මගුල් ගෙදරකට ගියාම කන්නත් දීලා අවට ගමන් වියදම් දීලා ප්රෙට්රලුත් ගහලදෙනව කියන හඳුන්නෙත්ති ස්වාභාවිකයි...
පිනට කොන්ඩේ කපාගන්න එක ස්වාභාවිකයි... ( එක්කෙනෙකුට නෙවෙයි ඈ පක්ෂෙටම ) ආර්ථික වර්ධනය කෲතිමයි...
අවුරුදු 20ක් තිස්සේ නිකන් ඇඳුම් නොමිලේ දෙන යාළුවා ස්වාභාවිකයි (ජොකත් අරන් දුන්නද දන්නේ නෑ).... ආර්ථික වර්ධනය කෲතිමයි.....
බෙහෙත් ටික දිලා ෆාමසියෙන් ගන්න සල්ලිත් දෙන දොස්තර මහත්තයෙක් ඉන්න එක ස්වාභාවිකයි..... ආර්ථික වර්ධනය කෲතිමයි....
නිකන් මාසෙකට එළවලු දෙන කිරුලපනේ මුදලාලි කෙනෙක් ඉන්න එක ස්වාභාවිකයි..... ආර්ථික වර්ධනය කෲතිමයි....
ටෙලිපොන් බිල ගෙවන කැම්පස් යාළුවො ඉන්න එක සමාන්‍යයි.... ආර්ථික වර්ධනය කෲතිමයි....
උත්සවයකට ගියා..... අප්පට සිරි ඉනවටේ ඔතපු බෙල්ට් එක කැඩුනා.... ලඟ ඉන්න එකෙක් ඩොලර් ගානක් වටින බෙල්ට් එක ගලවල දුන්නා ආහ් තියාගනින් කියලා....(ගලවල දුන්නු එකා කලිසම එක අතකින් අල්ලගෙන හිටියා වෙන්න ඇති ...) මේව ස්වාභාවිකයි.... ආර්ථික වර්ධනය කෲතිමයි
රුපියල ශක්තිමත් වුණා යැයි කියන්නේ බොරුවට කෘතිමව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
එම වාර්තා කිසිසේත්ම අදාල නැති බවත් ඡන්දය තියාගන්න තරම්වත් මුදල් නැති රටක් බවට අද ලංකාව පත්ව ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
මැතිවරණ කොමිසම දැන් වහාම ඡන්දය පවත්වන දිනය ප්‍රකාශයට පත් කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.
ජාතික ජන බලවේගය මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.