ඔයා මේ ගැන දන්නවද?

ufo218

Member
Oct 29, 2010
1,435
48
0
hamathanama innawa anywhere
ඔයා මේ ගැන දන්නවද?

ඔයා මේ ගැන දන්නවද?


දානයක්! කොහාටද?”… වික්ටෝරියා එකට!”… මොනාද දෙන්නේ?”… “උදේ කෑමයි, දවල් කෑමයි! හවස ගෙදර පාටි එක නේ, ඒ නිසා අනිත් වෙලාවල් ගත්තේ නැහැ!”… හරි මොනාද අපිට දෙන්න පුළුවන්?”…. “හ්ම්ම් අත්‍යවශ්‍යයි කිවුවේ නම් ඇදුම්! ගැණු අයට චිත්ත රෙදි ගවුම් මහගන්න, යට ඇදුම්... පිරිමි අයට සරම්, ෂර්ට්, බැනියම් වගේ දේවල්…. හ්ම්ම්... තව බෙඩ් ශීට්, ටවල් ,කොට්ට උර, ටුත් පේස්ට්, පිටි, සිනි, තේ කොළ! බෙහෙත් වර්ග නම් ගොඩක් තියෙනවා අවශ්‍ය, මම ඒවා ඇහුවේ නැහැ! අ තව පිටි, සිනි, තේ කොළ, නම් ගොඩක් වෙලාවට අත්‍යවශ්‍යම දේවල් කියලා තමයි කිවුවේ, ඔයා කැමති දෙයක් දෙන්න!”


මගේ අක්කගේ පළමු විවාහ සංවත්සරය වෙනුවෙන්, ලෑස්ති කරපු දානයක් සම්බන්දයෙන් කලින් දා උදේ, මමයි අක්කයි අතරේ ඇති උන සංවාදයක් තමයි ඔය! ඒ රාජගිරියේ පිහිටුවා තිබෙන උපතින්ම අබාධිත මිනිසුන් නේවාසිකව ජිවත් වන, Victoria home of incurables’ රෝහලට! ශ්‍රී ජයවර්දන පුර රාජගිරියේ, ජනාධිපති විද්‍යාලය ඉදිරි පිට,1888 දී ස්ථාපනය කරපු, මෙම රෝහල, පුර්ණ අබාධිත නේවාසික රෝගීන් සදහා ඉදි වුවක්!




එහි සිටින නෙවසිකයින්ට, අහාර වෙලක්‌ දෙනවනම්, එම දාන වෙල් වලට, මුදලින් දායක වෙන්න තමයි තියෙන්නේ! මොකද, රෝහලේම කුස්සියේ, ඒ ඉන්න නෙවසිකයින්ට තියෙන ලෙඩ රෝග අනුව තමයි, අහාර පිළියෙළ වෙන්නේ! කෑම උයන්න මුදල් කලින් ගෙවලා, අදාල වෙලාවට, රෝහලට ගොඩ වෙලා,ඒ සකස් කරපු අහාර බෙදලා, මෙම දානමය කටයුත්තට අත ගහන්න පුළුවන්!




මෙහි නෙවසියකයින් ගැන කියනවනම්, ඔක්කොම අය උපතින්ම අබාධිතයි! අන්ගවිකලයි! ඇත්තටම ඒ රෝහලේ ඉදපු නෙවසියක්යින්ව දැකලා, වචනේ අර්ථයෙන්ම මට සංසාරේ එපා උනා! සමහරුන්ගේ අත් පා හතරම නැහැ! ඒ අය, ඇදෙම මළ, මුත්‍ර පහ කරමින්, තවත් කෙනෙක්ගේ සහයෙන්,මැරෙන්න බැරි නිසා, ජිවත් වෙනවා වගේ ජිවත් වෙනවා..! අපි කෑම බෙදද්දී, අත් පා හතරම නැති එවැනි එක් පිරිමි නෙවසිකයෙක්, රෝහලේ කාර්ය මණ්ඩලේ කෙනෙක්ට කතා කරලා, ලගට ගෙන්න ගෙන, බෙල්ල කාගෙන ඉන්න කුහුබියෙක්ව, අයින් කරව ගත්තා!


පිරිසිදු කාරක ලැබෙන්නේ අඩුවෙන් නිසා, ඇදන්,බිම, රෝද පුටු, හරියකට පිරිසිදු කරගන්න බැරි බව තමයි කාර්ය මණ්ඩලය පැවසුවේ! මේ මිනිස්සු මෙහෙම ජිවත් වෙන්නේ කොහොමද දෙයියනේ, කියාගෙන අනිත් වාට්ටුවට යද්දී, එකේ ඉන්නවා, නිදාගන්න ඇදක් වත් නැතිව, බිම කාඩ් බෝර්ඩ් කැල්ලක් එලාගෙන, ඉන්න නේවාසිකයෝත්! ඒ වාට්ටුව දොර ලගම බිම, ඉදගෙන ඉන්න කකුල් දෙක නැති, මහලු පිරිමි කෙනෙක්, දානෙ පිරිනමපු අමුත්තන්ගේ කකුල් අල්ලලා වදිනවා, පින් දිදී! ඇත්තම කියනවනම්, ඒක අත් විදපු මට, එපා උනා එතන ඉන්න එකත්!



රෝහලේ කාර්ය මණ්ඩලයේ කෙනක්ව, කතාවට ඇද ගත්තු අපිට දැන ගන්න ලැබුනේ, මේ ඉන්න නෙවසිකයින්ට සමහර දාට කෑම වෙලාවක් වත් දිගන්න බැරි වෙන අවස්ථා තියෙනවා කියලායි! රජයෙන් මේ රෝහලට වාර්ෂිකව, ලක්ෂ 15 කට අසන්න මුදලක් වෙන් කරනවාලු... ඊට අමතරව, වෙනත් උපකාරක සේවා ආයතන එකතු වෙලා, වාර්ෂිකව ලක්ෂ 7 ක්, 8 ක්, වගේ මුදලක් පරිත්‍යාග කරත්, නෙවසියකන්ගේ කෑම බිම අවශ්‍යතාවන් කෙසේ වෙතත්, බෙහෙත් වලටත් සල්ලි මදි වෙන වෙලාවල් ඇති බවයි ඔහු පැවසුවේ! කොටින්ම අඩුම පඩියකට අවුරුදු ගානක් වැඩකරන, කාර්ය මණ්ඩලයක් තමයි මේ රෝහලේ ඉන්නේ! ඔවුන්ගේ දායකත්වයෙන්, මේ රෝගීන්ට අහාර සපයන වාරත්, ඇති බව දැන ගන්න ලැබුනා!


පිරිසිදු කාරක වර්ග, බෙහෙත් වර්ග, තේ කොළ, සිනි, පිටි, වගේ දේවල් නිතරම අඩු පාඩු වෙන දේවල් බවත්, අද වන විට මෙම රෝහලේ, පිරිමි නෙවසිකයින් 87 ක්ද, ගැහැණු නෙවසිකයින් 93 ක්ද, වාට්ටු 14 ක නිත්‍ය පදිංචි කරුවන් වී සිටින බවත්, මේ නෙවසිකයින් 180 දෙනාම සදහා, උදේ අහාර වේලක් සදහා වැය වෙන මුදල 4500 ක්ද, දහවල් අහාර වේලක් සදහා 8,500 ක්ද, හවස තේ වේලක් සදහා 4000 ක්ද, රාත්‍රී අහාර වේලක් සදහා 8500 ක මුදලක්ද, වැය වෙන බව ත් දැනගන්න ලැබුනා!


ඔබටත් පුළුවන් නම්, මේ අබාධිත නේවාසික රෝගීන්ට, දාන වෙලක්‌ පිරිනමන්න, මේ අංකයට කතා කරලා, වැඩි විස්තර දැන ගන්න පුළුවන්! දු: අ - 0112 862570…. තව තේ කොළ, පිටි, සිනි, සබන්, සේදුම් කාරක වර්ග, සුළු ප්‍රමාණ වලින් සපයන්නත් පුළුවන්! අනික ඔයාලා කියවලා ඉවර උන පත්තරත්, මේ අයට අවශ්‍ය දේවල් අතරේ තියෙනවා! මොකද, ඇදටම වෙලා ජීවිතේම ගත කරන මේ මිනිස්සුන්ට, ඇස් දෙකෙන් විතරක් ලෝකේ පූරා සැරි සරන්න අවස්ථාවක් පොත්, පත්තර වලින් ලැබෙන නිසා, ඒගොල්ලෝ බොහොම සතුටින් පොත් පත්තර බාරගන්නවා!


අලුත් අවුරුද්දට, ඇදුම් පැළදුම්, වෙනත් අඩුපාඩු, සුළුවෙන් හරි සපයලා මේ ලබන්නාවූ අවුරුද්දේ මුලදීම පිනක් සිද්ද කරගන්න, ඔන්න වෙලාව තියෙනවනම්! වෙල් දෙක, තුන බඩගින්නේ හිටියත්, මේ මිනිස්සුන්ගේ, හිනා මුණ ඒ විදියටම යන ඕනෙම කෙනෙක්ට දකින්න පුළුවන්!


එයාලා මහා පාරේ යන එන වාහනවලට, උදේ වරුවෙම අත වනනවා, කවුරු හරි අමුත්තෙක්ගෙන්, අත වැනීමට ප්‍රතිචාරයක් ලැබෙනකන්! අයෙත් හවසත් වැට ලගට වෙලා, යන එන වාහනවලට අත වනනවා දැකීම, රාජගිරිය පාරේ උදේ, හවා යන අයට නම් සුලබ දසුනක්!


මේ අය මග බලන් ඉන්නේ, අමුත්තෝ ඇවිත් කතා කරලා යයි කියලා! ඒ තරම්, මේ මිනිස්සු තනි වෙලා ඉන්නේ! රෝද පුටුවකින්, එහාට මෙහාට යාගන්න හැකියාවක් තියෙන කෙනෙක්ට විතරයි, මේ විදියට එළියට බහින්න වත් අවස්ථාවක් ලැබෙන්නේ! තමන් ලගට එන ඕනෙම කෙනෙක් එක්ක, බොහොම සතුටින් කතා බහ කරන, මේ මිස්නිස්සු එක්ක, සුහදව, වචනයක් දෙකක් කතා කරලා එන්නත්, අමතක කරන්න එපා හොදේ!




අදින් අවසන් වෙන මේ අවුරුද්ද, පහු කරගෙන අද රෑ 12 න පටන් ගන්න 2012 සුබ අවුරුද්ද, මේ බ්ලොග් ලෝකයේ සැරිසරන, සියලුම දෙනාගේ, යහ පැතුම් ඉටු වෙන, සුන්දර, නිරෝගී, වාසනාවන්ත, සුපිරි අවුරුද්දක් වෙන්න කියලා මම පතනවා!
source

http://maayaa-araliya.blogspot.com