ඔබ භාවිතා කළ ජංගම දුරකතනය විකිණීමට හෝ වෙන&#350

akila1988

Member
May 11, 2015
138
46
0
ඔබ භාවිතා කළ ජංගම දුරකතනය විකිණීමට හෝ වෙන&#350

01. දුරකතනයේ ඇති දත්ත Backup කරගන්න.


ඔබ ලබාදීමට යන දුරකතනය ඔබ යම් කිසි කාලයක් භාවිතා කලේ නම්, නිසැකවම දුරකතනයේ ඔබට වටිනා දත්ත ගබඩා වී තිබීමට පුලුවන්. Contact Numbers, Messages, Call Log, Photos, Music, Videos වැනි බොහෝ දත්ත, ඔබට යම් දිනක නැවත භාවිතා කිරීමට උවමනා වනු නොඅනුමානයි. නැතහොත් ඔබ මීලඟට ලබාගන්නා දුරකතනයට ඇතුලත් කිරීමට උවමනා වනු නොඅනුමානයි. එහෙයින් ඔබගේ දුරකතනයේ සම්පූර්ණ දත්ත එකතුව, පරිගණකයකට Backup කරගන්න.


02. ඔබ දුරකතනයෙන් Login වී ඇති සේවාවන් සියල්ලෙන්ම Log Out වන්න.

ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන අප සියළුම දෙනා අනිවාර්යයෙන්ම අපගේ Google / Yahoo / Microsoft ගිණුම් වලට Log වී සිටීම සාමාන්‍ය කරුණක්. විශේෂයෙන්ම Android දුරකතනයක් නම් Google ගිණුමටද, Apple දුරකතනයක් නම් Apple store/ID ගිණුමටද, Windows දුරකතනයක් නම් Microsoft Live ගිණුමටද Login වීම දුරකතනයෙන්ම අනිවාර්ය කර ඇති කරුණක්. ඊට අමතරව අප Facebook හා එවැනි බොහෝ ගිණුම් වලට දුරකතනය හරහා සම්බන්ධ වී සිටින්නට පුලුවන්.

ඔබ ඔබගේ දුරකතනය මෙම ගිණුම් වලට Log වී සිටියදීම යම් අයෙකුට ලබාදුනහොත් ඔබට සිදුවන හානිය මැනිය නොහැකි වීමට පුලුවන්. මන්ද දුරකතනය ලබාගන්නා පුද්ගලයාට ඔබගේ සම්පූර්ණ පෞද්ගලිකත්වයම හාරා අවුස්සන්නට ඒ හරහා හැකියාව ලැබේ. එහෙයින් Online ගිණුම් සියල්ලෙන්ම Log out වීම ඉතා වැදගත්.


03. දුරකතනයේ ඇති දත්ත සියල්ල මකා දමන්න.

ඔබගේ කෙටි පණිවිඩ, පෞද්ගලික ඡායාරූප වෙනත් අයෙකු අතට පත් වූවොත් කෙසේද? ඔබගේ පෞද්ගලිකත්වය අහිමි වනවා මෙන්ම වෙනත් ගැටළු වලටද මුහුන දෙන්නට ඔබට සිදු වනු ඇත. එහෙයින් ඔබ ඔබගේ දත්ත Backup කරගත් පසු ඒ සියළුම දත්ත දුරකතනයෙන් මකා දමන්න.


04. දුරකතනයට යොදා ඇති Passwords, Pattern locks, Pin numbers, Reset කරන්න.

දුරකතයට ඔබ Password එකක් යොදන්නේ එහි ආරක්ශාව පිළිබඳව ඔබ සැලකිලිමත් වන නිසායි. ඔබ මෙන්ම ඔබගෙන් දුරකතනය මිළදී ගන්නා පුද්ගලයාද ඒ ආකාරයටම දුරකතනය පිළිබඳ සැලකිලිමත් වනවා. එහෙයින්, දුරකතනය ලබාගන්නා පුද්ගලයාට කැමති ආකාරයේ ආරක්ශිත ක්‍රමයක් භාවිතා කල හැකිවන සේ ඔබ යොදා ඇති Passwords ඉවත් කර, Reset කොට ලබා දෙන්න.


05. දුරකතනය Encrypt කොට Data Wide කර, Factory Reset කරන්න.

ඔබ ඔබගේ දුරකතනය ලබා දෙන පුද්ගලයා කුමන ආකාරයක පුද්ගලයෙකුදැයි ඔබට අනුමාන කල නොහැක. ඔබ ඔබගේ දුරකතනයේ දත්ත මකා දැමුවත් ඒ මකා දැමු ඇතැම් දත්ත නැවත ලබාගැනීමේ තාක්ශනය දැන් තිබේ. දුරකතනයේ දත්ත Encrypt කොට Wipe කලයුත්තේ ඒහෙයිනුයි. දත්ත Encrypt කල පසු ඒවා පහසුවෙන් කියවීමට නොහැකි නිසා, යමෙකු දත්ත නැවත ලබාගත්තද ඒවායෙන් ප්‍රයෝජන ගත නොහැකි වනු ඇත. Factory Reset කිරීම මගින් ඔබගේ දුරකතනය මුල් තත්වයට පත්වන අතර දුරකතනයේ මෙහෙයුම් පද්ධතියේ ඇතැම් දෝශද නිරාකරණය වනු ඇත.

දුරකතනයේ Settings Menu එකෙන් ඔබට මෙම Reset අංග වලට පිවිසීමට පුලුවන්.


06. දුරකතනයෙහි ඇති, ඔබ එක් කල අමතර කොටස් ඉවත් කරන්න.

ඔබ යම් අයෙකුට දුරකතනය ලබාදෙන්නේ නම් පිළිවෙලකට එය ලබාදීම දෙපාර්ශවයටම පහසුවක්. ඔබගේ සිම් කාඩ් පත සහ Memory Chip එක ගලවා ඉවත් කරගන්න. තවද ඔබ අලවා ඇති Stickers, ආරක්ශිත කවර වැනි දෑ ඉවත් කර පිරිසිදුව දුරකතනය ලබාදීමට කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබ අලවා ඇති Screen protector ස්ටිකරය ඔබගේ භාවිතය නිසා සීරී තිබේ නම් එම ස්ටිකරයද ගලවා දුරකතනය ලබා දෙන්න. එවිට දුරකතනයට යම් නව පෙනුමක්ද ලැබේ.


07. අවසාන වශයෙන්, දුරකතනයෙහි උපාංග සියල්ලම සමඟ දුරකතනය ලබා දීමට කාරුණික වන්න.

වර්ථමානයේ බොහෝ දෙනෙකු, දුරකතන විකිණීමේදි අනුගමනය කරන දෙයක් නම්, Charger එක සහ දුරකතනය පමණක් ලබා දීමට කටයුතු කිරීමයි. ඇතැම් විට Charger එකද නොමැති අවස්ථා තිබේ. නමුත් ඔබ දුරකතනයක් යමෙකුට ලබා දෙන විට, ඔබ දුරකතනය ගන්නා විට ලැබුණු අමතර උපාංගද සමඟ සපයන්නේ නම් ඉතා වැදගත්. විශේෂයෙන්ම අඩු තරමේ හැකි නම් Charger එක, Hands-free කට්ටලය සහ දුරකතනයේ බහාළුම (Box එක) වත් ලබා දෙන්නට කටයුතු කරන්න. එවිට ඔබටත්, දුරකතනය මිලදී ගන්නා පුද්ගලයාටත් ගණුදෙනුව පිළිබඳව සෑහීමකට පත්වන්නට පුලුවන්.