ඔබ දන්නවාද ?

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
බස් රථ
සාමාන්යයෙන් ලංකා අශෝක් ලේලන්ඩ් බසයක , එක ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 5 කට වඩා මගීන් සහිතව ධාවනය කලහැකිය. බසයක් ධාවනය වන ඕනෑම මොහොතකදී, සාමාන්යයෙන් මගීන් 20 කට වඩා සිටී. එසේනම්, ඉන්ධන මිලෙහි වැඩිවන සෑම රුපියලකටම, බස් ගාස්තුව උපරිමයක් ලෙස වැඩිවියයුත්තේ (රු 1/(20X5), එනම් රු. 0.01, නොහොත් කිලෝමීටරයකට ශත එකක් පමණකි. බස්රථ හිමියන් අදදින සහ අතීතයේ නොයෙක් අවස්ථාවලදීත් වර්ජන සදහා පෙළබුනේ, මෙම පාඩුව දරාගත නොහැකිවද? "Customer is the King" යන්නෙහි දැක්වෙන රජතුමාව, මහපාරේ අතරමංකලේ, මෙම ශත 1, නොලැබූ නිසාද?
වෙනත් අයුරකින් පවසනවානම්, කිලෝමීටර් 20 කට (කොට්ටාවේ සිට පිටකොටුව දක්වා) බස් ගාස්තුව වැඩිවියයුත්තේ ශත 20 කිනි. එනම් වර්තමාන ගාස්තුවවන රු 30, වැඩිවියයුත්තේ රු 30.20 ක් දක්වා පමණකි.
අපි ප්රවාහන අමාත්යාශය දෙස බලා සිටිමු.

ත්රීවිලර්
සාමාන්යයෙන් ත්රීවිලර් අතරින් වැඩිම ඉන්ධන ප්රමාණයක් වැයවන්නේ බජාජ් ත්රිවිලර්වලවේ. ඉන්ධන ලීටරයකට එම ත්රිවිලරයක්ද, අවම වශයෙන් කිලෝමීටර් 22ක් ධාවනය කලහැකිවේ.
එසේනම්, ඉන්ධන මිලෙහි වැඩිවන සෑම රුපියලකටම, ත්රීවිලර් ගාස්තුව එක කිලෝමීටරයක් සදහා, උපරිමයක් ලෙස වැඩිවියයුත්තේ (රු 1/(X22), එනම් රු. 0.045, එනම් දළවශයෙන් ශත පහක් පමණකි.
ඉන්ධන මිල රු 10 ක් වැඩිවුයේනම්, ත්රීවිලර් ගාස්තුව වැඩිවියයුත්තේ, එක කිලෝමීටරයක් සදහා, උපරිමයක් ලෙස වැඩිවියයුත්තේ සත 45ත් 50ත් අතර ප්රමාණයකිනි.
එය එසේ සිදුවන්නේද? ඔබ මහන්සියෙන් උපයා ගන්නා මුදල්, අසාධාරණ ලෙස, ත්රීවිලර් ධාවනය කරන්නන්හට යුතු ලෙස ලබාගන්නට දෙනවාදැයි තීරණය කලයුත්තේ ඔබයි.
තවද, ලංකාවේ ත්රිවිලරයක් සාමානයෙන් මාසයකට කිලෝමීටර් 4000 ක් අවම වශයෙන් ධාවනය වන බවත්, කිලෝමීටරයකට රු 30 ක් අයකලත්, ඔවුන්ගේ ශුද්ධ ලාභය, රු 45,000 ඉක්මවන බවත් ඔබ දන්නවාද?
නමුත්, බොහෝ ත්රීවිලර් රියදුරන් මත්පානය වැනිදැයට හුරුවීම නිසා, එම මුදල් අවසානයේ නතරවන්නේ, ශ්රී ලාංකීය සමාජයට විනකටින තැබෑරුම් කරුවන් ලගබවත් ඔබ දන්නවාද?