ඔයා හොඳයිද?

himal2000

Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    පොලිස් කාරයෙක්ගෙන්, කෙනෙක් ගෙන් පාරිභෝගික සේවා වැටලීම් නිලධාරියෙක්ගෙන් සමාජය බලාපොරොත්තු වෙන්නේ නීතිය ක්‍රියාත්මක කරලා තමන්ගේ duty හරියට කරන එකද? එහෙම නම් ඒ නීති ක්‍රියාත්මක කරා කියලා ඒ මනුස්සයට සමාජයෙන් ලැබෙන ආරක්ෂාව මොකක්ද?
    මිනිස්සු හොඳයි කියන්නේ පාරේ නීති කඩලා අහු වුනාම shape කරලා යවන පොලිස් නිලධාරියාද නැත්නම් හැමෝටම සමානව නීතිය ක්‍රියාත්මක කරවන කෙනාද?

    මම දන්න එක ලොකු ඩොකෙක් හිටියා, එයා MOH එකේ ඉන්න කාලේ PHI එක්ක ගිහිල්ලා කඩ වැටලුවා, නීතිය ක්‍රියාත්මක කරා, ඒත් මෙන්න මෙයා හොඳට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා මිනිස්සු එයා ගැන හොඳ කිව්වේ වත් එයා වෙනුවෙන් පෙනී හිටියෙවත් නෑ. මිනිස්සු දැක්කේ සතුරෙක් විදිහට.
    ලංකාවේ ඕනෑම වැඩකට විශේෂයෙන් රජයේ, පාර්ශව ගණනාවක් සම්බන්ධ වෙනවා. එතකොට ඒ හැමෝම නීතිය හරියට අනුගමනය කරන්න බැරි නම් පුලුවන් තරම් හරි කරයි කියලා හිතන්න පුළුවන්ද? මේක කියවන ඔයා හිතලා බලන්න, ඔයා නීතිය පුළුවන් හොඳින් ක්‍රියාත්මක කරනවා. හොඳ ආකල්පයක ඉන්නවා. අනුන්ට හැකි පමණ උදව් කරනවා. අනික් මිනිහා ගැන හිතලා වැඩ කරනවා. සමාජය ඔයාට අනෙක් පැත්තට මොනවද දෙන්නේ? මම කියන්නේ දෙයක් බලාපොරොත්තු වෙන්න කියලා නෙවෙයි, අවට මිනිස්සු ඔයාට අරිනවා ඇරිල්ලක් නැති වෙන්නම. හිතලා බලන්න, ඔයාගේ උදව් ගත්ත මිනිස්සු කී දෙනෙක්, ඔයාට මේ වෙද්දි ඇරලා ගිහිල්ලා තියෙනවද? හැබැයි ඔයා හෙන තගරියෙන් ඉන්නවා නම් ඔය එකෙක් එන්නේ නෑ ඔලුවට අත හෝදන්න. වචන දෙකක් කතා කරද්දි ඔක්කොම surrender.


    හතර මං හන්දියක traffic ඉන්න රාළහාමි දකිනවා එක පැත්තකින් ambulance එකක්, තව පැත්තකින් fire brigade වාහනයක්, පැත්තකින පොලිස් වාහනයක්, තව පැත්තකින් දේශපාලු වාහනයක් එනවා. එයා මුලින්ම fire brigade/ambulance යවලා අන්තිමට තමයි දේශපාලුවා යවන්නේ. ඒත් එහෙම කරොත් හැරෙන තැපෑලෙන් මිනිහට වෙන්නේ මොකක්ද? එයා මුලින්ම දේශපාලුවා යැව්වා නම් අඩුම ගාණේ මේ අර මාව ඉක්මනට යවපු රාළහාමි කියලා දේශපාලුවාට මතකයි. ප්‍රශ්නයක් වුනාම පොඩි හරි උදව්වක් ගන්න පුළුවන්. හබැයි නීතිය ක්‍රියාත්මක කරපු මිනිහාට අන්තිමට මොකක්ද වෙන්නේ?