ඔබ යන්න

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    my_bleeding_heart_by_kilroyart-d4t4sgf.jpg




    ඔබ යන්න
    මතක කටු අකුල් ඇමිණී
    නොනැවතී ලේ ගලන
    පර මලින් පිරී ගිය
    හද පුදසුන හැර ලන්න

    ඔබ යන්න
    තනිකමම තනි රැක්ක
    ඒ සොඳුරු අතීතයෙ
    යලිත් මට රජ වෙන්න

    ඔබ යන්න
    ඉරිතැලුණු හදවතට
    පතිත සැඩ හිරු කිරණ
    වළාවෙන් වහගන්න


    ඔබ යන්න
    අහම්බෙන් වත් ඇවිත්
    සිහිනයක දැවටි වත්
    සිත සිදුරු නොකරන්න

    ඔබ යන්න
    මිහිරෙන් රිදුම් දෙන
    අතීතය වලලන්න
    මට ඉඩක් දී යන්න