තව සීන් එකක් මතක් උනා. මම 9 වසරෙදී විතර සල්පිලක් කියන්නේ මොකද්ද කියලා දැකලා තිබුනේ නැහැ. රෑ ඇහෙනවා සල්පිලේ සද්දේ කවි එහෙම කියලා ඇවරයි,දෙඇවරයි කියලා බඩු දෙනවා.. මට ඔක බලන්ඩ මාරම ආසාවක ආවා.ගෙදරට හොරෙන් මගෙ යාළුවටත් එන්ඩ කියලා අපි පැන්නා සල්පිලට මඩ ජරාව ගාගෙන වෙලක් දිගේ...
පස්සේ අපි සල්පිලේ අන්තිම පේලියේ ඉඳගෙන ටික වෙලාවක් බලාගෙන හිටියා. ඉස්සරාට යන්න බැහැ කලිසමේ, කමිසවල මඩ. ගමේ සැහෙන සෙනගක් ඇවිල්ලා සල්පිලට. ටික වෙලාවක් ගියාම සල්පිලේ එකා මොනවා හරි විකුණන්ඩ කවියක් එහෙම කියලා පටන් ගත්තාම. ඇවරයි. රු50 කියලා ඉන්න කොට අපි පිටි පස්සේ ඉදලා බොරුවට ලක්ෂයයි. කෝටියයි එහෙම කියලා කෑ ගහනවා....
කොහොම හරි සල්පිලේ පොරට ඒකට හොඳටම මල. මේක විහිලුවකට ගන්න එපා කියලා තදින් අවවාදකරා. මිනිහට හොයාගන්න බැහැ කවුද කෑගහන්නේ කියලා.
අලුවා පාර්සලයකට මම 85000/= කියලා කෑගැහුවා.. පස්සේ පොර මයික් එක ඇරගෙන. _ _ _ _ _ ගෙදර _ _ _ _ _ ළමයායි. _ _ _ _ ගෙදර _ _ _ _ ළමයායි බොරුවට ලංසුතියෙනවා. අපිට මේ වැඩේ කරගන්න දෙන්නේත් නෑ. දෙමව් පියන්ගේ නම්බුවවත් ආරක්ෂාකරන්න කියලා කියලා මුලු ගමටම ඇහෙන්ඩ කිව්වා...