ගොඩක් අය සාංඝික දානයක් දෙන්න ගියාම කාටත් එන ගැටලුව තමයි මොනාද වෑංජන හදන්නේ කියලා ඉතින් මම ඔයා ලාට අද වෑංජන 12ක රෙසිපි ඉදිරිපත් කරනවා සමහර වෑංජන ඔයාලා කවදාවත් හදලා නැති ව ඇති .. ස්වාමින්වහන්සේ ලා දහමකට හරියන්න තමයි මේ රෙසිපි එකේ තියෙන්නේ ...හොද ට මතක තියා ගන්න ස්වාමින්වහන්සේ ලාට පමණයි මේ මේනුව...
සාමාන්‍යයෙන් පන්සලකට සතියට දාන තුන හතරක් වරදින්නේ නෑ ...ඒත් ප්‍රශ්නය තියෙන්නේ මේ හැම දානේ වෙලකම එක ම වෑංජන රටාවක් තමයි තියෙන්නේ ...ඒ නිසා ගොඩක් හාමුදුරුවෝ වළදන්නේ නැති තරම් ඒක යි අතින් වහ ගන්නේ ..දානයක් තියෙන කොට නෑදෑයන් හිතවතුන් සීයක් දේසියක් පමණත් එනවා ඉතින් මේ අයට හොදින් සංග්‍රහ කරන්න ඕනි නිසා ගොඩක් අට කරන්නේ උත්සව අවස්ථා වලදී හදන විදිහට වෑංජන හදලා ඒවාත් හාමුදුවන්ගේ දානෙට ගන්න එක .ඉතින් එහෙම වුනාම තෙල් මිරිස් තියෙන කෑම ස්වාමින්වහන්සේ ලා වළඳන්නේ නෑ බලන්න කෝ මගේ රෙසිපි ටික ඔබට අලුත් වෙනසක් දැනේවී..
ඒ වගේම කියන්න ඕනි දැන් දානෙට වඩින්නේ වැඩිහිටි ස්වාමින්වහන්සේ ලා තුන් හතර නමක් සමග අවුරුදු හතරේ පහේ සාමණේර හිමිවරුන් තමයි .ඉතින් අපි මේ අය ගැන ත් හිතන්න ඕනි .මොකද ඔවුන් තාම පොඩියි .ඔවුන් ආස වෑංජන ත් තියෙනවා අපේ පොඩි දරුවෝ බලන්න තෝරා ගත්ත ආහාර තමයි ඔවුන් පරිභෝජනය කරන්නේ ඉතින් මේ පොඩි සාමණේර හිමිවරුන් ගැන ත් අපි අවධානය යොමු කරලා තමයි මේ රෙසිපි හදලා තියෙන්නේ .........ඔබේ අදහස් මට කියා ගෙන යන්න යාළුවනේ ..මට ඒක වටිනවා අදහස් හොදයි නම් තව මේ වගේ රෙසිපි මම ඉඳිරිපත් කරනවා ඉදිරියේදී .................මේක ට මම බත් වර්ග ඇතුලු කරේ නෑ සාමාන්‍යයෙන් එලවුලු බත්,රතුසුදු කැකුළු හාල් බත් තමයි මේක ට මැච් වෙන්නේ ...ඒවා හදා ගන්න පුළුවන් නේ ................
මෙන්න රෙසිපි ටික ..........
මුලින්ම නෙළුම් අල හොඳින් සෝදා ගෙන කුඩා කැබලි වලට කපා ගන්න. අනතුරුව නෙලුම් අල භාජනයකට දමා එයට ලූණු,කරපිංචා රම්පෙ ,අමු මිරිස් ,තුනපහ,කහකුඩු මිරිස් කුඩු,ලුණු කුඩු දමා අනතුරු ව පොල් කිරි කෝප්ප දෙකක් දමා ගන්න.අනතුරු ව හොඳින් කලවම් කර මද ගින්නේ තම්බා ගන්න.
පසුව තවත් භාජනයක් ගෙන එය ට තෙල් මේස හැන්දක් දමා එම තෙලට ලුනු,සුදු ලුණු රම්ප, කරපිංචා,උම්බලකඩ මේස හැන්දක් සහ අබ 1/4 දමා තෙම්පරාදු කරගන්න. අනතුරුව එම තෙම්පරාදු කරගත් මිශ්‍රණයට පොල් කිරෙන් තම්බා ගත් නෙළුම් අල මිශ්‍ර කරන්න.දැන් එය මද ගින්නේ ටික වේලාවක් තබා ඉවතට ගන්න.
කඩල ලුනු එක්කර හොදින් තම්බා ගන්න
තෙල් ස්වල්පයක් වෙන බදුනකට දමා එයට සුදුලූනු, අමු ඉඟුරු කරදමුන්ගු,කුරුදු පොත්ත,ලූනු,අමුමිරිස්,රම්පා,කරපිංචා දමා ස්වප වෙලාවක් බැදගන්න.
එයට කඩල එක්කර හොදින් මිශ්‍රකරගන්න.පහේ වර්ග එක්කරන්න.කහ කුඩු එකතු කර ගන්න .මිරිස් රසට තමයි රස.
පොල් කිරි එක්කර එයටම .පොල් කිරි ගොඩක් අවශ්‍ය නෑ.කඩල වැහෙන ප්‍රමානෙට ඇති.සියඹලා ඉස්මද එකතු කර ගන්න.
ලුනු එක්කිරීමේදි පරිස්සමෙන්.මොකද කඩල වලට ලුනු එක්කර ඇති නිසා.
ග්‍රේවී ගතියට එනකොට සීනි ස්වල්පයක් එක්කරලා ලිපෙන් බාගන්න..හොද්දට වඩා උකු ගතියට රස.
පොතු ඇර ගත් මුරුංගා මැටි ඇතිලියක දමා මිටිකිරි ඇරෙන්න ඉහත කී සියලුම කුළුබඩු වර්ග දමා තැම්බෙන්න හරින්න වසන්න එපා මුරුංගා තැම්බී දියකිරි හිඳුනු පසු මිටිකිරි දමා උකු පොල් කිරි වලින් කිරි හොද්ද හදා ගන්න.. . කිරි හොද්ද පැහෙන විට විනාඩි දෙකක් ලිපේ තියලා බාගන්න.. දැන් හොද්ද ගොඩක් උකුවට ඇවිත් ඇති..ඊට පසු ලිපෙන් බා ගෙන දෙහි ඉස්ම එකතු කරන්න . සාමාන්‍ය අල කිරි හොදි වලට වඩා රස වෙනස්..
මුලින්ම කහ,ලුණු,ගොරක දාල කොස් ඇට ටික තම්බ ගන්න. වතුර ගොඩක් දාන්නෙ නෑ. උරා ගන්න ගානට තමයි දාන්නෙ. ඕනි නම් ප්‍රෙශර් කුකර්දාල තම්බ ගන්නත් පුලුවනි. විසිල් 2යි.
දැන් පෑන් එකකට පොල්,හාල් ඔක්කොම, සුදුලූණු රතුලූණු රම්පෙ කරපිංචා වලින් බාගයක්, කරාබුනැටි,කරදමුංගු ටික දාල පොල් ටික රන්වන් පාට වෙනකල් බදිනවා.සුවඳත් එක්ක රන්වන් පාට වේගෙන එනකොට මිරිස් ගම්මිරිස් ටිකත් දාලා බදින්න ඕනි. දැන් ඒ ටිකට වතුර පොඩ්ඩක් දාල උකු පේස්ට් එකක් වෙන්න බ්ලෙන්ඩ් කට ගන්නවා.
තැම්බුණු කොස් ඇට ටික පොඩි වංහෙඩියක දාල කුඩු වෙන්නෙ නැතිව ඒත් පුපුරන විදියට තලා ගන්නවා. දැන් වෙන භාජනයකට අර පේස්ට් එක දාලා, තලා ගත්‍ත කොස් ඇට ටිකත් ඉතිරි සියලු කුලුබඩුත් දාල පොල් කිරි දාලා හොඳට උතුරනකම් උයා ගන්නවා.
දැන් අඩු ගින්දරේ ලිපේ තියලා පියනකින් වහලා හෙමින් උයාගන්න දිය කිරි ටික හිදෙන්න කිට්ටු වෙනකන්ම.
දියකිරි ටික හිදීගෙන එද්දි මිටිකිරි එකතුකරන්න. මිටි කිරිත් අර කලින් වගේම පොලොස් එක වැහෙන්න දාන්න. දාලා අඩු ගින්දරේ පියනකින් වහන්නේ නැතුව උයාගන්න.
මුලින්ම අඹ ගෙඩිය කපා සෝදා ගෙන බාජනයකට දමා මිරිස් කුඩු මේස හැන්දක් තුනපහ කුඩු කහ දමා එයටම රම්ප කරපිංචා සේර ද ලුණු ද දමන්න .අනතුරුව බාජනයක් ලිප තබා එයට තෙල් ටික දමා ඊට අබ ටික දමා ඉඟුරු සුදුලූනු ටික දාල රන්වන් පාට වෙද්දි ඉතුරු මිරිස් කුඩු මේස හැන්ද ටික දමන්න තෙල් සමග මිරිස් කුඩු කළවං කර අඹ ටිකත් දාන්න.ඉන් පසු වතුර පීරිසි කෝප්ප භාගයක් එකතු කර එයට අමුමිරිස් ලූණු හා කුරුදු පොතු ,එනසල්ටිකත් දාන්න..හොදට උකුවට අඹ ටික තැම්බිලා කියල තේරුනාම ඒ භාජනයෙ අඹ ටික පැත්තට කරල සීනි ටික මැදට දාන්න.සීනි කලුපාට උනාම ඔක්කොම එකට කලවම් කරල විනාඩි දෙක තුනක් තව තියල ගින්දර වහල නිවුනම කෑමට ගන්න .පාට මදි කියලා හිතෙනවා නම් තෙල් ටිකක් රත් කර මිරිස් කුඩු ටිකක් පෙර පරදි කලවං කර අඹ මාලුව උඩින් වක් කරන්න ...
ඉස්සන් ටික සුද්දකරල ඒකට දෙහි ඉස්ම , කහ, ලුනු ටිකක් දාල හොඳින් අතගාල ආයෙ ගන්න තුරු ෆ්‍රිජ් එකේ දාල තියන්න. ඉස්සන් සුද්දකරපු ගමන්ම මේ වැඩේ කරන්න ඕන. ඉන්පස්සෙ හදන්න ගන්නකොට මේක ෆ්‍රිජ් එකෙන් එලියට ගන්න.මිරිස් කුඩු තේ හැඳි 3, කහ කුඩු තේ හැඳි 1/2 එකට කලවම් කරල ඒකට වතුර මේස හැඳි 1ක් දමා පේස්ට් එකක් හදාගන්න.සාස්පාන ලිපේ තියල ඒකට තෙල් දමන්න. තෙල් ටික හොඳින් රත්වෙනකොට ඒකට ලියාගත් ළූනු ටික දමන්න. එයටම ලුණු කුඩු ටිකකුත් ඉහල විනාඩි 3ක් පමණ හොඳින් බැදගන්න. ළූණු රනවන් පට වෙනකොට ඒකට ඉඟුරු, සුදු ළූණු, අමුමිරිස් දමන්න.විනාඩියකට පමණ පසු තක්කාලි එකතුකරන්න. ඉන්පස්සෙ පියනකින් වසා විනාඩි 2ක් පමන තබන්න. ඉන්පසු පියන ඇර හොඳින් මිශ්‍රකරන්න. දැන් කරදමුංගු, කරාබු නැටි කුරුඳු එකහුකරන්න. ඉන්පස්සෙ අපි හදා ගත්ත මිරිස් කුඩු , කහ කුඩු පේස්ට් එකතු කරන්න. දැන් පියන වසා විනාඩි ක් පමන වසා තබන්න. විනාඩි 2කට පමණ පසු සීනි එකතුකරන්න. දැන් ඉස්සන එකතුකරන්න. වතුර කෝප්ප 1/4ක් එකතුකරන්න. කරපිංචා එකතුකර මද ගින්නේ පිසගන්න...............
අලුත් බල , කෙලවල්ලා,තලපත් මාළු කිලෝ 1 යි. කටු නැති ඒවා ගන්න ...........
හරිම ගුණදායක කෑමක්.හදල බලන්න..
මේ වෑංජනය හදන්න මැටි හට්ටියක් තිබුනනම් ගොඩක්ම හොඳයි. එහෙම නැත්නම් ඔයා සාමාන්‍ය විදිහට උයන්න ගන්න සාස්පානක් ගන්න. මැටි හට්ටියට තෙල් ස්වල්පයක් දමා ලිප තබන්න. තෙල් රත්වීගෙන එන විට එයට රම්පෙ , කරපිංචා, කුරුඳු, ළූණු දමා බැදෙන්න හැර ලියාගත් අමු මිරිස් , තුනපහ, කහ කුඩු, උම්බලකඩ සහ ලුණු දමා බැඳුනට පසු එයට කජු සමග දියකිරි දමා තැම්බෙන්නට හරින්න. දිය කිරි ටික හිඳීගෙන යන විට හොඳින් හැඳිගා මිටි කිරි සමග සීනි මේස හැන්දක් සහ ලුණු රස පදමට එකතුකරගන්න. හොද්ද තරමක් ආනමට එහෙමත් නැත්නම් බොරට ආවම ලිප නිවල දෙහි ඇඹුල් එකතුකර හොඳින් කලවම් කරගන්න.........................
කැමති නම් තම්බා ගත් ග්‍රීන් පීස් සහ බට්න් හතු එක් කර ගන්න පුළුවන් .....................
භාජනය කට තෙල් දමා රත් වූ විට තලා ගත් ඉඟුරු සුදු ලූණු දමා තෙම්පරාදු කර ගන්න
ඉන් පසු හීනියට ලියා ගත් රම්පේ කරපිංචා රතුලූනු එනසාල් කරාබුනැටි දමා තෙම්පරාදු කරන්න .
ඉන් පසු පොඩි කරගත් පොලොස්, අල,අලුකෙසෙල් එක් කර ගම්මිරිස්, ලුණු එකතු කර පිරවුම තෙම්පරාදු කර නිවෙන්න හරින්න
තුඹ කරවිල ගෙඩි 20 පමණ ගෙන සෝදා එක් පැත්තකින් කැපුමක් යොදා පලා ගන්න ඉන් පසු ඩෙසර්ට් හැන්දක ආධාරයෙන් තුඹ ගෙඩියේ මැඳ කොටසේ ඇට ඉවත් කර ගන්න
ඉන් පසු සාදා ගත් පිරවුම මෙම තුඹ ගෙඩි ඇතුලට හැන්දක් ආධාරයෙන් පුරවා බැටර් එකේ ගිල්වා ක්‍රීම් කැකර් බිස්කට් කුඩු වල දවටා ගැඹුරු තෙලේ බැඳ ගන්න ...............
භාජනය කට තෙල් දමා රත් වූ පසු මිරිස් කරල් කඩා දමා ගන්න ඊට පසු ලියා ගත් රතුලූනු එක්කරන්න .ඊට පසු ලියා ගත් කතුරු මුරුංගා සහ අමුමිරිස් එකතු කර විනාඩියක් පමණ ෆ්‍රයි කරන්න ඉන් පසු තම්බා ගත් පැල මුං ඇට එකතු කරමින් තවත් විනාඩි තුනක් පමන ෆ්‍රයි කරගන්න ඉන්පසු ගා ගත් පොල් ටික දමා කූරු ගා ගෙන ලුණු රසපදමට එකතු කරන්න ඉන්පසු ලිපෙන් බා ගන්න .අපි ගොඩක් වෙන කිසිම කුලුබඩුවක් පාවිච්චි කරන්නේ නෑ තනිකරම කොලවල සහ පැල මුං වල රස දැනෙන විදිහට තමයි මලවා ගන්නේ......
අදහස කියා ගෙන යන්න බුදුසරනයි .....