ඔබ සැමට ස්තුතියි

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔබ සැමට ස්තුතියි

    fb, එළකිරි මතය සැබෑ ජන මතයෙන් වෙනස් නොවන බව ඔප්පු කරමින් මයිත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීමට උරදුන් සැමට ස්තුතියි.

    බුද්ධිමත් ජනතාවක් තවමත් රට තුල වෙසෙන බව සනාත කල සැමට ස්තුතියි.

    කෙතරම් බලවත් පාලකයෙක් වුවත් ජනමතය ඉදිරියේ හිස නැමිය යුතු බව පෙන්වා දීමට එකමුතු වී කටයුතු කල ඔබ සැමට ස්තුතියි.

    ජනතාව තලා පෙලා තම අභිමතයන් පමණක් ඉටුකර ගැනීමට හැකිබව සිතා සිටින පාලකයන්ට තවදුරටත් එය එසේ නොවන බව මතක් කර දුන් සැමට ස්තුතියි.

    අප, මහින්ද රාජපක්ෂ මැතිතුමා පැරදවුයේ එතුමා පුද්ගලයෙකු වශයෙන් ගෙන එතුමා කෙරෙහි වයිරයෙන් නොව, එතුමා පසු කාලීනව අනුගමනය කල අදූරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා බවත්,

    මයිත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවුයේ එතුමා එම ක්‍රමය වෙනස් කර නැවත පාලකයෙකුට එවැනි වූ ක්‍රමයකට රට පාලනය කිරීමේ ඉඩ කඩ අහුරාලීම සඳහා බවත්,

    මයිත්‍රීපාල සිරිසේන මැතිතුමාද යම් දිනෙක ඔහුට නොගැලපෙන ක්‍රියාවන්හි නිරතවන පාලකයෙකු බවට පත්වුවහොත් ඔහුටද විරුද්ධව ජනතාව මේ ආකාරයට පෙළගැසෙන බවත් මතක තබා ගන්න.
    ඒ මන්ද යත් බුද්ධිමත් ජනතාව යනු පක්ෂ පාට කරපින්නාගෙන පුද්ගලයින් පසුපස දේශපාලන වාසි තකා පෙළ ගැසෙන්නන් නොව, කාලයට උචිත ලෙස ක්‍රියා කරන බලයෙන් හෝ වෙනත් කිසි දෙයකින් මර්දනය කල නොහැකි පිරිසක් නිසාවෙනි.

    එමෙන්ම ගරු මයිත්‍රීපාල මැතිතුමාට නොයෙක් අයුරින් අපහාස කල අතලොස්සක් වූ පිරිසට, බුද්ධිමත් ජනතාව පිළිතුරු ලබා දී ඇති මේ මොහොතේ, බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර දීමට පෙරමුණ ගත් හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට කිසියම් ආකාරයක සිත් රිදවීමක් ඇති නොවන ලෙස කටයුතු කර නැවතත් ශ්‍රේෂ්ට නායකයෙකු සේ අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ඉදිරි කටයුතු වලට සහයෝගය පලකල එතුමාට පක්ෂ බේදයකින් තොරව නිසි ගෞරවය ලබා දීමට කටයුතු කරන ලෙස සියලුම එළකිරි මිතුරු මිතුරියන්ගෙන් ඉල්ලා සිටිනවා....

    හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරමු,

    නව ජනාධිපති අතිගරු මයිත්රීපාල සිරිසේන මැතිතුමනි, මයිත්‍රී පාලනයක් කරා රට ගෙන යාමට ඔබට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    නව ජනාධිපති අතිගරු මයිත්රීපාල සිරිසේන මැතිතුමනි, මයිත්‍රී පාලනයක් කරා රට ගෙන යාමට ඔබට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    10929139_10152549275096960_7856293821992251346_n.jpg
     

    Similar threads