ඔබ කලහකාරි අයකු කරන 'මාගරීන්'!

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ඔබ කලහකාරි අයකු කරන 'මාගරීන්'!

    ඔබ කලහකාරි අයකු කරන 'මාගරීන්'!




    මාගරින් ඇත්තෙන් ම ඔබ තුළ කෝපයක් ප‍්‍රචණ්ඩකාරී ගතියක් ඇති කරනවා. ඒවා පාසල් ළමුන්ට කිසිසේත් දිය යුතු දෙයක් නෙවෙයි. අලූත්ම පර්යේෂණ අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා.

    එහි ඇති ‘ට‍්‍රාන්ස් මේද අම්ල’ 'trans fatty acids' නිසයි එහෙම වෙන්නේ. ඒවා විශාල ප‍්‍රමාණයක් මාගරින්වල අඩංගු වෙනවා. මාගරින්වල විතරක් නෙවෙයි, හුඟාක් ක්ෂණික කෑම (කෙටි කෑම) ආදියෙහිත් මිනිසා තුළ කලහකාරී හැඟීම් මතු කරන, සිත් කුපිත කරවන මේ රසායනික සංයෝග බහුලව ඇති බවයි, හෙළි වී තියෙන්නේ.

    පර්යේෂකයන් මේ අධ්‍යයනය සඳහා 945 දෙනකු යොදා ගෙන තියෙනවා. ඒ අයට මාගරින් සමග විවිධ ආහාර වර්ග කෑමට දීලා අඛණ්ඩ විමසුමකට ලක් කරලා තියෙනවා. මේ රසායනිකය විශාල ප‍්‍රමාණයෙන් ආහාරයට ගත් නිතරම ප‍්‍රචණ්ඩ ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා.

    1.JPG
    අලූත්ම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මාගරින්වල බහුලව ඇති රසායනිකය මිනිස් සිත කුපිත කරවන බවයි. පර්යේෂකයන් කියන්නේ ඒ නිසා විශේෂයෙන් ම පාසල් ළමුනට නොදිය යුතු බවයි.
    https://www.blogger.com/null

    පර්යේෂකයන් කියන්නේ පාසල්වලට, සිරගෙවල්වලට මිනිසුන් තුළ ප‍්‍රචණ්ඩකාරී ඇති කරන මාගරින් වැනි ආහාර ඔවුන්ගේ කෑම වට්ටටෝරුවල වැද්ද නොගත යුතු බවයි.

    මේ පිළිබඳව විද්‍යා පර්යේෂණ නිබන්ධන පළ කෙරෙන ‘පීඑල් ඕඑස් වන්’ සඟරාවට අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කළ පර්යේෂක පිරිසේ නායකයා වූ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බියට්රිස් ගෝලම්බ් කියන්නේ, ”අපට සොයා ගත හැකි වුණා, ට්රාන්ස් ෆැටි ඇසිඞ් වැඩි වීමෙන් නිතරම කලහකාරී ගති වැඩි වන බව.”

    ” සිරුරේ ට්රාන්ස් ෆැටි ඇසිඞ් මට්ටම වැඩි වුණාම කලහකාරී හැසිරීම්, ප‍්‍රවේගකාරී සිතුවිලි, ප‍්‍රචණ්ඩකාරී ගති නිරන්තරයෙන් ම ඇති වන බව අපේ පරීක්ෂණයෙන් තහවුරු වුණා. ඒ නිසයි අප ට්රාන්ස් ෆැටි ඇසිඞ් වැඩි ආහාර ගැනීමෙන් වළකින්න කියල යෝජනා කරන්නෙ. එවැනි ට්රාන්ස් ෆැටි ඇසිඞ් වැඩි ආහාර ගන්නා අය අනෙක් අයට හිරිහැරයක් වන ආකාරයෙන් හැසිරීම නොවැළක්විය හැකි දෙයක්.

    මේ රසායනික දැනටමත් සිරුරට අහිතකර බව කවුරුත් දන්නවා. ඒවා නිසා සිරුරේ කොලෙස්ටෙරෝල් මට්ටම වැඩි වෙනවා; ඉන්සියුලින් නිපදවීම වළක්වනවා; ඔක්සිකරණයට බාධා පමුණුවනවා; සිරුරේ දාහය හා ප‍්‍රදාහය යන දෙකම වැඩි කරනවා; හදවත් රෝග ඇති කිරීමටත් බලපානවා.

    ක්ෂණික කෑම සපයන මැක්ඩොනල්ඞ් සමාගම් ජාලය දැනටමත් මේ තත්වය තේරුම් ගෙන ඔවුන්ගේ ආහාර නිෂ්පාදනවල ඇති ට්රාන්ස් මේද අම්ල අවම කර ආහාර නිපදවන්නට කටයුතු යොදා ඇති බව කියන්නට දීර්ඝ ප‍්‍රචාරණ ක‍්‍රියාවලියක් දියත් කර තියෙනවා.

    2.JPG
    මැක්ඩොනල්ඞ් ක්ෂණික ආහාර නිෂ්පාදකයන් ට‍්‍රාන්ස් මේද අම්ල අඩකින් අඩු කළ තෙල් වර්ගයක් දැන් ඔවුන්ගේ අල තීරු බැඳුමට යොදා ගන්නවා.

    කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් මේ ට‍්‍රාන්ස් මේද අම්ල අඩංගු ආහාර පිරිමි හා කාන්තා දෙපක්ෂයේ 945 දෙනකුට ලබා දෙමින් එම මේද අම්ලවල හා ඔවුන්ගේ ප‍්‍රකෝපකාරී සිතිවිලි, අසහනකාරී තත්වයන් අතර ඇති සම්බන්ධය ක‍්‍රමාණුකූලව විමසුමට ලක් කළා.

    ඔවුන්ගේ ජීවිත කාලය තුළ ඇති වූ ප‍්‍රචණ්ඩකාරීත්වයකට හෝ කෝපයට හෝ පත් වූ අවස්ථා පිළිබඳ ව විමසා ඒවා ට‍්‍රාන්ස් මේද අම්ල අඩංගු ආහාර ගන්නා කාලය තුළ දී ඇති වූ තත්වයන් හා සසඳා බැලීමක් ද සිදු කෙරුණා.

    එසේ ම මේ තොරතුරු ලිංගිකත්වය, වයස, අධ්‍යාපන තත්වය අනුව මෙන් ම මද්‍යසාර හා දුම්කොළ නිෂ්පාදන භාවිතය අනුව ද විමසා බැලූ අතර ට‍්‍රාන්ස් මේද අම්ල අඩංගු ආහාර ගන්නා විට මේ ප‍්‍රකෝපකාරී මානසික තත්වයන් විශාල ලෙස වැඩි වන බව තහවුරු කර ගැනීමට පර්යේෂකයන් සමත් වුණා.


    source : malkekulu web