ඔබ සෞඛ්‍ය තරුවක් දැයි සොයා බලමු ද?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඔබ සෞඛ්‍ය තරුවක් දැයි සොයා බලමු ද?

    * ඔබේ හදවත සනීපෙන්දැයි බලන්න.
    උදෑසන නිදි යහනින් නැගිටීමට පෙර එක් අතකින් අනෙක් අතේ නාඩි බලන්න.
    තත්පර 15 කදී වැටෙන නාඩි ප්‍රමාණය
    ගණන්කර එය හතරෙන් වැඩි කරන්න.
    එවිට විනාඩියට වැටෙන වාර ගණන ලැබෙයි.
    එය, 60 කට වඩා අඩු නම් ඔබ සුපිරි සෞඛ්‍ය තරුවක්.

    *ඇස් පෙනීම කොහොමද?
    ඔබ ඇස් පරීක්ෂා කරවා ගැනීමට වෛද්‍යවරයා ළඟට ගියවිට ඇසේ පීඩනය පරීක්ෂා කරවාගෙන ග්ලූකෝමා ඇත්දයි දැනගන්න. එය ඇතොත් වර්ධනය නොවීමට බෙහෙත් ලබා දෙනු ඇති.
    දුර හා ළඟ පෙනීම් අඩුවිට ත්, ඇසේ සුද ඇතිවූ විටත්, පිළියම් කර ගත හැකියි. හැබැයි කල් ගත වූ ග්ලූකෝමාවලට නම් ප්‍රතිකාරයක් නෑ.
    පළමු උත්සාහයෙන් ම ඉදිකටුවකට නූලක් දැමිය හැකි නම්
    ඔබේ ඇස් පෙනීම ගැන සතුටු ව් ය හැකියි.

    * ඔබේ කොලෙස්ටරෝල් මට්ටම යහපත්ද?
    එහි LDL මට්ටම අඩුව තිබිය යුතු අතර HDL මට්ටම ඉහල අගයක් ගන්නේ නම් රුධිර නාල තුළ මේද තැන්පත් වීම ට හර්දයාබාධ ඇතිවීමට ඇති ඉඩ අඩුයි. රුධිරය ඩෙසි ලීටරයකට මිලි ග්‍රෑම් 90 කට වැඩි, හොඳ කොලෙස්ටරෝල් මට්ටමක් ඇත්නම් ඔබ සෞඛ්‍ය සම්පන්නයි . එළවළු පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් ඒ මට්ටම් කරා ළඟාවිය හැකියි.

    *ඔබට විනාඩි 28 ක් තුළ දී සැතැපුම් දෙකක් ,ඇවිද යාමට හැකිද?
    ස්වීඩනයේ පර්යේෂකයන් පිරිසක් පවසන්නේ අවුරුදු 40 ක තැනත්තකුට විනාඩි 30 ක දී සැතැපුම් දෙකක් ඇවිදිය හැකි නම් ඔහුට ඉහල සෞඛ්‍ය තත්ත්වයක් ඇති බවයි.

    *ඔබට තනි කකුලෙන් තත්පර 20 කට වැඩි කාලයක් සමබරව සිටිය හැකිද?
    එසේ සිටිය, නො හැකි නම් අනාගතයේදී ආඝාත තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇතැයි ස්ට්‍රෝක්(ආඝාතය) නම් සඟරාව පළ කරනවා. එසේ නො හැකිවන්නේ මොළයට රුධිරය සපයන කුඩා රුධිර නාලවල සෞඛ්‍යය අයහපත් වූ විට බව ඔවුන් පර් යේෂණකින් සොයාගෙන තිබෙනවා.
    පර් යේෂකයන් පවසන්නේ අධි රුධිර පීඩනය ,වියපත්වීම වැනි තත්ත්වයන්ට වඩා කුඩා නාලවල ඇති දුර්වල තත්ත්වයන් ආඝාතයට ලක්වීමට හේතු විය හැකි බවයි.

    *ඔබට සමීප මිතුරන් දෙදෙනකුවත් සිටිනවාද?
    ඔබේ සිතේ සිරවන ප්‍රශ්න චකිතයකින් තොරව මුදාහැර ,ජිවිතේ ගැටළු විසඳීමට සහය කරගත හැකි සිතේ සැනසුම ලබා දෙන සමීප මිතුරන් හිඳීමත් ඔබේ, සෞඛ්‍යය නංවාලන්නක්.
    ඒ ප්‍රශ්නයට කාන්තාවන් නම් , නොබියව ඔව් කියන බව සඳහන්. සමීප ඇසුරු ඇතිකර ගෙන ඒවා, පවත්වාගෙන යාමට ඔවුන් සමත්. ඔබ වයස 35 ක පමණ පිරිමියකු නම් එවැනි කල්‍යාණ මිතුරන් දෙදෙනකුවත් නම් කළ හැකි නම් , ඔබත් සමාජශීලී මිත්‍රශීලී යහපත් සෞඛ්‍යයක් කරා ගමන් කරන්නකු බව කිව හැකියි.

    *ඔබ උදේ වැඩට යන්නේ සතුටින් හා උනන්දුවෙන්ද?
    ඔබ වැඩ ඇරී හවස ගෙදර එන්නේ සතුට්න් හා උනන්දුවෙන් ද?
    මේ දෙකට ම ඔව් කියා පිළිතුරු දිය හැකි නම් ඔබ ජීවිතය සම තුලිත කර ගත්තෙක්. ආතතියෙන් තොර එදිනෙදා දිවියක් ගෙවන ඔබට අධිරුධිර පීඩන, හර්ද රෝග තත්ත්වයන් ඇතිවීමට ඉඩක් නැති තරම්.

    ආරෝග්‍යා පුවත්පත ඇසුරිනි.
     
    මේ ටික හරියනව නම් ඒ දර්ශකයත් සෙට්වෙනවා ඇති බං

    BMI 1 gana wadiya hithanna epa :)

    fatthin-bdi.gif
     
    • Like
    Reactions: chathuranirmal

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,741
    113
    BMI 1 gana wadiya hithanna epa :)

    fatthin-bdi.gif

    මේ ෆෝරම් එකේ බොඩි බිල්ඩින් කරන එවුං 1% ක් වත් නැතුව ඇති. :yes: ඒ කියන්නේ BMI 99% කට අදාලයි :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,741
    113
    මේ ටික හරියනව නම් ඒ දර්ශකයත් සෙට්වෙනවා ඇති බං

    මොන, නැගිටිනකොට හාට් රේට් 60-70 අතර තියන එක ඇර අනිත් ඔක්කොම මගේ තියෙනව (වයස 40 ට කිට්ටු නෑ) ඒ වුනාට BMI 26.6 (Overweight) බඩ, කලවා ජොල් :rofl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,741
    113
    ekathawath 1 index 1 witharay ban, thawa godak thiyanawa. bodybulder lata witharak namayi macho

    Godak thibba kiyala BMI invalid wenne nane :)

    wVxdfCL.jpg

    Claim: BMI is BS.

    Answer - That depends. For what BMI is meant to measure, it serves its purpose just fine.

    Claim: A BMI over 25 can be healthy.

    Answer - For lifters and genetic outliers, yes. Regarding the second group, it will be evident in their frame, which again, is impossible to confuse with excess fat.
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    මම නම් උදේ නැගිටපු ගමන් උඩට පහලට කරලා මල්ලිගේ නාඩි බලනවා ඔක්කොටම කලින්
     
    • Like
    Reactions: chathuranirmal

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මම නම් උදේ නැගිටපු ගමන් උඩට පහලට කරලා මල්ලිගේ නාඩි බලනවා ඔක්කොටම කලින්

    අපෝ උදේම අතේ ගහන්න එපා යකෝ :nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Avg pulse rate 60 mage
    Thawama spectacles daanne ne> Glaucoma check karan nam ne
    Cholesterol thamai case eka. Familial history ekak thiyenawa. Mage LDL 155 i But HDL 62 ie nisa HDL to Total CHolesterol ration eka 3.8 i (oka thiyenna one usually lessthan 3.5)
    30 min walin mata 4-5 KM yanna puluwan mage stride length eka saahenna wadi. Balan inna hama ekaama kiyanne himin avidapan kiyala :lol:
    Thani kakulen nam apo hitan inna puluwan. Eyes close karagenath check karala baluwa eth puluwan
    Hodama Lagama yaluwo dennai inne. Rasthiyaaduwak giyath yanne un denna ekka. Mage class eke dennek (not same job but not taking liqueur ,weeds, ciga not chase after prostitutes, not play with girls)
    Ude wadata yana ekanam average. Gedara enne nam sathutin but avith aye karanne padam karana eka.
    BMI 19.6 i
     
    එළ මචං. මට එකම අව්ල exercise කරන්න බැරි වෙනවා බං :dull: ඒ නිසා අනාගතයෙදි මේ තත්වෙන් ඉන්න බැරි වෙයිද ද්නෙ නෑ. දැනටත් උසට සරිලන බර කිලෝ 8 ක් වැඩී. :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,741
    113
    එළ මචං. මට එකම අව්ල exercise කරන්න බැරි වෙනවා බං :dull: ඒ නිසා අනාගතයෙදි මේ තත්වෙන් ඉන්න බැරි වෙයිද ද්නෙ නෑ. දැනටත් උසට සරිලන බර කිලෝ 8 ක් වැඩී. :dull:

    මටත් තියෙන එකම ප්‍රශ්නෙ :angry::angry::angry: