ඔයාලා අතර ජනප්‍රිය රත්තර0 ගැනයි මෙ කතාව

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔයාලා අතර ජනප්‍රිය රත්තර0 ගැනයි මෙ කතාව

    gold1.jpg


    අද ලෝකයේ මිනිසුන් අතර ජනපි‍්‍රයතම ලෝහ වර්ගය කුමක්දැයි සමීක්ෂණයක් කළහොත් අංක එකට පැමිණෙන ලෝහ වර්ගය රත්තරන්ය. රත්තරන් ඒ තරමටම වටිනා ලෝහයක් බවට පත්ව තිබේ. සුලබව දැකිය නොහැකි ලෝහයක් නිසාත් ආභරණ තැනීමේදී එය වඩාත් පහසුවෙන් ප‍්‍රයෝජනයට ගත හැකි නිසාත්, එහි දීප්තිමත් කහ පැහැය නිසාත් රත්තරන්වල වටිනාකම දිනෙන් දින ඉහළට යනවා මිස එහි අගය අඩුවීමක් සිදු නොවේ.


    එදා මෙදාතුර කාන්තාවන්ගේ රුව ඔප් නංවන්නට භාවිතා කරනු ලබන රත්තරන් කොතරම් ජනපි‍්‍රය ද යත් රන් වලින් තැනූ ආභරණයක් භාවිත නොකරන කාන්තාවක් සොයා ගැනීමද අපහසු කරුණක් වෙයි. දිනෙන් දින මිල ඉහළ යන රත්තරන් ලෝකයෙන් ක්ෂය වීම ද මේ වටිනා බවට හේතු වී තිබේ. රත්තරන් දීප්තිමත් කහ පැහැයෙන් යුතු ලෝහයකි. ඝනත්වයෙන් අධික රත්තරන් ලෝහයෙහි ද්‍රවාංකය සෙන්ටිග්‍රේට් අංශක 1064 කි. තාපාංකය සෙන්ටිග්‍රේට් අංශක 2808 කි. ඉතා තුනී තහඩු ලෙස නැමිය හැකි රත්තරන් ලෝහය මෘදුව සහ ඍජුව නැමීම් තැලීම් වැනි කි‍්‍රයාකාරකම් සඳහා යොදා ගත හැකිවීම භාණ්ඩ නිපදවීමේදී නවීන මෝස්තරකරණයට හේතු වී ඇත. රත්තරන් ලෝහය අම්ල සමඟ වෙන වෙනම ප‍්‍රතිකි‍්‍රයා නොකරයි. නයිටි‍්‍රක් අම්ලය හෝ හයිඩ්‍රොක්ලෝරීන් අම්ලය සමඟ ප‍්‍රතිකි‍්‍රයා නොකරන රත්තරන් අම්ල මිශ‍්‍රණයක් වන රාජ අම්ලය තුළ දියැවෙයි. රසායනිත ප‍්‍රතිකි‍්‍රයා වලට තදින් ඔරොත්තු දීමට ඇති හැකියාව රන් ආභරණවල තත්ත්වය උසස් වීමට තවත් එක් හේතුවකි.ලෝහවල දීප්තිය දිනෙන් දින අඩුවන බව අපි දනිමු. රිදී කළු පැහැයට හැරෙන්නේ පරිසරය සමඟ සිදුවන රසායනික ප‍්‍රතිකි‍්‍රයාවන්හි ප‍්‍රතිඵලයක් ලෙසටය. නමුත් රත්තරන් ලෝහයෙහි දීප්තිය අඩුවීම හෙවත් මළින වීම සිදුවන්නේ ඉතාමත් මන්දගාමී ස්වරූපයකිනි. අලංකාරය සඳහා රන් ආභරණ භාවිත කිරීමේදී මේ දීප්තිමත් බව වටිනාම සාධකයක් සේ සැලකෙයි.


    රත්තරන් විශාල කුට්ටි ලෙස හෝ දූවිලි අංශු ලෙස හමුවෙයි. මෙසේ රත්තරන් ආකර දැකිය හැකි රටවල් ප‍්‍රමාණය අවමවීමද ලෝහයෙහි වටිනාකම ඉහළ යාමට හේතුවක් වී තිබේ. ඇමෙරිකාව, ද. ඇමෙරිකාව, එක්සත් ජනපදය, ඕස්ටේ‍්‍රලියාව, මෙක්සිකෝව සහ රුසියාව වැනි රටවල් රත්තරන් නිසා රන් නමන් දිනා සිටින රටවල් සේ සැලකෙයි. වසරක් සඳහා මේ සියලු රටවලින් නිපදවනු ලබන පිරිසුදු රත්තරන් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 1300 - 1500 දක්වා විහිදෙයි. මෙම ප‍්‍රමාණයෙන් වැඩිම රන් නිශ්පාදිත රට ලෙස දැනට ඉදිරියෙන් සිටින්නේ දකුණු ඇමෙරිකාවයි. එය ලෝක රන් නිෂ්පාදනයෙන් 68% කි.



    රත්තරන් මනිනු ලබන ඒකකය කැරට් (ම්) ලෙස හැඳින්වෙයි. කැරට් 24, 22, 9, 18, 21 ලෙස වර්ග කරනු ලබන රන් භාණ්ඩ අපට වෙළෙඳ පොළේදී දැකගත හැකිය.මෙසේ කැරට් ප‍්‍රමාණය තීරණය වන්නේ රත්තරන් සමඟ මිශ‍්‍ර කරනු ලබන ලෝහ ප‍්‍රමාණය අනුවයි.කැරට් 24 රත්තරන් ලෙස හැඳින්වෙන්නේ 100% පිරිසුදු රත්තරන්ය. කැරට් 24 රත්තරන් ග‍්‍රෑම් 1000 ක් ගෙන බැලුවහොත් එම ග‍්‍රෑම් 1000 ම රත්තරන්ය. නමුත් කැරට් 22 රත්තරන් ග‍්‍රෑම් 1000 ගෙන බැලුවහොත් රත්තරන් අඩංගු වන්නේ ග‍්‍රෑම් 916 පමණි. ඉතිරි ග‍්‍රෑම් 84 ක ප‍්‍රමාණය සඳහා වෙනත් ලෝහ වර්ග මිශ‍්‍ර කරනු ලැබේ. තඹ පමණක් මිශ‍්‍ර කළහොත් මිශ‍්‍රණය රතු පැහැයට හැරෙයි. රිදී පමණක් මිශ‍්‍ර කළහොත් මිශ‍්‍රණයෙහි රන් වර්ණය අවම වෙයි. රත්තරන් සඳහා රිදී සහ තඹ මිශ‍්‍ර කිරීමේදී නියමිත අනුපාත වලටම එය නිවැරැදිව මිශ‍්‍ර කිරීමට රන් කරුවන් උත්සහ ගනු ලබන්නේ වර්ණයෙහි කිසිදු වෙනසක් නොවන පරිදි භාණ්ඩ නිෂ්පාදනය සඳහායි. කැරට් 18 රත්තරන් ග‍්‍රෑම් 1000 කින් ග‍්‍රෑම් 750 පිරිසුදු රත්තරන්ය. ඉතිරි ග‍්‍රෑම් 250 සඳහා තඹ, රිදී වැනි ලෝහ නියමිත අනුපාත අනුව මිශ‍්‍ර කරනු ලැබේ. කැරට් 18 හා 21 රන් භාණ්ඩ සඳහා හොඳ වෙළෙඳ පොළක් දක්නට ලැබෙ.


    මෙම වැදගත් ලිපිය උපුටා ගැනිමකි


     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha

    අද ලෝකයේ මිනිසුන් අතර ජනපි‍්‍රයතම ලෝහ වර්ගය කුමක්දැයි සමීක්ෂණයක් කළහොත් අංක එකට පැමිණෙන ලෝහ වර්ගය රත්තරන්ය.

    කැරට් 24 රත්තරන් ලෙස හැඳින්වෙන්නේ 100% පිරිසුදු රත්තරන්ය. කැරට් 24 රත්තරන් ග‍්‍රෑම් 1000 ක් ගෙන බැලුවහොත් එම ග‍්‍රෑම් 1000 ම රත්තරන්ය.

    නමුත් කැරට් 22 රත්තරන් ග‍්‍රෑම් 1000 ගෙන බැලුවහොත් රත්තරන් අඩංගු වන්නේ ග‍්‍රෑම් 916 පමණි. ඉතිරි ග‍්‍රෑම් 84 ක ප‍්‍රමාණය සඳහා වෙනත් ලෝහ වර්ග මිශ‍්‍ර කරනු ලැබේ. තඹ පමණක් මිශ‍්‍ර කළහොත් මිශ‍්‍රණය රතු පැහැයට හැරෙයි. රිදී පමණක් මිශ‍්‍ර කළහොත් මිශ‍්‍රණයෙහි රන් වර්ණය අවම වෙයි. රත්තරන් සඳහා රිදී සහ තඹ මිශ‍්‍ර කිරීමේදී නියමිත අනුපාත වලටම එය නිවැරැදිව මිශ‍්‍ර කිරීමට රන් කරුවන් උත්සහ ගනු ලබන්නේ වර්ණයෙහි කිසිදු වෙනසක් නොවන පරිදි භාණ්ඩ නිෂ්පාදනය සඳහායි.


    හොද පෝස්ට් එකක්... ඒ වගේම ජනපි‍්‍රය රත්තරං උනත් ප්ලැටිනම් තමා වැඩිම වටිනාකම ආභරණ නිෂ්පාදනයේදී. නමුත් තඹයි රිදියි දෙකම නම් මම දන්න තරමින් මිශ්‍ර කරන්නෙ නෑ.. තඹ විතරයි මිශ්‍ර කරන්නෙ.. රිදී මිශ්‍ර කිරීමක් නම් මම දන්නෙ නෑ. නමුත් සුපිරිසිදු නොවන රත්තරං පිරිසිදු කරගැනීම සදහා රිදී භාවිතා කරනව... ඒ වගේම ලංකාවෙ අද කැරට් 24 බිස්කට් හොයා ගන්න හරි අමාරුයි. 23.9 ක් විතර තමා රත්තරං තියෙන්නෙ.

    මේ තියෙන්නෙ 24K බිස්කට් එකක්.. ඒත් 23.96K තියෙන්නෙ. පුංචි බෝල වගේ තියෙන්නෙ මික්ස් කරන්න ගෙනාපු තඹ ටික.

    Gold.png
    gold2.png


     
    Last edited: