ඔබ අන්සතු ලඳක් කියා ඇයි මට කීවේ...

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඔබ අන්සතු ලඳක් කියා ඇයි මට කීවේ...

    මල්කී ඔයා ඇයි මට ඔය වගක් හැන්ගුවේ මෙච්චර කල්..
    ඔයා ලංකාවේ නැති අතරේ වෙච්ච හැම දෙයක්ම ඔයාට කිව්වනං ඔයාගේ ඉගෙනීමේ වැඩ නැවතෙයි කියලා මම මොකුත් කිව්වේ නැත්තේ සහන්...
    ඔයා දන්නවනේ මම මේ හැම දෙයක්ම කරේ ඔයා නිසා කියලා මල්කී එහෙම එකේ ඇයි ඔයා මට ඇත්ත නොකිව්වේ....
    ඇත්ත කිව්වේ නැත්තේ ඇයි කියලා මම දැං කිව්වනේ සහන් ...අම්මා එනවා මම කෝල් එක කට් කරනවා..
    මල්කී අපිට කවදාවත් ආයි එකතුවෙන්න බැරිද...
    මම තියනවා බායි...

    මචං පහුගිය දේවල් කල්පනා කරලා වැඩක් නෑ දැං...
    දැං මේදේට මූන දීපං දෙමව්පියන්ගේ මූනේ දැලි ගාන්නේ නැතුව...
    මම කොහොමද බං මල්කිව අමතක කරන්නේ...
    දැං ඒවා කථා කරන්න කාලයක් නෙමෙයිනේ බං වෙලාව හරි පෝරුවේ චාරිත්‍ර වලට...
    මම යනවා අනික් වැඩ ටික බලන්න...

    "සුභ ප්‍රාර්ථනා කියමන්
    මා වටකර හතර දිගින් ගිලිහෙන මුත් මුවට මුවින්
    ඔබේ මුවින් නැති පැතුමන්
    මට නැත අගනේ......"

    වැඩේ ලස්සනට යනවා ටිකක් හිනාවෙලා ඉඳපං බං....
    උඹල නං කියයි මම නේ බං දුක දන්නේ..
    යකෝ හැමෝම උඹ දිහා බලං ඉන්නේ ගෑනි මැරිලා වගේ නැතුව හිනාවෙලා ඉඳපං මං යනවා ඉස්සරහට...


    "මා ඈ කර මාල බඳින්නේ
    ඔබෙ නෙත් තරු ‍රැදී දිලෙන්නේ
    මා ඈ ගත සළු පලදන්නේ
    ඔබෙ නෙත් අග කදුළු ‍රැදෙන්නේ
    ගිගුම් හඬින් මගුල් සිලෝ
    පෝරුව දෙදරයි......"


    මට මල්කිගේ මූන දිහා බලගෙන ඉන්න බෑ බං..
    අපි කාටවත් උඹලගේ අම්මා තාත්තගේ මූන බලන්න බැරිවෙනවා උඹ ඕක කරානං පිස්සු නැතුව ඉඳිං බං..
    ඒකි ඔය ඉන්නේ බං අම්මල එක්ක..උඹනේ මේ මැරෙන්න හදන්නේ..
    මාමා නැන්දා එක්ක නැතුව කවුරු එක්ක ඒකි ඉන්නද බං...
    මේ ඕවා කථාකරන්න වෙලාවක් නෙමේ බං...නෑනා මස්සිනාලා කසාද බැන්දේ ඉස්සර..ඒවයේ ඵල විපාක උඹගේ ඔය මහ ලොකු කොම්පියුටර් විහාගෙට ඉගැන්නුවේ නැති උනාට නෙට් එකේවත් දැක්කේ නැද්ද..
    ඒවා ඇත්ත බං මට හිත හදාගන්න බෑ ඒඋනාට..

    "මධුසමයට මගට බසින්නේ
    ඔබේ නෙත් පෙර මහ හමුවන්නේ
    රහසින් බැඳි පෙම සිහිවන්නේ
    අප මින් මතු නැත හමුවන්නේ
    ඔබ අන්සතු ලඳක් කියා ඇයි මට කීවේ..."

    හරි මචං එහෙනං අපි හොටේල් එකට එන්නං උඹ හෙටනේ ෆ්ලයි කරන්නේ..
    හරි මචං එහෙනං කට්ටියම වරෙල්ලා...හෙට හවසට අපි යනවා බං..ආයි කවදාවත් ලංකාවට නෝඑන්න හිත හදාගත්තා බං...
    හරි හරි ලංකාවට ආවේ නැති උනාට කමක් නෑ..දැං නෙත්මී එක්ක සතුටින් ඉඳපං ඔය මනස්ගාත නැතුව..
    මචං මට එකදේකට උත්තරයක් ඕනේ බං..
    ඒපාර මොකක්ද..මේ වෙඩිම අස්සේ මනමාලයෙක් කරන වැඩද බං..අනික උඹලගේ අම්මලා දැනගත්තොත් අපිත් ඉඳලා ඉවරයි..
    මල්කිට එක විනාඩියකට කථාකරන්න සෙට් කරලා දියං...
    ඉඳපං උඹලා නිසා අපෙත් කාඩ් කුඩු.දෙවනි මනමාලයා මැරුං කයි කියලා පත්තරෙත් යයි බං..
    ඉඳපං බලන්න..

    මල්කී ඔයා ලස්සනයි ඔය සාරියට...
    කෝ නෙත්මී අක්කී රූම් එකේද...
    මට එක දේකට උත්තර දෙන්න මල්කී..ඇයි ඔයා මට බොරු කිව්වේ..
    සහන් මම බොරු කිව්වේ අපි දෙන්නගේම හොඳට.දැං ඕවා අමතක කරලා හොඳින් ඉන්න..
    ඔයාට එහෙම කරන්න පුළුවන්ද මලිකී..මට නං හිතාගන්නවත් බෑ..
    ආ නෙත්මී අක්කී ...ඔක්කොම හරි නේද එහෙනං අපි යමු පහලට කට්ටිය බලං ඉන්නවා ගොයිනවේ එකට...
    යමු සහන් අයියේ...කෝ අසේල අයියා....


    උපුටා ගැනීම obanodutulowak.blogspot.com
     
    Last edited: