෙලා තියෙන්නේ සුක්කානම කරකවන ගමන්. ඒ නිසා මේ කියපු කාරණය හොඳට හිතට ගන්න. බෝනික්කෝ නොදී ඉන්න එපා ඔබේ දියණියට, ඒත් පොඩි කාලෙම ඇයට සෙල්ලම් කාර් එකක් දෙන්න, ඇයට වාහන එක්ක තියන ගනුදෙනුව හුරුකරන්න. එතකොට කවදාවත් ඔබේ දියණියට මහමග වාහනේ එක්ක අපහසුතාවයට පත්වෙන්න වෙන එකක් නෑ.

    උපුටා ගැනීම - www.her.lk
     
    • Like
    Reactions: barath dpriye