ඔයා_ගැන

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇස් අද්දර පිපෙන මලක
    පැහැය නොපෙනෙනා....
    සුලග අරං එන මල් වල
    සුවද නොදැනෙනා....
    වන බඹරුන් නොදුටු විලස..
    ලොවෙන් සැගවෙනා....
    සොදුරු මලයි නුඹ මහදේ..
    පරව නොමියෙනා....

    බින්දු බින්දු ගලා ඇවිත්
    උල්පත් තැනෙනා........
    ඒ උල්පත් එකතු වෙලා
    ගංගා මැවුනා.......
    රන් මිනි මුතු ඇට හංගා
    මුහුදට ඇදෙනා.......
    සොදුරු ඔබත් ඒ ගංගා
    වාගෙයි සිතුනා.......

    හිතක රැදෙන සොදුරු වදන්...
    පදයට හැරෙනා......
    පද අතරින් නැගෙන හඩින්...
    ගීතය ගැයෙනා.....
    සහන් සුවැති රස ගංගා....
    තාලෙට වැයෙනා...
    ආදරයේ සොදුරු ගීය..
    ඔබමයි ලළනා.......



    5760090124_f24c308dc0.jpg

     
    Last edited: