ඔබ අධික ලිංගික ආශාවකින් යුක්තද.එහෙනමි මෙ&#3512

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
ඔබ අධික ලිංගික ආශාවකින් යුක්තද.එහෙනමි මෙ&#3512

ලිංගික ආශාව කියන්නේ මුනෂ්‍යයන්ට වගේම සත්ත්වයන්ටත් පොදු දෙයක්.මානව හා සත්ත්ව ගහණය වර්ධණය වීමෙහිලා වැදගත්වන ප්‍රධානතම සාධකය වන්නේත් සංසර්ගයයි.සතුන් මෙන් නොව මිනිසා තම ලිංගිකත්වය සමිබන්ධ කාර්යන් වලදි වඩා සදාචාර සමිපන්න ලෙසින් ඒවා ඉටුකරගනි.එමෙන්ම තම ලිංගික හැගීමි ආශාවන් පාලනය කරගැනීමෙි හැකියාව මිනිසාට ඇත.එසේ පාලනය කරගැනීමෙි හැකියාවක් නැති සදාචාරය නොසලකා හරිමින් තම ලිංගික අවශ්‍යතා මුදුන්පත් කරගැනීමට කටයුතු කරන පුද්ගලයන්ද ඉදහිට හෝ අප අතර නැතිවා නොවෙි.

මෙි අතර තම ලිංගික අවශ්‍යතා ආශාවන් පාලනය කරගත නොහැකි අසාමාන්‍ය ලෙස අධික ලිංගික ආශාවන් ඇති පුද්ගලයන්ද අප අතර දක්නට ලැබෙි.දිනකට කාන්තාවන් කීප දෙනෙකු සමග ලිංගිකව එක්වන්නට තදබල ආශාවක් පිරිමියකුට ඇතිවීම හෝ එැවනිම ආශාවක් කාන්තාවකට ඇතීවීම මානසික ව්‍යාකූල බවක ලක්ෂණයක් විය හැක.දිනකට පිරිමින් කිහිප දෙනෙකු සමග ලිංගිකව එක්වෙමින් ගණිකා වෘත්තියේ යෙදෙනෙ කාන්තාවන් මෙහිලා සැලකිය නොහැක

.ඇය එසේ ලිංගිකව හැසිරෙන්නේ තදබල ලිංගික ආශාවක් නිසා නොව කෙසේ හෝ යමි මුදලක් උපයා ගැනීමෙි අරමුණ මුල් කරගෙනය.කෙසේ වුවද කීප දෙනෙකු සමග ලිංගිකව එක්ව ඉන් ආශ්වාදයක් ලැබීමෙි දැඩි ආශාව මානසික ව්‍යාකූල ලක්ෂණයක් ලෙසින් හදුනා ගෙන ඇත.යමෙකුට අධික ලිංගික ආශාවක් ඇතීවීම කෙරෙහි හේතු කාරණා කීපයක්ම බලපෑ හැක.මුලින්ම ඒවා එකිනෙක විමසා බලමු.

හෝමෝනවල වෙනස්කම්

අධික ලිංගික හැසිරීම් පළවීම හෝමෝනවල වෙනස්කම් නිසාද හට ගැනීමට පුළුවන්. ලිංගික හෝමෝන ස්‍රාවය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිත ප්‍රදේශයෙන්. මෙහි ගෙඩියක්, පිළිකාවක් වැනි දෙයක් හට ගත් විට ද අධික ලිංගික ආශාවන් ඇතිවීමට අවකාශ තිබෙනවා. ඒ අනුව පෙර නොවූ ලෙස අධික අනුරාගී හැසිරීම් පළවන කෙනකු එය කායික හේතුවක් මත ඇති වන්නේද යන්න සොයා බැලීමට අන්තරාසර්ග ග්‍රන්ථි විශේෂඥ වෛද්‍යවරයකු වෙත මුලින්ම යොමු වීම වඩා සුදුසුය.

එහිදී නම් හෝමෝන පරීක්ෂණයක් මගින් ඉහත කී ආකාරයේ රෝග තත්ත්වයන් තිබේද යන්නසොයා බැලිය හැකියි. එවැනි කායික හේතුන් නැත්නම් ඊළඟට මනෝ වෛද්‍ය විශේෂඥයකු වෙත යොමු විය යුතුයි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික රෝග පිළිබඳ වර්ගීකරණයෙහි (BH 10) c ලෙසින් මේ තත්ත්වය හැඳින්වෙනවා. මෙය ‍පොදු නාමය වුවද කාන්තාවන් තුළ අධික ලෙස ලිංගික හැසිරීම් පළවීම නිම්ෆොමේනියා ලෙසිනුත් පිරිමින් තුළ එවැනි තත්ත්වයක් හට ගැනීම සැටරයිසිස් ලෙසිනුත් හඳුන්වනවා.

දැන් අපි අධික ලිංගික හැසිරීම් පළ කිරීමට බලපාන මානසික හේතු විමසා බලමු.මනෝ වෛද්‍ය විද්‍යාවේ ද්වී ධ්‍රැවීය ආබාධය නමින් මානසික රෝග තත්ත්වයක් තිබෙනවා. ද්වී ධ්‍රැවීය යනු අන්ත දෙකක් පැවතීමයි. මේ රෝගයේ ද 1 සහ 2ලෙසින් කොටස් දෙකක් තිබෙනවා.

මේ අනුව ද්වී ධ්‍රැවීය අංක 1හි අන්ත දෙක නම් විශාදය සහ මේනියා රෝගයයි. ද්වී ධ්‍රැවීය අංක 1 වැළඳුනු රෝගියකු සමහර කාලවලදී විශාද රෝගලක්ෂණ පළ කරන අතර තවත් සමහර කාලවලදී මේනියා රෝග ලක්ෂණ පළ කරනවා. ද්වී ද්‍රවීය අංක 2 ආබාධයෙහි එක් අන්තයක් විශාදය වන අතර අනෙක් අන්තය වන්නේ හයි‍පොමේනියාවයි. මේ අනුව රෝගියා විශාද රෝග ලක්ෂණපළ කරන කාලවලට තදබල දුකකින් නොසංසුන්කමකින් කාලය ගත කරන අතර ඒ කාලයට ලිංගික ආශාවද හීන වී යනවා. ඒ හේතුව මත ලිංගික හැසිරීම් පිළිබඳ කිසිදු උනන්දුවක් ඇති වන්නෙ නෑ.

නමුත් මේ රෝගීනට හයි‍පොමේනියා තත්ත්වය ඇති වූ විට දැකිය හැක්කේ එහි අනික් පැත්තයි. ඒ අනුව සතුට අධිකයි. ලිංගික හැසිරීම් කෙරෙහි දැඩි කැමැත්තක් ඇති වෙනවා. නමුත් විශේෂය වන්නේ රෝගියාට තමන්ගේ ආශාවන් පාලනය කර ගත හැකිවීමයි. ඒ අනුව හයි‍පොමේනියා යනු මානසික රෝග වාට්ටුවක නතර කර ප්‍රතිකාර ගත යුතුතත්ත්වයක් නොවෙයි. මේ රෝගීනට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්.

ද්වී ධ්‍රැවීය අංක 1හි එක් අන්තයක් වන්නේ මේනියා රෝගය බව ඉහත සඳහන් කළා. මෙය සාමාන්‍යයෙන් තනි රෝගයක් වශයෙන් නොවැළඳෙන අතර එය ද්වී ධ්‍රැවීය රෝගයේ එක් අන්තයක් ලෙස පවතිනවා.මෙසේ ද්වී ධ්‍රැවීය රෝගීන්ට මේනියා රෝගය තිබෙන කාලවලට අධික ලිංගික ආශාවන් සහ හැසිරීම් පළ කරනු ලබනවා. විශේෂයෙන් කාන්තාවන් තුළ මේ තත්ත්වය වැඩියි.

සාමාන්‍ය කෙනෙකුට තදබල ලිංගික ආශාවක් ඇති වූ විටෙක වූවත් එය අවස්ථානුකූලව පාලනය කර ගන්න හැකියාව තිබෙනවා. නමුත් මේනියා රෝගීන්ට එය අපහසුයි. ඕනෑම කෙනෙකු ඉදිරියේ වුවද ලිංගික හැසිරීමක යෙදීමේ හැකියාව එම රෝගය වැළඳුනු කාන්තාවන් තුළ විශේෂයෙන් දක්නට ලැබෙනවා. ඕනෑම තැනක ඕනෑම විටෙක කිසිදු අපහසුවක් නැතිව තම නිරුවත දැක්වීමට මේ කාන්තාවන්ට පුළුවන්.

නමුත් අප මේ කියන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් ගැන නොවෙයි. මේනිසා රෝගය හේතුවෙන් ඔවුනට ලිංගික ආශාවන් පාලනය කර ගත නොහැකිවීම මේ තත්ත්වය හට ගැනීමට බලපානවා. නමුත් අධික ලිංගික හැසිරීම් හා ආශාවන් තිබෙන හැම කෙනෙක්ම මේනියා රෝගීන් නොවන බවත් ඔබ වටහා ගත යුතුය.

මත්පෙති ගැනීම
නීති විරෝධී ලෙස අලෙවි කරන මත්පෙති වර්ගවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් අතරත් ලිංගික ආශාව අධිකයි. මේවායින් ශරීරය තුළ උත්තේජනයක් ඇති වන අතර දිගින් දිගටම ගැනීම තුළින් උත්තේජනය වැඩි කලක් රඳා පවත්වා ගත හැකි නිසා මේවාට ඇබ්බැහි වූ තරුණියන් කිසිදු ලජ්ජා බයකින් තොරව අධික ලෙස ලිංගික සේවනයෙහි යෙදීම සිදු වෙනවා.

පෞරුෂ දුබලතා

අධික ලිංගික හැසිරීම් පළ කරන තරුණියන් තුළ ඇතැම් විට පෞරුෂ දුබලතා ද තිබිය හැකියි. ළමා වියේදී මව්පියන්ගේ නිසි ආදරයක් රැකවරණයක් හිමි නොවීම හෝ කුඩා කල අතවරවලට ලක්වීම මත නව යොවුන් වයසට එළඹුණු පසු ළමා වියේදී හිමි නොවූ ආදරය රැකවරණය වෙනත් පිරිමියෙකුගෙන් ලබා ගැනීමට උත්සාහ කළ හැකියි. මෙවැනි තරුණියන් තුළ හටගත හැකි පෞරුෂ විෂමතාවයක් වන්නේ මායිම් පෞරුෂ ආබාධයයි.

මෙවැනි යුවතියන් තමාට මුණ ගැහෙන පෙම්වතාගේ චාටු බස්වලට ඉක්මනින්ම රැවටෙන අතර ඒ නිසාම පෙම්වතා වෙතින් අමාරුවේ වැටෙනවා. අන්තිමේ තමන්ට අහිමි වූ ආදරය සොයා විවිධාකාර පෙම්වතුන්ගේ ඇසුරට පත්වී ඔවුන් කෙරෙහි විශ්වාසය තබා වැඩි පිරිමින් සංඛ්‍යාවක් සමග ලිංගිකව එකතු විය හැකියි. අනතුරු මගින් මොළයට හානි සිදුවීම කිසිදුමානසික ආබාධයක් නැතිව වුවත් හදිසි අනතුරක් වැටීමක් වැනි දෙයක් මගින් මොළයේ ඉදිරිපස පිහිටි කොටස්වලට හානියක් වුණොත් කිසිදු ලජ්ජාවක් බයක් නැතිව ඕනෑම කෙනකු හා ලිංගිකව එකතු විය හැකියි.

අපගේ ලිංගිකත්වය පිළිබඳ හැඟීම් පාලනය කරන්නේ මොළයේ ඉහත කී කොටස්වලින්. මේවාට හානිවීම මත ලිංගික හැඟීම් පාලනය කිරීමට මොළයට නොහැකි වෙනවා.අසාමාන්‍ය අන්දමේ දැඩි ලිංගික ආශාවක් පළ කිරීමට හේතු බොහෝ විටම මේවායි. ඒ අනුව එබඳු කෙනකුට කායික හේතුවකින් තොරව එවැනි ලක්ෂණ ඇති වන්නේ නම් මනෝ වෛද්‍යවරයකු හමුවීම සුදුසුයි.


wadagathnm rep karanna:)
 

signshop

Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    කිරියේ බාගෙකට වගේ ඔය මොලේ කොටස් වලට හානි වෙලා බන් තියෙන්නේ :lol: REP+
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කිරියේ බාගෙකට වගේ ඔය මොලේ කොටස් වලට හානි වෙලා බන් තියෙන්නේ :lol: REP+

    :lol::lol::rofl::rofl::lol::lol:

    ඉතුරු බගෙටත් හානිවෙමින් තියෙන්නේ මේකේ දාන අසහන ට්‍රේඩ් දැකල :P