ඔබ ව්‍යාපාරයක් කරන්න යනවා නම්...

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    පවතින ව්‍යාපාරයක් දිහා මතුපිටින් බලලා කොපි කරනවා වෙනුවට ඔබට තිරසාර ව්‍යාපාරයක් කරන්න කැමති නම් මුලින්ම ඔබ කරන ව්‍යාපාරයට වෙළඳපොලේ ඉඩක් තියෙනවද කියන එක තහවුරු කරගන්න අවශ්‍යයයි. ඒකෙදි ඉතාම වැදගත් දේ තමයි මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්ණයක් ව්‍යාපාර අවස්ථාව වීම සහ ඔබ සපයන භාණ්ඩය ‌හෝ සේවාව විසින් එම ප්‍රශ්ණයට සාර්ථක විසඳුමක් ලැබීම.​


    ඔබ ව්‍යාපාරයක් පටන් ගන්න යනවා නම් මුලින්ම කඩදාසියක් අරන් මෙන්න මේ ටික ලියලා බලන්න.​

    Key Partners
    ඔබත් එක්ක මේ බිස්නස් එක පටන්ගන්න ඉන්න සහයකයින් කවුද? ඒ වගේම ඒ සහකරුවන්ට ව්‍යාපාරයට සම්බන්ධවීමෙන් ලැබෙන ප්‍රයෝජනය මොකද්ද? සරලවම ඇයි ඔවුන් මේකට සම්බන්ධ විය යුතු?

    Key Activities
    ව්‍යාපාරය තුලින් ඔබ කරන්න යන්නෙ මොකද්ද? මොකක් හරි නිශ්පාදනයක් ද? නැත්තං සේවාවක් සැපයීමක්ද? නැත්තං මිනිස්සු සම්බන්ධ කෙරෙන නෙට්වවර්ක් එකක් හදන්නද? ආදී වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරය ගැන විස්තරයක්.

    Key Resources
    අදාල ව්‍යාපාරය කරන්න දැනට ඔබ සතුව තියෙන වත්කම් මොනාද? ඔබගේ පළපුරුද්ද, පළපුරුද්ද තියෙන සේවකයන්, ගොඩනැගිල්ලක්, විශේෂ සැපයුම්කරුවන්, කලින් ‌ගොඩනගාගත්තු ව්‍යාපාර නාමයක් ආදී වශයෙන් ඔබ සතුව දැනට තියෙන මේ ව්‍යාපාරයට යොදවන්න පුලුවන් වත්කම් ගැන විස්තරයක්.

    Value Proposition
    ඔබේ ව්‍යාපාරය තුලින් පාරිභෝගිකයාට ලබා දෙන්න යන්නේ කුමක්ද? තරඟකාරී භාණ්ඩ හා සේවා අතුරෙන් පාරිභෝගිකයා ඔබගේ භාණ්ඩය හෝ ස‌ේවාව තෝරාගත යුත්තේ ඇයි?

    Customer Relation
    පාරිභෝගිකයා සමග පවත්වාගන්නේ කුමන මට්ටමේ සම්බන්ධතාවයක් ද යන්න සහ කුමන ආකාරයෙන්/ කුමන මාධ්‍යක් භාවිතා කරමින් පාරිභෝගිකයා සමඟ සබඳතාවය පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව විස්තරයක්.

    Channels
    භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයා අතට යන්නේ කුමන ආකාරයෙන්ද? භාණ්ඩය හෝ සේවාව අලෙවි කරගැනීම සිදුවන්නේ කුමන මාධ්‍යක් තුලද යන්න පිලිබද විස්තරයක්.

    Market Segment
    භාණ්ඩය හෝ සේවාව සැපයීමට බලාපොරොත්තු වෙන පාරිභෝගික කාණ්ඩය කවුද? ඒක තෝරාගත් සුළු පිරිසක්ද, එහෙමත් නැත්නම් පොදුවේ සියලු දෙනාටද ආදී වශයෙන් ඉලක්කගත පාරිභෝගිකයා ගැන විස්තරයක්.

    Cost Structure
    ඔබගේ භාණ්ඩය හෝ සේවාව පිරිවැය පාලනය කරමින් පිරිවැය අඩු කිරීම මූලික කරගන්නවාද, එසේත් නැත්නම් ගුණත්වය මූලික කරගනිමින් කටයුතු කරනවාද? දැරීමට සිදුවෙන පිරිවැයන් මොනවාද? ආදී වශයෙන් පිරිවැය සම්බන්ධ විස්තරයක්.

    Revenue Streams
    භාණ්ඩය හෝ සේවාවවෙන් ඔබ මුදල් උපයන්නේ කෙසේද? භාණ්ඩය විකිණීමෙන්ද? කුලියට හෝ බද්දට දීමෙන්ද? මාසික ගාස්තුවක් ලෙසද? ආදී වශයෙන් ආදායම් ලබන ආකාරය පිළිබඳ විස්තරයක්.

    මේ ආකාරයෙන් ඔබට ආපු ව්‍යාපාර අදහස කොටස් වලට කඩලා පුළුල් සහ ගැඹුරු අවබෝධයක් ලබාගන්න එකෙන් ව්‍යාපාරය තියුණු දැක්මක් සහිතව තිරසාර ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙනියන්න පුලුවන් වෙනවා.


    ---------

    Visit my Blog
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    කොපි - උදා. අනුකරණය
    Key Partners - මූලික හවුල්කරුවන්
    Key Activities - මූූලික ක්‍රියාකාරකම්
    Key Resources - මූලික සම්පත්

    @$hiñe මේ ආකාරයෙන් ඔබගේ ලිපියේ ගුණත්‍වය ඉහළ නංවාලන්න. 2-3 ආදී කොටස් සඳහා අවශ්‍ය නම් පමණක් ඉංග්‍රීසි වචනය වරහන් තුළ යොදන්න. එමෙන්ම ඇතැම් දෑ සඳහා එහි සරල පරිවර්තනයට වඩා ලස්සන වචන වානිජ ක්‍ෂේත්‍රයේ යොදා ගැනේ. ඔබ මෙම විෂය හදාරා ඇත්නම් දන්නවා ඇති හෝ වානිජ ශබ්දකෝෂයකින් සොයා ගැනීමට හැකියි.

    හරවත් ලිපියක් එලකිරියෙහි පළ කළ ඔබට ස්තූතියි :coffee:
     
    • Like
    Reactions: $hiñe