ඔබ පරාජිතයෙකු නොවන බවට ඔබ සිතම දෙන සාක්ෂි 3&#3

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
ඔබ පරාජිතයෙකු නොවන බවට ඔබ සිතම දෙන සාක්ෂි 3&#3

ජයග්‍රහණයත් පරාජයත් අතර ඇත්තේ සිතිවිල්ලක පරතරයකි. ඔබ ඔබ විසින්ම තනා ගත් වැට කඩුළු, සීමා මායිම් , තාප්ප වලින් ඔබ දැනට එක තැන සිරවී පල් වෙමින් පවතී නම්, එම වැට කඩුළු බිඳ ඉන්ද්‍රඛීලයක් සේ නැගිට හමන මාරුතය කෙතරම් චණ්ඩ වුව ඒ සියළු බාධක විනාශකර තමාගේ උතුම් ඌ ජීවන අරමුණ සාක්ෂාත් කරගැනීමට අවැසි ශක්තිය ඔබ තුල පවතින්නාවූ බවට අප සෑම කෙනෙකුගේම හදවත දෙන්නාවූ හෘද සාක්ෂියයි මේ.








01)ඔබ අතීතයේ ජයගෙන ඇත.






ඔබ අතීතයේ යමක් ජයගත් මොහොතක්,යමෙකු ඔබට ප්‍රශංසා කල මොහොතක් හෝ ඔබට ඔබ ගැන ආත්ම අභිමානයක් දැනුනු අවස්ථාවක් ගැන සිතන්න. ඒ අවස්ථාවට සිතින් යන්න. එහිදී ඔබේ සිතට දැනුනු හැගීම්, ඔබෙ හදවතේ ගැස්ම වැඩිවූ අයුරු,අන් අය ඔබ දෙස බලා සිටි අයුරු, එවිට ඔබට දැනුනු අභිමානය, ඔබට ඔබ ගැන දැනුනු සතුට සිතින් විඳින්න. ඔබ කෙතරම් නම් ශක්තිමත්ද? ඔබ තුල කෙතරම් නම් විභවයක් පවතීද? ඔබ කෙතරම් නම් විශේෂද?

ඉතින් දැන් ඔබට දැනෙන්නේ ඔබ පරාජිතයෙකු ලෙස වුවත් එය ඔබේ සැබෑ ස්වරූපය නොවේ. ඔබ ජයග්‍රාහකයෙකි, හුදෙක්ම තාවකාලික සෘනාත්මක සිතිවිල්ලකින් ඔබට ඔබෙ සැබෑ ස්වරූපය සඟවා තිබේ. ඉතින් එවන් සිතිවිල්ලකට යටත් වී දිනන්නටම ඉපදුන ඔබ කෙලෙසක නම් පැරදෙම්ද? සෘනාත්මක සිතිවිලි පසෙකලා අලු දූවිලි ගසා නැගිටින්න... ඔබ ඔබ ලෙස... ඔබේ ජීවන අරමුණ පසක් කරනට.



02)ඔබ වටා තවමත් ආදරය සෙනෙහස පවතී.





ඔබ භෞතිකමය වශයෙන් පරාද වන්නට ඇත. නමුත් ඔබ අභ්‍යන්තරයේ තවමත් ඔබ ගෙනා සාර්ථක වීමට ඇති නොනිමි ආශාවත්, දැඩි අධිෂ්ඨානයත්, අප්‍රහිත ධෛර්යයත් ඔබ තුල තවමත් පවතී. ඒ ලෙසම උපතේ සිටම ඔබ ලග සිටින දෙමාපියන්ද, ඔබ ආදරය කරන ඔබට ලෙන්ගතු බොහෝ දෙනෙක්ද ඔබ වටා සිටි. කුමක් නැති උවත් තවමත් ඔබ චිත්ත සන්ථානයේ සතුට පවතී. ඔවුන් හා කතා බස් කිරීමෙන් ඔබ තුල පවතින සෘණාත්මක ආකල්ප අමතක වී සතුටු හැගීම් පිබිදෙනු ඇත. ඔබට යලි ජීවත්වීමේ ආශාව ඇතිවනු ඇත. මනසින් ඇද වැටී සිටි ඔබ යලි ඇරභීමක් ගැන සිතිය යුතු වෙලාව පැමින ඇත. අතීතයේ කල වැරදි, සිදුවූ අතපසුවීම් වලින් උගත් දේද යොදා ගෙන වඩාත් සාර්ථකවූ කාර්යක නියැලීමට තරම් දැන් ඔබ ශක්තිමත්ය.


03)ඔබටත් වඩා අසරණ මිනිසුන් තව ඕනෑ තරම් ඇත.

naraka+lamay+problems.JPG




වට පිටාව ගැන අවධානය යොමු කරන්න. ඔබටත් වඩා අසරණ මිනිසුන් ඔනෑ තරම් තවමත් ජීවත් වෙයි. ඔවුන් හුස්ම ගනියි. ඔවුන් තිබෙන දෙයක් කා කුස පුරවා ගනියි. ඇදුමක් යැයි පැවසීමට තරම් වත් නොවන රෙද්දකින් විළි වසා ගනියි.නමුත් ඔවුන්ද ජීවත් වෙයි. ඉතින් සැබැවින්ම ඔබට නැති වූ දෙයක් නැති තරම් නේද? එසේ නම් තව දුරටත් අතීතය ගැන සිතමින් කල් ගෙවීම අනුවණ කමක්ම වන්නේය. ඉතින් කුමට නම් ලතැවෙන්නේද? කුමට නම් කාලය නාස්ති කරන්නේද? වරක් දෙවරක් තෙවරක් නොව සිය වරක් හෝ සිතා බලා නව සැලැස්මක් සාදන්න. කුඩාවට අරඹන්න ඉවසීමෙන් කටයුතු කරන්න. සාර්ථකත්වය ඔබ කරා නිසැකවම පැමිණෙනු ඇත.


 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පුදුමයි නේ ඔච්චර හොද දෙයක් නරක ළමයින්ගෙන් ගත්ත එක ගැන.