ඔබේ “ජීවිතය“ සොරා ගන්නා අති බයානක කම්මැලිය&#35

Jul 22, 2011
17
17
0
සිදුවූ ප්‍රමාදයට කනගාටුයි කලින් ත්‍රේඩ් එකෙ ප්‍රශ්නයක් තිබ්බා දැන් හරි ඔබලාගෙ වටිනා රෙප් එක මම ඉහලින්ම බලාපොරොත්තු වෙනවා
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    ශරීරය රෝගී වන්නා සේම මනසත් රෝගී වෙයි. මනසේ ඇතිවන රෝග හඳුන්වන්නේ මානසික රෝග ලෙසය. “මානසික රෝග“ යන වචනය ඇසු පමණින්ම අපගේ සිතට දැනෙන්නේ බියකි. ලජ්ජාවකි. මානසික රෝගවලට ගොදුරු වූවන් දෙස බලන්නේ ද අවඥාසහගත ලෙසය. මෙය ඉතා වැරැදි සහගත සිතිවිල්ලකි.

    ශාරීරික රෝග මෙන්ම මානසික රෝග ද ඖෂධීය ප්රතිකාර මඟින් හෝ වෙනත් චිකිත්සක ප්රතිකාර මඟින් සුවයක් ලබාදිය හැකි බවත්, නැතිනම් රෝගය පාලනය කළ හැකි බවත් අප තේරුම් ගත යුතුය. එසේ තේරුම් ගැනීමෙන් මානසික රෝගීන් ලෙස නොසලකා හැර සිටින පුද්ගලයින්ගෙන් විශාල සේවයක් ලබාගත හැකිය.


    මානසික ආබාධවලට ගොදුරු වූ පුද්ගලයින් පිළිබඳව සැලකීමේදී බරපතළ සහ බරපතළ නොවන මානසික රෝගවලට ගොදුරු වී ඇති සංඛ්යාව සමස්ත ජනගහනයෙන් සියයට අටත් දහයත් අතර ප්රමාණයකි. බරපතළ ගණයේ මානසික රෝගවලට ගොදුරු වී ඇති සංඛ්යාව සියයට 2 කි. මෙය ඉතා ඉහළ අගයකි. එබැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුමය.

    මානසික ආබාධ යනු මොළය ආශි්රතව ඇතිවන රෝගී තත්ත්වයකි. එවැනි රෝග ඇතිවීමට ප්රධාන වශයෙන්ම හේතු වන්නේ ජානමය හේතුය. හදිසි අනතුරු නිසා මොළයට වන හානි හේතුවෙන් මානසික ආබාධ ඇතිවීමට ඉඩ තිබේ. බොහෝ දෙනෙක් වෙතින් මානසික ආබාධ මතු වන්නේ වයස අවුරුදු 16 පමණ කාලයේ සිටය. එතැන් සිට එම රෝගියා මුළු ජීවිත කාලයම ගෙවන්නේ මානසික ආබාධිත තත්ත්වයෙනි.
    මානසික රෝග බහුලව ඇතිවන්නේ නව යොවුන් වියේදී. එසේම බරපතළ මානසික රෝග පිළිබඳව සැලකීමේදී සියයට අසූවක්ම දීර්ඝ කාලීන රෝග වීමය. එම රෝගවලට දීර්ඝ කාලීනව ඖෂධ අවශ්ය වේ.
    නව යොවුන් වියේදී මානසික රෝගයකට ගොදුරු වූ විට අධ්යාපන කටයුතු අඩාලවේ. රැකියාවේ කටයුතු අඩාලවේ. එනිසාම විවාහ ජීවිතයක් ගත කිරීමට අපහසුය. එම පුද්ගලයාට සිදුවන්නේ පවුලට බරක් වී ජීවත්වීමටය.
    අප සමාජයේ බහුලව ඇති ප්රබල මානසික රෝග සංඛ්යාව 3 කි. ඒ භින්නෝන්මාදය, භාවික උන්මාදය, සහ විෂාදයයි. ඊට අමතරව බිය, කාංසාව, ග්රස්ථිය මත්ද්රව්ය වලට ඇබ්බැහි වීම වැනි උග්ර නොවන මානසික ආබාධයන්ගෙන් ද බොහෝ දෙනෙක් පීඩා විඳිති.
    භින්නෝන්මාදය රෝගය පිරිමින් කෙරෙන් මතුවන්නේ වයස අවුරුදු 16 - 25 අතර කාලයේදී වන අතර කාන්තාවන්ගේ නම් වයස අවුරුදු 25 - 40 අතර කාලයේදීය. මෙය භයානක වර්ගයේ මානසික ආබාධ තත්ත්වයක් වන නිසා, ජිවිත කාලයෙන් වැඩිම කලක් මොවුනට ගෙවීමට සිදුවන්නේ මානසික ආබාධිතවය. ඒ නිසි ප්රතිකාර නොලැබුණහොත්ය.

    හෘද රෝග දියවැඩියාව වැනි රෝග බොහෝ විට හටගන්නේ වයස අවුරුදු 40 පමණ ඉක්මවූ විටය. ඒ වන විට එම රෝගවලට ගොදුරු වූවෝ අධ්යාපනික කටයුතු හමාර කර විවාහ වී රැකියාවක නිරත වී සමාජයේ ස්ථාවර තත්ත්වයකට පත්වු අය වෙති. හෘද රෝග දියවැඩියාව ආදියට ගොදුරු වූවන් සමාජයෙන් කොන් වන්නේ නැත. අකාර්යක්ෂම වන්නේ ද නැත. රෝගයට ඖෂධ ගනිමින් ඔවුහු සාමාන්ය ජීවිතයක් ගත කරති. එහෙත් භින්නෝන්මාදයෙන් පෙළෙන රෝගීන්ගෙන් 80% කට පමණට සාමාන්ය ජීවිතයක් ගත කිරීමට නොලැබේ.

    භාවික උන්මාදය සමාජයේ පවතින උග්ර මානසික රෝගයකි. මෙය මතු වන්නේ ද තුරුණු අවධියේදීය. මෙය භින්නෝන්මාදය තරම් දරුණු ජීවිත කාලය පුරාම පවතින රෝගයක් නොවූවද මෙය නැවත නැවත මතු වෙමින් පවතින රෝගයකි. මෙහිදී ද අධ්යාපනය, විවාහ ජීවිතය, කඩාකප්පල් වී යා හැකි ය. මොවුනට ප්රතිකාර කිරීම සඳහා රෝහල් ගත කළ යුතුය.

    අප සමාජය තුළ බහුලව පවතින අනෙක් උග්ර මානසික රෝගය වන්නේ විෂාදයයි. මානසික රෝගවලින් වන හානිය පිළිබඳව සලකා බැලීමේදී 4 වැනි ස්ථානය හිමි වන්නේ විෂාදයටය. සමස්තයක් ලෙස සැලකූ විට අප ජනතාවගෙන් සියයට 10 කට ආසන්න සංඛ්යාවක් විෂාදයෙන් පීඩා විඳිති.


    විෂාදයෙන් පීඩා විඳින කාන්තාවන්ගේ සංඛ්යාව පිරිමින්ගේ සංඛ්යාව මෙන් දෙගුණයකි. එසේම මෙහි භයානක තත්ත්වය වන්නේ විෂාදයෙන් පෙළෙන රෝගීන්ගෙන් සියයට 15 - 20 අතර සංඛ්යාවක් සිය දිවි හානි කර ගැනීමය.

    සියදිවි නසා ගන්නා පුද්ගලයින්ගෙන් සියයට 90 ක්ම කිසියම් මානසික රෝගයකින් පෙළෙන බව හෙළි වී ඇත. එසේම එසේ සියදිවි නසා ගන්නා පිරිසෙන් සියයට 50 කට වැඩි පිරිසක් එසේ කරගන්නේ විෂාදය නිසා බවත් හෙළි වී ඇත.

    විෂාදය රෝගියකුට උපරීම කාර්යක්ෂමතාවයෙන් වැඩ කළ නොහැකිය. වැඩ කළ ද ඔවුන්ගේ ඵලදායිතාවය අඩුය. කිසි යම් මවකට විෂාදය රෝගය ඇත්නම්, දරුවන්ගේ අධ්යාපනික කටයුතුවලට ද සෘජුවම එය බලපාන අතර නිවසේ ඇති අපිළිවෙළ වැනි හේතු නිසා අඹුසැමි අඩදබර ඇතිවීමට ද හේතුවක් විය හැකිය.

    විෂාදය පිළිබඳව හෙළිවී ඇති තවත් වැදගත් කරුණක් වන්නේ දරුවන් ප්රසූත කළ මවුවරුන්ගෙන් සමහර දෙනෙක් පශ්චාත් ප්රසව කාල පරිච්ඡේදයේදී විෂාදයට ගොදුරු වන බවය. එසේම එය අලුත උපන් දරුවන්ගේ පමණක් නොව වැඩිමහල් දරුවන්ගේ සහ සැමියාගේ ජීවිතයට ද සෘජුවම බලපෑම් එල්ල කිරීමට හැකි රෝගයකි.

    මත්පැන් සහ මත්ද්රව්ය වලට ඇබ්බැහි වීම ද මානසික ආබාධයක් ලෙස සලකන අතර එය භයානක නොවන මානසික ආබාධ යටතට ගැනේ. ශ්රී ලංකාවේ ඇතැම් ප්රදේශවල ජීවත්වන්නන්ගෙන් 26% ක් පමණ හානිකර ලෙස මත්පැන්වලට ඇබ්බැහි වී ඇති බව හෙළි වී ඇත. එසේම බිය, ග්රස්ථිය, කාංසාව වැනි සුළු මානසික ආබාධයන් සහිත පුද්ගලයෝ අප සමාජයේ කොතෙකුත් සිටිති.


    ඉහත කී උග්ර තත්ත්වයේ මානසික රෝගවලට ඉක්මන් ප්රතිකාර ලබා දීමට සමත් වුවහොත් එම පුද්ගලයන්ගේ මනස ආබාධ තත්ත්වයට පත්වීම අඩුවේ. රෝගය මතු වීමෙන් පසුව ප්රතිකාර නොකර සිටින කාලය දිගුවන්නට, දිගුවන්නට රෝගියාගේ ආබාධිත බව වැඩි වේ. පසුව ප්රතිකාර කිරීමෙන් ලැබෙන පලය අඩු වේ.


    අප රටේ මානසික ආබාධවලට ගොදුරු වූවන්ගේ ප්රතිකාර කිරීම් පමාවීමට ප්රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ අන්ධ විශ්වාසයන්ට මිනිසුන් අවනත වීමය. මානසික රෝගවලට හේතු වන්නේ අද්භූත බලවේගයක බලපෑමක්, ග්රහ අපලයක්, හදිහූනියමක් වැනි දෙයක් යැයි ඇතැම්හු විශ්වාස කරති.


    එම විශ්වාසයන් ඔස්සේ ගොස් මිල මුදල් වැය කරමින් කාලය කා දමමින් බොහෝ දෙනෙක් වෛද්ය ප්රතිකාර පමා කරති. නූල් බැඳීම, හුනියම් කැපීම, දෙහි කැපීම ආදිය සඳහා ඇතැම් උදවිය අවුරුදු ගණන් කාලය කා දමති. එවැනි නිෂ්ඵල දේ සඳහා කාලය ගත කළ විට රෝගියාගේ මොළයේ සෛල විනාශ වී මොළය ආබාධිත තත්ත්වයට පත්වේ.


    මානසික රෝග පිළිබඳව අප සමාජය තුළ පවතින අපවාද ද රෝගියා සඟවාගෙන සිටීමට හේතු වී ඇත. තම පවුලේ අයකුට මානසික රෝගයක් ඇතැයි පැවසීමට පවා බොහෝ දෙනා කැමති නැත. ඒ නිසා වෛද්යවරයකු වෙත නොගොස් රෝගියාව සඟවාගෙන සිටිති. එමෙන්ම තම පවුලේ අයකුට මානසික රෝගයක් ඇතැයි විශ්වාස කිරිමට ඇති අකමැත්ත ද වෛද්ය ප්රතිකාරවලට ඉක්මනින් යොමු නොවීමට හේතු වී ඇත. එවැනි රෝගීන්ට ප්රතිකාර කරන්නේ හොර රහසේය.

    මානසික රෝගයකට ප්රතිකාර ගැනීමට වෛද්යවරයකු හමුවීම පවා නින්දාවට හේතුවක් ලෙස ඇතැම්හු සලකති. එම සෑම අතපසු වීමකම, සෑම නොදැනුවත්කමකම, සෑම මෝඩ ක්රියාවකම ප්රතිඵලය වන්නේ මානසික රෝගයට ගොදුරු වූ පුද්ගලයාගේ රෝගී තත්ත්වය උග්ර වීමය.

    ඇතැම් විට මානසික ආබාධයක් සඳහා ප්රතිකාර ගත්ත ද ටික දිනකින් එම ප්රතිකාර නවතා දැමීමට ඇතැම්හු පුරුදු වී සිටිති. වෛද්යවරු කෙතරම් උපදෙස් දුන්න ද දිගින් දිගටම ප්රතිකාර අවශ්ය නැතැයි ඇතැම්හු සිතති. මෙහිදී රෝගියා තම රෝගය පිළිබඳව නොදැනුවත්කම නිසා ප්රතිකාර නොගන්නා අතර රෝගියාගේ පවුලේ උදවිය වෛද්ය උපදෙස් නොපිළිපැදීම නිසා රෝගියාට ප්රතිකාර ලබා නොදේ. එහි ප්රතිඵලය වන්නේ රෝගය එන්න එන්නම උත්සන්න වීමය.

    එබැවින් තම පවුලේ අයකු කිසියම් මානසික රෝගයකට ගොදුරු වී ඇත්නම්, මතක තබාගත යුතු වැදගත් කරුණු 3 ක් ඇත. ඒ, වහා ප්රතිකාර කිරීම, ඵලදායී ලෙස ප්රතිඵල ලැබෙන තෙක් ප්රතිකාර කිරීම, නැවත නැවත රෝගය මතුවීම වැළැක්වීම යනුවෙනි. එය මනෝ වෛද්ය ප්රතිකාරවල ත්රිමූර්තිය ලෙස හැඳින්විය හැකිය. ප්රතිකාර කිරීමෙන් දීර්ඝ කාලීනව මානසික රෝගවලින් සිදුවන ආබාධ වළක්වා ගත හැකිය.
    මානසික රෝග සහ ඒවා මැඩපවත්වා ගැනීම පිළිබඳව අනෙක් රෝගවලට සාපේක්ෂව සමාජය තුළ දැනුවත් භාවය අඩුය. එසේ වී ඇත්තේ දැනුවත් පුද්ගලයන් විසින් නොදැනුවත් සමාජය දැනුවත් නොකිරීමය.
    මානසික රෝගවලට ලක්වූවන්ට ප්රතිකාර කිරීමේ අනෙක් ගැටලුව වන්නේ, අප රට තුළ ඇති මනෝ වෛද්යවරුන්ගේ ඇති හිඟයයි. මනෝ රෝග පිළිබඳව සමාජයට නිවැරැදි දැනුමක් නොලැබීමට හේතු වී ඇති තවත් කරුණක් වී ඇත්තේ, මනෝ රෝග පිළිබඳව මාධ්ය ඔස්සේ කරුණු ගෙන හැර දක්වන අය අදාළ විෂය පිළිබඳව නිවැරැදි දැනුමක් ඇති අය නොවීමය. එහි ප්රතිඵලය වන්නේ මනෝ රෝග පිළිබඳව මිථ්යා මත සමාජය තුළ වැඩිවීමය.
    බීමත්කම, නොසැලකිලිමත්ව රිය පැදවීම, කෝලාහල වැනි හේතු නිසා සිදුවන හදිසි අනතුරුවලට ලක්වන රෝගීන් සඳහා මෙන්ම, තම කට පාලනය කර නොගැනීමේ හේතුවෙන් හෘද රෝගවලට ලක්වන්නන් සඳහා ඉහළ පහසුකම් රෝහල්වල තිබුණ ද, තමන්ගේ කිසිදු වැරැද්දක් නැතිව මානසික රෝගවලට ගොදුරු වන්නන් සඳහා රෝහල්වල ඇත්තේ ද අල්ප පහසුකම් වීම කනගාටුවට කරුණකි.

    මගෙ දැන් වයස 22 1/2ක්. මමත් සැහෙන්න මෙ රොගයෙන් පීඩා විදලා තියෙනවා. යහලුවන්ගෙන් සමාජයෙන් කොන්වෙලා තියෙනවා.ඇගෙ හොර්මොන වෙනස් වීමත් එක්ක තමා රොගය මතුවුනෙ කියලා තමා හිතන්නෙ.කුරුලැත් සැහෙන්න ගොඩක් ආවා වලවල් එන්නම. බොහොම දුක්බර කාලයක්.කෙනෙක්ගෙ පාසැල් ජීවිතය බොහොවිට සුන්දරයි නමුත් මගෙ එහෙම වුනෙ නැහැ නිසා මට හිතුනෙ තනියම ඉන්නයි නමුත් එක රොගයක් කියලා දැනගන්නකොට පරක්කු වැඩියි මට අවුරුද්දක් බෙහෙත් බොන්න වුනා. දැන් නම් බොන්නෙ නැහැ දැඩි අඩිශ්ටානයෙන් මම මාවම දිරිමත් කරලා යටපත් කලා.මෙක ජානමය රොගයක් දියවැදියාව වගෙ නමුත් අති බිහිසුනු ලෙඩක් මොකද මෙක මොලයෙ රොගයක් නිසා.ආපහු මතු වෙවිද දන්නෙ නැහැ මම ඔනෙම දෙකට සුදානම්. අපි කාටත් ප්රශ්න තියෙන්න පුලුවන් නමුත් මෙවැනි දෙයක් වුනාම කෙනෙක් අන්ත අසරන වෙනවා.

    මෙය කියවු ඔබෙන් මා ඉල්ලන කාරුනික ඉල්ලීම නම් මෙයට දිරිදීමක් වශයෙන් රෙප් එකක් දමා මගෙ උත්සාහය අගය කරන ලෙසයි.නිකම් කියවලා නම් යන්න එපා. මානසික රොග සම්බන්ද තොරතුරු මෙහි පලකිරීමට නියමිතයි. මගෙ දුක්බර කතාවද පස්සෙ දාන්නම්.මගෙ උත්සාහය නම් මෙම නිහඩ මාරයා ගැන සමාජය දැනුවත් කීරීමයි.ඔබ සියලු දෙනාටම නිරොගී සුව පතනවා.ඔබට ජය!!!!!!!!!
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අකුරු ටික්ක් ලොකු කරපිය :angry:බලාගන්න අමාරුයි:baffled:
    ජයවේවා
    11.gif
     
    Jul 22, 2011
    17
    17
    0
    ‘විෂාදය’(Depression). ’මානසික රෝග‘ යන වචනයට පවා සමාජයේ බොහෝ දෙනෙක් දක්වන්නේ විශාල බියක්. එය පුහු බියක්, ඉතාම වැරැදි ආකල්පයක්. ශාරීරිකව ලෙඩවූ විට වෛද්‍යවරයකු හමුවී ඖෂධීය ප‍්‍රතිකාර ලබාගැනීමට අප පසුබට වෙන්නේ නෑ. එසේ වුවත් මානසිකව ලෙඩවූ විට වෛද්‍යවරයකු හමුවීමට ප‍්‍රතිකාර ගැනීමට බොහෝදෙනෙක් මැලිවෙනවා. ශාරීරිකව අපට ඇතිවන රෝගාබාධ මෙන්ම මානසිකව ඇතිවන රෝගාබාධත් ඖෂධීය ප‍්‍රතිකාර මඟින් සුවය ලබනවා. අපගේ මනස රෝගී වීමට බොහෝවිට හේතුවන්නේ අපගේ මොළයෙන් ශ‍්‍රාවය වන කිසියම් රසායනික ද්‍රව්‍යයක හෝ හෝමෝනයක අඩු වැඩිවීමක්. එය බොහෝවිට ඖෂධ මඟින් පාලනය කළ හැකියි. ඒ නිසා මානසිකව ඇතිවන රෝගාබාධ සඳහා වෛද්‍යවරයකු හමුවී ප‍්‍රතිකාර ලබාගැනීමට කිසිවකුත් පසුබට විය යුතු නෑ. අද අප සාකච්ඡා කරන ‘විෂාදය” සමාජයේ ඉතා බහුල රෝගයක් බවට පත්වී තිබෙනවා. මිනිසා අබල දුබලතාවයට පත්වන හෝ මිය යන රෝගාබාධ පිළිබඳව සැලකීමේදී මුළු ලොව පුරා වැඩිම මිනිසුන් ප‍්‍රමාණයක් මිය යන්නේ මානසික රෝගාබාධ නිසා බව අද ඔප්පුවී තිබෙනවා. එය ප‍්‍රතිශතයක් ලෙස 12.6%ක්. එමෙන්ම මිනිසුන් මියයන මානසික රෝග අතරින් ශ‍්‍රී ලංකාව තුළ හතර වැනි ස්ථානය හිමිවන්නේ විෂාදයට. ඇමරිකාව තුළ මානසික රෝග අතුරින් වැඩිම පිරිසක් මිය යන රෝගය වන්නේ ද විෂාදයයි. මෙම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ ලොව පුරා බොහෝ මිනිසුන් සංඛ්‍යාවක් “විෂාදය” නමැති රෝගය නිසා අසරණ වන බවයි; මිය යන බවයි. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ ලොව පුරා සිටින ජනතාවගෙන් සියයට 6 ත් 8 ත් අතර සංඛ්‍යාවකට විෂාදය වැළඳී ඇති බවයි. විෂාදය නම් මානසික රෝගී තත්ත්වයට වැඩියෙන්ම ගොදුරු වන්නේ කාන්තාවන්. එම සංඛ්‍යාව විෂාදයට ගොදුරුවන පිරිමි සංඛ්‍යාව මෙන් දෙගුණයක්. ඕනෑම වයසක ජීවත්වන අයකුට විෂාදය වැළඳිය හැකියි. එසේ වුවත් වයස්ගත උදවියට විෂාදය රෝගය වැළඳීමේ හැකියාව වැඩියි. ලොව පුරා සියදිවි නසාගන්නා පුද්ගලයින් පිළිබඳව තොරතුරු සොයා බැලූවිට, එම පුද්ගලයින්ගෙන් සියයට තිහකට වඩා වැඩි සංඛ්‍යාවක් විෂාදයට ගොදුරුවීම නිසා සියදිවි නසාගැනීමට පෙළඹී ඇති බව පෙනී යනවා. එමෙන්ම දරුවන් ඉපදුණු විගස මව්වරුන්ගෙන් සියයට 10කට පමණ විෂාදය රෝගය වැළඳෙන බවත් නවතම පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා. එය විශාල සංඛ්‍යාවක්. මවට වැළඳෙන විෂාදය රෝගයේ ප‍්‍රතිඵල ඉපදුණු දරුවාටත්, සැමියාටත් පවුලේ අනෙක් උදවියටත් සෘජුවම බලපානවා. ”මව දරුවා සමඟ ළිඳට පැන නසී” මෙවැනි ශීර්ෂපාඨ සහිත ප‍්‍රවෘත්ති පුවත්පත්වල පළවනු ඔබත් දැක ඇති. එම සිදුවීම පිළිබඳව මනෝ විද්‍යාත්මක සොයාබැලීමේදී පෙනී යන්නේ එම මව්වරු තම දරුවාගේ ජීවිතය ද වනසා තම ජීවිතය ද නැතිකර ගැනීමට පෙළඹෙන්නේ ‘විෂාදය’ රෝගයට ගොදුරුවීම නිසා බවයි. විෂාදය නම් මානසිත රෝගයෙන් පුද්ගලයාට සහ සමාජයට වන බලපෑම දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති. මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ ඖෂධීය ප‍්‍රතිකාර මඟින් ‘විෂාදය’ සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බවයි. විෂාදය වැළඳුණු අයකු සියදිවි හානිකර ගැනීමට නොපෙළඹුණත් ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු බොහෝසෙයින් අඩපණ වෙනවා. ගෘහ ජීවිතය තුළ කාර්යාලය තුළ මෙන්ම මවක ලෙස පියකු ලෙස බිරියක ලෙස, සැමියකු ලෙස මෙන්ම දරුවකු ලෙසද ගතකරන ජීවිතයට මෙම රෝගය මඟින් විශාල හානියක් සිදුවෙනවා. එවැනි බලපෑම් එල්ල කළ හැකි රෝගයක් හඳුනාගැනීම ඉතා වැදගත් කරුණක්. විෂාදය රෝගයේ ලක්ෂණ මොනවාදැයි කියා අපි දැන් සොයා බලමු. විෂාදය රෝගයේ ප‍්‍රධානතම රෝග ලක්ෂණ 3ක් තිබෙනවා. ඉන් පළමුවැන්න ඉතාම කුඩා දේවල්වලට පවා නිරන්තරයෙන්ම දුක දැනීම (Depress mood) යි. දෙවැන්න මීට පෙර සතුට ලැබූ කිසිවකින් නැවත සතුටක් ලැබීමට ඇති අපහසුව (Anhedonia) යි. තුන්වැන්න ශරීර ශක්තිය අඩු ලෙස දැනීම (Lack of energy). විෂාදයට ගොදුරු වූ බොහෝ රෝගීන් වෛද්‍යවරු හමුවී තමාගේ ඇඟට කිසිම පණක් නැති බව පවසනවා. එම වෛද්‍යවරයාට විෂාදය රෝගය පිළිබඳව අවබෝධයක් නොමැති නම්, බොහෝවිට රෝගීන්ට විටමින් වර්ග නියම කරනවා. ඒ, විෂාදය රෝගයේ ප‍්‍රධානම ලක්ෂණ තුනයි. විෂාදය රෝගයේ රෝග ලක්ෂණ ලෙස තවත් හේතු රාශියක්ම හඳුනාගෙන තිබෙනවා. ඒ, නින්ද නොයාම, නින්ද අඩුකම හෝ වැඩිපුර නින්දයාම, ආහාර අරුචිය (ආහාර කෙසේ පිළියෙළ කළත් රුචියක් ඇතිනොවීම), මළබද්ධය, ලිංගික අරුචිය, අවධානය අඩුකම, අනාගතය පිළිබඳව අසුබවාදීව සිතීම, මතකය අඩුවීම, (අවධානය අඩුකම නිසා අධ්‍යාපනය කඩාකප්පල් වීම එදිනෙදා වැඩ පළ අතපසුවීම ආදිය සිදුවිය හැකියි) ආදියි. එමෙන්ම කිසියම් ශබ්දයක් අසන්නට හෝ නොහැකිවීම, එයට කෝපවීම, ඉක්මන් කෝපය විෂාදය රෝගයේ විශේෂ ලක්ෂණයන්. විෂාදයට ගොදුරුවීම නිසා, තම දරුවන්ගේ සුළු දෙයකට පවා ඇතැම් මව්වරුන් කෝප වෙනවා; දරුවන්ට තදින් බැන වදිනවා. එවැනි කාන්තාවන් නිවසේදී සැමියාට නිතර සැර වැර වෙනවා; සේවා ස්ථානයේදී අන්‍යයන් සමඟ නිතර අඩදබර ඇතිකර ගන්නවා, නිකරුණේ ඔවුන්ට බැන වදිනවා. කෝපවීම නම් මානසික ස්වභාවය සඳහා පමණක් ඇතැම්විට වෛද්‍යවරු විවිධ ප‍්‍රතිකාර කරනු ලබන අවස්ථා තිබෙනවා. එය වැරැදි සහගත තත්ත්වයක්. බොහෝවිට බොහෝදෙනෙකු නිතර තදින් කෝපවන්නේ ඔහු හෝ ඇය විෂාදයට ගොදුරු වී ඇති නිසයි. “විෂාදය” කේන්තියාමට ඉතා ප‍්‍රබල හේතුවක් බවයි මනෝ වෛද්‍යවරු පවසන්නේ. අප ඒ සඳහන් කළේ විෂාදය රෝගයේ රෝග ලක්ෂණ. මුල් අවස්ථාවේදී විෂාදය නම් රෝගය හඳුනා නොගෙන එම තත්ත්වය වර්ධනය වුවහොත් තවත් ප‍්‍රබල මානසික රෝගී තත්ත්වයන් දක්වා වර්ධනය විය හැකියි. විෂාදය උග‍්‍රවූ රෝගීන් විවිධ ප‍්‍රකාශ කරනවා. ඔවුන්ට ආහාර ගැනීමට කීවිට, තමා මියගොස් ඇති බවත් ඒ නිසා තමාට ආහාර ගත නොහැකි බවත් පවසනවා. එසේම ඔවුන් “මගේ බඩවැල් පැළිලා, ඒ නිසා කෑම ගන්න බැහැ. ඔබට දැනෙන්නේ නැතිද මගේ බඩවැල් කුණුවූ දුගඳ” කියා අන්‍යයන්ගෙන් අසනවා. එසේම මෙවැනි රෝගීන් “මගේ උදරයේ ගෙඩියක් තිබෙනවා, පිළිකාවක් තිබෙනවා” වැනි ප‍්‍රකාශයන් කරනවා. මෙවැනි රෝගීන් නිතර පවසන දෙයක් වන්නේ “ඇඟේ පතේ කැක්කුමක්, දැවිල්ලක් ඇති බවයි” ඔවුන් වෛද්‍යවරුන් වෙත ගොස් සියලුම වෛද්‍ය පරීක්ෂණ කරගන්නවා. එහිදී වෛද්‍යවරු පවසන්නේ “ඔබට කිසිදු රෝගයක් නැත” යන්න පමණයි. මෙවැනි රෝගීන්ව සාමාන්‍ය වෛද්‍යවරු විසින් මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කරනවා අඩුයි. ඒ නිසා විෂාදය වැළඳුණු රෝගීන් බොහෝ දුක් විඳිනවා. මෙම රෝගීන් නිතර “දැවිල්ලයි” කියා පැවසීමට හේතුවක් තිබෙනවා. බොහෝවිට අපට “දුක” යන හැඟීම නිසා බඩේ දැවිල්ල, ශරීරයේ දැවිල්ල ඇතිවෙනවා. බොහෝවිට බඩේ ඇතිවන දැවිල්ල විෂාදය රෝගයේ ලක්ෂණයක්. බොහෝවිට මෙවැනි රෝගීන් වෛද්‍යවරයා හමුවී පවසන්නේ බඩේ දැවිල්ල ඇති බවයි. එවිට වෛද්‍යවරයා තේරුම්ගන්නේ මෙම රෝගියාට ගැස්ට‍්‍රයිටිස් රෝගය වැළඳී ඇති බවයි. ඒ නිසා වෛද්‍යවරයා ගැස්ට‍්‍රයිටිස් රෝගය සඳහා නියමිත ඖෂධ ලබාදෙනවා. වර්තමානයේ ගැස්ට‍්‍රයිටිස් රෝගයට ඖෂධ ලබාගන්නා බොහෝ දෙනකුට ඇත්තේ විෂාදය රෝගයයි. මෙහිදී ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ “විෂාදය” නම් මානසික රෝග තත්ත්වය ශාරීරික රෝගයක් ලෙස මතුවී තිබීමයි. කෙටියෙන් පවසතොත් මොළයේ සිදුවන කිසියම් රසායනික කි‍්‍රයාදාමයක් නිසා, විෂාදය නම් රෝගය ඇතිවී, එමඟින් දුක ඇතිවී, දුක නම් මානසික ස්වභාවය නිසා “ඇඟේ පතේ කැක්කුම, දැවිල්ල” නම් ශාරීරික අපහසුතාවයන් ඇතිවන බවයි. මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර ගාම්භීර එලකිරි දැන් හරිම slow වෙල මගෙ මෙ පොස්ට් එක දැම්මෙත් බොහොම අමාරුවෙන්. නමුත් බොහො දෙනගෙ හිත සුව පිනිස දාපු මෙ පොස්ට් එක කියවලා කොමෙන්ට් දාලා ත්‍රෙඩ් එක ඉස්සරහට ගන්න මට උදව් කරන මෙන් ඉල්ලා සිටිනවා. එවාගෙම මෙ පිනින් මට සසර වසනතුරු මෙවන් රොගයක් ඇති නොවෙවා කියල ප්‍රාර්තනා කරනවා.හැමොටම දීර්ගායුශ ලැබෙවා!!!!!!!!
     
    Jul 22, 2011
    17
    17
    0
    Depression යනු කුමක්ද?

    මෙය සමාජයේ අතිශයින් බහුල රෝගී තත්වයක්. මාසික රෝග සඳහා ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණෙන බො‍හෝ දෙනෙක් depression හෙවත් මානසික අවපීඩනයට ගොදුරු වූවන්. මානසික රෝග අතර සෙම්ප්‍රතිශ්‍යාව ලෙසද මෙය හැඳින්විය හැකියි. සමාජයේ 5% - 10% ත් අතර ප්‍රමාණයක් මෙම රෝගයට ගොදුරුවූවන් බව ඇතැම් සමීක්ෂණ හෙළිකලද ගැටළුව වන්නේ එය රෝගී තත්වයකැයි හඳුනාගැනීමට ඇති නොහැකියාවයි. මෙහි අවසන් ප්‍රතිඵලය මෙම රෝගය උත්සන්නවීමෙන් ඇතිවන සියදිවි හානිකර ගැනීම විය හැකිය. සියිදිවි හානිකර ගැනීමේ ප්‍රතිශතය ඉහළ රටක් වන ශ්‍රී ලංකාවේ සියි දිවි හානිකරගන්නන්ගෙන් බොහෝ දෙනෙකු depression රෝගය සඳහා නෑකම් කියන්නන් බව මනෝ විද්‍යඥයින්ගේ මතයයි.
    Depression ඇති වන්නේ ඇයි?

    ඔබත් මාත් දන්නා ආකාරයට මානසික රෝගී කෙනෙක් ඇසුරු කිරීමෙන් / හමුවීමෙන් / ස්පර්ශයෙන් එය බෝවන්නේ නැත. Depression ඇතිවිය හැකි ප්‍රධාන ක්‍රම කිහිපයකි.
    1. පාරම්පරිකව 2. පාරිසරික හා සාමාජීය තත්ව 3. වැරදි නිගමන

    පාරම්පරිකව
    මෙය පාරම්පරිකව ඇතිවීමේ ප්‍රවනතාවය වැඩිය. මෙවැනි රෝගියකුට දාව උපදින සෑම දරුවකුම මෙම රෝගයට ලක්වේයැයි මෙයින් අදහස් නොකෙරේ. ඒ සදහා ඔහුගේ ජානවල ප්‍රවණතාවයක් තිබියහැකි අතර පාරිසරික හෝ සාමාජීය තත්වයන් නිසා එය ඉස්මතු විය හැකිය. කිසිදු වෙනසකින් තොරව ඔවුන් සම්පූර්ණ ජීවිත කාලයම ගෙවන අවස්ථා ද ඕනෑ තරම් ඇත. වෙනත් කෙනෙකුට වඩා අවදානමක් තිබෙනවා මිස ඔවුන් අනිවාර්ය රෝගීන් යැයි කිසිවිටෙක අදහස් නොකෙරේ.

    පාරිසරික හා සාමාජීය තත්ව
    සමාජයේ යම් යම් පීඩනවලට ලක්වී ජීවත්වන අය මෙම රෝගයට ගොදුරුවීමේ අවදානම සාමාන්‍ය කෙනෙකුට වඩා වැඩිය. ඔවුන් නිරන්තරයෙන්ම බියෙන්. කනස්සල්ලෙන් හා වෛරයෙන් ජිවත් වීම මීට ආසන්නතම හේතුවයි.

    වැරදි නිගමන
    තමන්ට කිසිවකුත් පිහිටට නැත, තමා පිරිස අතරින් කොන්වී - තනිවී ඇත. තමාට කිසිම දෙයක් බැරිය, සිදුවන සියල්ලන්ටම වැරදිකරු තමාය යන අනර්ථකාරී සිතිවිලි සහිත අයද සාමාන්‍ය අයට වඩා depression රෝගයට ගොදුරුවීමේ අවදානම සහිතය.

    ඉහත සඳහන් වූයේ මූලික හේතූන් කිහිපයක් පමණි. මීට අමතරව depression සඳහා කෙලින්ම හෝ වක්‍රව හේතුවිය හැකි කාරණා රාශියකි. සරලවම දැක්විය හැක්කේ දිගින් දිගටම සිතෙහි පවත්නා කණස්සල්ල මෙවැනි රෝගයකට ගොදුරු වීමට හේතුවිය හැකි බවයි.

    රෝගය වැළඳිය හැක්කේ කාටද?

    මෙම රෝගයට ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැත. වයස් භේදයක් ද නොමැත. එහෙත් සාපේක්ෂව වැඩිහිටි රෝගීන් බහුල වශයෙන් සමාජ‍යේ හමුවේ. ඔවුන් මුහුණදෙන සාමාජීය ගැටළු (ආදර සම්බන්ධතා බිඳවැටීම, ඥාතීන් / මිතුරන්ගේ මරණ, රැකියා අහිමිවීම) ළමුන්ට සාපේක්ෂව වැඩිවීම මීට එක්තරා ආකාරයක හේතුවක් විය හැකිය. එහෙත් සැළකිය යුතු ළමා රෝගීන් ද අපට සමාජයේ හමුවේ.

    මෙම රෝගයේ විවිධ ප්‍රභේද තිබේද?

    ඔවු. සෑම depression තත්වයකටම දීර්ඝ කාලීනව ප්‍රථිකාර ගතයුතු නැත. ගරභණී කාලයට පසුව ඇතැම් මවුවරුන් සඳහා වැළ‍ඳෙන puerperal depression මීට හොඳම උදාහරණයකි. එය ඉතා කෙටි කාලයකින් සම්පූර්ණ සුවය ලබන අතර නැවත මතුවිමක් ද නොතිබිය හැකිය. එහෙත් බහුලව දැකිය හැක්කේ දීර්ඝ කාලීනව පුථිකාර අවශ්‍ය වන රෝගීන්ය. රෝගීයා ප්‍රථිකාර සඳහා යොමුවන අවස්ථාව අනුවද රෝගී තත්වයන්/ සුවවන කාලය වෙනස් විය හැකිය.

    මෙහි රෝග ලක්ෂණ මොනවාද?

    මෙය ඉතාමත්ම කල්පනාකාරීව විග්‍රහ කළයුතු පැනයකි. මීට හේතුව මෙහි සඳහන්වන රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඉතා සාමාන්‍ය පුද්ගලයෙකු තුළ වුවද දැකිය හැකිය. ඔහු හෝ ඇය depression තත්වයෙන් පෙළෙන බව ඉන් අදහස් නොකෙරේ.

    · දිගුකාලයක් තිස්සේ පවතින කණස්සලු සහිත ස්වභාවය.
    · සිකේ ධෛර්ය, උනන්දුව අඩුවීම.
    · බලාපොරොත්තු රහිත බව
    · සියළු දේ දෙස අශුභවාදී ලෙස බැලීම.
    · සිතේ සංතෝෂය සහිත සිතිවිලි නොමැති වීම.
    · කෑම අරුචිය හා ඒ නිසාම සිරුරේ බර අඩුවීම
    · නින්ද නොයාම හෝ අසාමාන්‍ය නින්ද
    · අහේතුකව ඇඩීම
    · තනිවී සිටීමට නිරතුරුව උත්සාහ දැරීම
    · ඉතා තදින් ඇතිවන කෝපය
    · දීර්ඝ කාලයක් තිස්සේ පවතින හිසරදය
    · අහේතුක / අසාමාන්‍ය සැකය
    · හැසිරීමේ දැකිය හැකි නොසන්සුන් බව
    · අවධානය යොමුකිරීමේ අපහසුතාවය.
    · තීරණ ගැනීමේ අපහසුතාවය

    මෙම රෝග ලක්ෂණ පොදු ඒවා වන අතර රට, සංස්කෘතිය, ‍පෞරුෂය අනුව මෙම රෝගී ලක්ෂණ වෙනස්විය හැකිය. මීට අමතරව සාමාන්‍ය චර්යාත්මක වෙනස් වීම් පිළිබඳවද සැළකිලිමක් විය යුතුය. එනම් වෙනදා ඉතා කැමැත්තෙන් රැකියාවට/පාසලට ගිය කෙනෙක් එක්වරම ඒ සඳහා අදිමදි කිරීම දැක්විය හැකිය.

    Depression සඳහා ප්‍රථිකාර තිබෙනවාද?

    පැහැදිලිවම ඔවු. මෙය ප්‍රථිකාර සහිත මෙන්ම ප්‍රථිකාර මගින් 99%ක්ම පාලනය කළ හැකි රෝගී තත්වයක්. එසේම ප්‍රථිකාර වියදම් සහිත ඒවා‍ නොවන අතර බොහෝ රජයේ රෝහල් මගින්ද ප්‍රථිකාර ලබාගත හැකියි.

    මේ සඳහා‍ ‍‍ඖෂධීය ප්‍රථිකාර (antidepressants) මෙන්ම චර්යාවන් වෙනස් කිරීමේ උපදේශන ප්‍රථිකාර (cognitive behavior therapy ) ද තිබේ. මීට අමතරව රෝගී තත්වය උග්‍ර වී ඇති අවස්ථාවන් හිදී ECT (electro convulsive therapy ) හෙවත් විද්‍යුත් කම්පන ප්‍රථිකාර ක්‍රමද භාවිතා වේ. එය වෛද්‍යවරයා විසින් තීරණය කරනුලබන අතර ECT ලබා දෙන්නේනම් නිර්වින්දනය කිරීම සඳහා රෝහල්ගත කිරීම අත්‍යවශ්‍ය වේ.

    මෙම ඖෂධ වල අතුරු ප්‍රතිඵල තිබේද?

    අතුරු අබාධ වලින් තොර ඖෂධ සොයාගැනීම අපහසුය. Paracetamol වැනි සරල ඖෂධ වල සිට Cyclosporin වැනි සංකීර්ණ ඖෂධ දක්වා සියල්ලකම යම් යම් අතුරු ප්‍රථිපල සහිතය. කැරකැවිල්ල (Dizziness), ඔක්කාරය (nausea), නිදිමත ස්වභාවය (drowsiness), ලිංගික අප්‍රාණිකත්වය (Erectile Dysfunction) වැනි ලක්ෂණ ඇතැම් විට දැකිය හැකි අතර සැම විටම එසේ නොවේ. ඇතැම්විට මෙම අතුරු ප්‍රථිඵල මග හැරීම සඳහා වෙනත් ඖෂධ වර්ගද භාවිතවේ. ප්‍රතිසයිකොසීය (Antipsychotics) ඖෂධ හේතුවෙන් ඇතැම්විට ඇතිවන පාකින්සන් ලක්ෂණ (parkinsonism symptoms) මග හැරීම සදහා භාවිතාකරන Benzhexol මේ සඳහා උදාහරණයකි. මේ නිසා තමන්ට ඇති ගැටළු වෛද්‍යවරයා සමග සාකච්ඡා කොට ඖෂධ වෙනස්කර ගන්නවා මිස ඖෂධ නැවැත්වීම කිසිසේත්ම නොකළ යුතුය.මීට අමතරව ECT ලබාදුන් විට ඉතා කෙටිකාලයක මත‍කයේ ව්‍යාකූලතාවයක් (short time memory loss) පිළිබඳව කළාතුරකින් පැමිණිලි ලැබේ.
    ආගමික ප්‍රථිකාර මගින් depression සුව වේද?

    මරණින් පසු නැවත උපතක් ඇත්දැයි විමසූ විට බුදුන්වහන්සේ නිහඩව සිටියා යැයි ආගමික ඉතිහාසයේ කියැවේ. ඒ ඔවු හෝ නෑ යනුවෙන් දෙන පිළිතුරෙන් වැරදි අදහසක් ඇතිවීම වැළැක්වීම සඳහාය. මෙයද එවැනි ගැටළුවකි.නැත - කීවහොත් එය එසේ නොවේ යැයි කියන්නට මිනිසුන් සාධක ගෙනෙනු ඇත. මානසික රෝග රසායනාගාර පරීක්ෂාවකින් තහවුරු කළ නොහැකි නිසා ඒවා බොරුයැයි හෝ නැවැරදියැයි කියන්නට නොහැක.ඔවු - යැයි කීවහොත් එය ඔප්පුකිරීමට තරම් වෛද්‍ය විද්‍යාත්මක සාධක නැත.
    ආගමික ප්‍රථිකාර ක්‍රම වලදී පිරිස් එක් රැස් වීමෙන් තමා තනිවී නැතැයි යන හැඟීම නිසා රෝගියා තුළ යම් වෙනසක් ඇතිවීම ස්වාභාවිකය. එහෙත් එය රෝගය සුව වීම යැයි අර්ථ කථනය කළනොහැක. මන්ද කාලයෙන් කාලයට එන යාඥා හෝ වෙනත් ආගමික ප්‍රථිකාරයන් නිසා සුවය ලැබුවායැයි කියන ‍රෝගීන් පසුව රෝගය උත්සන්න වීමෙන් සියදිවි හානිකරගත් හෝ රෝහල් ගත කළ අවස්ථා ඇති නිසාය.

    පන්සල්, පල්ලි, කෝවිල් යාම වැරදි නැත. එහෙත් මෙවැනි රෝගීන් නිසි උපදේශයන්ගෙන් තොරව භාවනා සඳහා යොමු කිරීමත්, මෝහනය කිරීමක් භයානක ප්‍රතිඵල ඇති කළ හැකිය.
    පාලනය කරන්න පුළුවන් කියන්නෙ සුව කරන්න බැරිද?

    නෑ... සුව කළ හැකියි. ඒත් ඒ සදහා යම් කාලයක් අවශ්‍යයි. (අවශ්‍ය කාලය රෝගී තත්වය අනුව සහ ප්‍රථිකාර සඳහා යොමුවූ කාලය අනුව වෙනස් වේ. නියමිත පරිදිම වෛද්‍ය උපදෙස් පිළිපදී නම් සහ නොකඩවා ප්‍රථිකාර ගන්නේනම් බොහෝ රෝගීන් නිට්ටාවටම සුව කළ හැකියි.

    සුව වූ පසු නැවත වැළඳිය හැකිද?

    ඔවු. වරක් වැළදී සුව වූ අයෙකුට මෙය නැවත වැළඳිය හැකියි. එහෙත් එය අනිවාර්යය නොවේ. කෙසෙල් ගසක් වැටෙන්නට යද්දී ආධාරකයක් (මුක්කුවක්) යොදා එක නැවැත්විය හැක. එසේම යම් කාලයකට පසුව එම ආධාරකය ඉවත් කළද ගස නොවැටී තිබේ. එහෙත් එම ගස නැවත වැටීමේ හැකියාව සාමාන්‍ය ගසකට වඩා කිහිප ගුණයකින් වැඩිය. එසේම වරක් සුව වූ රෝගියකුට නැවත රෝගය මතුවීමේ හැකියාව සාමාන්‍ය අයකුට වඩා වැඩිය.

    නැවත වැළ‍‍ඳෙන්නේ කොහොමද?

    මේ සඳහා නිශ්චිත හේතුවක් නොමැත. එහෙත් ඔහුට දැනෙන අහිමි වීම් (losses) , වියෝගය , කම්පනය වැනි තත්වයන් නිසා නැවත රෝගය මතුවීමේ ඉඩකඩ පවතී. එම නිසා මෙවැනි අයගේ චර්යාත්මක වෙනසකදී සුපුරුදු වෛද්‍යවරයා හමුවීම ඉතාමත් අවශ්‍යය. එය ඔහු/ඇය ගේ සමීපතමයන්ගේ වගකීමකි.

    Depression සමග නෑකම් කියන තවත් රෝග තිබේද?

    කලාතුරකින් රෝගීන් අතර භීතිකා (phobia) හෝ උන්මාද (mania) තත්වයන් ඇතිවනු දැකිය හැකි වුවද එය හැම විටම එසේ වන්නේ නැත.

    Depression රෝගියකුගේ සමීපතමයන් සැළකිළිමත් විය යුත්තේ කෙසේද?

    සාමාන්‍ය තත්වයන් යටතේ රෝගියා සුව කරගැනීම ඉතාම වැදගත් වේ. කෘතීම තත්වයන් (උදාහරණයක් ලෙස කිසියම් අහිමිවීමක් (losses – such as relationship) නිසා රෝගී වූ අයකුට එය එසේ වී නැතැයි බොරුවට හඟවා සුවකරගෙන යථාර්තයට අනුගත කිරීමේදී නැවත රෝගය ඇතිවී මේ වැඩි ඉඩකඩක් පවතී. එහෙත් රෝගියා මානසික කම්පන, වියෝග, සංවේග වලින් ඈත්කොට සතුටින් තැබීම රෝගය ඉක්මනින් සුව වීමට හේතු විය හැකිය.

    එසේම උග්‍ර තත්වයේ පසුවන රෝගීන් සඳහා ප්‍රබල ඖෂධ නිකුත් කරනු ලබන අතර එම ඖෂධ වගකිවයුතු පුද්ගලයකු විසින් නියමිත වේලාවට රෝගියාට ලබා දිය යුතුය. මන්ද මේවායේ මාත්‍රාව ඉක්මවා ලබාගැනීම ඉතා භායානක විය හැකිය. එසේම රෝගියා තුළ ඇති දැඩි කළකිරීම නිසා රෝගියා සිය සිවි හානිකරගැනීමේ අවදානමක් පවතී. එපමණක් නොව ඔහු ඉක්මනින් අධික ලෙස කෝපයට පත් වීම නිසා වෙනත් අනතුරු වුවද සිදුකළ හැකිය.

    අවසානය

    මෙය සැළකිලිමත් විය යුතු රෝගයක් මිස බිය වියයුතු රෝගයක් නම් නොවේ. මෙම රෝගයට ප්‍රථිකාර ලබමින් සාමාන්‍ය පරිදි රැකියවෙහි නිරත වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි දැඩි වගකීම් දරන පුද්ගලයෝ වෙති. ඔවුහු මෙවන් රෝගයකට ප්‍රථිකාර ලබන බව කිසිවකුට හඳුනා ගැනීමට පවා නොහැකි තරමට ඔවුන් සාමාන්‍ය ජීවිත ගෙවති.

    අවශ්‍ය වන්නේ වෛද්‍ය උපදෙස් නිසියාකාරව පිළි පැදීමක් සැළකිලිමක් වීමක් පමණි.


    මෙ ත්‍රේඩ් එක පවත්වාගෙන යන පිනින් මාහට සසර වසනාතුරු නීරොගී වෙවා. කට්ටියගෙන් මම පින් කොමෙන්ට් එකකින් බලාපොරොතු වෙනවා.:yes::yes: