ඔබ දුප්පත් ද පොහොසත් ද?

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    Kaveesha Nadun Kaggodaarachchi​

    ඔබ දුප්පත් ද පොහොසත් ද?​

    "මගේ දියණියට දිළිඳු පුද්ගලයෙක් හා විවාහ වෙන්නට බැහැ" එසේ පවසන්නේ ලොව අංක එකේ ධනවතෙකු වෙන බිල් ගේට්ස්.​

    මීට වසර කිහිපයකට පෙර එක්සත් ජනපදයේ පැවති මූල්‍ය ආයෝජන ගැන සම්මන්ත්‍රණයක දී එහි ආරාධිත කථිකයෙක් ලෙස සහභාගී වූ බිල් ගේට්ස්ගෙන් කෙනෙක් ඇසුවේ හාස්‍යයජනක ප්‍රශ්නයක්.​

    ඒ තමයි, ලෝකයේ ධනවත්ම මිනිසා වෙන ඔහු, තම දියණිය දිළිඳු, සාමාන්‍යය කෙනෙක් හා විවාහවීම පිළිගන්නවා ද කියලා.​

    ඔහුගේ පිළිතුර සෑම කෙනෙක් තුළම විශේෂ වෙනසක් ඇතිකරන්නට හේතු වුනා.​

    බිල් -​

    මුලින්ම තේරුම්ගන්න ඕනේ දේ තමයි ධනය කියන්නේ ලොකු බැංකු ගිණුමක් නෙමෙයි කියන එක. ධනය කියන්නේ මූලිකවම ධනය නිපදවන්න ඇති හැකියාව.​

    උදාහරණයකට ලොතරැයි දිනුමක් හරි සූදුවෙන් හරි ලොකු මුදලක් දිනන කෙනෙක් ගන්න. ඔහු මිලියන 100 ක් දිනුවත් ධනවතෙක් නෙමෙයි: ඔහු මුදල් ගොඩක් ඇති දුප්පතෙක්. මේ නිසා තමයි ලොතරැයි දිනුම් හිමියන්ගෙන් 90% ක්ම ඉන් වසර පහක් ඇතුලත කඩා වැටුන ආර්ථිකයක⁣ට හිමිකම් කියන්නේ.​

    තව ඉන්නවා ධනවත් මිනිස්සු. හැබැයි ඔවුන්ට මුදල් නැහැ.​

    හොඳම උදාහරණ තමයි බහුතරයක් ව්‍යවසායකයෝ. ඔවුන් දැනටමත් ධනයට පාර හොයාගෙන ඉන්න අය. මුදල් නැතත් ඔවුන් මූල්‍යය දැනුමෙන් පොහොසත්. අන්න ඒකයි ⁣නියම ධනවත් බව කියන්නේ.​

    එතකොට ධනවතා සහ දිළින්ඳා එකිනෙකාගෙන් වෙනස්වෙන්නේ කොහොමද?​

    සරලවම ධනවතා ධනවත්වීම සඳහා මියයන්නට සූදානම් අතරේ දුප්පතා ධනවත්වීමට මිනීමරන්නට සූදානම්.​

    අලුත් දේවල් ඉගෙනගන්න, පුහුණුවෙන්න, නිරන්තරයෙන් තමන්ව වැඩි දියුණු කරන්න උත්සාහ කරන තරුණ කෙනෙක් දුටුවාම - විශ්වාස කරන්න, ඔබ ඒ දකින්නේ ධනවතෙක්.​

    රජයට බැන බැන, සියලු ධනවත්තු හොරු යැයි කියමින් වටේම ඉන්නා අයට දොස්දෙවොල් තබන තරුණ පුද්ගලයෙක් එහි අනිත් පැත්ත! ඔහු දිළින්දෙක්.​

    විධිමත් තොරතුරු සහ පුහුණුව තමන්ව ඉහළට නංවන බව ධනවතා හිතන අතරේ දුප්පතා හිතන්නේ ඔහුට ඉහළ යන්න නම් අනිත් අය ඔහුට ඒවා සැපයිය යුතු බවයි.​

    ඉතින්, මගේ දුව දිළින්ඳෙක් හා විවාහ වෙන එකට මම අකැමැති වෙන්නේ කිසිසේත්ම මුදල් නිසා නෙමෙයි. මම කතාකරන්නේ ධනය නිපදවන්න ඔහු තුල ඇති හැකියාව ගැනයි.​

    මෙහෙම කියනවාට සමාවෙන්න. ඒත් ගොඩක් අපරාධකරුවෝ දුප්පතුන්. මුදල් ඉදිරියේ ඔවුන් උමතු වෙනවා. ඒ නිසා තමයි ඔවුන් හොරකමට පෙළඹෙන්නේ. ඔවුන්ට එය පුදුම සතුටක්, ඇයි ඉතින් තමන්ගේ මහන්සියෙන් ධනය උපයන්න ඔවුන් දන්නේ නැහැ නේ!​

    එක දවසක්, බැංකුවක ආරක්ෂක නිළධාරියෙක්ට මුදල් පිරුණු බෑගයක් හම්බවුනා. ඔහු ඒක බැංකු කළමනාකරුට භාරදුන්නා.​

    ගොඩක් අය ඔහු මෝඩයෙක් කියලා හිතුවා. ඒත් ඇත්ත කතාව නම් ඔහු මුදල් අත නැති ධනවතෙක්.​

    ඉන් වසරකට පස්සේ ඔහුට ඒ බැංකුවේම පිළිගැනීමේ නිලධාරියෙක් හැටියට වැඩකරන්න ලැබුණා. තෙවසරකින් ඔහු පාරි⁣භෝගික කළමනාකාර ධුරයටත්, එයිනුදු දස වසරකින් ප්‍රාදේශීය කළමනාකරුවෙක් හැටියටත් සේවානියුක්තිකයින් සිය ගණනක් තමන් යටතේ අපූරුවට කළමනාකරණය කරනවා. දන්නවා ද ඔහුගේ වාර්ෂික බෝනස් මුදලේ අගය? එය ඔහු අර භාරදුන්න මුදල් ප්‍රමාණයට වඩා විශාලයි!​

    ඉතින්, ධනය කියන්නේ නිවැරදිව හිතන මනසට!​

    - newsbreak.ng හි උපුටාගැනීමක සිංහල අනුවර්තනයකි -​