ඔබ ඔබේ ම පහන වන්න

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබ ඔබේ ම පහන වන්න

    අධිනීතිඥ ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ

    Healing_Hands_Larger_1.jpg


    රුමයක්ය මේ ලෝකය
    කිසිවක් වැටහෙන්නේ නැත
    රොනට විසිර ගිය බිඟු දැල්
    ආපසු පැමිණෙති රෑ කල
    මල් මකරන්දය ගෙනැවිත්
    පුරවති මී වද සිතු ලෙද
    හිරු දෙවි නැඟ එන මොහොතට
    නැති නම් හිරු නැගුණු පසුව
    මල්ගොමු ඇහැරෙයි සිතු ලෙද
    මේ නිදහස මේ සහනය
    ඇයි දෙවියනි නැත්තෙ අපට
    අලුත් අලුත් කිස තවරා
    ඇයි අප සාමය බිඳින්නෙ
    සියොතුන් වපුරන්නේ නැත
    නෙළන්නේද නැත අස්වනු
    එහෙත් උන්ට දවල් රෑට
    කන්ඩ ලැබෙයි ඇති පදමට
    ඇඳුම් අඳීන්නේ නැතුවට
    මල් හිනැහෙයි බොහොම රුවට
    නැත්තෙය අක් මුල් මිනිහට
    ඔහු බැඳ නැත එක තැනකට
    නොසන්සුන්ය සදාකල්ම
    නැත්තෙය රීතියක් වැඩට
    ඔහු සරනා මේ මිහි මත
    තමන්ට කියලා නිවෙසක්
    ඇති වග නම් ඔහු දන්නෙය
    බොහෝ දුරය ඒ ඉසවුව
    එහෙත් ගෙදර යන්ඩ පාර
    මේ මිනිහා දන්නෙ නැතිය
    තට්ටු කරයි හැම දොරටම
    හසර නොදැන මංමුළාව
    ලොව ගස්ගල්වලට තිබෙන
    නිනවුව නැත මේ මිනිහට
    මැවු පසු දෙවියන් ලෝකය
    නියම කළේ කැරකෙන්නට
    ඒ චලනය නවත්වන්ඩ
    උන්වහන්සෙ දන්නෙ නැතිය

    ඉහත සඳහන් කළ කවිය, තරමක් අමුතු බව ඔබට සිතෙන්නට ඇත. ඒ කාරණය සම්බන්ධයෙන් ඔබ සමඟ එකඟ වනවා හැරෙන්නට, කළ හැකි අන් කිසිවක් මට ඇත්තේ නැත.

    ඇත්තට ම ඒ කවිය අමුතු ය. ඒ අමුත්ත ඇත්තේ කොතැන ද? මේ කවිය, මේ මොහොතෙහි අපගේ සමාජයට හරියටම ගැළපෙන නිර්මාණයකැයිද ඇතැම් විට ඔබට සිතෙන්නට ඇත. කවියා කතා කරන්නේ, ඉතා වේගයෙන් කරකැවෙන, අතිශයින් චංචල, අතිශයින්ම සංකීර්ණ අපගේ වටාපිටාව ගැන නොවේද? අපේම සමාජය ගැන නොවේද? එසේ සිතන ඔබ සමඟ යළිත් මම එකඟ වෙමි.


    එහෙත් මෙම ඉසවුවේදී ඔබට හෙළි කරන්නට පුංචි රහසක් මා සතුව ඇත. අද සමාජයට හරියන මේ ‘නවීන කවිය’ ලියා ඇත්තේ, අඩුම වශයෙන් මීට අවුරුදු තුන්සිය ගණනකටත් පෙරය.

    කවිය ලියා ඇත්තේ ද අපේ කෙනකු විසින් නොවේ. මේ කවියා ක්‍රි.ව. 1622ත් 1695ත් අතර ජීවත් වූ හෙන්රි වෝගන් (
    Henry Vaugan) නමැති ඉංගිරිසි ජාතික කවියාය. මිනිහා හෙවත් MAN යන හිසින් වෝගන් විසින් ලියන ලද ඒ මහරු කවියට, කොතෙක් විවරණ කළත් මදිය. ‘සිඳිත මඬිත එක ලෙස සුවඳ පතුරන’ සඳුන් අරටුවක් සේ, එහි අර්ථ සුගන්ධයට නිමක් ඇත්තේ නැත.

    ඇත්තට ම අපේ මේ ලෝකය මොන තරම් අරුම පුදුමද? අප ගැනම, අපේ ජීවිතවල අරමුණ ගැනම, සිතන්නට කොයි තරම් නම් දේවල් තිබේද? අප දෙසම ආපසු බලා, අපට කොතෙක් නම් සකස් වන්නට සිදු වී තිබේද?

    වෝගන් කවියා කියන පරිදිම, හිරු දෙවි නැඟ එන මොහොතේ මල්ගොමු සිතූ ලෙද ඇහැරෙයි. ඇදුම් අඳින්නේ නැතිවද, මල් බොහොම රුවට හිනැහෙයි. වපුරන්නේ නැතත්, නෙළන්නේ නැතත්, සියොතුන්ට ඇති පදමට කන්ඩ ලැබෙයි.

    ඒ උන්ගේ ලෝකයයි. එහෙත් අපේ ලෝකය, මිනිසුන්ගේ ලෝකය, ඊට වඩා වෙනස්ය. අපේ ලෝකයේ මිනිසා ගෙදර යන්නට පාර දන්නේ නැතැයි හෙන්රි වෝගන් කියයි. ඔහු මෙම අපූරු කවි පෙළ අවසන් කරන්නේ බරපතළ ප්‍රකාශයකිනි.

    “මැවු පසු දෙවියන් ලෝකය
    නියම කළේ කැරකෙන්නට
    ඒ චලනය නවත්වන්ඩ
    උන්වහන්සෙ දන්නෙ නැතිය”

    ඇත්තටම අපේ ලෝකයට සිදු වී ඇත්තේ ඒ ටික නොවේද? අද අපි චලනය වෙමින් සිටිමු; භ්‍රමණය වෙමින් සිටිමු. එසේ චලනය වන්නේත්, භ්‍රමණය වන්නේත් කුමක් නිසාදැයි අපි නොදනිමු. ඒ අතර යට කී චලනයත් භ්‍රමණයත් නවත්වාගන්නා හැටිද අපි නොදනිමු. සිංහලට හුරු නුහුරු කටහඬින් මොහිදීන් බෙග් ගැයූ ගීතයේ කියන ලද දේ ඇත්ත නොවේද?

    “දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි!”

    මෙතැනට අදාළ ඒ මුල් පාදය ගෙනහැර දැක්වූ පසුව, එහි දෙවැනි පාදයද මතකයට නැෙඟනු වළක්වනු බැරිය.

    “පහන ළඟයි, ආලෝකෙ දුරයි...”

    ඇත්ත නොවේද? පහන ළඟම ඇතත්, ඒ ළඟ පැතිර ඇත්තේ අඳුරය. ආලෝකය බොහෝ දුරය. මේ නම්, අරුම පුදුම තත්ත්වයක් නොවේද? මෙම සාකච්ඡාවේ වැදගත් ඉසවුවකට දැන් අපි පැමිණ සිටිමු. අප මේ මොහොතේ කතා කරන්නේ පහනක් ගැනය.

    ඇත්තටම, අපි දැන් අඳුරින් එළියට පැමිණෙමින් සිටින්නේ පහනක් දැල්වෙන තැනකට නොවේද?

    කුමන ආශ්චර්යයක්ද?

    පහන්ද වර්ග දෙකක් ඇති බැව්, ඔබට ඇතැම් විට කල්පනා නොවූවා වන්නට පුළුවන. එසේය. පහන් දෙවගකි. ඒ, නිවුණු පහන් සහ දැල්වුණු පහන්ය. ඒ දෙවගෙන් මෙතැනට අදාළ වන්නෙ, දැල්වුණු, දැල්වුණු පසුව තවමත් දැල්වෙන පහනකි. අපගේ විෂයය දැල්වෙන පහනක් නම්, එහි අරමුණත් අරුතත් ආලෝකය බැව් අමුතුවෙන් කිව යුතු නැත.

    දැන් මම ඔබෙන් අසන ප්‍රශ්නය මෙයයි:

    ඔබ තමා සම කරගැනීමට කැමති උපමාව කුමක්ද?

    ඔබේ පිළිතුර ලැබෙන තුරු බලා නොසිට, තමා සම කරගත යුතු හොඳම උවමක් ඉදිරිපත් කරන්නට මම කැමැත්තෙමි. ඒ උපමාව මගේ නොවෙයි. මනුෂ්‍ය වර්ගයාගේ සභ්‍යත්වය තුළ පහළ වුණු ඉතාම ආශ්චර්යවත් මහා පුරුෂයාණන් වන බුදුහාමුදුරුවන්ගේය. උන්වහන්සේ වදාරන සේක් මෙසේය:

    අත්ත දීපා විහරථ- තමා, තමාට පහනක් කරගෙන ජීවත් වුව මැනව.”

    බුදුහාමුදුරුවන්ගේ ඒ අසිරිමත් වැකිය විවරණය කරන විට පෙනී යන කාරණය නම්, කෙනකුට තමා සම කරගත හැකි උතුම්ම උපමාව පහන හෙවත් ප්‍රදීපය බවය.

    ජගත් නිර්මාතෲන්ට චලනය නවත්වාගන්නට බැරි වුණු මේ ලෝකයෙහි, මොහොතක් නැවතී සිට අප විසින් කල්පනා කළ යුතු වන්නේ එසේ පහනක් වන්නටය.

    ඔබ පහනකට සම විය යුත්තේ, අන් කිසි හේතුවක් නිසා නොව, ඔබේ ජීවිතය ආලෝකයක් කරනු සඳහාය. ආලෝකය. මොන තරම් අසිරිමත් වදනක්ද!

    අපි මෙතෙක් චලනය වූවා මිසක්, භ්‍රමණය වූවා මිසක් මොහොතක් නැවතී, එසේ කරන්නේ කුමක් සඳහාදැයි නොඇසුවෙමු. චලනය වෙමින්, භ්‍රමණය වෙමින්, අප කිසියම් වන්දනා ගමනක යෙදුණු බව ඇත්තකි. එහෙත් අප ගමන් කෙළේ නිනවුවක් ඇතිව නොවේ.

    දැන් ඒ නිනවුව ලබාගත යුතු මොහොත පැමිණ ඇත. ඇත්තටම, අපේ මේ වන්දනා ගමන ආලෝකය දෙසට නොවේද?

    මා මෙතෙක් දුර ඔබ සමඟ පැමිණියේ, ජීවිතය පිළිබඳ ආලෝකයේ ප්‍රතිඥාව දෙන්නට, ඔබ පොලඹවාගනු සඳහාය. එබැවින් ආදරණීය පාඨකය, ආලෝකයක් වන්නට අපි දැන් අදිටන් කරගනිමු.

    විශ්වාස කරන්න. ඔබට ඔබගේම ආලෝකය බවට පත් විය හැකිය. ඒ බැව් පිළිගන්නේ නම්, ජීවිතය කුමන මොහොතක සිට හෝ වෙනස් කළ හැකි බැව්, ඔබට පිළිගන්නට සිදු වනු ඇත.
    ඔබ සමඟ ජීවිතයේ ආලෝකය පිළිබඳව බොහෝ දේවල් මම කතා කළෙමි. දැන් මෙම සටහන අවසන් කළ යුතු මොහොත පැමිණ ඇත.

    එහෙත් ඊට පෙර ඔබට කිව යුතු දෙයක් තිබේ. ඒද, මගේ වචනවලින් නොවේ. ස්වකීය පාද ස්පර්ශයෙන් අපගේ මේ මහ පොළොව ශුද්ධ භූමියක් බවට පත් කළ මහාත්මා ගාන්ධිගේ ඒ වදන් වැළ, මා මුලින් අසා දැනගත්තේ, ඉංගිරිසියෙනි. ඔහුගේ ඒ අමරණීය වදන් පෙළ මෙසේය:


    “Man is the product of his thoughts
    What he thinks, he becomes”


    “මිනිහා තමාගේ චින්තාවන්හි ප්‍රතිඵලය වෙයි. ඔහු සිතන්නේ කුමක්ද, ඔහු ඒ බවට පත් වෙයි.”




    කියවන්න බැරි උනා නම් කියවන්න

    ඔබට වගකිව යුත්තා ඔබ යි!
    හොල්මන් ජය ගත් බුදු පියාණෝ.
    සිත සේදීම.
    ඇත්තෙනුයි බොරුවෙනුයි වැඩ ගැනීම.
    සුව නින්දකට මඟ.
    කලලේ! අපලේ!

    තෙරුවන් සරණ යන හැටි.