ඔබ සැමට ස්තුතියි..

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
ඔබ සැමට ස්තුතියි..

HTML:
http://www.elakiri.com/forum/showthread.php?t=1521327

ඉහත නුල සම්බන්දවයි..
මා විසින් අද උදැසන පලකරන ලද ඉහත නුල වෙනුවෙන් - සහ + රෙප් ලබා දුන් සැමට ස්තුතියි

මෑත කාලය තුල එලකිරිය තුල මුස්ලිම් සහෝදර සහෝදරියන් ට එදිරිව විශාල ලෙස විරොදයක් ගොඩ නැගෙන අයුරු මම දුටුවෙමි. සිංහල බෞද්ධ පව්ලක ඉපදුනු මම සිංහල බෞද්ධ යන පමණක් සිටින(මතක සිට කතෝලිකයන් 500 පමණ සිටින ) නගරයක හැදී වැදුන අතර ලංකාවේ උතුරු නැගෙනහිර හැර බොහෝ ප්‍රදේශ වල සැරිසරා ඇත්තෙමි. එමෙන්ම මගේ ජිවිතයේ කිසිදු මොහොතක දෙමල හෝ මුස්ලිම් කිසිවෙකු කිසිදිනක උදව්වක් මිස වැරද්දක් මා වෙත කර නැත. ඉහත නුලද ඒ සම්බන්දවය.

කෙටියෙන් මා හට කීමට ඇත්තේ එලකිරිය තුල ජාතිවාදය වැනි පටු මාතෘකා ඉස්මතු වීම ප්‍රමාණය ඉක්මවා ඇති බවයි.. එවැනි පටු ක්‍රියා මම අනුමත නොකරව සේම තවත් අයත් අනුමත නොකරන බව මට ලැබුන ප්‍රතිචාර වලින් පැහැදිලි වේ..

මින් ඉදිරියට මා කිසිදු ආගමකට, ජාතියකට අපහාස වන නුල් වලට ප්‍රතිචාර නොදක්වමි. ඔබ සැමට ස්තුතියි.
සියලුම එළකිරි සාමාජිකයන්ට ජය!!


this is what i believe and what i tried to establish here in elakiri..
 

cool_sl80

Member
Feb 17, 2012
147
43
0
මටත් මේ මගුල් එපා වෙලා තියෙන්නෙ.. මම හම්බයින් ප්‍රතිෂේප කරන්න ගේන තර්ක පට්ටම පල් බොරු ටිකක් බව මම පැහැදිලි කරන්න ගියා.. ඒත් අන්තිමට මොකද උනේ?

මම ගැන මගෙ නෝනා ගැන, ළමයි ගැන කියපු අසික්කිත කතා වලට මම සෑහෙන්න කලකිරුණා.

එදා ඒ අපි ගතකරපු ඒ කාලය හරි සුන්දරයි. දැන් කැම්පස් ගියත්, දැන් ඉන්න උන් ආතල් ගන්න දන්නෙ නැහැ.

මම මොරටුව වි.වි. ඉන්න කාලේ මට ඕන තරම් මුස්ලිම් යාලුවො හිටියා. ට්‍රිප් එකකදි දෙමළ සින්දු එහෙම එක පෙළට කියන්න උන් හරි රුසියො.

කොහොම නමුත් මේ ජාතිවාදී ත්‍රෙඩ් නිසා මම එළකිරි එකේ ෆෝරම් එපා වෙනවා.

SriBoySL සහ DathKimbula කෑම ත්‍රෙඩ් ආසාවෙන් කියෙව්වා.
නෝනට නිවාඩු දීලා මම ෆැමිලි එකටම කෑම හදලා දුන්නා...
ලොකේ විස්තර ආසායෙන් කියෙව්වා.
නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා...
LED බල්බ් හැදුවා..
උදවු කරන්න පුලුවන් උන්ට උදවු කරා..
ඉදලා හිටලා වැලත් බැලුවා..

ඒත් දැන්...

මම උඹ කරපු දේ හරි කියලා හිතනවා..
මමත් උඹේ බෝට්ටුවේ..
තමන් ගෙ පාඩුවෙ ඉන්න එක තමයි වඩා හොද..


:(
 
Last edited:

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඇත්ත කතාව. පහුගිය දවසක මමත් ඔය ගැන තිබුන නූල් වලට මගෙ අදහස පලකලා. ඊට පස්සෙ ම්ගෙ රෙප් හෝ ගාල කැපුන.

මටත් ඉන්නන්ව මුස්ලිම් යාලුවො. අපි ඉස්කෝලෙ ගියෙ එකට, එක බස් එකේ, කැවෙ බිව්වෙ එකට, පිස්සු නැටුවෙ එකට. අදටත් අපි ඒ යාලුකම පවත්වගෙන යනව. ඒක වෙනස් වෙන්නෙ නැ.

මමත් හොද සිංහල බෞද්ධ. අපේ පන්සල කොලබ 2 හුනුපිටියෙ ගන්ගාරමෙ. ඒකෙ ලොකු හාමුදුරුවෝ ගලබොඩ ග්නානීස්වර හාමුදුරුවෝ. අපි කියන්නෙ පොඩි හාමුදුරුවො කියල (සමාවෙන්න ඒ වචනය යුනිකෝඩ් වලින් ටයිප් කරන්න දන්නෙ නැහැ ) අහන්න press එකක කරන දායකය ගැන.

අපේ පන්සලේ ඉන්න ලොකු දායකයො තමයි Jaferjees, Moosajees ල. එහෙනම් ඔය කට්ටිය අපේ පන්සල පැත්තෙත් එන්න එපා. ඒ එක්කම ලන්කා බැන්කුවෙ අලුත් සබාපතිත් මුස්ලිම්. ලන්කා බැන්කුවෙ තියන Accounts ඔක්කොම වහල දාන්න.

මට මේ මුස්ලිම් ප්‍රතික්ෂේප කරන කට්ටියගෙන් අහන්න තියෙන්නෙ මේ හලල් ප්‍රෂ්නෙ පටන් ගත්තෙ කොයි අවුරුද්දෙද මම දන්න විදිහට මේ අවුරුද්දෙ (2012) එතකන් ඔය කිසිම දෙයක් බැලුවෙ නැහැ. මම දන්න විදිහට ලන්කාවට හලල් ආවෙ 2000 වසරෙ එතකොට අවුරුදු 12ක් කිසි ගැටලුවක් නැතිව කැව බිව්ව. හැබැයි දැන් තමා මුන්ට මතක් වෙලා තියෙන්නෙ.


තව ලියන්නම් පස්සෙ. ගෙදර කට්ටිය පන්සල් යන්න කතා කරනව.

දැන් ඉතින් කපපල්ල මගෙ රෙප්. රෙප් කන්නද.
 

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ආගම් වලි වලට පැටලෙන්නෙ නැතුව ඉන්න නම් කරන්න තියෙන හොදම දේ තමයි ආවනම් ගන්න දෙයක් අරගෙන අනිත් අයට දෙන්න තියෙන දෙයක් දීල පාඩුවෙ ඉන්න එක:D

    ලකෂ 4වැඩිය ඉන්ෆෝරම් එවිවිධාරියො ඉන්පුලුවන්නේ:yes::yes:
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    බොහොම ස්තුතියි හැමෝටම. උඹලට කවදාවත් කොහෙදිවත් වරදින් නැහැ. උඹලගේ ආකල්ප හොඳයි..
     
    • Like
    Reactions: mudrana

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    රෙප් කැපීමේ නම් නිමාවක් නැත. නමුත් ඉහත සඳහන් පරිදි රෙප් කන්නද??
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    රෙප් කැපීමේ නම් නිමාවක් නැත. නමුත් ඉහත සඳහන් පරිදි රෙප් කන්නද??

    අනේද කියන්නෙ. මගෙත් හෝ ගාල කැපෙනව.

    රෙප් කපන සැදැහැවතුන් කරුණාකර තමුන්ගෙ නම දාලම රෙප් කපනවද. එතකොට එතුමන්ලට පින් පමුණුවන්න ලේසියී.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සිoහල තේරෙන්නෙ නැත්ද

    |
    |
    |
    V
    රෙප් කපන සැදැහැවතුන් කරුණාකර තමුන්ගෙ නම දාලම රෙප් කපනවද. එතකොට එතුමන්ලට පින් පමුණුවන්න ලේසියී.
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    සිoහල තේරෙන්නෙ නැත්ද

    |
    |
    |
    V
    රෙප් කපන සැදැහැවතුන් කරුණාකර තමුන්ගෙ නම දාලම රෙප් කපනවද. එතකොට එතුමන්ලට පින් පමුණුවන්න ලේසියී.

    මෙච්චර කියන එකේ නොකපා කොහොමෙයි? ඔන්න නම දාලම කැපුවා. ;)