දැනට කාලෙකට කලින් අහපු කතාවක් මේක. සමහරවිට ඔයාලත් අහලා, කියවලා ඇති. කතාව මේකයි.
දවසක් තාත්තෙකුයි පුතෙකුයි ගමනක් යනවා. මේ ගමන යන්නෙ තාත්තා ඉස්සරහින් පුතා පිටිපස්සෙන්. මේ දෙන්න තමන්ගෙ ගමන අතරෙදි එක්තරා කඳු පන්තියක් ලඟින් යනවා. ඒ හරියෙදි පුතාගෙ කකුලෙ කට්ටක් ඇනුනා. එයා බිම වාඩි වුනේ මහ හයියෙන් කෑ ගහ ගෙන. "අම්මෝ....." වැඩි වෙලාවක් ගියෙ නෑ, කඳු පැත්තෙන් මෙයාටත් ඇහුනා අම්මෝ කියලා ශබ්දයක්. පුතාට මේක මොකක් ද වගේ. එයා ඒ සැරේ හයියෙන් කඳු පැත්තට කෑ ගැහුවා "ඔය කව්දෝ..." කියලා. කඳු පැත්තෙනුත් ටික වෙලාවකින් ඔය කව්දෝ කියලා ශබ්දයක් ඇහුනා. අහපු ප්‍රශ්නයට ලැබුන උත්තරේට පුතාට තරහ ගියා. ඒ සැරේ මෙයා ආයිත් කෑ ගැහුවා "බයගුල්ලෙක්" කියලා. මෙන්න කඳු පැත්තෙනුත් ඇහෙනවා ඒකම. මේක පුතාට ප්‍රශ්නයක්. පුතා තාත්තාගෙන් අහනවා "තාත්තෙ මොකක් ද මේ වෙන්නෙ" කියලා. තාත්තා හිනාවෙලා පුතාට කිව්වා "ම් ම් මේක බලන්නකො" කියලා. එහෙම කියලා තාත්තා කඳු පැත්තට හැරිලා කෑ ගැහුවා "ඔබට ස්තූතියි" කියලා. මෙන්න කඳු පැත්තෙනුත් ඇහෙනවා ඔබට ස්තුතියි කියලා. තාත්තා ආයිත් කෑ ගහනවා "ඔයා වීරයෙක්" කියලා. මෙන්න කඳු පැත්තෙනුත් ඒකම ඇහෙනවා. පුතාට පුදුමයි, ඒත් මේ වෙන්නෙ මොකක් ද කියලා තේරුමක් නෑ. ඉතින් තාත්තා එයාට පැහැදිලි කරලා දුන්නා.
"මිනිස්සු මේකට කියන්නෙ දෝංකාරය කියලා පුතා. ඒත් ඇත්තටම කිව්වොත් මේ තමයි ජීවිතය. ඔයා කරන්නෙ කියන්නෙ මොනා ද ජීවිතෙත් ඔයාට ඒ දේවල් ආපහු දෙනවා. අපේ ජීවිතේ කියන්නෙ අපි කරන දේවල්වල පිලිඹිඹුවක්. ඔයාට ඕනා කරන්නෙ සතුට නම් ඔයාගේ හිත ඇතුලෙ සතුට ඇති කර ගන්න. ඔයාට ඕනා ආදරේ නම් හිත ආදරෙන් පුරවගන්න. ඔයාගෙ කණ්ඩායමෙන් වැඩි වැඩක් කරන්න ඕනා නම් ඔයා වැඩියෙන් වැඩ කරන්න. මේක හැමදේටම අදාළ වෙනවා. ජීවිතේටත් එහෙමයි. ජීවිතේ දෝංකාරය. ඔයා ලෝකෙට දෙන්නෙ මොනවද, ජීවිතේ ඒ සේරම ආපහු දෙනවා."
ඉතින් ඔයාලත් සමහරවිට මේ දෝංකාරය අහලා ඇති. හැබැයි මේ කතාවෙ වගේ ඒක දැකලා නැතුව ඇති. හිතන්න ඔබ කියන්නෙ ඔබේ රූපයම නොවෙයි, ඔබ කරන කියන දේ. ඔබ කරන කියන දේ ඔබේ පසු පසම එනවා. නිතරම කේන්තියෙන් ඉන්න කෙනා ලබන්නෙ පීඩාව විතරයි. ඒ වගේම නිතරම හිනාවෙන් ඉන්න කෙනා ලබන්නෙත් හිනාව. හරියට දෝංකාරය වගේ.