ඔමික්‍රෝන් ස්වංජාතයි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    මෙරට හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයා සංචාරකයකු නොව ශ‍්‍රී ලාංකිකයෙක්.. සංචාරක පැමිණීම දිගටම..


    prasanna.jpg


    ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා ඔමික්‍රෝන් ආසාදිතයා මෙරටට පැමිණි සංචාරකයකු නොව ශ‍්‍රී ලාංකිකයෙකු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

    දැනට මෙරටට පැමිණීම තහනම් කර ඇති රටවල් හයෙන් පසු ගිය දින 21 ක කාලය තුළ මෙරට කිසිදු සංචාරකයෙකු පැමිණ නැති බව ද ඔහු පැවසීය.

    කටුනායක ගුවන් තොටුපළින් මෙරටට ඇතුළු කරන ගන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයන් බවත් මෙරටට පැමිණි සියලු දෙනා PCR පරීක්ෂණ වලට යොමු විය යුතු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කරනවා නම් ඒ අනුව කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් මත සංචාරකයන් රටට ගෙන්වා ගන්නා බවත් පැවසූ ඔහු නොවැම්බර් මස අවසන් වන විට සංචාරකයන් එක්ලක්ෂ පනස්දහසක් මෙරටට පැමිණ ඇතැයිද කියා සිටියේය.