ඔයා මට කැමතිද?

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!


    මේක මට ආපු ඊ-මේල් එකක්. රිපොස්ට් ද කියල නම් දන්නේ නෑ!


    කෙල්ලෝ උනත් කොල්ලෝ උනත් තමන් කැමති කෙනෙක් දැක්කම ආදරේ ප්‍රකාශ කරන විදි තියෙනවනේ. අද මම ලියන්නෙ ඒ වගේ ජනප්‍රියම ක්‍රම ගැන තමා. හැබැයි අපි ඉතිං ටිකක් වයසක උන්දල නිසා ලේටස්ට්ම ක්‍රම ගැන තියෙන දැනීම නම් බොහොම අල්පයි.

    ඉස්සෙල්ලම කොල්ලො ගැන කතා කරමු.

    01. ඩිරෙක්ට් ඇප්‍රෝච්

    කෙලින්ම ගිහින් අහනව "ඔයා මට කැමතිද?". මේක තමා අදටත් සිරාම ක්‍රමේ. ඔන් ද ස්පොට් උත්තරේ. හා කිවුවොත් ගොඩ බෑ කිවුවොත් නම් ඉතිං සිය දිවි නසා ගන්න හිතෙනව තප්පරේකට විතර. ඊට පස්සෙ අනිත් පැත්ත හැරිල එහා පැත්තෙ කෙල්ලගෙනුත් කැමතිද කියල අහල හිත හදා ගන්න පුලුවන්.

    02. වර්ණපාල තියරි

    මේකෙදි කරන්නෙ තමන් කැමති කෙල්ල තමන් එක්ක දැනටම යාලුයි කියල වත්ත වටේ ප්‍රචාරය කරනව. මේ වගේ සිස්ටම් එකක් ගොඩක් දුරට වැඩ කරන්නෙ කැම්පස් එකක් වගේ සංවෘත ප්‍රදෙශයක. ඔහොම ආරංචියක් ගියාම කෙල්ලට වෙන උන් ට්‍රයි කරන්නෙ නෑ. එතකොට කෙල්ලට තමන් එක්ක යාලු වෙනව ඇරෙන්න නෝ ඔප්ශන්.

    03. යාලුවා කඩේ ඇරීම

    මේක ටිකක් ජල්තරස් සිස්ටම් එකක්. අපි කැමති කෙල්ලක් ඉන්නව කියමු. ඒ කෙල්ල හම්බ වෙලා කතා කරනවා මම ඒ කෙල්ලගේ යාලුවෙක්ට ට්‍රයි වගේ. අනේ ඉතිං අර කෙල්ලත් පන දාගෙන සපොර්ට්. එතකොට අම්බානෙක ඒ කෙල්ලට ක්ලෝස් වෙන්න පුලුවන්. යාලුව බෑ කිවුව ගමන්, අනිවා අනුකම්පාවට අර කෙල්ල සෙට් වෙනවා. හැබැයි යාලුවා හා කිවුවොත් සිසිටම් එකට කෙල වෙනවා.

    04. සෙනෙහෙ කොල

    අනේ අපේ කාලෙ මෙවුව තිබ්බට දැන් නම් හොයන්නත් නෑ මේව. කෙලින්ම අහන්න අවස්තාවක් නැත්නම් හරි ගටක් නැත්නම් හරි ඊලඟ ඔප්ශන් එක මේක තමා. දැන් නම් මම හිතන්නේ ඊ මේල් වලින්, චැට් එකෙන් එහෙමත් නැත්නම් මූනු පොතෙන් තමා අහන්නෙ කැමතිද කියලා.

    දැන් අපි කතා කරමු කෙල්ලන්ගෙ සිස්ටම්

    ලංකාවෙ කෙල්ලො කෙලින්ම ඇවිල්ල අහන්න තරම් දියුනු වෙලා නෑ. එහෙම අහන අය කලාතුරකින් ඉන්න පුලුවන්. මෙන්න එහෙම නැති අයගෙ ට්‍රික්ස්

    01. අරයා

    කෙල්ල තමන්ට කැමති නම් ඇවිල්ල කියනව "මෙලෝ රහක් නැති කෙල්ලක්" තමන්ට කැමතියි වගේ කියල. ඉතිං කැමති නැත්නම් කැමති නැහැනෙ. ඔය කතාව දිගින් දිගට ඇදිල යද්දි දන්නෙම නැතුව 64 මායමට අහු වෙලා ඉවරයි.

    02. යාලුවා

    මේක කොල්ලන්ගෙ යාලුව සිස්ටම් එකට වඩා වෙනස්. මේකෙදි කරන්නෙ යාලුවෙක්ව දම්මලා බලනව කොහොම්ද තත්වෙ කියල. අර සිංහලෙන් "මුට්ටිය දානව" කියන්නෙ. අන්න එහෙම යාලුව දම්මල බලනව කොල්ලගෙ අදහස කොහොමද කියලා.

    සිස්ටම් නම් ගොඩක් තිබේ ඒත් මේ ජනප්‍රියම ඒව
     
    • Like
    Reactions: wisal

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    එක අලුත්ම සිස්ටම් එකක්ද?! අපිටත් දැනගන්න එක්ක කියනවද?!:P:P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...



    02. වර්ණපාල තියරි

    මේකෙදි කරන්නෙ තමන් කැමති කෙල්ල තමන් එක්ක දැනටම යාලුයි කියල වත්ත වටේ ප්‍රචාරය කරනව. මේ වගේ සිස්ටම් එකක් ගොඩක් දුරට වැඩ කරන්නෙ කැම්පස් එකක් වගේ සංවෘත ප්‍රදෙශයක. ඔහොම ආරංචියක් ගියාම කෙල්ලට වෙන උන් ට්‍රයි කරන්නෙ නෑ. එතකොට කෙල්ලට තමන් එක්ක යාලු වෙනව ඇරෙන්න නෝ ඔප්ශන්.
    මේ තියරියෙන් තමයි වර්ණපාලය ගොඩ ගිහින් තියෙන්නේ කැම්පස් කාලේ. ඒකනිසා ඒකට වර්ණපාල තියරි කියනවා:nerd:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ayyoooo mama mage kallata masa 3 k talks dunna.eki tama a talks gana kiyala mathak karanawa.ewa aththama ewa kiyala tama hitan inne.mata wath hita ganna be mama a wage talks kohomada dunne kiyala.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෙලින්ම ගිහින් උම්මා එකක් දීලා ආදරෙම ආදරෙයි කිව්වා
    එයා කිව්වා අන්න එහෙම කියන්න එපැයි හා කියන්න කියලා
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    මේ තියරියෙන් තමයි වර්ණපාලය ගොඩ ගිහින් තියෙන්නේ කැම්පස් කාලේ. ඒකනිසා ඒකට වර්ණපාල තියරි කියනවා:nerd:


    me theory eka mage kaalla matai kale mama neme , habai tikak wenas widihakata ,eki anith panthiwala kellanta gihin kiyala mama ekith ekka set wenna enawa kiyalai....
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මේ තියරියෙන් තමයි වර්ණපාලය ගොඩ ගිහින් තියෙන්නේ කැම්පස් කාලේ. ඒකනිසා ඒකට වර්ණපාල තියරි කියනවා:nerd:
    වර්ණපාල ලොක්ක හිටියේ අපේ කැම්පස් එකේ තමයි. ඕක තාම බොහොම ජනප්‍රිය තියරියක්!
     
    • Like
    Reactions: kellsupun

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    කෙලින්ම ගිහින් උම්මා එකක් දීලා ආදරෙම ආදරෙයි කිව්වා
    එයා කිව්වා අන්න එහෙම කියන්න එපැයි හා කියන්න කියලා

    ලොල්!
     

    hasa_123

    Member
    Feb 7, 2010
    209
    14
    0
    galle
    කෙලින්ම ගිහින් උම්මා එකක් දීලා ආදරෙම ආදරෙයි කිව්වා
    එයා කිව්වා අන්න එහෙම කියන්න එපැයි හා කියන්න කියලා

    පුස නාන්නේ නැති නිසා ගඳට පූසි දිව්වේ නැද්ද?:lol::lol::lol:
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ela ela
    dan ube theory 1 mokadda kiyapan ko?
    :D :D

    මම නම් මාස දෙකක් විතර පස්සෙන් ගිහිල්ල කෙලින්ම ඇහුවා.
    ඩිරෙක්ට් අප්‍රොච්. පොඩ්ඩක් බර බරේ දාල පස්සේ කැමති උනා