ඔබ ඔබට ආදරෙයිද

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ඔබ ඔබට ආදරෙයිද

ඔබ ඔබට ආදරෙයිද​

attachment.php

ජීවිතය සොඳුරුය .. ඒ සොඳුරු ජීවිතය පුරා සතුටින් ජිවත් වීම සඳහා ලොව සියළුවම සත්වයෝ ගන්න උත්සාහයත් වෙර විර්යත් ඊට වඩා සොඳුරුය. ඒ අනුව ජීවිතය විඳවන්නට නොව නිරන්තරයෙන් විඳින්නට අපි සියල්ලෝම අපට කල හැකි සියල්ලක් කරන්නෙමු. ඒ අප ජිවිතයට ආදරය කරන නිසාය. දුක වේදනාව විඳදරාගනිමින් කුසගින්න දාහය සිතල විඳදරාගනිමින් ජීවිතය හමුවට බාහිරින් පැමිණෙන නින්දා ප්‍රශංසා යස අයස ආදී අටලෝ දහම මධ්‍යස්තව විඳදරා ගනිමින් ..සාර්ථකව ජීවිතය මුහුණු දෙන සියල්ලන්ගේම ජිවිත හැල හැප්පීම් මත නොවැටී ගලන ගංගාවකටත් වඩා සොඳුරුය. අපි ඔවුන්ට සොඳුරු මිනිසුන් යයි කියන්නෙමු. ..වාසනාවන්ත මිනිසුන් යයි කියන්නෙමු.

එහෙත් ඒ වාසනාවන්ත සොඳුරු මිනිසුන් අතර අවාසනාවන්ත අඳුරු මිනිසුන්ද සුළුතරයක් සිටිති. ඒ ජීවිතය හමුවට පැමිණෙන එක සුළු සිද්ධියකින් පවා ජීවිතය කලකිරී සියදිවි නසා ගන්නා මෝඩයින්ය. අපේ රටේ එවන් මොඩයින් වැඩි පිරිසක් නියෝජනය කරන්නේ තරුණ හා යොවුන් පරපුරය. එය සමස්ත ජාතියේම අවාසනාවක් යයි කියමනාය .
ආදරය අහිමි වූන තැන අනුනට රිදවන්නට සිය ජීවිතය රේල් පිල්ලකට ලණු තොන්ඩුවකට හෝ වස බෝතලයකට බිලි දෙන්නට තරම් බාල අදහස් ඇති ..ජිවිතයට මුහුණ දෙන්නට සවියක් නැති එවැනි අයෙකු අහිමි වීමෙන් කිසිවෙකුට රිදෙන්නේ නැති බව මුලින්ම කිව යුතුය. එවන්නෙකු තම ජිවිතයෙන් පලා යාම පිලිබදව ආදරය කල කිසිවෙකු පසුතැවෙන්නේ නැති බව නිසැකය.

මවු කුසට පැමිණි මොහොතේ පටන් තම දරුවන් වෙනුවෙන් ජිවිතයේ සියලු දේ කැප කල මවුපියන් පවා අමතක කොට ජිවිතයේ එක කාලපරිච්චේදයක හමු වූ අයෙකු අහිමි වීම නිසා සිය දිවි නසා ගන්න බොහෝ දෙනෙක් ඒ ඔස්සේ බලාපොරොත්තු වන්නේ මතු ආත්මයකදී හෝ හැර ගිය පෙම්වතා / පෙම්වතිය හා එකතු වන්නටය. එහෙත් තම ජිවිතයට ආදරයක් නැතිව සිය දිවි නසා ගන්නා කිසිවෙකුට ඊලග අයපත් ආත්මයක් හිමිවන්නේ නැත. බුදු දහමට අනුව නම් අවුනට හිමි වන්නේ කල්ප ගණනාවක් දුක් විදින්නට සිදුවන ප්‍රේත අත්මයන්ය.
තවත් සමහරු සියදිවි නසා ගැනීමෙන් තම ආදරවන්තයා හෝ ආදරවන්තිය තුල වීරයෙක් වන්නට උත්සහ කරති. ඒ සඳහා කරලිය පැමිණ ඇති සෙල්ෆි මෙනියාවද හවුල් කරගන්න ඔවුන් මෝඩ ක්‍රියාව වීර ක්‍රියාවක් ලෙස සමාජ ජාල ඔස්සේ සියල්ලන්ටම නරඹන්නට ද අවකාශ සලසමින් අන්තර්ජාලයට මුදා හරිති. එවැනි මෝඩ ක්‍රියාවකට අනුකම්පා කරනු මිස අනේ අපොයි කියන්නට හෝ බුද්ධිමත් කිසිවෙකු ඉදිරිපත් වන්නේ නැත. අතීතයේ මෙය නුගත් අය අතර බහුලව තිබුනත් දැන් එය උගත් සිසු දරුවන්ටද බෝවෙමින් තිබේ. හේතුව ඔවුන් උගත් වුවද බුද්ධිමත් නොවන නිසාය.
ඉතින් තත්වය එසේ නම් අප දැන් බරපතල ගැටලුවකට මුහුණ පාමින් සිටින්නෙමු. ඒ හෙට රට භාර ගන්නට සිටින්නේ තමාටත් ආදරය නොකරන , ජිවිතයට මුහුණ දෙන්නට ශක්තියක් නැති මන්දබුද්ධික දරු පිරිසකටය. එවැන්නන්ට ජීවිතය පිළිබද අවබෝධයක් නොමැත. ජිවිතයට මුහුණ දීමේදී හමුවන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා ශක්තියක්ද නොමැත. ඒ සඳහා පවතින අධ්‍යාපන ක්‍රමයද වෙනස් විය යුතුය. ඒ පොත පතේ දැනුම පමණක් නොව ප්‍රයෝගික දැනුමද එකතු කරමිනි. ජිවිතයේ ප්‍රයෝගික අත්දැකීම් ලබාගන්න දරුවා බෙල්ලෙන් අල්ල පොලවේ ගැසුවත් නැවත නැගීසිටීමට උත්සහ දරනු ඇත.

ඔබත් ජීවිතය දිනන දරුවෙකු වන්න. ජීවිතය විදින්න ඉගෙන ගන්න. එවැනි දරුවන් රටටත් තමන්ටත් ආදරය කරන වාසනාවන්ත දරුවන්ය.


source http://thewoman.lk/love-yourself/
 

Attachments

  • M7RQMLNHLZE4DHHSF5GGVV7AKE.jpg
    M7RQMLNHLZE4DHHSF5GGVV7AKE.jpg
    63.6 KB · Views: 59