ඔබ රූපලාවන්‍යාගාරයක්‌ නොව කුණුවෙන සතර මහ ධාතුවක්‌මය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඔබ රූපලාවන්‍යාගාරයක්‌ නොව කුණුවෙන සතර මහ ධාතුවක්‌මය

    කායානුපස්‌සනාව – 6

    මාගන්දියා නමැති බමුණු පවුලේ දියණිය පංචකල්‍යාණියක්‌. ඇයගේ රූපයෙන් ඇය මත්වෙලයි සිටියේ. ඇයගේ බමුණු පියා මාගන්දියා දියණියව බුදුරජාණන්වහන්සේට යෝජනා කරනවා. ඒ අවස්‌ථාවේදී මාගන්දියාගේ රූපය, බුදුරජාණන්වහන්සේ විසින් අශුචි පිරවූ කළයක්‌ හැටියටයි හඳුන්වන්නේ. අශුචි පිරවූ කළයක්‌ පංචකළ්‍යණියක්‌ කොට සිතා සිටි මාගන්දියා, බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛරයක්‌ ඇති කරගන්නවා. රූපය නමැති විනාශ වී යන සතර මහ ධාතුවක්‌ නිසා මාගන්ධියා ලෝකයේ බලවත්ම අකුසලයක්‌ සිදුකරගන්නවා.

    අවසානයේ ඇය උදේනි රජතුමාගේ බිසව බවට පත්වී සාමාවතී බිසව ඇතුළු පිරිවර කාන්තාවන් 500 ක්‌ සිය මාළිගාවට ගිනි තබා මරාදමනවා. මාගන්දියා බිසව සතර මහධාතුවක්‌ මගේ කොට ගැනීම නිසා අවසානයේ නිරයට වැටෙනවා. නිරයේදීත් ඇය බැසගන්නේ සතර මහ ධාතුවකටමයි. අතීත සතර මහ ධාතුව මගේ කොට ගැනීමෙන් සකස්‌ කරගත් අකුසලය නිසා නිරයේදී එයට අදාළ සතර මහ ධාතුව කිපී නිරිසතාගේ සිත වේදනාවට පත්කර අනාගතයට නැවතත් අකුසල් එකතු කර දෙනවා. සතර මහ ධාතුව මගේ කරගැනීමෙන් සකස්‌ කරගන්නා ආශ්වාදයෙන් මතුවෙන ආදීනවය භවයෙන් භවය සතර මහ ධාතුවෙන් යුත් උපතකට අපිව යොමු කරනවා. මෙලොව වශයෙන් රෝහල්වල සිරගෙවල්වල, ගෘහ ජීවිතවල දුක්‌විඳින්නේ සතරමහ ධාතුවේ ආශ්වාදයට බැඳීමේ ආදීනවයන් අත්විඳින පිංවතුන්මය.

    පිංවත් ඔබ ඉහත කාරණා තුළින් සතර මහ ධාතුවේ නිස්‌සාරබව හඳුනාගෙන සතර මහ ධාතුව කෙරෙහි කලකිරීම ඇති කරගන්න. සතර මහා ධාතුව විටෙක මායාවකි, පරස්‌පරයකි, කලකිරීමකි. විටෙක එය ප්‍රසන්නය. තවත් විටෙක එය අප්‍රසන්නය. වරෙක එය සුවඳවත්ය. තවත් වරෙක එය දුර්ගන්ධය. වරෙක එය රසගුලාවක්‌ය. තවත් වරෙක එය අහක බලා ගැනීමට තරම් සිතෙන ධර්මතාවයක්‌ය. මේ වෙනස අපි අත්දකින්නේ සතර මහ ධාතුව මාරයා වන නිසාමයි.

    පිංවත් ඔබ සුදුසු ඉරියව්වකින් දෑස්‌ පියාගෙන ඔබේ රූපය දෙස හොඳින් බලන්න. රූපයේ සංයුතිය දෙස නුවණින් බලන්න. ශරීරයේ තද කොටස්‌ ද්‍රව කොටස්‌, වායුකොටස්‌, උෂ්ණ කොටස්‌ දෙස වෙන් වෙන් වශයෙන් බලන්න. ශරීරය වශයෙන් රූපය වශයෙන් නොව ඉහත කොටස්‌ හතර හැටියට රූපය දකින්න. දැන් ඔබ නුවණින් දකින්නේ දෙතිස්‌ කුණුපයක්‌ නොව සතර මහ ධාතුවක්‌ය. දැන් දෑස්‌ පියාගෙන නුවණින් ඔබ වෙන්කොට දැක්‌ක ශරීරයේ තද කොටස්‌ මනසින් ගලවා බිමට දමන්න. ඔබ ශරීරය තුළින් හඳුනාගත් රුධිරයේ සෙම්, සොටු, ඇතුළු ද්‍රව කොටස්‌ මනසින් තව ගොඩකට දමන්න. දැන් පිංවත් ඔබට ඔබේ ශරීරය අරමුණු වෙන්නේ නැත. මන්ද ඔබ ශරීරය පඨවි ධාතුව වශයෙනුත් ආපෝ ධාතුව වශයෙනුත් ගලවා ගොඩවල් දෙකක්‌ වශයෙන් බිම දමා තිබෙන නිසා. ඔබ දැන් මනෝමය රූපයක්‌ මවාගෙන බිම ඇති පඨවි, ආපෝ ගොඩවල් දෙක දෙස නුවණින් දකින්න. පඨවි, ආපෝ ධාතු ගොඩවල් දෙක තුළින්ම තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් දකින්න දක්‍ෂවෙන්න. කුණුවෙන, නරක්‌වෙන, ගඳගහන නිලමැස්‌සෝ වසාගත් පිළීගඳැති සතර මහ ධාතුවේ ස්‌වභාවය කෙරෙහි කලකිරීම ඇති කරගන්න. මේ විනාශ වෙන සතර මහ ධාතුව මහ පොළවට පරිසරයට මුහුවී නැවතත් ස්‌වභාව ධර්මයටම සතර මහ ධාතුවටම එකතුවෙන හැටි නුවණින් දකින්න. ඔබේ රූපය තුළින් මහ පොළවත් මහ පොළව තුළින් ඔබේ රූපයත් දකින්න. පිංවත් ඔබේ රූපය සතර මහ ධාතුවක්‌ වශයෙන් දකිනවා වගේම අන්‍යයන්ගේ රූපත් සතර මහ ධාතුවක්‌ වශයෙන් දකින්න. දෑස්‌ පියාගෙන මේ මුළු රටේම මනුෂ්‍යයින් තිරිසන් සත්වයින් මහ පොළව මත මැරී කුණුවෙන මළකුණු වශයෙන් දකින්න. ඒ මළකුණු නැවත නැවතත් පරිසරය නැමැති සතර මහ ධාතුවට එකතුවෙන හැටි නුවණින් දකින්න. සතර මහ ධාතුව මගේ කරගත් නිසා සකස්‌ කරගත් සංස්‌කාර හේතුවෙන් එම මළකුණුවලට අදාළ සත්වයින් නැවතත් සතර මහධාතුවකටම බැසගන්න ආකාරය මෙන්ම ලෝකය නැවත නැවත අස්‌වැද්දීමට සතර මහ ධාතුව කෙරෙහි ඇතිකරගන්නා තෘෂ්ණාව හේතුවෙන බවත් නුවණින් දකින්න.

    පිංවත් ඔබට අවශ්‍ය නම්, ඔබ තෘෂ්ණාවෙන් බැඳී ඇති ඔබේ නිවස ඔබේ සුඛෝපභෝගී වාහනය ඇතුළු අජීවී වස්‌තූන්ද සතර මහ ධාතුවක්‌ හැටියට දකිමින් ඒවා කෙරෙහි තෘෂ්ණාව හීනකොට ගන්න පුළුවන්. පිංවත් ඔබේ රූපය නැමති සතරමහධාතුව රූපලාවන්‍යාගාරයක්‌ නොව කුණුවෙන සතර මහ ධාතුවක්‌මබව දකිමින් ජීවත්වෙන්න. එවිට ඔබ තුළ වැඩෙන්නේ කායානුපස්‌සනාවට අදාළ ධාතුමනසිකාරයයි.

    ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න...
    තෙරුවන් සරණයි..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    Sathara maha dathuwak ne.ekath illusion ekak.vinchanayata apu dathuwak
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    View attachment 212025

    EaFmiVkWkAAO5UH.jpg

    ------ Post added on Aug 12, 2023 at 12:06 PM
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මටත් හිතුනා අද ඒක කෙල්ලෙක් බස් ඵකේ නිදියන් ඉන්න හැටි දැකලා.මේකප් ඵක විතරයි ඉතිං.🤢
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    මටත් හිතුනා අද ඒක කෙල්ලෙක් බස් ඵකේ නිදියන් ඉන්න හැටි දැකලා.මේකප් ඵක විතරයි ඉතිං.🤢
    කොහොමද ඒ වෙලාවට දාඩිය ටික ලෙවකන්න තිබ්බනම්