ඔබ මගෙයි කියමි රහසේ

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
ඔබ මගෙයි කියමි රහසේ

දුක හිතන්නෙපා සද නැතැයි කියා
හිත් අහස්‌ විලේ තනියේ
මම හෙමින් සැරේ පෙම් හිතට එබී
ඔබ මගෙයි කියමි රහසේ..

ඇස ඇසට හොවා හිත පතුල බලා
ආදරෙයි කීව දවසේ
ඇත්තමයි හදක්‌ පුර හදක්‌ වෙලා
ඔබ පිපුනි මසිත් අහසේ..

මේ සොදුරු සුසුම් පෙම් හිතට බරයි
ජීවිතේ ලගයි මතකේ
මුදු සුවද වෙලා මම හිදිමි ලගින්
ඔබ මලකි මටයි පිපුනේ...