මම දැඩි ලෙස ප්‍රේම කරන මනුස්සයෙක්ගෙන් දවසක් මට කෝල් එකක් එනවා. මම එතකොට නාන්න ගිහින්. ෆෝන් එක රින්ග් වෙනව දකින්නේ හස්බන්ඩ්. මෙන්න ඔයාට කෝල් එකක් කියලා එයා බතෲම් එකේ දොරට තට්ටු කරලා කියනවා. කවුද බලන්න. මම කියන්නේ කිසිමදෙයක් නොහිතා. ඔයාගේ ආදරේ කියලා එයා කිව්වා විතරයි මම ෆෝන් එක අතට ගන්නවා.
මම හිතනවා. ආයේ හිතනවා. එයාට රිදුණද දන්නෑ. එයා මොනා හිතුවද දන්නෑ. එයාට කේන්තිද දන්නෑ. කොහොම හරි දවසක, හවසක මට ඔය ගැන අහන්න හිතෙනවා. මම එයා එක්ක එළියට යනවා. තේ එකක් බිබී එයා ළඟින් ඉඳගන්නවා. අපි ටිකක් කතා කරමු. ඒකනෙමේ මම අහන්නමයි වුන්නේ ඔයාට තරහා නැද්ද මං ගැන? කියලා මම කතාවට මුල පුරනවා.
ඒ මොකටද එයා අහනවා.
නෑ ඉතින් මම එයා එක්ක කතා බහ කරන එකට.
මම මොකටද තරහා වෙන්නෙ?
නෑ ඉතින් ඕනම කෙනෙක් එහෙමනේ.
ඕනම කෙනෙක් එහෙම වුණාට මගේ කිසිම තරහක් නෑ.
මම ඒ කිව්ව දේ ගැන කුතුහලයෙන් එයා දිහා බලන් ඉන්නවා. එයා ආපහු කතා කරන්න ගන්නවා.
මම දැකලා තියෙනවා එයාගේ කෝල් එකක් එනකොට ඔයාගේ ඇස් දිළිසෙනවා. එයා කතා කරපු දවසට ඔයා කෝටියක් වැඩ අස්සේ වුණත් හිනා වෙලා ඉන්නවා. එයා මට අතපසුවෙන හුඟක් දේ ඔයා වෙනුවෙන් කරනවා. ඉතින් මම මොකටද එයා එක්කවත්, ඔයා එක්කවත් කේන්ති ගන්නේ?
එයා එහෙම කිව්වාම මට තවත් අවුල් යනවා. මේ සේරම එතකොට එයා මුල ඉඳන් අගටම දැනන් නේද කියලා හිතෙනවා. ආපහු නවතපු කතාව එයා පටන් ගන්නවා.
අනික සුදු නෝනා ඔයාට මම කියලා තියෙනවා එයා එක්ක ඔයාට ජීවත් වෙන්න ඕන නම් එයා ළඟට යන්න. හැබැයි ඔයා කොයිතරම් දුර ගියත්, කා එක්ක වුන්නත් මගේ ආදරේ පුරුදු විදියට මගෙ හිතේ තියෙනවා. ඔයා දක්ෂ කෙනෙක්. ඔයා ඉස්සරහට යන්න ඕන කෙනෙක්. මට ඔයා තරම් වේගෙන් දුවන්න අමාරුයි. ඒ වේගෙන් දුවන් යන කෙනාට උපරිම උදව් කරන කෙනෙක් කියන්නේ හොඳ හයියක්. ඉතින් ඔයා කැමති නම් එතන නතර වෙන්න. එයා කියනවා.
මම ආපහු අහනවා ඔයාට හිතෙන්නේ නැද්ද එයාට බනින්න? එක්කෝ මට බනින්න?
එයා හිනා වෙනවා. සුදු නෝනා ප්‍රේමය තියෙන්නෙ අල්ලගෙන, බදාගෙන අකමැත්තෙන් වුණත් සමාජයට පේන්න ආදරය මේන්ටේන් කරන ජීවිතවල නෙමෙයි. ප්‍රේමය තියෙන්නෙ ඒ ප්‍රේම කරන කෙනා කවුරු එක්ක වුන්නත් එයා එතන සතුටි නම් ඒ සතුටට ඉඩ දීලා බලා ඉන්න තැන කියලා. අනික විවාහය කියන රාමුව මිනිස්සු හදලා තියෙන්නේ භෞතික සමාජෙදි ඒකට නෛතික පසුබිමක් හදන්න මිසක් වෙන දේකට නෙමෙයි කියලා එයා කියනවා. ඒ වගේම අපි නිවන සබධකම් ඔය කියන නෛතික රාමුවෙන් පස්සේ වුණත් හමුවෙන්න පුළුවන් මොකද මේ රටවල්වල මිනිස්සු විවාහයෙන් පස්සෙයි එකිනෙකාගේ රුචි අරුචිකම් පවා හඳුනගන්නේ. ඉතින් එතකොටයි මේ සබඳකම් කොයිතරම් ගැළපෙනවද? නැද්ද කියලා දැනගන්නෙත්. ඉතින් ඔය දේවල් මහා අමුතු විපර්‍යාස නෙමේ විය හැකි බොහොම සාමාන්‍ය දේවල් කියාලා එයා හිනා වෙලාම කියනවා.
මම තාමත් ඒ එයා කිව්ව වචනවල අතරමං වෙලා තේ එක බොනවා...
--------------සුබීගේ ලියන කතාවේ අන්තරා කොටසක්___________