ඔබේ සිතට දිනකදී කාමුක සිතිවිලි පහළ වන වාර &#34

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔබේ සිතට දිනකදී කාමුක සිතිවිලි පහළ වන වාර &#34

    ඔබේ සිතට දිනකදී කාමුක සිතිවිලි පහළ වන වාර ගණන ගැන දන්නවද?




    150813165446_thinking_of_sex_512x288_getty.jpg


    ඇතැම් සමීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ සෑම තත්පර හතකට වරක් පිරිමින්ට ලිංගික කාර්යය පිලිබඳ සිතිවිල්ලක් පහළ වන බවයි.

    මේ පිළිබඳව හුදෙක් විමතියට පත් වනවාට වඩා එහි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව සොයා බැලීමක් කිරීම කාලීන විය හැක.

    අප ඉහත කී සංඛ්‍යාලේඛන විශ්වාස කරන්නේ නම් තත්පර හතකට වරක් යනු පැයකට එවැනි සිතුවිලි පහළ වන වාර ගණන 514 කි. :oo::baffled:

    මේ අනුව අප අවදියෙන් සිටින කාලය ඇතුළත දිනකට දල වශයෙන් පිරිමියෙකු ලිංගික කාර්යය ගැන සිතන වාර ගණන 7200 ක් පමණ වේ. :shocked::baffled:

    150813163739_thinking_of_sex_624x351_bbc_nocredit.jpg


    ඇත්ත වශයෙන්ම ඔබට දවසක් පුරා පහළ වන සිතුවිලි තවත් කෙනෙකුට ගණනය කළ හැකි දෙයක්ද?

    එක්සත් ජනපදයේ ඔහියෝ විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ කණ්ඩායමක් මෙය සිදු කළේ මේ ආකාරයටයි.

    තෝරා ගත් සිසුන් 283 දෙනෙකු කණ්ඩායම් තුනකට බෙදා වෙන් කර කුඩා උපකරණයක් ඔවුන් හැම කෙනෙකුට ම ලබා දුන්ණේය.

    මෙම සිසුන් කළ යුත්තේ ලිංගික කාර්යය, නින්ද හෝ ආහාර පිළිබඳව සිතුවිල්ලක් ඇති වන සෑම මොහොතකම ඉහත කී උපකරණයේ අදාළ බොත්තම එබීමයි.

    150813165645_thinking_of_sex_512x288_bbc_nocredit.jpg


    මෙම සමීක්ෂණයට සහභාගී වූ ශිෂ්‍යයන්ට ලිංගික කාර්යය පිළිබඳව සිතුවිලි පහළ වී ඇත්තේ දිනකට දහනම වතාවකි. (සාමාන්‍ය අගය)

    නමුත් ශිෂ්‍යාවන් ඒ පිළිබඳව සිතා ඇත්තේ දිනකට දස වතාවක් පමණි.

    එමෙන්ම ආහාර සහ නින්ද ගැනද වැඩියෙන් ම සිතා ඇත්තේ පිරිමි පාර්ශවය යි.

    ඉන් පෙනී යන්නේ පිරිමින්ට එවැනි සිතිවිලි වැඩියෙන් පහළ වීම විය හැක. එසේ නොමැති නම් අපැහැදිලි සිතුවිල්ලක් පවා වාර්තා කිරීමට පිරිමින් පෙළඹුනා විය හැකිය.

    රාගික අදහසක් පහල වූ බවට අඩුම වාර ගණන වාර්තා වී ඇත්තේ දිනකට එක් වතාවක් වන අතර වැඩිම වාර ගණන ලෙස 388 වතාවක් බොත්තම එබූ පුද්ගලයා ලැයිස්තුවේ ඉහළින්ම සිටියි. මොහු සෑම විනාඩි දෙකකටම වරක් ඒ ගැන සිතා ඇත.

    තවත් කණ්ඩායමක් මෙම සමීක්ෂණය ම සිදු කර ඇත්තේ අහඹු අවස්ථාවන් වලදී තම ජංගම දුරකථනයට දත්ත ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටීමෙන්.

    එහි දී ලැබුණු ප්‍රතිඵලයන් හි සාමාන්‍ය අගය වූයේ පුද්ගලයෙකු ලිංගික කාර්යය පිළිබඳව දිනකට හත් වතාවක් හිතන බවයි.

    නමුත් යම් කෙනෙකුට උපකරණයක් ලබා දී යම් කාර්යයක් පැවරූ විට එය නිරන්තරයෙන් සිහියට පැමිණීම නොවැළැක්විය හැකි දෙයක් බවයි මෙම සමීක්ෂණ කණ්ඩායම් පවසන්නේ.

    එම නිසා සෑම තත්පර හතකට ම වරක් ලිංගිකත්වය හා බැඳි සිතුවිල්ලක් පහළ වන බවට පැවසෙන වාර්තා බැහැර කළ හැකි වෙයි.

    එමෙන්ම, සත්‍ය වශයෙන්ම සිතිවිලි මැන බැලීමට නිවැරදි ක්‍රම වේදයක් නොමැති බවද ඉහත කී සමීක්ෂණ කණ්ඩායම් පවසති.

    බීබීසී

     
    • Like
    Reactions: laMir

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මෙම සිසුන් කළ යුත්තේ ලිංගික කාර්යය, නින්ද හෝ ආහාර පිළිබඳව සිතුවිල්ලක් ඇති වන සෑම මොහොතකම ඉහත කී උපකරණයේ අදාළ බොත්තම එබීමයි.
    මෙක අතෙ තියනකම්ම මුන්ට හිතෙන්නම අත්තෙ දැන් මතක් වෙයි දැන් මතක් වෙයි කියල් බන්ග් ඉතින් අහන්නත් දෙයක්ද්ද ?.. :ඒක්:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    amooo:shocked:......vena vadak kara ganda vene nahane:P:P.........

    :rofl::rofl::P

    මෙම සිසුන් කළ යුත්තේ ලිංගික කාර්යය, නින්ද හෝ ආහාර පිළිබඳව සිතුවිල්ලක් ඇති වන සෑම මොහොතකම ඉහත කී උපකරණයේ අදාළ බොත්තම එබීමයි.
    මෙක අතෙ තියනකම්ම මුන්ට හිතෙන්නම අත්තෙ දැන් මතක් වෙයි දැන් මතක් වෙයි කියල් බන්ග් ඉතින් අහන්නත් දෙයක්ද්ද ?.. :ඒක්:

    ඔව් බන් මමත් හිතුවා ,,මේ ක්‍රමේ සාර්ථක නෑ මම හිතන්නේ .. බොහෝ දුරට මෙමෙ උපකරණය බඩට යටින් සවි කලානම් යම්තාක් දුරට ප්‍රතිපල සාර්ථක වෙන්න ඉඩ තිබුන​
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    නමුත් යම් කෙනෙකුට උපකරණයක් ලබා දී යම් කාර්යයක් පැවරූ විට එය නිරන්තරයෙන් සිහියට පැමිණීම නොවැළැක්විය හැකි දෙයක් බවයි මෙම සමීක්ෂණ කණ්ඩායම් පවසන්නේ. :yeS:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නමුත් යම් කෙනෙකුට උපකරණයක් ලබා දී යම් කාර්යයක් පැවරූ විට එය නිරන්තරයෙන් සිහියට පැමිණීම නොවැළැක්විය හැකි දෙයක් බවයි මෙම සමීක්ෂණ කණ්ඩායම් පවසන්නේ. :yeS:

    :yes::yes::yes: