ඔලිම්පික් පදක්කමක සිහිනය ක්‍රීඩාලෝලී හැමදෙනාගේම ඒකායන බලාපොරොත්තුව වී ඇති අතර මුළු ලොවේම අවධානය ජපානය වෙත නතු වී තිබේ. අතීතයේ සිට ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ක්‍රීඩකයන් සමග විශාල නිලධාරීන් පිරිසක් සංචාරයක් ලෙස අදාල ඔලිම්පික් ගම්මානය වෙත පියාසර කිරීම සම්ප්‍රධායක් වන අතර මෙවරත් එවැනි විශාල නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වූ බවට සමාජ මාධ්‍ය වාර්තා පළ විය. මේ පිළිබද සත්‍ය අසත්‍යතාවය සෙවීමට Fact Research කණ්ඩායම තීරණය කරන ලදී.
සමාජ මාධ්‍ය ජාලා සටහන්
Newshub.lk වෙබ් අඩවිය එක්සත් පුරවැසි සංවිධානයේ චමීර පෙරේරාගේ මාධ්‍ය හමුවක් විකාශය කරමින් ක්‍රීඩකයෝ 9යි නිලධාරීන් 60 ක් ඔලිම්පික් ගිහින් සිරස්තලය යටතේ පළ කර තිබිණි.
දුවන්න ගිහින් තියෙන්නේ 9 යි. නිලධාරීන් 60 ක් ගිහින්. රටේ ඩොලර් නැති වෙලාවක මේ වගේ සල්ලි විනාශ කරන්න පුළුවන් ද? මීට අමතරව වාහන ගෙන්වන අය, Spare parts ගෙන්වන අයත් ගිහිල්ල තියනවා.
මුලාශ්‍ර -
තවද අපි UNP API UNP Facebook පිටුවේ සටහනක් තබමින් තබා ඇත්තේ ඔලිම්පික් නිලධාරීන් 60 ක්‍රීඩකයෝ 9 යි, එහෙමලු නේද? යනුවෙනි.
මීට අමතරව බොහෝ පිරිසක් ක්‍රීඩකයන් 9 + නිලධාරීන් 60 = 69 #අපිතමයිහොදටමකරේ යනුවෙන් පුද්ගලික Facebook ගිණුම් වල සදහන් කර තිබිණි.
Fact Check (තොරතුරු විමර්ශනය)
අප මේ පිලිබදව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසුරිය මහතාගෙන් විමසීමක් කරන ලදී.
මම ඉහත සදහන් මාධ්‍ය වාර්තාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. නිලධාරීන් 60 දෙනෙක් කියන ගණන යම් කිසි කෙනෙක් මහජනයා නොමග යවන ආකාරයට පල කරන්න ඇති. ඒක හැමෝම කිසි ඉවක් බවක් නැතුව පිළිඅරන් ඇතැම් අය මාධ්‍ය හමු පවා පවත්වා තියනවා. නිලධාරීන් දෙදෙනක් පමණයි අමාත්‍යංශයෙන් සහභාගී වුනේ. ඔලිම්පික් ගම්මානයේ දී සිදු කල යුතු යම් යම් රාජකාරි හා පහසුකම් සැපයීම සිදු කල යුතු වනවා. ඒ වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයන් ට අමතරව ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන්, පුහුණුකරුවන් සහභාගී වුණා. ඒකට හේතුව වන්නේ එක් එක් ක්‍රීඩා එකම ස්ථානයේ පවත්වන්නේ නෑ . ක්‍රීඩකයාට තම ක්‍රීඩාවට අමතරව ලියකියවිලි හා අනෙකුත් නීතිමය කටයුතු බරක් නොවන ආකාරයෙන් කටයුතු කරන්න. ඉතිහාසයේ අඩුම නිලධාරීන් පිරිසක් සහභාගී වූ ජපාන ඔලිම්පික් තරගාවලිය පිළිබද මෙවැනි ප්‍රකාශ කිරීම පුදුමයක්. ඊට අමතරව ක්‍රීඩාව හා ඔලිම්පික් ගැන කිසිදු අවබෝධයක් නොමැති අය කරන අසත්‍ය ප්‍රකාශ මම පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා.
ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වෙනුවට අතිරේක ලේකම් ( සංවර්ධන) W.M.D.T. වික්‍රමසිංහ මහතා ජාතික ඔලිම්පික් කමිටු සභාපති වෙත MOYS / DEV /1 E / 02 දරන අංකය දරන 2021 ජුලි 16 වනදා යවන ලද ලිපියෙන් ඒ සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවසර ඉල්ලා තිබේ. එම ලිපියේ සදහන් අයවලුන් පහත පරිදි වේ.
අමාත්‍යංශ නියෝජනය
1. අනුරුද්ධ විජේකෝන් ( ලේකම්- ක්‍රීඩා අමාත්‍යංශය )
2. අමල් එදිරිසුරිය ( අධ්‍යක්ෂ ජෙනරාල් - ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව)
නිලධාරීන් හා පුහුණුකරුවන් -ඔලිම්පික් නියෝජනය- ශ්‍රී ලංකාව
3. S . සුබ්‍රමනියන් ( සභාපති)
4. M . ද සිල්වා ( මහලේකම් )
5. ගාමිණී ජයසිංහ ( මෙහෙයුම් ප්‍රධානි)
6. L.H.H මදුෂානි ( ක්‍රීඩා මෙහෙයුම් නිලධාරී)
7. K.E. හසන්ති ( Olympic Attaché )
8. C . ලියනගේ ( Game Attaché)
9. L.H.S ද සිල්වා ( Covid 19 Liaison officer)
10. R.V.A.P ප්‍රියංකා ( Village Administration)
11. නිශාන් පෙරේරා ( පුහුණුකරු - බැඩ්මින්ටන් )
12. චින්තක එදිරිසිංහ ( කණ්ඩායම් කළමනාකරු - වෙඩි තැබීම)
13. A.B මනෝජ් ( පුහුණුකරු - පිහිනුම් )
14. R තරංග - (පුහුණුකරු - ජිම්නාස්ටික් )
15. K. ජීවන්ත ( කණ්ඩායම් කළමනාකරු - ජිම්නාස්ටික් )
16. A.B.D සුරන්ජිත් ( කණ්ඩායම් කළමනාකරු - අශ්වාරෝහක )
17. N.N. Borisov ( Groom - Equestrian )
18. M.V. Allworden ( අශ්ව හිමිකරු )
19. C.J.L. Marie (Veterinarian - Equestrian )
20. Mueller Aenne (Training Pass - Equestrian )
21 අමල් රත්නායක ( පුහුණුකරු- ජුඩෝ)
22. Claudio Lieeiardello ( පුහුණුකරු- මලල ක්‍රීඩා )
23. A.S.N අබේසේකර ( පුහුණුකරු- මලල ක්‍රීඩා )
ක්‍රීඩකයන්
1. EN රුෂාන් පෙරේරා - බැඩ්මින්ටන්
2. M.G.T.U. එරන්දි එගොඩවෙල - ( වෙඩි තැබීම)
3. A . ගෆුර් -පිහිනුම්
4. M D අබේසිංහ - පිහිනුම්
5. මිල්කා ගෙහානි - ජිම්නාස්ටික්
6. තනුජා කාල්ස්සන් - අශ්වාරෝහක
7. RCN ධර්මවර්ධන - ජුඩෝ
8. RAMYP අබේකෝන් - මලල ක්‍රීඩා
9. WKLA නිමාලි- මලල ක්‍රීඩා
නිගමනය (Conclusion)
ඉහත කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔලිම්පික් තරගාවලිය සදහා සහභාගී වන ක්‍රීඩකයන් 9 දෙනාට අමතරව නිලධාරීන් 60 දෙනෙකු සහභාගී වූ බවට පලවන මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය වන අතර සත්‍ය වශයෙන්ම සහභාගී වී ඇත්තේ නිලධාරීන් 2 දෙදෙනෙකුට අමතරව පුහුණුකරුවන්, කළමනාකරුවන්, අශ්වාරෝහක කණ්ඩායමේ සාමාජිකයන්, යම් නීතිමය කටයුතු හා රාජකාරි වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයන් සියල්ල ඇතුලත්ව 23 දෙනෙකු පමණි. ක්‍රීඩා අමාත්‍යවරයා සිය පුද්ගලික වියදමෙන් ජපානය වෙත සංචාරය කර ඇති අතර ඉහත ලිපියේ (MOYS / DEV /1 E / 02) අයවලුන් පමණක් නිල වශයෙන් රජයේ වියදමෙන් සහභාගී වී ඇත. එබැවිනි නිලධාරීන් 60 දෙනෙකු සහභාගී වන බවට පලවන මාධ්‍ය වාර්තා මහජනයා නොමග යවන අයුරින් පළ කරන ලද අසත්‍ය ප්‍රකාශ වේ.