මගේ ප්‍රථම ආදර හසුන
දයාබර ඔබට,
" ඇයි බන් මට "හා" කියන්න අච්චර කල් ගත්තේ?" තාමත් හිටපු ගමන් ඔයා එහෙම අහනවා.
" කොල්ලොන්ව කොහොමද එක පාරට විශ්වාස කරන්නේ" මාත් ඒ වෙලාවට නෝන්ඩියක් දානවා...
අනේ මන්දා...ඒ දවස්වල යාළුවො නම් ඇහුවේ ආපු යෝජනා වලින් හොඳ එක තෝරනවා නේද? කියලා. ඉටි ගෙඩිය
එච්චර තෝරන්න 50 ක් 60 ක් හිටිය එකක් යැ. තේරිල්ල කෙසේ වෙතත් එහෙම අහපු ගමන් "හා" කියන්න පුලුවන්ද? තනි අකුරේ වචනයක් උනාට ඒක බොහොම භයානක වචනයක්නෙ. අනික එතකොට මට 19 ලැබුවා විතරයි :-\.
උත්තරයක් දෙන්න කල් ගියාට අන්තිමේ දී, අහස පුරාම පියාඹපු කිරිල්ලියෙක් ඇවිත් යෝධ ගහක අත්තක වහනවා වගේ මමත් ඔයාට "හා" කියලා කිව්වේ ආපහු යන්න හිතා ගෙන නම් නෙමෙයි. ගහ ගැන සම්පුර්ණ විශ්වාසය තියලා කූඩුවත් ඒ අත්තෙම හදන්න හිතා ගෙන....
ඉතින් පහුවදාම ඔයා නම් මම ගැන ගෙදරට කියල තිබුණා. හපොයි...ඒත් මම? අපේ පවුල් වල වැඩිමල් ම කෙනා මම. අනිත් ඇච්චෝ බැච්චෝ එකෙක්ටවත් ආදර සම්බන්ධයක් ගැන එක්ස්පිරියන්ස් නැහැ. එහෙව් එකේ මම කොහොමද පොර වගේ ගෙදර ගිහින් ඕක කියන්නේ...අම්මටනම් වටින් ගොඩින් මීටර් වෙන විදියේ කතා ටිකක් මම කිව්වා..හලේ ඒත් තාත්තටනම් කියන්න බෑ
.ගෙදරට නොකියා එකට බස් එකේ යන්නවත් අකමැති වුනු ඔයා අන්තිමේදී ගෙදරට කියන වැඩේටත් ඉදිරිපත් උනා. ඒ ක්‍රෙඩිට් එක ඇත්තටම යන්න ඕනේ ඔයාගේ අම්මට යි තාත්තට යි. කෙලින්ම අපේ ගෙදර ගිහින් සතුටු සාමීචියක් දාලා හරිම සරල විදියට වැඩේ කරලා, කැම්පස් එකේ ලයිබ්රියේ හිටපු අපි දෙන්නට කෝල් එකකුත් දුන්නා "ඔන්න පුතේ දැන් දෝණි අපේ" කියලා. හැබැයි ඉතින් ඒක එච්චර සරල විදියට ඉවර උනේ කුල, මල, තරාතිරම ඔක්කොම කණාවට වගේ ගැලපුණ හින්දා කියලා මට හිතෙනවා.
ඉතින් කූඩුව හදන්න මම තෝරගතිපු අත්ත හිතුවටත් වඩා ශක්තිමත් කියලා තේරෙන්න වැඩි දවසක් ගියේ නැහැ. හප්පේ...කිරිල්ලියෙකුට ඊටත් වඩා සතුටක් කොහෙන්ද? අවුරුදු ගානකට පස්සේ ඒ කූඩුවත් හදාගෙන මුතු ඇටේට ගොඩක් දුර අපේම පුංචි ලෝකෙකට ඉගිලිලා ඇවිත් අවුරුදු 2 කටත් වැඩි උනත් මට දැනෙන්නේ තාමත් අද ඊයේ වගේ.
කෙල්ලෙක් ජිවිතේ දෙපාරක් උපදිනවා ලු. මුල් වතාවට ඉපදෙද්දී අම්මා, තාත්තා, නෑදෑයෝ, තාත්තගේ වාසගම, මේ හැමදේම ලැබෙනවා. විවාහයේදී තවත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, අලුත් නෑදෑයෝ රොත්තක්, ආදරණීය සැමියෙක් විතරක් නෙවෙයි, අලුත් තාත්තා ගේ වාසගම ත් ලැබෙනවා. ඉතින් කෙල්ලෙක්ගේ දෙවැනි උපත විවාහය කියල කිව්වොත් ඒක හරි. පළමු උපත සිද්ධ වෙන්නේ අපිට ඕන විදියට නෙමෙයි. ඒත් දෙවැනි උපත ගැන හොඳ තීරණයක් ගන්න අපිට බැරි කමක් නැහැ. ඒ අතින් මගේ තීරණය ගැන මට ගොඩක් සතුටුයි. ඒ තීරණය නිසා කවදාවත් මම පසු තැවිලා නැහැ. මගේ ජිවිතේ මම ගත්තු හොඳම තීරණේ ඒක...
දැන් අපේ ආදරේට අවුරුදු 7 ක් ඉවරයි. විවාහයට අවුරුදු 2 ක් ඉවරයි. තාමත් පොඩි ළමයි දෙන්නෙක් වගේ පිස්සු නට නට හිටියට එතනින් එහාට යන්න දවසක් එයි. සේරම කෝලං දෙන්නා ඉන්නකං විතරයි කියනවනේ. ඒවා ඉතින් එතකොට බලමුකෝ නේද?
ඉස්සර ලෝකේ පෙරලුනත් ගානක් නැතුව හිටපු මට අද ඔයා නැතුව එක දවසක් ගෙවා ගන්න අමාරුයි. දවස් කීපෙකට ඔයා කොන්ෆරන්ස් එකකට ගියපු වෙලාවේ පාළුවේ ඉඳලා එපාම වෙලා අන්තිමට කවි ටික ලියලා බ්ලොග් එකේ දැම්මා. මම මෙච්චර බොළඳ උනේ කොහොමද කියල නම් තාමත් හිතා ගන්න බැහැ.
සිංහල බ්ලොග් එකක් බදා ගෙන ටෙක් බ්ලොග් එකේ මකුණු දැල් බැඳෙනවා කියලා මුලින් මට සැර දැම්මට දැන් නම් දවස ගානේ සිංහල බ්ලොග් එකේ අලුත් පෝස්ට් එකක් දැම්මද කිය කියා අහන ඔයාට, පෝස්ට් එකේ පබ්ලිෂ් බට්න් එක ඔබපු ගමන්ම
" ඔන්න මම පෝස්ට් එකක් දැම්මෝ" කියලා කියන එක මගේ සිරිතක් උනත් අද නම් මම මේ පෝස්ට් එක දැම්මා කියලා ඔයාට කියන්නේ නැහැ. නැත්නම් ඉතින් පෝස්ට් එක අකුරක් නෑර කියවලා මටත් කලින් ගිහින් කමෙන්ට්ස් වැටිලද බලලා, ඒවත් කියවලා තමයි ඔයා නවතින්නේ. එහෙම කරනවට මම කැමතියි තමයි..
ඒත් මේක ඔයා ඉක්මනටම දකියි
ඊට පස්සේ...
"හොර පූසි, මට කිව්වේ නෑ නේද?" කියලා අහගන්න වෙන ලස්සන බැනුමට මම ඊට වඩා කැමතියි.
මේ අවුරුදු දෙක පුරාවට ම අම්මා තාත්තා ළඟ නැති අඩුව මට නොදැනුනේ ඔයා නිසා. තාත්තගේ විතරක් නෙමෙයි අම්මගේ ආදරෙත් දෙන්න ඔයාට පුළුවන්. ඔයා දන්නවද මම හරිම කැමතියි ලෙඩ වෙන්න
එක අතකින් ලැපේ ටයිප් කරන ගමන් අනිත් අතින්, මට නින්ද යනකන් ඔලුව අතගාන ඔයාගේ ආදරේ විඳින්න. ඉතින් හෙම්බිරිස්සා දාහක් හැදුනත් මොකද?
පොඩ්ඩ ඇත්තන් තද වෙන මම වගේ නෙමෙයි, හරිම කලාතුරකින් තරහ යන ඔයා වචනයක් කිව්වොත් ඒක මට දරා ගන්න අමාරු, ඔයාගේ එක වචනයක් මගේ වචන දාහකටත් වඩා බර නිසා වෙන්න ඇති. මම වැටුණු හැම වෙලාවකම නැගිට්ටපු, මගේ හිත හදපු, ඕනම ප්‍රශ්නෙකදී මගේ ලඟින් ඉඳපු, කවදාවත් නොහිතපු තරමේ ආදරයක් මට දීපු ඔයා ට, ඒවායින් දහයෙන් එකක් වත් මම දීල තියද කියලා මම දන්නේ නැහැ.
සංසාරේ හැමදාම මගේම වෙන්න කියලා ඔයාගෙන් ඉල්ලන්න මට අයිතියක් නැහැ. ඒත් මම නම් හැමදාට ම ඔයාගෙමයි.
හෝව් හෝව්...කොල්ලොන් ගේ ඇස් වල කඳුළු පිරෙනවා දකින්න මම පොඩ්ඩක්වත් කැමති නැහැ...
මෙයට,
ඔයාගේ
සුවිට් වයිෆ්
ප. ලි. හිතේ තියන දේවල් කියනවට වඩා ලියන එක ලේසි හින්දාත්, අපි කවදාවත් වැලන්ටයින් සමරලා නැති හින්දාත් මේ පාර වැලන්ටයින් එකට තෑග්ගක් විදියට ඔයාට මේක දෙන්න හිතුවා.
ප. ප. ලි. මේක ලියන්න ගිහින් තමයි අද හොඳටම පරක්කු උනේ..ඔයා හිතුවේ මට වැඩ හිර වෙලා කියලා නේ...හිකි හිකි...
දයාබර ඔබට,
" ඇයි බන් මට "හා" කියන්න අච්චර කල් ගත්තේ?" තාමත් හිටපු ගමන් ඔයා එහෙම අහනවා.
" කොල්ලොන්ව කොහොමද එක පාරට විශ්වාස කරන්නේ" මාත් ඒ වෙලාවට නෝන්ඩියක් දානවා...
අනේ මන්දා...ඒ දවස්වල යාළුවො නම් ඇහුවේ ආපු යෝජනා වලින් හොඳ එක තෝරනවා නේද? කියලා. ඉටි ගෙඩිය
එච්චර තෝරන්න 50 ක් 60 ක් හිටිය එකක් යැ. තේරිල්ල කෙසේ වෙතත් එහෙම අහපු ගමන් "හා" කියන්න පුලුවන්ද? තනි අකුරේ වචනයක් උනාට ඒක බොහොම භයානක වචනයක්නෙ. අනික එතකොට මට 19 ලැබුවා විතරයි :-\. උත්තරයක් දෙන්න කල් ගියාට අන්තිමේ දී, අහස පුරාම පියාඹපු කිරිල්ලියෙක් ඇවිත් යෝධ ගහක අත්තක වහනවා වගේ මමත් ඔයාට "හා" කියලා කිව්වේ ආපහු යන්න හිතා ගෙන නම් නෙමෙයි. ගහ ගැන සම්පුර්ණ විශ්වාසය තියලා කූඩුවත් ඒ අත්තෙම හදන්න හිතා ගෙන....
ඉතින් පහුවදාම ඔයා නම් මම ගැන ගෙදරට කියල තිබුණා. හපොයි...ඒත් මම? අපේ පවුල් වල වැඩිමල් ම කෙනා මම. අනිත් ඇච්චෝ බැච්චෝ එකෙක්ටවත් ආදර සම්බන්ධයක් ගැන එක්ස්පිරියන්ස් නැහැ. එහෙව් එකේ මම කොහොමද පොර වගේ ගෙදර ගිහින් ඕක කියන්නේ...අම්මටනම් වටින් ගොඩින් මීටර් වෙන විදියේ කතා ටිකක් මම කිව්වා..හලේ ඒත් තාත්තටනම් කියන්න බෑ
.ගෙදරට නොකියා එකට බස් එකේ යන්නවත් අකමැති වුනු ඔයා අන්තිමේදී ගෙදරට කියන වැඩේටත් ඉදිරිපත් උනා. ඒ ක්‍රෙඩිට් එක ඇත්තටම යන්න ඕනේ ඔයාගේ අම්මට යි තාත්තට යි. කෙලින්ම අපේ ගෙදර ගිහින් සතුටු සාමීචියක් දාලා හරිම සරල විදියට වැඩේ කරලා, කැම්පස් එකේ ලයිබ්රියේ හිටපු අපි දෙන්නට කෝල් එකකුත් දුන්නා "ඔන්න පුතේ දැන් දෝණි අපේ" කියලා. හැබැයි ඉතින් ඒක එච්චර සරල විදියට ඉවර උනේ කුල, මල, තරාතිරම ඔක්කොම කණාවට වගේ ගැලපුණ හින්දා කියලා මට හිතෙනවා. ඉතින් කූඩුව හදන්න මම තෝරගතිපු අත්ත හිතුවටත් වඩා ශක්තිමත් කියලා තේරෙන්න වැඩි දවසක් ගියේ නැහැ. හප්පේ...කිරිල්ලියෙකුට ඊටත් වඩා සතුටක් කොහෙන්ද? අවුරුදු ගානකට පස්සේ ඒ කූඩුවත් හදාගෙන මුතු ඇටේට ගොඩක් දුර අපේම පුංචි ලෝකෙකට ඉගිලිලා ඇවිත් අවුරුදු 2 කටත් වැඩි උනත් මට දැනෙන්නේ තාමත් අද ඊයේ වගේ.
කෙල්ලෙක් ජිවිතේ දෙපාරක් උපදිනවා ලු. මුල් වතාවට ඉපදෙද්දී අම්මා, තාත්තා, නෑදෑයෝ, තාත්තගේ වාසගම, මේ හැමදේම ලැබෙනවා. විවාහයේදී තවත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, අලුත් නෑදෑයෝ රොත්තක්, ආදරණීය සැමියෙක් විතරක් නෙවෙයි, අලුත් තාත්තා ගේ වාසගම ත් ලැබෙනවා. ඉතින් කෙල්ලෙක්ගේ දෙවැනි උපත විවාහය කියල කිව්වොත් ඒක හරි. පළමු උපත සිද්ධ වෙන්නේ අපිට ඕන විදියට නෙමෙයි. ඒත් දෙවැනි උපත ගැන හොඳ තීරණයක් ගන්න අපිට බැරි කමක් නැහැ. ඒ අතින් මගේ තීරණය ගැන මට ගොඩක් සතුටුයි. ඒ තීරණය නිසා කවදාවත් මම පසු තැවිලා නැහැ. මගේ ජිවිතේ මම ගත්තු හොඳම තීරණේ ඒක...
දැන් අපේ ආදරේට අවුරුදු 7 ක් ඉවරයි. විවාහයට අවුරුදු 2 ක් ඉවරයි. තාමත් පොඩි ළමයි දෙන්නෙක් වගේ පිස්සු නට නට හිටියට එතනින් එහාට යන්න දවසක් එයි. සේරම කෝලං දෙන්නා ඉන්නකං විතරයි කියනවනේ. ඒවා ඉතින් එතකොට බලමුකෝ නේද?
ඉස්සර ලෝකේ පෙරලුනත් ගානක් නැතුව හිටපු මට අද ඔයා නැතුව එක දවසක් ගෙවා ගන්න අමාරුයි. දවස් කීපෙකට ඔයා කොන්ෆරන්ස් එකකට ගියපු වෙලාවේ පාළුවේ ඉඳලා එපාම වෙලා අන්තිමට කවි ටික ලියලා බ්ලොග් එකේ දැම්මා. මම මෙච්චර බොළඳ උනේ කොහොමද කියල නම් තාමත් හිතා ගන්න බැහැ.
සිංහල බ්ලොග් එකක් බදා ගෙන ටෙක් බ්ලොග් එකේ මකුණු දැල් බැඳෙනවා කියලා මුලින් මට සැර දැම්මට දැන් නම් දවස ගානේ සිංහල බ්ලොග් එකේ අලුත් පෝස්ට් එකක් දැම්මද කිය කියා අහන ඔයාට, පෝස්ට් එකේ පබ්ලිෂ් බට්න් එක ඔබපු ගමන්ම
" ඔන්න මම පෝස්ට් එකක් දැම්මෝ" කියලා කියන එක මගේ සිරිතක් උනත් අද නම් මම මේ පෝස්ට් එක දැම්මා කියලා ඔයාට කියන්නේ නැහැ. නැත්නම් ඉතින් පෝස්ට් එක අකුරක් නෑර කියවලා මටත් කලින් ගිහින් කමෙන්ට්ස් වැටිලද බලලා, ඒවත් කියවලා තමයි ඔයා නවතින්නේ. එහෙම කරනවට මම කැමතියි තමයි..
ඒත් මේක ඔයා ඉක්මනටම දකියි
ඊට පස්සේ... "හොර පූසි, මට කිව්වේ නෑ නේද?" කියලා අහගන්න වෙන ලස්සන බැනුමට මම ඊට වඩා කැමතියි.
මේ අවුරුදු දෙක පුරාවට ම අම්මා තාත්තා ළඟ නැති අඩුව මට නොදැනුනේ ඔයා නිසා. තාත්තගේ විතරක් නෙමෙයි අම්මගේ ආදරෙත් දෙන්න ඔයාට පුළුවන්. ඔයා දන්නවද මම හරිම කැමතියි ලෙඩ වෙන්න
එක අතකින් ලැපේ ටයිප් කරන ගමන් අනිත් අතින්, මට නින්ද යනකන් ඔලුව අතගාන ඔයාගේ ආදරේ විඳින්න. ඉතින් හෙම්බිරිස්සා දාහක් හැදුනත් මොකද? පොඩ්ඩ ඇත්තන් තද වෙන මම වගේ නෙමෙයි, හරිම කලාතුරකින් තරහ යන ඔයා වචනයක් කිව්වොත් ඒක මට දරා ගන්න අමාරු, ඔයාගේ එක වචනයක් මගේ වචන දාහකටත් වඩා බර නිසා වෙන්න ඇති. මම වැටුණු හැම වෙලාවකම නැගිට්ටපු, මගේ හිත හදපු, ඕනම ප්‍රශ්නෙකදී මගේ ලඟින් ඉඳපු, කවදාවත් නොහිතපු තරමේ ආදරයක් මට දීපු ඔයා ට, ඒවායින් දහයෙන් එකක් වත් මම දීල තියද කියලා මම දන්නේ නැහැ.