ඔස්කාර් සම්මාන උළෙල

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔස්කාර් සම්මාන උළෙල












    ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ වාර්ෂිකව පවත්වනු ලබන සිනමා උළෙලකි. මෙය සංවිධානය කරනු ලබන්නේ ඇමරිකාවේ Academy of Motion Picture Arts and Sciences (AMPAS) නම් ආයතනයයි. මෙහිදී සිනමා කර්මාන්තයේ විශිෂ්ටතා දැක්වූවන් හට විවිධ අංශ ඔස්සේ ත්‍යාග ප්‍රධානය කරනු ලබයි.

    මෙහි නියම නාමය ඇකඩමි සම්මාන උළෙල වුවත් බොහෝ දෙනා අතර ජනප්‍රිය වන්නේ " ඔස්කාර් " යන සුරතල් නාමයෙනි.

    පළමු ඔස්කාර් සම්මාන උළෙල පවත්වන ලද්දේ 1929 මැයි 16 දින ආරාධිතයන් 270 කගේ සහභාගිත්වයෙන් Hollywood Roosevelt හෝටලයේදීය . එහිදී විවිධ අංශ ඔස්සේ සම්මාන 15ක් පමණ ප්‍රධානය කිරිනි. 2015 පවත්වන ලද 87 වන ඔස්කාර් සම්මාන උළෙල වන විට මෙතෙක් ප්‍රධානය කරන ලද මුලු සම්මාන ගණන 2,947 ක් පමණ වේ.

    ඉතිහාසයේ පලමු ඔස්කාර් සම්මානයට හිමිකම් කියන ලද්දේ Emil Jannings ය. The Last Command සහ The Way of All Flesh යන චිත්‍රපට වල රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය ඔහුට හිමි විය.

    ඉතිහාසයේ වැඩිම ඔස්කාර් සම්මාන ගණනකට හිමිකම් කියූ රංගන ශිල්පිනිය වන්නේ සම්මාන 4 කට හිමිකම් කියූ Katharine Hepburn ය. සම්මාන 3 කට බැගින් හිමිකම් කියූ Walter Brennan සහ Jack Nicholson වැඩිම සම්මාන ලැබූ රංගන ශිල්පින් වේ

    වැඩිම සම්මාන ගණනක් ලබාගත් චිත්‍රපට වන්නේ සම්මාන 11 බැගින් ලබා ගත් Ben-Hur (1959), Titanic (1997) සහ The Lord of the Rings: The Return of the King (2003) යන චිත්‍රපටය.



    ඔස්කාර් සම්මානය සම්මාන සඳහා පිළිගන්වන කුඩා පිළිරුව නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ Cedric Gibbons නම් නිර්මාණ ශිල්පියා හටය. මෙය අඟල් 13.5 ක් පමණ උසකින් ද , පවුම් 8.5 ක් බරකින් ද යුතු britannium නම් ලෝහ මිශ්‍රණයෙන් සදා රත්‍රන් අලේප කරන ලද පිළිමයකි.

    ඔස්කාර් සම්මාන ලාභීන් හට එය මුදල් පිණිස අලෙවි කිරීම තහනම් වන අතර විකිණීමට අවශ්‍යය නම් පළමුව එය ප්‍රධානය කල පාර්ශවය වන Academy of Motion Picture Arts and Sciences (AMPAS) වෙත ඩොලර් 1 කට විකිණිය යුතු බවට ගිවිසුම් අත්සන් කල යුතු වනවා .

    ප්‍රථම වතාවට ඔස්කාර් සම්මාන උළෙල සජීවීව රුපවාහිනිය ඔස්සේ විකාශනය කරන ලද්දේ 1953 දිය. වර්තමානය වන විට රටවල් 200 ක පමණ රුපවාහිනිය ඔස්සේ සජීවීව විකානය කෙරේ.

    2002 වසරේ සිට සම්මාන උළෙල පවත්වනු ලබන්නේ ඇමරිකාවේ ඩොල්බි රංග ශාලාවේය (Dolby Theatre),

    විනෝදාත්මක වැඩසටහන් සඳහන් වූ සම්මාන අතරින් පැරණිම උළෙල වන්නේ මෙයයි. මීට සමාන අනෙකුත් සම්මාන උළෙලවල් වන්නේ රුපවාහිනී වැඩසටහන් සඳහා වූ Emmy Awards, වේදිකා නාට්‍ය සඳහා වූ Tony Awards සහ සංගීතය සඳහා වූ Grammy Awards ය.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    rqGv7GS.jpg


    1126.gif