ඔයත් කැමතිද ස්වභාවිකව කොන්ඩෙ Straight කරන්න?

Apr 25, 2018
219
11
0
colombo
ඔයත් කැමතිද ස්වභාවිකව කොන්ඩෙ Straight කරන්න?

කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන කතා කරන කොට හිස කෙස් වලට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. හැමෝම කැමතියි තමන්ගේ කොණ්ඩය ලස්සනට තියාගන්න. ඉතින් අද අපි කියල දෙන්නේ පැයක් ඇතුලතදී ස්වභාවික දේ භාවිත කර නිවසේදීම කොණ්ඩය straight කරගන්න ආකාරයයි. මෙහි විශේෂත්වය වන්නේ මේ සඳහා භාවිතා කරන සියලුම අමුද්‍රව්‍ය ස්වභාවික වීමයි. මෙයින් කොණ්ඩයට කිසිදු හානියක් නොවේ.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
* ආනමාළු හෝ ඇම්බුන් කෙසෙල් ගෙඩි 2ක්



* මි පැණි මේස හැඳි 2ක්



* යෝගට් මේස හැඳි 2ක්



* ඔලිව් තෙල් මේස හැඳි 2ක්





සාදා ගන්නා ආකාරය
කෙසල් ගෙඩි 2 ලෙල්ල ඉවත් කර එය හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.ඉන් පසු එය භාජනයකට දමා මි පැණි, යෝගට් සහ ඔලිව් තෙල් එක කර ක්‍රීම් එකක් තරමට පැමිණෙන තුරු හොඳින් කවලම් කරගන්න. මෙය ආලේප කිරීමට ප්‍රථම ඔබගේ කොණ්ඩය හොඳින් වියළි තිබිය යුතුයි. වියළි හිසකෙස් වල මුල සිට අග වන තෙක් ආලේප කර පැයක් පමණ තිබෙන්නට හරින්න. ඉන් පසුව ඔබගේ කොණ්ඩයට හොඳින් ෂැම්පු කන්ඩිෂනර් දමා හොඳින් සෝදා අවසානයේ තෙතමනය ඉවත් කර ගන්න. මෙය භාවිත කිරීමෙන් පසුව වෙනස ඔබටම දැනේවි.
http://thewoman.lk/straighten-hair-naturally-at-home-within-one-hour/