ඔසාමාට බිරින්ඳෑවරු
ඔසාමාට බිරින්ඳෑවරු 05 යි.දරුවන් 24 යි
අවසන් වරට ඔහු සමග වාසය කළේ අවුරුදු 29 ක තරුණ බිරිඳලු
ඔසාමා බින් ලාඩ්න්ට බිරින්ඳෑවරු පස් දෙනෙකු සිටි බවත් අවසන් වරට ඔහු සමග වාසය කර ඇත්තේ ඔවුන් අතුරින් තරුණම බිරිඳ වන 29 හැවිරිදි අමල් අහ්මෙඩ් අබ්දුල් ෆටාහ් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
මෙම බිරින්දෑවරු පස් දෙනාගෙන් එක් අයෙකු බින් ලාඩ්න් විසින් දික් කසාද කර ඇති අතර තවත් තිදෙනෙකු සිරියාවට යවා තිබෙන බව සඳහන්ය.
54 හැවිරිදි අල්-කයිඩා නායකයා පාකිස්තානයේ ඇබ්බොට්ටාබාද් නිවසට පැමිණෙන විට ඔහු සමග වාසය කිරීමට පැමිණ ඇත්තේ යේමන් ජාතික ඔහුගේ තරුණ බිරිඳ වන අමල් අහ්මෙඩ් අබ්දුල් ෆටාහ්ය.
ඇයට දාව ඔසාමා බින් ලාඩ්න්ට දරුවන් තිදෙනෙකුත් අනිකුත් බිරින්ඳෑවරුන්ට දාව දරුවන් 21 දෙනෙකු පමණත් සිටින බව සඳහන්ය.
අල්-කයිඩා නායකයා ඝාතනය කෙරුණු පසුගිය ඉරිදා රාත්‍රියේ සිදුවූ මෙහෙයුමේදී ඔහුගේ තරුණ බිරිඳගේ පාදයට වෙඩි වැදී තිබෙන බවත් ඇය හා දරුවන් පාකිස්තානු බළධාරීන් භාරයට පත්කර තිබෙන බවත් වාර්තා වේ.
ඡායාරූපයේ දැක්වෙන්නේ අල්-කයිඩා නායකයාගේ තරුණ බිරිඳයි.