ඔසාමා බින් ලාඩ්න් ගේ කතාවක් ..
කවුරුත් දන්නවානේ ඔසාමා බින් ලාඩ්න් කිව්වාම නේද. බයෙත් බෑ නේද ඒ ගැන ලිපියක් දාන්න. එයා ගැන කියන්න නෙවේ මම මේ හදන්නේ. ඔහුවත් සම්බන්ධ කරගෙන නිපදවනු ලැබූ කොමඩි හින්දි චිත්‍රපටයක් ගැන ලියන්නයි මම මේ හදන්නේ.
මෙන්න මෙහෙමයි කතාව, අලී හසන් කියන්නේ කරච්චි වල ඒ තරම් ප්‍රසිද්ධ නැති රූපවාහිනී චැනලයක වාර්තාකරුවෙක්. ඔහුගේ එකම සිහිනය තමා ඇමෙරිකාවට යන එක. කොහොමින් කොහොම හරි ඔහු දවසක් ඇමෙරිකාවට යන්න ගුවන් යානයටත් යනවා. ඔහුගේ එකම සිහිනය ඇමෙරිකාවේ ජනප්‍රියම වාර්තා කරුවෙක් වීමනේ. යානය තුලදිත් ඔහු කරන්නේ විහිලුවට වාර්තා කරනයේ යෙදෙනවා. මෙහිදී ඔහු භාවිතා කරන "බෝම්බ, පැහැරගැනීම්" යන වචන නිසා මගීන් මෙන්ම ගුවන් සේවිකාවනුත් මොහු ගැන ඇහ ගහගෙන ඉන්නේ. ගුවන් සේවිකාවක් අතින් බිම වැටෙන පිහියක් දෙන්න ඇය ලගට යන අලීට වෙන්නේ අත් අඩංගුවට පත් වෙන්න. ඇය සාක්ෂි දෙනවා ඔහු පිහියෙන් අනින්න ආ බවට. ඉතිං මේ නිසා ඇමෙරිකාවෙන් මොහුව පිටමන් කරනවා.
නැවත කරච්චියට එන ඔහුට කරන්න වෙන්නේ පරණ රස්සාවමයි. ඔය අතර තුරේ කුකුලන්ගේ සුපර් ස්ටාර් තරගයකට යන ඔහු දකිනවා ඔසාමා බින් ලාඩ්න් වගේම කෙනෙක්. ඉතිං මේ අලී කරන්නේ ඔහුව යොදාගෙන විඩියො එකක් හදලා චැනල් වලට විකුණනවා. හැම දෙයක්ම මොහු කරන්නේ කොහොමහරි ඇමෙරිකාවට යන්න ඕන නිසා තමයි. කතාවේ ඉතිරි ටික ඔයාලා බාගෙනම බලන්න. අන්තිමට අලී ට මොකද වෙන්නේ කියලා.
හොදකතාවක්. හිනාවෙවී බලන්න පුලුවන් කතාවක්. හැමෝම වගේ කැමති වෙයි මේ චිත්‍රපටයට.
මෙම චිත්‍රපටයට ඔසාමා බින් ලාඩින් ගේ නම සම්බන්ධ නිසා මැදපෙරදිග රටවල මෙය තිරගත කරන්න දුන්නේ නෑ. පකිස්තානය තුලත් මෙහි නම වෙනස් කරලා තමා තිරගත කරේ. ඒ Tere Bin නමින්.
ප්‍රධාන චරිතය කරන්නේ Ali Safar. ඔහු පාකිස්තානයේ ප්‍රසිද්ධ පොප් ගායකයෙක්. අනෙකුත් චරිත Pradhuman Singh, Sugandha Ghag, Nikhil Ratnaparkhi යනාදීන් රගපානවා. මෙහි බින් ලාඩින් චරිතය කරන Pradhuman Singh ට මාස 8ක් ගත වෙලා තියෙනවා අරාබි භාෂාව ඉගෙන ගන්න. ගොඩාක් කැපකිරීම මැද කරපු චිත්‍රපටයක්.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ Abhishek Sharma විසින්. නිෂ්පාදනය Pooja Shetty විසින්. සංගීතය Shankar Ehsaan Loy විසින්.
චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2010 ජූලි 16 වෙනිදා පටන්. චිත්‍රපටය දෙන්න පරක්කු වුනේ මමත් චිත්‍රපටය බැලුවේ මේ ලගදී නිසා. මම බලන්නේ නැතුව ඔයාලට චිත්‍රපටයක් දෙන්න බෑ නේ නේද.a