රටක් ඉතුරු වෙයිද අප්පා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සීනි මගඩිය සමඟ හෙළිවන එතනෝල් කතාන්තරයේ කළු පැල්ලම්...

    sugar

    බුලිත ප‍්‍රදීප් කුමාර

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට මාස කිහිපයකට පෙර අපේ රටේ සීනි කර්මාන්තය සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දුවක් ගත්තේය.

    sugar2
    පිටරටවල් වලින් ආනයනය කරන සීනි කිලෝවක් වෙනුවෙන් තිබූ ආනයන සේවා බද්ද රුපියල් 33 සිට රුපියල් 50 දක්වා වැඩි කළේ අරමුණු කිහිපයක් මුදුන්පත් කර ගැනීමේ අරමුණ ඇතිවය. එවිට එදා ඔහු මෙසේ කියමින් තම අරමුණේ එක් පැත්තක් ප‍්‍රකාශයට පත් කළ අයුරු අපට මතකය.

    ‘‘මේ රටේ එතනෝල් වල හිඟයක් නෑ...සීනි කර්මාන්ත ශාලාවල රටට ඇති තරම් එතනෝල් තියෙනවා. එහෙම තියෙද්දිත් මේ ගොල්ල මත්පැන් නිෂ්පාදනයට එතනෝල් පිටරටින් ගෙනාවා. අපි එක තහනම් කළා. ඊට පස්සේ මෙයාලා සීනි පාවිච්චි කරලා එතනෝල් ලංකාවේ හදන්න පටන් ගත්තා... මේවා අපි නොදන්නව නෙවෙයි...” සීනි බදු ඉහළ දමමින් ජනාධිපතිවරයා එදා එසේ කීවේ ලංකාවට පැමිණෙන සීනි තොග වලින් අඩකට ආසන්න කොටසකට අපේ රටේ දී සිදු වන්නේ කුමක් ද කියා ඔහු හොඳ හැටි ගවේෂණය කර දැන සිටි නිසා වන්නට ඇත.

    සැබැවින්ම මේ රටේ පරිභෝජනය සඳහා මසකට සීනි මෙටි‍්‍රක් ටොන් 45 000ක් අවශ්‍ය බව ගණන් බලා තිබේ. අපේ කලාපයේ සීනි පරිභොජනය සම්බන්ධයෙන් ගත්කල ඉහළම පාරිභෝගිකයා වන ශ‍්‍රී ලංකාව මේ සීනි වලින් වැඩි ප‍්‍රමාණයක් යොදවන්නේ ජනතාවට කන්නට බොන්නට නොව, එතනෝල් නිෂ්පාදනයට බව ප‍්‍රසිද්ධ රහසකි.

    * සීනි ගනුදෙනුවේ වාසිය කාටද..?

    ඉන්පසුව සීනි රුපියල් 110 සිට 140 දක්වා වූ විවිධ මිල ගණන් වලට වෙළඳපොළේ තිබුණත් ජනතාවට එය ඒ තරම් දැනුණේ ද නැත. ජනතාව සීනි මිල වැඩි යැයි මැසිවිලි නැගුවේ නැත. සීනි මිල අඩු කරන්න යැයි කියමින් ජනතාව උද්ඝෝෂණය කරමින් පාරට බැස්සේ හෝ ලිප්ටන් වටරවුමේ පෙළපාලි ගියේ නැත. එහෙත් හිටි හැටියේ රජය කාගේදෝ උපදෙස් මත සීනි මිල අඩු කිරීම සඳහා කිලෝවට රුපියල් 50 බැගින් තිබූ ආනයන බද්ද ශත 25 ක් දක්වා රුපියල් 49.75ක් අඩු කර දැමුවේ ඇයි. ඒ ජනතාවට අත්‍යවශ්‍ය විටමිනයක් හෝ ප්‍රෝටීනයක් යැයි සිතා ජනතාවගේ සීනි පරිභෝජනය ප‍්‍රවර්ධනය කිරීමට ද. එසේත් නැති නම් එතනෝල් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා තුළ තිබූ සත්‍යාවබෝධය මොකක් හෝ හාස්කමක් නිසා එක පාර අතුරුදන් වී ගිය නිසා වත්ද. මේ ආකාරයට පුදුමසහගත ප‍්‍රමාණයකින් සීනි මිල පහත හෙළන්නට මෙතරම් ප‍්‍රමාණයකින් බදු මිල අඩු කළේ එක්කෝ සත් භාවයෙන් ජනතාවට සහන සලසන්නට ය. නැතිනම් කවුරු හෝ බලවත් ව්‍යාපාරිකයෙකුගේ උප්පරවැට්ටියකටය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන නම් කියන්නේ ජනාධිපතිතුමා ඉතා සද්භාවයෙන් මෙය රටේ ජනතාව ගැන සිතා කරන ලද්දක් බවය. එහෙත් පොදු ජනතාවට මින් සහනයක් ලැබී තිබේ ද. මහා පරිමාණයෙන් මේ රටට සීනි ගෙන්වන ලද විල්මා ටේ‍්‍රඩින් කොම්පැනි ලිමිටඞ් ආයතනය හා සියලූ ලොකු කුඩා සීනි ආනයනකරුවන් හැර මේ සීනි ගනුදෙනුවෙන් වාසි ලබන තවත් අය සිටිත්ද.

    මේ සීනි ගනුදෙනුවෙන් ජනතාවට ලබා දුන් සහනය ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගන්නා ලද අන්දම ගැන අපි පසුගිය සතියේ ඕනෑවටත් වඩා සාකච්ඡා කර ඇත්තෙමු. අද අපි කතා බහ කරන්නේ මේ සීනි ගනුදෙනුව පිටුපස සිටිමින් වාසි ලබන තවත් පිරිසක් ගැනය. ඔවුන් අන් කවුරුවත් නොව. මේ රටේ මහා පරිමාණ අරක්කු නිෂ්පාදකයන්ගේ සිට ග‍්‍රාමීය මට්ටමින් පවත්වාගෙන යන හැලි අරක්කු නිෂ්පාදකයන් දක්වා වූ රටට නිර්ලොභීව ‘‘මත” සපයන්නන්ය.

    අද අපි සවිස්තරව කතා බහ කරන්නට යන්නේ මෙන්න මේ රටට මත සපයන්නන් ගැනය.

    * රටට ‘‘මත’’ සපයන්නන්ගේ කතාව..!

    පසුගිය නොවැම්බර් මාසයේ පැවති අයවැය විවාද වලදී විපක්ෂයේ මන්ත‍්‍රී බුද්ධික පතිරණ ඉතා වැදගත් කාරණා කිහිපයක් පාර්ලිමේන්තුවේ මතු කරන්නට හුදෙකලා උත්සාහයක් ගත්තා අපට මතකය. ඔහුගේ කෙටි දෙසුම් සියල්ල හා ප‍්‍රශ්න කිරීම් සියල්ල අනුර කුමාර දිසානායකගේ සීනි දේශනාව තරම් කරුණු කාරණා අතින් සරුසාර නැත. සාරගර්භ නැත. කැටයම් නැත. එහෙත් මගේ උපන් ගමේ මිත‍්‍රයා එහිදී ඉතා වැදගත් කාරණා දෙක තුනක් ඉස්මතු කළේය.

    අපේ රටේ නීත්‍යනුකූලව මත්පැන් නිෂ්පාදනය සඳහා ඉස්කාගාර පවත්වා ගෙන යෑමට ආයතන 27ක් බලපත‍්‍ර ලබා ගෙන තිබේ. ආයතන දෙකක් අකර්මණ්‍ය ය. ආයතන 25ක් සේවයේ නිරතය. එහෙත් අපේ රටට සුරා බදු ගෙවීම් සම්බන්ධයෙන් සලකා බලන කල සමස්ත සුරා බදු ආදායමෙන් 95% ක්ම ගෙවනු ලබන්නේ ආයතන 5ක් විසින් පමණි. ඉතිරි ආයතන 20 ම නියෝජනය කරන්නේ සමස්ත බදු ගෙවීම් වලින් 5%ක ප‍්‍රතිශතය පමණි. බුද්ධික ඇසුවේ මේ අසමානතාවය ගැනය. මෙතන යම් බදු වංචාවක් සිදු වී ඇද්ද කියාය. මන්ත‍්‍රීවරයා මෙසේ ප‍්‍රශ්නයක් නැගුවත් බුද්ධිකට නිවැරදි හරි උත්තරයක් ලබා දීමට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් ළඟ තොරතුරු තිබුණේ නැත. මන්ද උත්තරය ගැටලූවක් නොව, ගැටලූ සංකීර්ණයක් ලෙස පවතින නිසා ය. ගැටලූ සංකීර්ණයක් එකට එක පැටලී ඇති පසුබිමක ඒ ගැටලූ එකින් එක මුදාගෙන උත්තර සෙවීම කිසිවෙකුටත් පහසු නැත. උත්තරයක් සෙවීමට නම් අප ඒ ප‍්‍රශ්නයේ මුල සිට පටන් ගත යුතුව ඇත. අප මේ ගැටලූව වටහා වටහා ගැනීමටත් ගැටලූවේ මුලට යා යුතුය. ගැටලූවේ මුල එතනෝල්ය

    * මොනවද මේ එතනෝල්..?

    මත්පැන් කර්මාන්තයේ මූලික පදනම එතනෝල්ය. එතනෝල් අපට විවිධ ප‍්‍රභවයන් ඔස්සේ ලබාගත හැකිය. එතනෝල් ලබාගැනීමට ලංකාවේ තිබෙන හොඳම පිරිසුදුම ක‍්‍රමවේදය පොල් ගසෙන් ලබා ගන්නා පිරිසිදු පොල් රා දින කීපයක් පැසෙන්නට තබා උණු කිරීමෙන් (ආසවනය) ඉවත්ව යන වාෂ්පය දියරයක් ලෙස එකතු කර ගැනීමයි. එම ස්ප‍්‍රීතුවේ විද්‍යාත්මක නාමය එතනෝල්ය. එම එතනෝල් එකට දෙකේ අනුපාතයට මිශ‍්‍ර කිරීමෙන් අපට ව්‍යවහාරික අරක්කු සාදා ගත හැකිය. තවදුරටත් පැහැදිලි කළහොත් එතනෝල් බෝතලයකට හොඳින් උණු කර නිවාගත් පිරිසුදු ජලය බෝතල් දෙකක් එකතු කළ විට 33.5%ක් සැර ඇල්කොහොල් ප‍්‍රතිශතයකින් යුත් අරක්කු බෝතල් තුනක් සාදා ගත හැකිය.

    සීනි කර්මාන්තයේ අතුරු ඵලයක් ලෙස ද අපට තවත් අයුරකින් එතනේල් ලබා ගත හැකිය. ලංකාවේ අරක්කු නිෂ්පාදනය සඳහා මේ ක‍්‍රම දෙකෙන්ම එතනෝල් ලබාගත්තත් අපේ රටේ ඉල්ලූමට සාපේක්ෂව සැපයුමක් ලබා දීමට එම ප‍්‍රමාණය මදි නිසා වාර්ෂිකව විශාල ප‍්‍රමාණයක් එතනෝල් ලංකාවට ආනයනය කළ යුතුව පවතී. ලංකාවට එතනෝල් ආනයනය කිරීම අධික ලෙස මුදල් වැයවන කටයුත්තක් බව සැබෑය. මේ සඳහා කාලාන්තරයක් තිස්සේ විකල්ප සෙවූ අරක්කු නිෂ්පාදකයෝ අවසානයේ සොයා ගත් ප‍්‍රතිකර්මය වූයේ ලංකාවේ තිබෙන පොල් ගස් අතුරු වලින් ලැබෙන රා ප‍්‍රමාණය එතනෝල් නිෂ්පාදනය සඳහා ප‍්‍රමාණවත් නොවන නිසා කෘතීම ලෙස රා නිපදවා ගැනීමයි. කෘතීම ලෙස රා නිපදවා ගැනීමට නම් සීනි හා යූරියා එකට ජලය සමග නිසි අනුපාත වලට කවලම් කර එයට පැසුම්කාරකයක් ලෙස ඊට්ස් යොදා එම ක‍්‍රියාවලිය වේගවත් කිරීමට යම් යම් ලෝහ වර්ග යොදා තිබෙන්නට හැර ආසවනයට ලක් කිරීමයි. උණු කිරීමෙන් පිටව යන වාෂ්පය සිසිල් කිරීම තුළින් එතනෝල් දියරය නිෂ්පාදනය වේ.

    එහෙත් ප‍්‍රශ්නයක්ව ඇත්තේ මෙසේ කෘතිමව සීනි යූරියා හා ඊට්ස් වල සංයෝගයෙන් සාදන එතනෝල්වල අධික ලෙස ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු වීමයි. ඒ හා සාපේක්ෂව පිරිසිදු පොල් රා වලින් පෙරා ගන්නා එතනෝල් වල ඇමෝනියා හෝ අහිතකර ද්‍රව්‍ය කිසිවක්ම නැත. අද ලංකාවේ ක‍්‍රියාත්මක වන ඉස්කාගාර වලින් බොහෝමයක නිෂ්පාදන වලට අවශ්‍ය වන්නේ එතනේල්ය. ඒවා කෘතිමව හැදුවාද ස්වාභාවික රා වලින් හැදුවා ද කියා හොයන්නට අධික ලාභ අපේක්ෂාවෙන් පෙළෙන මේ බොහෝ නිෂ්පාදකයන්ට අවශ්‍ය නැත.

    * නීත්‍යනුකූල නොවන එතනෝල්!

    බුද්ධික පතිරණ පෙන්වා දෙන අන්දමට මේ රටේ රා පෙරීම සඳහා නීත්‍යනුකූලව පොල් අතුරු පවත්වාගෙන යන බලපත‍්‍රලාභීන් ඇත්තේ 3094 දෙකනකි. එතනෝල් සෑදීමට බලපත‍්‍රලාභි ආයතන ඇත්තේ 32කි. එහෙත් මේවායේ නිෂ්පාදනය ගෙන ගණන් හදා බලන විට අදාළ පොල් ගස් ප‍්‍රමාණයෙන් ලබාගත හැකි රා වලට වඩා මහා පරිමාණ වශයෙන් ඔවුන් රා නිෂ්පාදනය කරයි. ඔහු තර්ක කළේ එසේ නිපදවන්නේ කෙසේද කියාය. ඔහු තර්ක කළේ ඒවා නිසැක වශයෙන්ම නීත්‍යනුකූල නොවන මාර්ග වලින් සීනි යූරියා ඊට්ස් අනුසාරයෙන් නිපදවන කෘතිම රා බවයි.

    ‘‘සාමාන්‍යයෙන් හොඳ පොල් ගහකින් දවසකට ගන්න පුළුවන් රා ප‍්‍රමාණය ලීටර් එක හමාරයි. එම ප‍්‍රමාණය අතුරේ තිබෙන ගස් ප‍්‍රමාණයෙන් වැඩි කරලා බැලූවම ඒ අතුරෙ උපරිම ධාරිතාව ගණන් හදා බැලිය හැකියි. හැබැයි ඒ අතුරු තමන්ගේ සම්පූර්ණ ධාරිතාව ඉක්මවලා ලීටර් 60 000 - 80 000 එකවර නිපදවලා අහුවුණා. විශේෂ කාර්ය බළකාය පොලිසිය ඒවා අල්ලලා සුරාබදු දෙපාර්තමේන්තුවට භාර දුන්නා. කෝ.. කාටද එයාලා දඬුවම් කරලා තියෙන්නේ. සුරාබදු දෙපාර්තමේන්තුව ඒවා කාර්මික අපරාධ ලෙස සලකලා පුංචි රුපියල් පන්දාහක දඩයක් ගහලා අත පිහිද ගන්නවා. ඒක කොහොමද කාර්මික අපරාදයක් වෙන්නෙ. ඔන්න ලීටර් දාහක් දෙදාහක් වැඩි වුණා නම් කාර්මික අපරාධයක් කියන්න පුළුවන්. හැටදාහක් අසූදාහ වැඩි වෙන එක කාර්මික අපරාධ නෙවෙයි. ඒවා මහා පරිමාණ මත් අපරාධ....”

    අය-වැය විවාදයේදී බුද්ධික මේ ප‍්‍රශ්න මතු කළත් ඒවා දිගින් දිගටම ඇදගෙන යන්නට තරම් සහයෝගයක් දෙන්නට දැනුවත් විපක්ෂයක් පාර්ලිමේන්තුවේ සිටියේ නැත. සිටියත් ඇතැම් දේශපාලනඥයන් විසින් මෙහෙයවන මේ මත් අපරාධ සම්බන්ධයෙන් කටක් අරින්නට විපක්ෂයේ ඒ ඒ කථිකයෝ සූදානම් නැත්තේ කාගේ කාගේත් කිල්ලෝටවල ටික ටික හෝ හුණු තිබෙන නිසාය. අප දන්නා පරිදි අරක්කු කර්මාන්තය යනු වසරකට රුපියල් බිලියන 250 පමණ පිරිවැටුමක් සහිත ව්‍යාපාරයකි. ඒ මඟින් රජයට බිලියන 200ක පමණ බදු ආදායමක් ලැබිය යුතු ව ඇත. එහෙත් අද රජය ලබන්නේ වසරකට රුපියල් බිලියන 120 ක පමණ බදු ආදායමක් පමණි. රජයට මොන මොන මාර්ග වලින් හෝ අහිමි වන බදු ප‍්‍රමාණය රුපියල් බිලියන 80 ක ට වැඩි බව පැහැදිලි ය.

    * අහිමිවන බදුමුදල බිලියන 80ක්..!

    මහ බැංකු හොරකමෙන් රටට අහිමි වූ බිලියන පහ ගැන දැන් අවුරුදු ගණනක් අපි කතා කර ඇත. එහෙත් වසරක් පාසා හොර පාරේ නීත්‍යනුකූල නොවන මත්පැන් කර්මාන්තයෙන් රජයට අහිමි වන බිලියන 80 ක බදු ආදායම ගැන කතා කරන්නේ කවුද... ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි ලංකාවේ භාවිත මත්පැන් වලින් 40% කාටත් වඩා ඇත්තේ නිත්‍යනුකූල නොවන මාර්ග වලින් නිපදවන මත් පැන්ය. මේ ගැන අධ්‍යයනය කිරීම පහසු නැත. ඒ නිසා බුද්ධික කොතරම් ප‍්‍රශ්න ඇසුවත් ඒ ගැන සබුද්ධිකව උත්තර දීම අජිත් නිවාඞ් කබ්රාල් ඇමැතිතුමන් ට ද පහසු නැත.

    රටේ මේ සියල්ල සිදුවන අතරතුර තවත් සිදුවීම් ගණනාවක් ගැන කතා කරන්නට ඉදිරියේදී අපිට අපිට මාතෘකා ලැබෙනු නිසැකය. අලූත් කර්මාන්තයක් ලෙස ධාන්‍ය වර්ග වලින් හා සත්ව ආහාර වලින් එතනෝල් නිපදවන්නට ද සැලසුම් කෙරෙන ව්‍යාපාරයක් ගැන තොරතුරු එමින් පවතී. ඒ අතර මහබැංකු අපරාදයෙන් සොයා ගන්නා ලද අතිවිශාල මුදල් සම්බන්ධයෙන් මත්පැන් කර්මාන්තශාලාවක් පාසිකුඩා ප‍්‍රදේශයේ ඉදි කරන්නට ගිය බව මීට කලකට පෙර අපේ සමාජයේ කතා බහට ලක්විය. බොහෝ දෙනකු සිතුවේ යහපාලන රජයේ බිඳ වැටීමෙන් පසුව හා මහ බැංකු වංචාව ගැන හෙළිදරව් වීමෙන් පසුව මෙම කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු මග නතර වූවා යැයි කියාය. එහෙත් නුදුරේදීම යළි එම කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු ආරම්භ වීමට නියමිත බවටද තොරතුරු තිබේ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    * පින්නෙන් ගෙන පීල්ලෙන් හැරීම..!

    sugur2
    අද ලංකාවට ගෙන්වන වයින් සඳහා අය කරන බද්ද ලීටරයකට 3200කි. එහෙත් ඉහත කී සකේ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන සඳහා අය කිරීමට නියමිත සුරා බද්ද ලීටරයකට රුපියල් 900කි. එමඟින් ද එකට ලීටරයක් තුළින් රජයට අහිමි වන බදු මුදල රු2300 පමණ වේ. මේ අයුරින් ලංකාවේ මත් පැන් කර්මාන්තය පුරාම අද දක්නට ඇත්තේ රජයට හිමිවිය යුතු බදු මුදල් භාණ්ඩාගාරයට නොයවා යම් යම් ව්‍යාපාරිකයන්ගේ සාක්කු වලට හා භාණ්ඩාගාර වලට පිරෙන අන්දමට පීල්ලෙන් දිය කර හරින අන්දමේ සැලසුම්ය.

    ගැමියෝ මේවාට කියන්නේ ”පින්නෙන් එකතු කර පීල්ලෙන් හැරීම” යැයි කියාය.

    මත්පැන් නිෂ්පාදනය සඳහා පිටරටින් එතනෝල් ගෙන ඒමේදී රජයට ගෙවිය යුතු බද්ද අධික ය. මත්පැන් නිෂ්පාදකයෝ එය ගෙවන්නේ නැත. මන්ද ඔවුන් එතනෝල් පිට රට වලින් නොකරන නිසාය. එක්කෝ ආනයනය කරන්නේ ඉතා සුළු ප‍්‍රමාණයක් නිසා ය. තම නිෂ්පාදන සඳහා අවශ්‍ය වන එතනෝල් ඔවුන් සපයා ගන්නේ යම් ප‍්‍රමාණයක් පොල් අතුරු වලිනි. තවත් යම් ප‍්‍රමාණයක් සීනි කර්මාන්ත ශාලාවලිනි. මේ අතර වැඩි ප‍්‍රමාණයක් ඉතා සූක්ෂම ලෙස පොල් අතුරු වලට මුවා වී කෘතීම රා නිෂ්පාදනාගාර පවත්වා ගෙන යන එතනෝල් නිෂ්පාදනාගාර වලින් ලබා ගනිති. හොර රහසේ කෙරෙන මෙම ගනුදෙනුවල ප‍්‍රතිඵල එන්නේද බොහෝවිට හොර රහසේය. ඇතැම් විට මෙසේ නිපදවන අරක්කු තොග වලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් මත් පැන් අලෙවි සල් වලින් මත් පාරිභෝගිකයන් වෙත විකුණා දැමෙන්නේ ද සුරාබදු දෙපාර්තමේන්තුවේ කිසිදු නියාමනයකින් තොරව හොර රහසේ ය.

    රජයට බදු ගෙවා එතනෝල් ගෙනෙන්නේ නැත. රජයට බදු මුදල් අහිමි වන පළමු අවස්ථාව එයයි. එතනෝල් නිපදවන්නේ රජයට සත 25 ක් බදු ගෙවා ලබා ගන්නා සීනිවලිනි. රජයට ආදායම් අහිමි වන දෙවන අවස්ථාව එයයි. අරක්කු නිපදවන්නේ නීත්‍යනුකූල නොවන එතනෝල් වලිනි. රජයට බදු හිමි නොවන තෙවන අවස්ථාව එයයි. එබඳු අරක්කු වලින් යම් ප‍්‍රමාණයක් අලෙවි සල් මගින් අලෙවි වන්නේ ද සුරාබදු නිලධාරීන්ගේ අධීක්ෂණයකින් තොරවයි. රජයට බදු අහිමි වන සිව්වන අවස්ථාව එයයි. එකම නිෂ්පාදනයකින් රජයේ කඩයිම් හතරකින් රිංගා මහජනතාවට වස පොවන මෙවන් මහා පරිමාණ නිෂ්පාදන ගැන ඔබ වෙන මොන රටකවත් අසා තිබේද...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    සීනි බදු ඉහළ දමමින් ජනාධිපතිවරයා එදා එසේ කීවේ ලංකාවට පැමිණෙන සීනි තොග වලින් අඩකට ආසන්න කොටසකට අපේ රටේ දී සිදු වන්නේ කුමක් ද කියා ඔහු හොඳ හැටි ගවේෂණය කර දැන සිටි නිසා වන්නට ඇත.

    වසරේ විහිලුව
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සීනි බදු ඉහළ දමමින් ජනාධිපතිවරයා එදා එසේ කීවේ ලංකාවට පැමිණෙන සීනි තොග වලින් අඩකට ආසන්න කොටසකට අපේ රටේ දී සිදු වන්නේ කුමක් ද කියා ඔහු හොඳ හැටි ගවේෂණය කර දැන සිටි නිසා වන්නට ඇත.

    වසරේ විහිලුව

    මං හිතන්නේ ඔබ සාකසම් කියන එක දන්නවා කියල

    දිවයින කවදත් රට වෙනුවෙන් හිටිය පත්තරයක් එදත් අදත් උන් ඒක කරනවා

    අපේ රටේ ලොකුම ප්‍රශ්නේ තමා දේශපාලකයා තමන් ඔක්කොම දන්නවා කියලා හිතන ඒකත් අනික් පැත්තට කිසිම දෙයක් නොදන්නා නිසා තනිකර උපදේශකයන් මත යැපීමත්

    වෙන්න ඕනේ දේ තමා එක් එක් විෂයන් සම්බන්ද ප්‍රමාණික දැනුමක් තියෙන දේශපාලකයන්ට ඒ ඒ විෂය පැවරීම නමුත් වෙන්නේ චන්ද ගණන හා ජේෂ්ටත්වය අනුව ඇමතිකම් දීම

    අනික් වෙන්න ඕනේ දේ තමා රටේ සෑම අංශයකටම analatical wing එකක් හරහා ක්‍රියාත්මක වන උපදේශ මණ්ඩල පිහිටුවීම ඒවා සම්බන්දව විපරම් කිරීමට බුද්දි අංශ හා විගණන කොමිසම් බලාත්මක කිරීම

    නමුත් වෙන දේ තමා ඇමති හෝ ජනපතිගේ උවමනාවට උගතුන් සෙට් එකක් උපදේශකයෝ හැටියට දමා ගැනීම ඉතිං මේ උගත්තු එකෙක් දෙන්නෙක් බා ගත්තාම ඕනේ එකෙක්ට ඕනේ වැඩක් ජාතික ප්‍රතිපත්තියක් හැටියට උනත් ක්‍රියාත්මක කරන්න පුළුවන් වීම

    ජාතික ප්‍රතිපත්ති හැදෙන්න ඕනේ අර වගේ analatical wing එකක් හරහා
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    කිලෝ එකකින් රුපියල් 49ක් හිතවතෙකුට දීපු එක හරිද?
    සිරිසෙනට කොන්ද පන ණෑ බන්..
    කිවුවා ජානදිපතිවරනේ මොකක උනත් 2/3 දෙන්න එපා කියලා.
    අන්තිමට දුන්නේ නෑ, බලය වෙනුවෙන් තම්බි එක්ක නිදාගත්තා.
    ලන්කාව වගේ රටක කිසිම කෙනෙකුට වෑඩි බලයක් ඔනේ නෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    මං හිතන්නේ ඔබ සාකසම් කියන එක දන්නවා කියල

    දිවයින කවදත් රට වෙනුවෙන් හිටිය පත්තරයක් එදත් අදත් උන් ඒක කරනවා

    අපේ රටේ ලොකුම ප්‍රශ්නේ තමා දේශපාලකයා තමන් ඔක්කොම දන්නවා කියලා හිතන ඒකත් අනික් පැත්තට කිසිම දෙයක් නොදන්නා නිසා තනිකර උපදේශකයන් මත යැපීමත්

    වෙන්න ඕනේ දේ තමා එක් එක් විෂයන් සම්බන්ද ප්‍රමාණික දැනුමක් තියෙන දේශපාලකයන්ට ඒ ඒ විෂය පැවරීම නමුත් වෙන්නේ චන්ද ගණන හා ජේෂ්ටත්වය අනුව ඇමතිකම් දීම

    අනික් වෙන්න ඕනේ දේ තමා රටේ සෑම අංශයකටම analatical wing එකක් හරහා ක්‍රියාත්මක වන උපදේශ මණ්ඩල පිහිටුවීම ඒවා සම්බන්දව විපරම් කිරීමට බුද්දි අංශ හා විගණන කොමිසම් බලාත්මක කිරීම

    නමුත් වෙන දේ තමා ඇමති හෝ ජනපතිගේ උවමනාවට උගතුන් සෙට් එකක් උපදේශකයෝ හැටියට දමා ගැනීම ඉතිං මේ උගත්තු එකෙක් දෙන්නෙක් බා ගත්තාම ඕනේ එකෙක්ට ඕනේ වැඩක් ජාතික ප්‍රතිපත්තියක් හැටියට උනත් ක්‍රියාත්මක කරන්න පුළුවන් වීම

    ජාතික ප්‍රතිපත්ති හැදෙන්න ඕනේ අර වගේ analatical wing එකක් හරහා

    දැන් උඹ හිතන්නේ මේ උපදේශකයෝ ස' ව "රවට්ටලා" කියලද? :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    කියල තියෙන්නේ එහෙම දෙයක්ද ?

    නමුත් වෙන දේ තමා ඇමති හෝ ජනපතිගේ උවමනාවට උගතුන් සෙට් එකක් උපදේශකයෝ හැටියට දමා ගැනීම ඉතිං මේ උගත්තු එකෙක් දෙන්නෙක් බා ගත්තාම ඕනේ එකෙක්ට ඕනේ වැඩක් ජාතික ප්‍රතිපත්තියක් හැටියට උනත් ක්‍රියාත්මක කරන්න පුළුවන් වීම

    උගත්තු නෙවෙයි බං ස'වම තමයි කෙලින්ම බාල තියෙන්නේ ඒක පිලිගනින්
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උගත්තු නෙවෙයි බං ස'වම තමයි කෙලින්ම බාල තියෙන්නේ ඒක පිලිගනින්

    මේ කොටස දැක්කේ නැද්ද ?

    අපේ රටේ ලොකුම ප්‍රශ්නේ තමා දේශපාලකයා තමන් ඔක්කොම දන්නවා කියලා හිතන ඒකත් අනික් පැත්තට කිසිම දෙයක් නොදන්නා නිසා තනිකර උපදේශකයන් මත යැපීමත්

    වෙන්න ඕනේ දේ තමා එක් එක් විෂයන් සම්බන්ද ප්‍රමාණික දැනුමක් තියෙන දේශපාලකයන්ට ඒ ඒ විෂය පැවරීම නමුත් වෙන්නේ චන්ද ගණන හා ජේෂ්ටත්වය අනුව ඇමතිකම් දීම

    අනික් වෙන්න ඕනේ දේ තමා රටේ සෑම අංශයකටම analatical wing එකක් හරහා ක්‍රියාත්මක වන උපදේශ මණ්ඩල පිහිටුවීම ඒවා සම්බන්දව විපරම් කිරීමට බුද්දි අංශ හා විගණන කොමිසම් බලාත්මක කිරීම

    යමක් කියපුවාම ඒකෙන් කියවෙන හරය තේරුම් ගන්න කාවවත් සුද්ද කරන්න මට අවශ්‍ය නැහැ
     
    උපදේශක කතාවක් නෑ නිකන් මහ එකා බබා කරන්න හදන්න එපා. පොර දැනුවත්ව පොරට ඕනේ දේ තමයි ඔය වෙලා තියෙන්නේ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උපදේශක කතාවක් නෑ නිකන් මහ එකා බබා කරන්න හදන්න එපා. පොර දැනුවත්ව පොරට ඕනේ දේ තමයි ඔය වෙලා තියෙන්නේ.

    කරපු දේ වැරදි නිසා තමා ඕක දාලා තියෙන්නේ

    ඔය කෙනා නෙවේ එකම කෙනා කියන ඒකත් මතක තියා ගන්න මේක බලන්න

    https://elakiri.com/threads/තුප්පහි-දේශපාලනය.1970032/#post-26019234

    උපදේශක කතාවක් නෑ

    මෙන්න මෙහෙමත් වෙනවා රටේ

    https://elakiri.com/threads/නිලධාරිනුත්-රටේ-විනාශයට-වග-කියන්න-ඕනේ.1970035/#post-26019176

    මේකත් බලලම ඉන්න

    https://elakiri.com/threads/සල්ලි-අතුරුදහන්-වෙන්නේ-මෙහෙමයි.1970089/#post-26020317

    ඔයාගේ කණ්නාඩිය අනුව 'ස' කරන හැම දේම වැරදියට පෙවුනට

    අපිට
    කවුරු කරත් වැරදි වැරදියට පේනවා

    කවුරු කරත් හොද දේ අගයන්න පේනවා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    කරපු දේ වැරදි නිසා තමා ඕක දාලා තියෙන්නේ

    ඔය කෙනා නෙවේ එකම කෙනා කියන ඒකත් මතක තියා ගන්න මේක බලන්න

    https://elakiri.com/threads/තුප්පහි-දේශපාලනය.1970032/#post-26019234

    උපදේශක කතාවක් නෑ

    මෙන්න මෙහෙමත් වෙනවා රටේ

    https://elakiri.com/threads/නිලධාරිනුත්-රටේ-විනාශයට-වග-කියන්න-ඕනේ.1970035/#post-26019176

    මේකත් බලලම ඉන්න

    https://elakiri.com/threads/සල්ලි-අතුරුදහන්-වෙන්නේ-මෙහෙමයි.1970089/#post-26020317

    ඔයාගේ කණ්නාඩිය අනුව 'ස' කරන හැම දේම වැරදියට පෙවුනට

    අපිට
    කවුරු කරත් වැරදි වැරදියට පේනවා

    කවුරු කරත් හොද දේ අගයන්න පේනවා

    ස' ගේ වැරැද්ද ගැන ත්‍රෙඩ් එකේ කෙලින් පිළිගන්නේ නැතුව උපදේශකයෝ ගාවගෙන එතනින් චාටර් උනාට පස්සේ අනික් උන්ගේ වැරදි වල ලින්ක් දාගෙන නටන එකාට කන්නාඩි නෑ :rofl:

    දැන් ඉන්න එකාගේ වැරදි කිව්වම අනි කලින් උනුත් ඒමයි කියාගෙන එද්දිම තේරෙනවා ඩෝබි ජොබ් එක කරන්නේ කියල :lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කිසිම නායකයෙක් රටට ආදරේ නැත.... සියල්ල රටේ සල්ලි වලින් බූරුවා ගැසුවා පමනි
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ස' ගේ වැරැද්ද ගැන ත්‍රෙඩ් එකේ කෙලින් පිළිගන්නේ නැතුව උපදේශකයෝ ගාවගෙන එතනින් චාටර් උනාට පස්සේ අනික් උන්ගේ වැරදි වල ලින්ක් දාගෙන නටන එකාට කන්නාඩි නෑ :rofl:

    දැන් ඉන්න එකාගේ වැරදි කිව්වම අනි කලින් උනුත් ඒමයි කියාගෙන එද්දිම තේරෙනවා ඩෝබි ජොබ් එක කරන්නේ කියල :lol:

    දැන් තමන් කරන්නේ අනුන්ගේ කුණු පෙන්නන එකද ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    දැන් තමන් කරන්නේ අනුන්ගේ කුණු පෙන්නන එකද ?

    රටේ පාලකයොන්ගේ සහ උන්ගේ ගොට්ටන්ගේ වැරදි පෙන්නන එක "අනුන්ගේ" කුනක්ද? :rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනුර කුමාරයා ඕක එලි කරේ නැත්තම් බබය්‍.යො තවමත් හිතාගෙන ඉන්නෙ ස tax එක අඩු කරේ රටේ ජනතාව වෙනුවෙන් කියලා.

    හා නැද්ද @nicjosh83 ...
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රටේ පාලකයොන්ගේ සහ උන්ගේ ගොට්ටන්ගේ වැරදි පෙන්නන එක "අනුන්ගේ" කුනක්ද? :rofl:

    නෑ රටේ යහපත ගැන හිතන කෙනෙක් වැරදි දේ වැරදි විදියට දකින්න ඕනේ (ඔබ වගේම මම ඒකත් දැක්කා)

    නමුත් හොදක් වෙනකොට අහක බලන් යන්නේ කන්නාඩි දාපු අය (හොදට මම හොදයි කිව්වා නමුත් ඔබ ?)

    දැන් ඔය වගේ කොනක් අල්ලා ගේන දගලන එවුන් නිසා මේකේ නියම දේ යට යනවා (පාර්ලිමේන්තුවේත් උනේ ඒ ටික)

    මේකේ වැදගත්ම දේ පසුව බලන කෙනෙක්ට උනත් වැදගත් නිසා උලුප්පලා දක්වන්නම්

    පසුගිය නොවැම්බර් මාසයේ පැවති අයවැය විවාද වලදී විපක්ෂයේ මන්ත‍්‍රී බුද්ධික පතිරණ ඉතා වැදගත් කාරණා කිහිපයක් පාර්ලිමේන්තුවේ මතු කරන්නට හුදෙකලා උත්සාහයක් ගත්තා අපට මතකය. ඔහුගේ කෙටි දෙසුම් සියල්ල හා ප‍්‍රශ්න කිරීම් සියල්ල අනුර කුමාර දිසානායකගේ සීනි දේශනාව තරම් කරුණු කාරණා අතින් සරුසාර නැත. සාරගර්භ නැත. කැටයම් නැත. එහෙත් මගේ උපන් ගමේ මිත‍්‍රයා එහිදී ඉතා වැදගත් කාරණා දෙක තුනක් ඉස්මතු කළේය.

    අපේ රටේ නීත්‍යනුකූලව මත්පැන් නිෂ්පාදනය සඳහා ඉස්කාගාර පවත්වා ගෙන යෑමට ආයතන 27ක් බලපත‍්‍ර ලබා ගෙන තිබේ. ආයතන දෙකක් අකර්මණ්‍ය ය. ආයතන 25ක් සේවයේ නිරතය. එහෙත් අපේ රටට සුරා බදු ගෙවීම් සම්බන්ධයෙන් සලකා බලන කල සමස්ත සුරා බදු ආදායමෙන් 95% ක්ම ගෙවනු ලබන්නේ ආයතන 5ක් විසින් පමණි. ඉතිරි ආයතන 20 ම නියෝජනය කරන්නේ සමස්ත බදු ගෙවීම් වලින් 5%ක ප‍්‍රතිශතය පමණි. බුද්ධික ඇසුවේ මේ අසමානතාවය ගැනය. මෙතන යම් බදු වංචාවක් සිදු වී ඇද්ද කියාය. මන්ත‍්‍රීවරයා මෙසේ ප‍්‍රශ්නයක් නැගුවත් බුද්ධිකට නිවැරදි හරි උත්තරයක් ලබා දීමට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් ළඟ තොරතුරු තිබුණේ නැත. මන්ද උත්තරය ගැටලූවක් නොව, ගැටලූ සංකීර්ණයක් ලෙස පවතින නිසා ය. ගැටලූ සංකීර්ණයක් එකට එක පැටලී ඇති පසුබිමක ඒ ගැටලූ එකින් එක මුදාගෙන උත්තර සෙවීම කිසිවෙකුටත් පහසු නැත. උත්තරයක් සෙවීමට නම් අප ඒ ප‍්‍රශ්නයේ මුල සිට පටන් ගත යුතුව ඇත. අප මේ ගැටලූව වටහා වටහා ගැනීමටත් ගැටලූවේ මුලට යා යුතුය. ගැටලූවේ මුල එතනෝල්ය

    බුද්ධික පතිරණ පෙන්වා දෙන අන්දමට මේ රටේ රා පෙරීම සඳහා නීත්‍යනුකූලව පොල් අතුරු පවත්වාගෙන යන බලපත‍්‍රලාභීන් ඇත්තේ 3094 දෙකනකි. එතනෝල් සෑදීමට බලපත‍්‍රලාභි ආයතන ඇත්තේ 32කි. එහෙත් මේවායේ නිෂ්පාදනය ගෙන ගණන් හදා බලන විට අදාළ පොල් ගස් ප‍්‍රමාණයෙන් ලබාගත හැකි රා වලට වඩා මහා පරිමාණ වශයෙන් ඔවුන් රා නිෂ්පාදනය කරයි. ඔහු තර්ක කළේ එසේ නිපදවන්නේ කෙසේද කියාය. ඔහු තර්ක කළේ ඒවා නිසැක වශයෙන්ම නීත්‍යනුකූල නොවන මාර්ග වලින් සීනි යූරියා ඊට්ස් අනුසාරයෙන් නිපදවන කෘතිම රා බවයි.

    ‘‘සාමාන්‍යයෙන් හොඳ පොල් ගහකින් දවසකට ගන්න පුළුවන් රා ප‍්‍රමාණය ලීටර් එක හමාරයි. එම ප‍්‍රමාණය අතුරේ තිබෙන ගස් ප‍්‍රමාණයෙන් වැඩි කරලා බැලූවම ඒ අතුරෙ උපරිම ධාරිතාව ගණන් හදා බැලිය හැකියි. හැබැයි ඒ අතුරු තමන්ගේ සම්පූර්ණ ධාරිතාව ඉක්මවලා ලීටර් 60 000 - 80 000 එකවර නිපදවලා අහුවුණා. විශේෂ කාර්ය බළකාය පොලිසිය ඒවා අල්ලලා සුරාබදු දෙපාර්තමේන්තුවට භාර දුන්නා. කෝ.. කාටද එයාලා දඬුවම් කරලා තියෙන්නේ. සුරාබදු දෙපාර්තමේන්තුව ඒවා කාර්මික අපරාධ ලෙස සලකලා පුංචි රුපියල් පන්දාහක දඩයක් ගහලා අත පිහිද ගන්නවා. ඒක කොහොමද කාර්මික අපරාදයක් වෙන්නෙ. ඔන්න ලීටර් දාහක් දෙදාහක් වැඩි වුණා නම් කාර්මික අපරාධයක් කියන්න පුළුවන්. හැටදාහක් අසූදාහ වැඩි වෙන එක කාර්මික අපරාධ නෙවෙයි. ඒවා මහා පරිමාණ මත් අපරාධ....”

    අය-වැය විවාදයේදී බුද්ධික මේ ප‍්‍රශ්න මතු කළත් ඒවා දිගින් දිගටම ඇදගෙන යන්නට තරම් සහයෝගයක් දෙන්නට දැනුවත් විපක්ෂයක් පාර්ලිමේන්තුවේ සිටියේ නැත. සිටියත් ඇතැම් දේශපාලනඥයන් විසින් මෙහෙයවන මේ මත් අපරාධ සම්බන්ධයෙන් කටක් අරින්නට විපක්ෂයේ ඒ ඒ කථිකයෝ සූදානම් නැත්තේ කාගේ කාගේත් කිල්ලෝටවල ටික ටික හෝ හුණු තිබෙන නිසාය. අප දන්නා පරිදි අරක්කු කර්මාන්තය යනු වසරකට රුපියල් බිලියන 250 පමණ පිරිවැටුමක් සහිත ව්‍යාපාරයකි. ඒ මඟින් රජයට බිලියන 200ක පමණ බදු ආදායමක් ලැබිය යුතු ව ඇත. එහෙත් අද රජය ලබන්නේ වසරකට රුපියල් බිලියන 120 ක පමණ බදු ආදායමක් පමණි. රජයට මොන මොන මාර්ග වලින් හෝ අහිමි වන බදු ප‍්‍රමාණය රුපියල් බිලියන 80 ක ට වැඩි බව පැහැදිලි ය.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    නෑ රටේ යහපත ගැන හිතන කෙනෙක් වැරදි දේ වැරදි විදියට දකින්න ඕනේ (ඔබ වගේම මම ඒකත් දැක්කා)

    නමුත් හොදක් වෙනකොට අහක බලන් යන්නේ කන්නාඩි දාපු අය (හොදට මම හොදයි කිව්වා නමුත් ඔබ ?)

    දැන් ඔය වගේ කොනක් අල්ලා ගේන දගලන එවුන් නිසා මේකේ නියම දේ යට යනවා (පාර්ලිමේන්තුවේත් උනේ ඒ ටික)

    මේකේ වැදගත්ම දේ පසුව බලන කෙනෙක්ට උනත් වැදගත් නිසා උලුප්පලා දක්වන්නම්

    පසුගිය නොවැම්බර් මාසයේ පැවති අයවැය විවාද වලදී විපක්ෂයේ මන්ත‍්‍රී බුද්ධික පතිරණ ඉතා වැදගත් කාරණා කිහිපයක් පාර්ලිමේන්තුවේ මතු කරන්නට හුදෙකලා උත්සාහයක් ගත්තා අපට මතකය. ඔහුගේ කෙටි දෙසුම් සියල්ල හා ප‍්‍රශ්න කිරීම් සියල්ල අනුර කුමාර දිසානායකගේ සීනි දේශනාව තරම් කරුණු කාරණා අතින් සරුසාර නැත. සාරගර්භ නැත. කැටයම් නැත. එහෙත් මගේ උපන් ගමේ මිත‍්‍රයා එහිදී ඉතා වැදගත් කාරණා දෙක තුනක් ඉස්මතු කළේය.

    අපේ රටේ නීත්‍යනුකූලව මත්පැන් නිෂ්පාදනය සඳහා ඉස්කාගාර පවත්වා ගෙන යෑමට ආයතන 27ක් බලපත‍්‍ර ලබා ගෙන තිබේ. ආයතන දෙකක් අකර්මණ්‍ය ය. ආයතන 25ක් සේවයේ නිරතය. එහෙත් අපේ රටට සුරා බදු ගෙවීම් සම්බන්ධයෙන් සලකා බලන කල සමස්ත සුරා බදු ආදායමෙන් 95% ක්ම ගෙවනු ලබන්නේ ආයතන 5ක් විසින් පමණි. ඉතිරි ආයතන 20 ම නියෝජනය කරන්නේ සමස්ත බදු ගෙවීම් වලින් 5%ක ප‍්‍රතිශතය පමණි. බුද්ධික ඇසුවේ මේ අසමානතාවය ගැනය. මෙතන යම් බදු වංචාවක් සිදු වී ඇද්ද කියාය. මන්ත‍්‍රීවරයා මෙසේ ප‍්‍රශ්නයක් නැගුවත් බුද්ධිකට නිවැරදි හරි උත්තරයක් ලබා දීමට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් ළඟ තොරතුරු තිබුණේ නැත. මන්ද උත්තරය ගැටලූවක් නොව, ගැටලූ සංකීර්ණයක් ලෙස පවතින නිසා ය. ගැටලූ සංකීර්ණයක් එකට එක පැටලී ඇති පසුබිමක ඒ ගැටලූ එකින් එක මුදාගෙන උත්තර සෙවීම කිසිවෙකුටත් පහසු නැත. උත්තරයක් සෙවීමට නම් අප ඒ ප‍්‍රශ්නයේ මුල සිට පටන් ගත යුතුව ඇත. අප මේ ගැටලූව වටහා වටහා ගැනීමටත් ගැටලූවේ මුලට යා යුතුය. ගැටලූවේ මුල එතනෝල්ය

    බුද්ධික පතිරණ පෙන්වා දෙන අන්දමට මේ රටේ රා පෙරීම සඳහා නීත්‍යනුකූලව පොල් අතුරු පවත්වාගෙන යන බලපත‍්‍රලාභීන් ඇත්තේ 3094 දෙකනකි. එතනෝල් සෑදීමට බලපත‍්‍රලාභි ආයතන ඇත්තේ 32කි. එහෙත් මේවායේ නිෂ්පාදනය ගෙන ගණන් හදා බලන විට අදාළ පොල් ගස් ප‍්‍රමාණයෙන් ලබාගත හැකි රා වලට වඩා මහා පරිමාණ වශයෙන් ඔවුන් රා නිෂ්පාදනය කරයි. ඔහු තර්ක කළේ එසේ නිපදවන්නේ කෙසේද කියාය. ඔහු තර්ක කළේ ඒවා නිසැක වශයෙන්ම නීත්‍යනුකූල නොවන මාර්ග වලින් සීනි යූරියා ඊට්ස් අනුසාරයෙන් නිපදවන කෘතිම රා බවයි.

    ‘‘සාමාන්‍යයෙන් හොඳ පොල් ගහකින් දවසකට ගන්න පුළුවන් රා ප‍්‍රමාණය ලීටර් එක හමාරයි. එම ප‍්‍රමාණය අතුරේ තිබෙන ගස් ප‍්‍රමාණයෙන් වැඩි කරලා බැලූවම ඒ අතුරෙ උපරිම ධාරිතාව ගණන් හදා බැලිය හැකියි. හැබැයි ඒ අතුරු තමන්ගේ සම්පූර්ණ ධාරිතාව ඉක්මවලා ලීටර් 60 000 - 80 000 එකවර නිපදවලා අහුවුණා. විශේෂ කාර්ය බළකාය පොලිසිය ඒවා අල්ලලා සුරාබදු දෙපාර්තමේන්තුවට භාර දුන්නා. කෝ.. කාටද එයාලා දඬුවම් කරලා තියෙන්නේ. සුරාබදු දෙපාර්තමේන්තුව ඒවා කාර්මික අපරාධ ලෙස සලකලා පුංචි රුපියල් පන්දාහක දඩයක් ගහලා අත පිහිද ගන්නවා. ඒක කොහොමද කාර්මික අපරාදයක් වෙන්නෙ. ඔන්න ලීටර් දාහක් දෙදාහක් වැඩි වුණා නම් කාර්මික අපරාධයක් කියන්න පුළුවන්. හැටදාහක් අසූදාහ වැඩි වෙන එක කාර්මික අපරාධ නෙවෙයි. ඒවා මහා පරිමාණ මත් අපරාධ....”

    අය-වැය විවාදයේදී බුද්ධික මේ ප‍්‍රශ්න මතු කළත් ඒවා දිගින් දිගටම ඇදගෙන යන්නට තරම් සහයෝගයක් දෙන්නට දැනුවත් විපක්ෂයක් පාර්ලිමේන්තුවේ සිටියේ නැත. සිටියත් ඇතැම් දේශපාලනඥයන් විසින් මෙහෙයවන මේ මත් අපරාධ සම්බන්ධයෙන් කටක් අරින්නට විපක්ෂයේ ඒ ඒ කථිකයෝ සූදානම් නැත්තේ කාගේ කාගේත් කිල්ලෝටවල ටික ටික හෝ හුණු තිබෙන නිසාය. අප දන්නා පරිදි අරක්කු කර්මාන්තය යනු වසරකට රුපියල් බිලියන 250 පමණ පිරිවැටුමක් සහිත ව්‍යාපාරයකි. ඒ මඟින් රජයට බිලියන 200ක පමණ බදු ආදායමක් ලැබිය යුතු ව ඇත. එහෙත් අද රජය ලබන්නේ වසරකට රුපියල් බිලියන 120 ක පමණ බදු ආදායමක් පමණි. රජයට මොන මොන මාර්ග වලින් හෝ අහිමි වන බදු ප‍්‍රමාණය රුපියල් බිලියන 80 ක ට වැඩි බව පැහැදිලි ය.

    මෙතන දකින්න තියන "හොඳ" මොකක්ද කියල මට සරලව කියපන්කො?